මජ්ඣිම නිකාය

මූල පණ්ණාසකෝ

1.3.3. වම්මික සුත්තං

1.3.3. තුඹසක් මුල් කොට ගෙන වදාළ දෙසුම

1. ඒවං මේ සුතං: ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තේන ඛෝ පන සමයේන ආයස්මා කුමාරකස්සපෝ අන්ධවනේ විහරති. අථ ඛෝ අඤ්ඤතරා දේවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කේවලකප්පං අන්ධවනං ඕභාසෙත්වා යේනායස්මා කුමාරකස්සපෝ තේනුපසංකමි. උපසංකමිත්වා ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතා ඛෝ සා දේවතා ආයස්මන්තං කුමාරකස්සපං ඒතදවෝච:

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා ආයුෂ්මත් කුමාරකස්සපයන් වහන්සේ අන්ධවනයේ වැඩසිටියා. එහිදී එක්තරා දෙවි කෙනෙක් මැදියම් රැයේ මුළු අන්ධවනය ම මහා එළියකින් ආලෝකමත් කරගෙන ආයුෂ්මත් කුමාරකස්සපයන් වහන්සේ ළඟට පැමිණියා. පැමිණ එකත්පස්ව සිටගත්තා. එකත්පස්ව සිටගත් ඒ දෙවියා ආයුෂ්මත් කුමාරකස්සපයන් වහන්සේට මෙන්න මෙහෙම කිව්වා.

2. “භික්ඛු, භික්ඛු, අයං වම්මිකෝ රත්තිං ධූපායති. දිවා පජ්ජලති බ්‍රාහ්මණෝ ඒවමාහ: ‘අභික්ඛණ සුමේධ සත්ථං ආදායා’ති. අභික්ඛණන්තෝ සුමේධෝ සත්ථං ආදාය අද්දස ලංගිං. ‘ලංගී භදන්තේ’ති. බ්‍රාහ්මණෝ ඒවමාහ: ‘උක්ඛිප ලංගිං. අභික්ඛණ සුමේධ සත්ථං ආදායා’ති. අභික්ඛණන්තෝ සුමේධෝ සත්ථං ආදාය අද්දස උද්ධුමායිකං. ‘උද්ධුමායිකා භදන්තේ’ති. බ්‍රාහ්මණෝ ඒවමාහ: ‘උක්ඛිප උද්ධුමායිකං. අභික්ඛණ සුමේධ සත්ථං ආදායා’ති. අභික්ඛණන්තෝ සුමේධෝ සත්ථං ආදාය අද්දස ද්විධාපථං. ‘ද්විධාපථෝ භදන්තේ’ති. බ්‍රාහ්මණෝ ඒවමාහ: ‘උක්ඛිප ද්විධාපථං. අභික්ඛණ සුමේධ සත්ථං ආදායා’ති. අභික්ඛණන්තෝ සුමේධෝ සත්ථං ආදාය අද්දස චංගවාරං. ‘චංගවාරං භදන්තේ’ති. බ්‍රාහ්මණෝ ඒවමාහ: ‘උක්ඛිප චංගවාරං. අභික්ඛණ සුමේධ සත්ථං ආදායා’ති. අභික්ඛණන්තෝ සුමේධෝ සත්ථං ආදාය අද්දස කුම්මං. ‘කුම්මෝ භදන්තේ’ති. බ්‍රාහ්මණෝ ඒවමාහ: ‘උක්ඛිප කුම්මං. අභික්ඛණ සුමේධ සත්ථං ආදායා’ති. අභික්ඛණන්තෝ සුමේධෝ සත්ථං ආදාය අද්දස අසිසූනං. ‘අසිසූනා භදන්තේ’ති. බ්‍රාහ්මණෝ ඒවමාහ: ‘උක්ඛිප අසිසූනං. අභික්ඛණ සුමේධ සත්ථං ආදායා’ති. අභික්ඛණන්තෝ සුමේධෝ සත්ථං ආදාය අද්දස මංසපේසිං. ‘මංසපේසී භදන්තේ’ති. බ්‍රාහ්මණෝ ඒවමාහ: ‘උක්ඛිප මංසපේසිං. අභික්ඛණ සුමේධ සත්ථං ආදායා’ති. අභික්ඛණන්තෝ සුමේධෝ සත්ථං ආදාය අද්දස නාගං. ‘නාගෝ භදන්තේ’ති. බ්‍රාහ්මණෝ ඒවමාහ: “තිට්ඨතු නාගෝ, මා නාගං ඝට්ටේසි. නමෝ කරෝහි නාගස්සා”ති.

“පින්වත් භික්ෂුව, පින්වත් භික්ෂුව, මේ තුඹස රෑ තිස්සෙ දුම් දමනවා. දවල්ට ගිනි ගන්නවා. එතකොට බමුණෙක් මෙහෙම කියනවා. ‘ඒයි! ඤාණවන්තයා, ආයුධයක් අරන් ඇවිත් තුඹස හාරපන්’ කියලා. ඉතින් ඒ ඤාණවන්තයා ආයුධයක් අරන් ඇවිදින් තුඹස හාරද්දී අගුලක් අහුවුනා. ‘ස්වාමීනී, අගුලක් තියෙනවා නෙ!’ එතකොට බ්‍රාහ්මණයා මෙහෙම කියනවා. ‘ඔය අගුල ඔසවා අයින් කරපන්. ඒයි! ඤාණවන්තයා ආයුධයෙන් තවත් හාරපන්’ කියලා. ඉතින් ඒ නුවණැත්තා ආයෙමත් හාරගෙන යද්දී ගෙම්බෙක් හම්බ වුනා. ‘ස්වාමීනී, මෙන්න ගෙම්බෙක්!’ එතකොට බ්‍රාහ්මණයා මෙහෙම කිව්වා. ‘ඔය ගෙම්බාව උස්සල ගොඩට ගනින්. ඒයි! ඤාණවන්තයා, ආයුධයෙන් තවත් හාරපන්’ කියලා. ඉතින් ඒ නුවණැත්තා ආයෙමත් හාරගෙන හාරගෙන යද්දී දෙමං හන්දියක් හම්බ වුනා. ‘ස්වාමීනී, මෙන්න දෙමං හන්දියක්!’ එතකොට බ්‍රාහ්මණයා කියනවා ‘ඔය දෙමං හන්දියත් උස්සල අයින් කරපන්. ඒයි! ඤාණවන්තයා, ආයුධයෙන් තවත් හාරපන්’ කියලා. ඉතින් ඒ නුවණැත්තා ආයෙමත් හාරගෙන හාරගෙන යද්දී හිස් භාජනයක් හම්බ වුනා. ‘ස්වාමීනී, මෙන්න හිස් බඳුනක්!’ එතකොට ඒ බ්‍රාහ්මණයා මෙහෙම කිව්වා. ‘ඔය හිස් භාජනයත් උස්සල පැත්තකින් තියපන්. ඒයි! ඤාණවන්තයා, ආයුධයෙන් තවත් හාරපන්’ කියලා. ඉතින් ඒ නුවණැත්තා ආයෙමත් හාරගෙන යද්දි ඉබ්බෙක් හම්බ වුනා. ‘ස්වාමීනී, මෙන්න ඉබ්බෙක්!’ එතකොට බ්‍රාහ්මණයා මෙහෙම කිව්වා. ‘ඔය ඉබ්බාවත් උස්සල පැත්තකින් තියපන්. ඒයි! ඤාණවන්තයා, ආයෙමත් ආයුධයෙන් හාරපන්’ කියලා. ඉතින් ඒ නුවණැත්තා ආයෙමත් ආයුධයෙන් හාරගෙන යද්දි කඩුවකුයි, මස් කපන කොටේකුයි හම්බ වුනා. ‘මෙන්න ස්වාමීනී කඩුවකුයි, මස් කපන කොටේකුයි හම්බ වුනා.’ එතකොට ඒ බ්‍රාහ්මණයා මෙහෙම කිව්වා. ‘ඔය කඩුවයි, මස් කපන කොටෙයි උස්සල පැත්තකින් තියපන්. ඒයි! ඤාණවන්තයා, ආයෙමත් ආයුධයෙන් හාරපන්’ කියලා. ඉතින් ඒ නුවණැත්තා ආයෙමත් ආයුධයෙන් හාරගෙන යද්දි මස් වැදැල්ලක් දැක්කා. ‘මෙන්න ස්වාමීනී, මස් වැදැල්ලක්!’ එතකොට ඒ බ්‍රාහ්මණයා මෙහෙම කිව්වා. ‘ඔය මස් වැදැල්ලත් උස්සල පැත්තකින් තියපන්. ඒයි! ඤාණවන්තයා, ආයෙමත් ආයුධයෙන් හාරපන්’ කියලා. ඉතින් ඒ නුවණැත්තා ආයෙමත් ආයුධයෙන් හාරගෙන යද්දි නාගරාජයෙක් හම්බ වුනා. ‘මෙන්න ස්වාමීනී, නාගරාජයෙක්!’ එතකොට ඒ බ්‍රාහ්මණයා මෙහෙම කිව්වා. ‘ඔව්! ඔය නාගරාජයා ඔහොම හිටපුවාවෙ. ඔය නාගරාජයා එක්ක හැප්පෙන්න යන්න එපා! නාගරාජයාට වන්දනා කරපන්!’ කියලා.

3. ඉමේ ඛෝ ත්වං භික්ඛු පඤ්හේ භගවන්තං උපසංකමිත්වා පුච්ඡෙය්‍යාසි. යථා තේ භගවා ව්‍යාකරෝති, තථා නං ධාරෙය්‍යාසි. නාහං තං භික්ඛු පස්සාමි සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ, සස්සමණබ්‍රාහ්මණියා පජාය සදේවමනුස්සාය යෝ ඉමේසං පඤ්හානං වෙය්‍යාකරණේන චිත්තං ආරාධෙය්‍ය අඤ්ඤත්‍ර තථාගතේන වා තථාගතසාවකේන වා ඉතෝ වා පන සුත්වාති. ඉදමවෝච සා දේවතා, ඉදං වත්වා තත්ථේවන්තරධායි.

පින්වත් භික්ෂුව, දැන් ඔබ ඔය ප්‍රශ්න ටික අරගෙන භාග්‍යවතුන් වහන්සේ ළඟට යන්න ඕන. භාග්‍යවතුන් වහන්සේගෙන් අහන්න ඕන. භාග්‍යවතුන් වහන්සේ ඔබට ඕක ලස්සනට තෝරල දේවි. අන්න ඒ විදිහට මතක තියා ගන්නත් ඕන. පින්වත් භික්ෂුව, මම නම් දකින්නේ නෑ මේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයේ තථාගතයන් වහන්සේගෙන් හරි තථාගත ශ්‍රාවකයෙකුගෙන් හරි අහල මිසක් ඔය ප්‍රශ්නවලට හිත සතුටු වන ආකාරයේ පිළිතුරු දෙන්න වෙන කෙනෙක් ඉන්නවා ය කියලා.” ඒ දෙවියා ඔය විදිහට කිව්වා. එහෙම කියල එතන ම නොපෙනී ගියා.

4. අථ ඛෝ ආයස්මා කුමාරකස්සපෝ තස්සා රත්තියා අච්චයේන යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්මා කුමාරකස්සපෝ භගවන්තං ඒතදවෝච: “ඉමං භන්තේ රත්තිං අඤ්ඤතරා දේවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කේවලකප්පං අන්ධවනං ඕභාසෙත්වා යේනාහං තේනුපසංකමි. උපසංකමිත්වා ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතා ඛෝ භන්තේ සා දේවතා මං ඒතදවෝච:- “භික්ඛු භික්ඛු, අයං වම්මිකෝ රත්තිං ධූපායති දිවා පජ්ජලති. බ්‍රාහ්මණෝ ඒවමාහ: අභික්ඛණ සුමේධ සත්ථං ආදායාති. අභික්ඛණන්තෝ සුමේධෝ සත්ථං ආදාය අද්දස ලංගිං. ‘ලංගී භදන්තේ’ති. බ්‍රාහ්මණෝ ඒවමාහ: ‘උක්ඛිප ලංගිං. අභික්ඛණ සුමේධ සත්ථං ආදායා’ති. අභික්ඛණන්තෝ සුමේධෝ සත්ථං ආදාය අද්දස උද්ධුමායිකං. ‘උද්ධුමායිකා භදන්තේ’ති. බ්‍රාහ්මණෝ ඒවමාහ: ‘උක්ඛිප උද්ධුමායිකං. අභික්ඛණ සුමේධ සත්ථං ආදායා’ති. අභික්ඛණන්තෝ සුමේධෝ සත්ථං ආදාය අද්දස ද්විධාපථං. ‘ද්විධාපථෝ භදන්තේ’ති. බ්‍රාහ්මණෝ ඒවමාහ: ‘උක්ඛිප ද්විධාපථං. අභික්ඛණ සුමේධ සත්ථං ආදායා’ති. අභික්ඛණන්තෝ සුමේධෝ සත්ථං ආදාය අද්දස චංගවාරං. ‘චංගවාරං භදන්තේ’ති. බ්‍රාහ්මණෝ ඒවමාහ: ‘උක්ඛිප චංගවාරං. අභික්ඛණ සුමේධ සත්ථං ආදායා’ති. අභික්ඛණන්තෝ සුමේධෝ සත්ථං ආදාය අද්දස කුම්මං. ‘කුම්මෝ භදන්තේ’ති. බ්‍රාහ්මණෝ ඒවමාහ: ‘උක්ඛිප කුම්මං. අභික්ඛණ සුමේධ සත්ථං ආදායා’ති. අභික්ඛණන්තෝ සුමේධෝ සත්ථං ආදාය අද්දස අසිසූනං. ‘අසිසූනා භදන්තේ’ති. බ්‍රාහ්මණෝ ඒවමාහ: ‘උක්ඛිප අසිසූනං. අභික්ඛණ සුමේධ සත්ථං ආදායා’ති. අභික්ඛණන්තෝ සුමේධෝ සත්ථං ආදාය අද්දස මංසපේසිං. ‘මංසපේසී භදන්තේ’ති. බ්‍රාහ්මණෝ ඒවමාහ: ‘උක්ඛිප මංසපේසිං. අභික්ඛණ සුමේධ සත්ථං ආදායා’ති. අභික්ඛණන්තෝ සුමේධෝ සත්ථං ආදාය අද්දස නාගං. ‘නාගෝ භදන්තේ’ති. බ්‍රාහ්මණෝ ඒවමාහ: “තිට්ඨතු නාගෝ, මා නාගං ඝට්ටේසි. නමෝ කරෝහි නාගස්සා”ති.

ඊට පස්සේ ආයුෂ්මත් කුමාරකස්සපයන් වහන්සේ ඒ රාත්‍රිය ගෙවිල ගියාට පස්සෙ භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරල එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව වාඩිවුණු ආයුෂ්මත් කුමාර කස්සපයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඊයේ මැදියම් යාමයේ මුළු අන්ධවනය ම ඒකාලෝක කරගෙන එක්තරා දෙවියෙක් මා ළඟට ආවා. ඇවිදින් පැත්තකින් හිටගත්තා. ස්වාමීනී, පැත්තකින් හිටගත්තු ඒ දෙවියා මට මේ විදිහට යමක් කිව්වා.

“පින්වත් භික්ෂුව, පින්වත් භික්ෂුව, මේ තුඹස රෑ තිස්සෙ දුම් දමනවා. දවල්ට ගිනි ගන්නවා. එතකොට බමුණෙක් මෙහෙම කියනවා. ‘ඒයි! ඤාණවන්තයා, ආයුධයක් අරන් ඇවිත් තුඹස හාරපන්’ කියලා. ඉතින් ඒ ඤාණවන්තයා ආයුධයක් අරන් ඇවිදින් තුඹස හාරද්දී අගුලක් අහුවුනා. ‘ස්වාමීනී, අගුලක් තියෙනවා නෙ!’ එතකොට බ්‍රාහ්මණයා මෙහෙම කියනවා. ‘ඔය අගුල ඔසවා අයින් කරපන්. ඒයි! ඤාණවන්තයා ආයුධයෙන් තවත් හාරපන්’ කියල. ඉතින් ඒ නුවණැත්තා ආයෙමත් හාරගෙන යද්දී ගෙම්බෙක් හම්බ වුනා. ‘ස්වාමීනී, මෙන්න ගෙම්බෙක්!’ එතකොට බ්‍රාහ්මණයා මෙහෙම කිව්වා. ‘ඔය ගෙම්බාව උස්සල ගොඩට ගනින්. ඒයි! ඤාණවන්තයා, ආයුධයෙන් තවත් හාරපන්’ කියලා. ඉතින් ඒ නුවණැත්තා ආයෙමත් හාරගෙන හාරගෙන යද්දී දෙමං හන්දියක් හම්බ වුනා. ‘ස්වාමීනී, මෙන්න දෙමං හන්දියක්!’ එතකොට බ්‍රාහ්මණයා කියනවා ‘ඔය දෙමං හන්දියත් උස්සල අයින් කරපන්. ඒයි! ඤාණවන්තයා, ආයුධයෙන් තවත් හාරපන්’ කියලා. ඉතින් ඒ නුවණැත්තා ආයෙමත් හාරගෙන හාරගෙන යද්දී හිස් භාජනයක් හම්බ වුනා. ‘ස්වාමීනී, මෙන්න හිස් බඳුනක්!’ එතකොට ඒ බ්‍රාහ්මණයා මෙහෙම කිව්වා. ‘ඔය හිස් භාජනයත් උස්සල පැත්තකින් තියපන්. ඒයි! ඤාණවන්තයා, ආයුධයෙන් තවත් හාරපන්’ කියලා. ඉතින් ඒ නුවණැත්තා ආයෙමත් හාරගෙන යද්දි ඉබ්බෙක් හම්බ වුනා. ‘ස්වාමීනී, මෙන්න ඉබ්බෙක්!’ එතකොට බ්‍රාහ්මණයා මෙහෙම කිව්වා. ‘ඔය ඉබ්බාවත් උස්සල පැත්තකින් තියපන්. ඒයි! ඤාණවන්තයා, ආයෙමත් ආයුධයෙන් හාරපන්’ කියලා. ඉතින් ඒ නුවණැත්තා ආයෙමත් ආයුධයෙන් හාරගෙන යද්දි කඩුවකුයි, මස් කපන කොටේකුයි හම්බ වුනා. ‘මෙන්න ස්වාමීනී කඩුවකුයි, මස් කපන කොටේකුයි හම්බ වුනා.’ එතකොට ඒ බ්‍රාහ්මණයා මෙහෙම කිව්වා. ‘ඔය කඩුවයි, මස් කපන කොටෙයි උස්සල පැත්තකින් තියපන්. ඒයි! ඤාණවන්තයා, ආයෙමත් ආයුධයෙන් හාරපන්’ කියලා. ඉතින් ඒ නුවණැත්තා ආයෙමත් ආයුධයෙන් හාරගෙන යද්දි මස් වැදැල්ලක් දැක්කා. ‘මෙන්න ස්වාමීනී, මස් වැදැල්ලක්!’ එතකොට ඒ බ්‍රාහ්මණයා මෙහෙම කිව්වා. ‘ඔය මස් වැදැල්ලත් උස්සල පැත්තකින් තියපන්. ඒයි! ඤාණවන්තයා, ආයෙමත් ආයුධයෙන් හාරපන්’ කියලා. ඉතින් ඒ නුවණැත්තා ආයෙමත් ආයුධයෙන් හාරගෙන යද්දි නාගරාජයෙක් හම්බ වුනා. ‘මෙන්න ස්වාමීනී, නාගරාජයෙක්!’ එතකොට ඒ බ්‍රාහ්මණයා මෙහෙම කිව්වා. ‘ඔව්! ඔය නාගරාජයා ඔහොම හිටපුවාවෙ. ඔය නාගරාජයා එක්ක හැප්පෙන්න යන්න එපා! නාගරාජයාට වන්දනා කරපන්!’ කියලා.

“ඉමේ ඛෝ ත්වං භික්ඛු පඤ්හේ භගවන්තං උපසංකමිත්වා පුච්ඡෙය්‍යාසි. යථා තේ භගවා ව්‍යාකරෝති, තථා නං ධාරෙය්‍යාසි. නාහං තං භික්ඛු පස්සාමි සදේවකේ ලෝකේ …(පෙ)…. ඉතෝ වා පන සුත්වාති. ඉදමවෝච භන්තේ සා දේවතා, ඉදං වත්වා තත්ථේවන්තරධායී”ති.

පින්වත් භික්ෂුව, දැන් ඔබ ඔය ප්‍රශ්න ටික අරගෙන භාග්‍යවතුන් වහන්සේ ළඟට යන්න ඕන. භාග්‍යවතුන් වහන්සේගෙන් අහන්න ඕන. භාග්‍යවතුන් වහන්සේ ඔබට ඕක ලස්සනට තෝරල දේවි. අන්න ඒ විදිහට මතක තියා ගන්නත් ඕන. පින්වත් භික්ෂුව, මම නම් දකින්නේ නෑ මේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයේ තථාගතයන් වහන්සේගෙන් හරි තථාගත ශ්‍රාවකයෙකුගෙන් හරි අහල මිසක් ඔය ප්‍රශ්නවලට හිත සතුටු වන ආකාරයේ පිළිතුරු දෙන්න වෙන කෙනෙක් ඉන්නවා ය කියලා.’ ස්වාමීනී, ඒ දෙවියා ඔය විදිහට කිව්වා. එහෙම කියල එතන ම නොපෙනී ගියා.

5. කෝ නු ඛෝ භන්තේ වම්මිකෝ? කා රත්තිං ධූපායනා? කා දිවා පජ්ජලනා? කෝ බ්‍රාහ්මණෝ? කෝ සුමේධෝ? කිං සත්ථං? කිං අභික්ඛණං? කා ලංගී? කා උද්ධුමායිකා? කෝ ද්විධාපථෝ? කිං චංගවාරං? කෝ කුම්මෝ? කා අසිසූනා? කා මංසපේසි? කෝ නාගෝති?

ස්වාමීනී, තුඹස කියන්නේ මොකක්ද? රෑ තිස්සෙ දුම් දාන්නෙ මොනවාද? දවල් කාලෙට ගිනි ගන්නෙ මොනවාද? බ්‍රාහ්මණයා කියන්නෙ කවුද? ඤාණවන්තයා කියන්නෙ කවුද? ආයුධය කියන්නෙ මොකක්ද? හාරනවා කියන්නෙ මොකක්ද? අගුල මොකක්ද? ගෙම්බා කවුද? දෙමං හන්දිය මොකක්ද? හිස් භාජනේ මොකක්ද? ඉබ්බා කවුද? කඩුවයි මස් කපන කොටෙයි කියන්නෙ මොකක්ද? මස් වැදැල්ල කියන්නෙ මොකක්ද? නාග රාජයා කියන්නෙ කවුද?”

6. වම්මිකෝති ඛෝ භික්ඛු ඉමස්සේතං චාතුම්මහාභූතිකස්ස කායස්ස අධිවචනං මාතාපෙත්තිකසම්භවස්ස ඕදනකුම්මාසූපචයස්ස අනිච්චුච්ඡාදන පරිමද්දනභේදනවිද්ධංසනධම්මස්ස.

“පින්වත් භික්ෂුව, ‘තුඹස’ කියල කියන්නෙ මේ ශරීරෙට කියන තවත් නමක්. මව්පියන් නිසා හටගත්ත, බත් මාළුපිනිවලින් හැදෙන වැඩෙන, අනිත්‍ය වූ, ඉලීම් පිරිමැදීම් කරන, බිඳී යන ස්වභාවයට අයිති මේ සිරුරටයි තුඹස කියල කියන්නෙ.

යං ඛෝ භික්ඛු දිවා කම්මන්තේ ආරබ්භ රත්තිං අනුවිතක්කේති අනුවිචාරේති, අයං රත්තිං ධූපායනා.

පින්වත් භික්ෂුව, රෑ තිස්සෙ හිත හිතා ඉන්නවා කල්පනා කර කර ඉන්නවා දවල් කාලෙ කරන්න ඕන දේවල් ගැන. ඒකට තමයි ‘රෑ තිස්සෙ දුම් දානවා’ කියල කියන්නෙ.

යං ඛෝ භික්ඛු රත්තිං අනුවිතක්කෙත්වා අනුවිචාරෙත්වා දිවා කම්මන්තේ පයෝජේති කායේන වාචාය මනසා, අයං දිවා පජ්ජලනා.

පින්වත් භික්ෂුව, රෑ තිස්සෙ හිත හිතා ඉඳලා කල්පනා කර කර ඉඳලා දවල් කාලෙදි සිතින්, කයින්, වචනයෙන් කටයුතු කරනවා. ඕකට තමයි කියන්නෙ ‘දවල් කාලෙ ගිනි ගන්නවා’ කියලා.

‘බ්‍රාහ්මණෝ’ති ඛෝ භික්ඛු තථාගතස්සේතං අධිවචනං අරහතෝ සම්මාසම්බුද්ධස්ස.

පින්වත් භික්ෂුව, ‘බ්‍රාහ්මණයා’ කියල කියන්නෙ අරහත් සම්මා සම්බුදු තථාගතයන් වහන්සේට කියන නමක්.

‘සුමේධෝ’ති ඛෝ භික්ඛු සේඛස්සේතං භික්ඛුනෝ අධිවචනං.

පින්වත් භික්ෂුව, ‘ඤාණවන්තයා’ කියල කියන්නෙ නිවන් මගෙහි හික්මෙන භික්ෂුවට කියන නමක්.

‘සත්ථ’න්ති ඛෝ භික්ඛු අරියායේතං පඤ්ඤාය අධිවචනං.

පින්වත් භික්ෂුව, ‘ආයුධය’ කියල කියන්නෙ ලෝකෝත්තර ප්‍රඥාවට කියන නමක්.

‘අභික්ඛණ’න්ති ඛෝ භික්ඛු වීරියාරම්භස්සේතං අධිවචනං.

පින්වත් භික්ෂුව, ‘හාරනවා’ කියල කියන්නෙ පටන් ගත්තු වීරියට කියන නමක්.

‘ලංගී’ති ඛෝ භික්ඛු අවිජ්ජායේතං අධිවචනං. උක්ඛිප ලංගිං, පජහ අවිජ්ජං. අභික්ඛණ සුමේධ සත්ථං ආදායාති අයමේතස්ස අත්ථෝ.

පින්වත් භික්ෂුව, ‘අගුල’ කියල කියන්නෙ අවිද්‍යාවට කියන නමක්. අගුල උස්සල අයින් කරන්න කියල කියන්නෙ අවිද්‍යාව දුරු කරන්න කියන එක. ‘ඒයි! ඤාණවන්තයා, ආයුධයෙන් තවත් හාරපන්’ කියල කියපු කතාවෙ තේරුම ඔන්න ඕකයි.

‘උද්ධුමායිකා’ති ඛෝ භික්ඛු කෝධූපායාසස්සේතං අධිවචනං. උක්ඛිප උද්ධුමායිකං, පජහ කෝධූපායාසං. අභික්ඛණ සුමේධ සත්ථං ආදායාති අයමේතස්ස අත්ථෝ.

පින්වත් භික්ෂුව, ‘ගෙම්බා’ කියල කියන්නෙ බලවත් ක්‍රෝධයට කියන නමක්. ගෙම්බව උස්සල අයින් කරන්න කියල කියන්නෙ බලවත් ක්‍රෝධය අයින් කරන්න කියන එක. ‘ඒයි! ඤාණවන්තයා, ආයුධයෙන් තවත් හාරපන්’ කියල කියපු කතාවෙ තේරුම ඔන්න ඕකයි.

‘ද්විධාපථෝ’ති ඛෝ භික්ඛු විචිකිච්ඡායේතං අධිවචනං. උක්ඛිප ද්විධාපථං, පජහ විචිකිච්ඡං. අභික්ඛණ සුමේධ සත්ථං ආදායාති අයමේතස්ස අත්ථෝ.

පින්වත් භික්ෂුව, ‘දෙමං හන්දිය’ කියල කියන්නෙ සැකයට කියන නමක්. දෙමං හන්දිය උස්සල අයින් කරන්න කියල කිව්වෙ සැකය අතහරින්න කියන එකයි. ‘ඒයි! ඤාණවන්තයා, ආයුධයෙන් තවත් හාරපන්’ කියල කියපු කතාවෙ තේරුම ඔන්න ඕකයි.

‘චංගවාර’න්ති ඛෝ භික්ඛු පඤ්චන්නේතං නීවරණානං අධිවචනං: කාමච්ඡන්දනීවරණස්ස බ්‍යාපාදනීවරණස්ස ථීනමිද්ධනීවරණස්ස උද්ධච්චකුක්කුච්චනීවරණස්ස විචිකිච්ඡානීවරණස්ස. උක්ඛිප චංගවාරං, පජහ පඤ්ච නීවරණේ. අභික්ඛණ සුමේධ සත්ථං ආදායාති අයමේතස්ස අත්ථෝ.

පින්වත් භික්ෂුව, ‘හිස් භාජනය’ කියල කියන්නෙ චිත්ත දියුණුවට බාධා කරන කරුණු පහට (පංච නීවරණ) කියන නමක්. කාම අරමුණුවලට ඇති ආශාව, තරහ ඇතිවීම, නිදිමත හා අලස බව, හිතේ විසිරීමත් පසුතැවිල්ලත්, සැකය යන මේවාටයි චිත්ත දියුණුවට බාධක වූ කරුණු පහ කියල කියන්නෙ. හිස් භාජනය උස්සල අයින් කරන්න කියල කියන්නෙ පංච නීවරණ අතහරින්න කියන එකයි. ‘ඒයි! ඤාණවන්තයා, ආයුධයෙන් තවත් හාරපන්’ කියල කියපු කතාවෙ තේරුම ඔන්න ඕකයි.

‘කුම්මෝ’ති ඛෝ භික්ඛු පඤ්චන්නේතං උපාදානක්ඛන්ධානං අධිවචනං. සෙය්‍යථිදං: රූපූපාදානක්ඛන්ධස්ස වේදනූපාදානක්ඛන්ධස්ස සඤ්ඤූපාදානක්ඛන්ධස්ස සංඛාරූපාදානක්ඛන්ධස්ස විඤ්ඤාණූපාදානක්ඛන්ධස්ස. උක්ඛිප කුම්මං, පජහ පඤ්චුපාදානක්ඛන්ධේ. අභික්ඛණ සුමේධ සත්ථං ආදායාති අයමේතස්ස අත්ථෝ.

පින්වත් භික්ෂුව, ‘ඉබ්බා’ කියල කියන්නෙ උපාදානස්කන්ධ පහට කියන නමක්. එනම්, රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය කියන මේවායි. ඉබ්බාව උස්සල අයින් කරන්න කියල කිව්වේ උපාදානස්කන්ධ පහ අතහරින්න කියන එකයි. ‘ඒයි! ඤාණවන්තයා, ආයුධයෙන් තවත් හාරපන්’ කියල කියපු කතාවෙ තේරුම ඔන්න ඕකයි.

‘අසිසූනා’ති ඛෝ භික්ඛු පඤ්චන්නේතං කාමගුණානං අධිවචනං: චක්ඛුවිඤ්ඤෙය්‍යානං රූපානං ඉට්ඨානං කන්තානං මනාපානං පියරූපානං කාමූපසංහිතානං රජනීයානං, සෝතවිඤ්ඤෙය්‍යානං සද්දානං ….(පෙ)…. ඝානවිඤ්ඤෙය්‍යානං ගන්ධානං ….(පෙ)…. ජිව්හාවිඤ්ඤෙය්‍යානං රසානං ….(පෙ)…. කායවිඤ්ඤෙය්‍යානං ඵොට්ඨබ්බානං ඉට්ඨානං කන්තානං මනාපානං පියරූපානං කාමූපසංහිතානං රජනීයානං. උක්ඛිප අසිසූනං, පජහ පඤ්ච කාමගුණේ. අභික්ඛණ සුමේධ සත්ථං ආදායාති අයමේතස්ස අත්ථෝ.

පින්වත් භික්ෂුව, ‘කඩුවයි මස් කපන කොටෙයි’ කියල කියන්නෙ මේ කාම ගුණ පහට කියන නමක්. ඇසින් දකින රූප තියෙනවා ඉතා ලස්සන, ප්‍රියමනාප, සිත්කළු, කෙලෙස් හටගන්නා, කනෙන් අහන ශබ්ද ….(පෙ)…. නාසයෙන් දැනෙන ගඳ සුවඳ ….(පෙ)…. දිවට දැනෙන රස ….(පෙ)…. කයට දැනෙන පහස තියෙනවා ඉතා ලස්සන, ප්‍රියමනාප, සිත්කළු, කෙලෙස් හටගන්නා. ඒවාටයි කාම ගුණ කියන්නෙ. කඩුවයි මස් කපන කොටෙයි අයින් කරල තියන්න කියන්නෙ පංච කාම ගුණයන් අතහරින්න කියන එකයි. ‘ඒයි! ඤාණවන්තයා, ආයුධයෙන් තවත් හාරපන්’ කියල කියපු කතාවෙ තේරුම ඔන්න ඕකයි.

‘මංසපේසී’ති ඛෝ භික්ඛු නන්දිරාගස්සේතං අධිවචනං. උක්ඛිප මංසපේසිං, පජහ නන්දිරාගං. අභික්ඛණ සුමේධ සත්ථං ආදායාති අයමේතස්ස අත්ථෝ.

පින්වත් භික්ෂුව, ‘මස් වැදැල්ල’ කියල කියන්නෙ ආශ්වාදයෙන් ඇලීමට කියන නමක්. මස් වැදැල්ල උස්සල අයින් කරන්න කියල කිව්වෙ නන්දිරාගය අතහරින්න කියන එකයි. ‘ඒයි! ඤාණවන්තයා, ආයුධයෙන් තවත් හාරපන්’ කියල කියපු කතාවෙ තේරුම ඔන්න ඕකයි.

‘නාගෝ’ති ඛෝ භික්ඛු ඛීණාසවස්සේතං භික්ඛුනෝ අධිවචනං. තිට්ඨතු නාගෝ, මා නාගං ඝට්ටේසි, නමෝ කරෝහි නාගස්සාති අයමේතස්ස අත්ථෝති.

පින්වත් භික්ෂුව, ‘නාගරාජයා’ කියල කියන්නෙ ආශ්‍රවයන් ක්ෂය කළ රහතන් වහන්සේට කියන නමක්. ‘ඔව්! ඔය නාගරාජයා ඔහොම හිටපුවාවෙ! නාගරාජයා එක්ක හැප්පෙන්න යන්න එපා! නාග රාජයාට වන්දනා කරන්න! කියල කියපු කතාවේ තේරුම ඕකයි.”

ඉදමවෝච භගවා. අත්තමනෝ ආයස්මා කුමාරකස්සපෝ භගවතෝ භාසිතං අභිනන්දීති.

භාග්‍යවතුන් වහන්සේ යි මෙම දෙසුම වදාළේ. ආයුෂ්මත් කුමාර කස්සපයන් වහන්සේ ගොඩාක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මෙම දෙසුම ඉතා සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

වම්මිකසුත්තං තතියං.

තුඹසක් මුල්කොට ගෙන වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn1_1-3-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M