මජ්ඣිම නිකාය

මූල පණ්ණාසකෝ

1.2.9. ද්වේධාවිතක්ක සුත්තං

1.2.9. සිතුවිලි දෙකොටසකට වෙන් කොට බැලීම ගැන වදාළ දෙසුම

1. ඒවං මේ සුතං: ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි භික්ඛවෝති. භදන්තේති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච:

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” යි කියල, භික්ෂු සංඝයා ඇමතුවා. “පින්වතුන් වහන්ස” කියල ඒ භික්ෂූන් වහන්සේලාත් භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාළේ ඒ මොහොතේ දීය.

2. පුබ්බේව මේ භික්ඛවේ සම්බෝධා අනභිසම්බුද්ධස්ස බෝධිසත්තස්සේව සතෝ ඒතදහෝසි: යංනූනාහං ද්වේධා කත්වා ද්වේධා කත්වා විතක්කේ විහරෙය්‍යන්ති. සෝ ඛෝ අහං භික්ඛවේ යෝ චායං කාමවිතක්කෝ යෝ ච බ්‍යාපාදවිතක්කෝ යෝ ච විහිංසාවිතක්කෝ, ඉමං ඒකං භාගමකාසිං. යෝ චායං නෙක්ඛම්මවිතක්කෝ යෝ ච අබ්‍යාපාදවිතක්කෝ යෝ ච අවිහිංසාවිතක්කෝ, ඉමං දුතියං භාගමකාසිං.

පින්වත් මහණෙනි, මම ඒ කාලයේ සම්බුද්ධත්වයට පත්වෙලා හිටියේ නෑ. බෝධිසත්ව අවදියේදී ම යි මට මේ අදහස් ඇතිවුනේ. ඉතින් මම මෙහෙම හිතුවා. ‘එහෙම නම් මම මේ සිතට එන විතර්කයන් දෙපැත්තකට වෙන් කර කර විමස විමසා බලමින් ඉන්න එක තමයි හොඳ’ කියලා. ඉතින් පින්වත් මහණෙනි, මම මෙහෙම කළා. යම් කාම විතර්කයක් ඇද්ද, යම් ව්‍යාපාද විතර්කයක් ඇද්ද, යම් හිංසා විතර්කයක් ඇද්ද, මේවා එක පැත්තකට දැම්මා. ඊට පස්සේ කාමයෙන් වෙන්වීමේ යම් නෙක්ඛම්ම විතර්කයක් ඇද්ද, ව්‍යාපාද රහිත යම් විතර්කයක් ඇද්ද, යම් අහිංසා විතර්කයක් ඇද්ද, ඒවා තව පැත්තකට දැම්මා. ඔය විදිහට පැති දෙකකට දැම්මා.

3. තස්ස මය්හං භික්ඛවේ ඒවං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහරතෝ උප්පජ්ජති කාමවිතක්කෝ. සෝ ඒවං පජානාමි: උප්පන්නෝ ඛෝ මේ අයං කාමවිතක්කෝ. සෝ ච ඛෝ අත්තව්‍යාබාධායපි සංවත්තති, පරව්‍යාබාධායපි සංවත්තති, උභයව්‍යාබාධායපි සංවත්තති, පඤ්ඤානිරෝධිකෝ විඝාතපක්ඛිකෝ අනිබ්බානසංවත්තනිකෝ. අත්තව්‍යාබාධාය සංවත්තතීතිපි මේ භික්ඛවේ පටිසඤ්චික්ඛතෝ අබ්භත්ථං ගච්ඡති. පරව්‍යාබාධාය සංවත්තතීතිපි මේ භික්ඛවේ පටිසඤ්චික්ඛතෝ අබ්භත්ථං ගච්ඡති උභයව්‍යාබාධාය සංවත්තතීතිපි මේ භික්ඛවේ පටිසඤ්චික්ඛතෝ අබ්භත්ථං ගච්ඡති පඤ්ඤානිරෝධිකෝ විඝාතපක්ඛිකෝ අනිබ්බානසංවත්තනිකෝතිපි මේ භික්ඛවේ පටිසඤ්චික්ඛතෝ අබ්භත්ථං ගච්ඡති. සෝ ඛෝ අහං භික්ඛවේ උප්පන්නුප්පන්නං කාමවිතක්කං පජහමේව විනෝදමේව බ්‍යන්තේව නං අකාසිං.

ඉතින් පින්වත් මහණෙනි, ඔය විදිහට සිතුවිලි වෙන් කර කර බලමින් කෙලෙස් තවන වීරියෙන්, ජීවිත පරිත්‍යාගයෙන්, අප්‍රමාදීව සිටිද්දී පවා මා තුළ කාම විතර්ක හටගන්නවා. එතකොට මම මේ විදිහටයි දැනගන්නෙ. ඔන්න දැන් මේ සිතේ කාම විතර්කයක් ඇතිවුනා. ඇත්තෙන් ම මේ විතර්කය මට පීඩා පිණිස පවතින දෙයක්. අන් උදවියටත් පීඩාව සලසන දෙයක්. දෙපැත්තට ම පීඩාව සලසන දෙයක්. ප්‍රඥාව විනාශ කරන දෙයක්. දුක පැත්තෙ තියෙන දෙයක්. නිවන සඳහා හේතු නොවන දෙයක්. පින්වත් මහණෙනි, ඒ කාම විතර්කය ‘තමාට පීඩා පිණිස පවතින දෙයක් ය’ කියල නුවණින් විමසද්දී ඒ කාම විතර්කය නැති වෙලා යනවා. ‘අනුන්ටත් පීඩා පිණිස පවතින දෙයක් නෙව මේ කාම විතර්කය’ කියල නුවණින් විමසද්දී ඒක නැති වෙලා යනවා. ‘මේ කාම විතර්කය දෙපැත්තට ම පීඩා පිණිස පවතිනවා’ කියල නුවණින් විමසද්දී ඒක නැති වෙලා යනවා. මේ කාම විතර්කයෙන් ප්‍රඥාව විනාශ වෙලා යනවා. දුක පැත්තට ම ඇද වැටෙනවා. නිවන පිණිස පවතින්නෙ නෑ කියල නුවණින් විමසද්දී ඒක නැති වෙලා යනවා. පින්වත් මහණෙනි, මම ඒ විදිහට උපනූපන් සෑම කාම සිතුවිල්ලක් ම දුරින් ම දුරු කළා. බැහැර කළා. නැත්තට ම නැති කළා.

4. තස්ස මය්හං භික්ඛවේ ඒවං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහරතෝ උප්පජ්ජති බ්‍යාපාදවිතක්කෝ ….(පෙ)…. උප්පජ්ජති විහිංසාවිතක්කෝ. සෝ ඒවං පජානාමි: උප්පන්නෝ ඛෝ මේ අයං විහිංසාවිතක්කෝ. සෝ ච ඛෝ අත්තව්‍යාබාධායපි සංවත්තති, පරව්‍යාබාධායපි සංවත්තති, උභයව්‍යාබාධායපි සංවත්තති, පඤ්ඤානිරෝධිකෝ විඝාතපක්ඛිකෝ අනිබ්බානසංවත්තනිකෝ. අත්තව්‍යාබාධාය සංවත්තතීතිපි මේ භික්ඛවේ පටිසඤ්චික්ඛතෝ අබ්භත්ථං ගච්ඡති පරව්‍යාබාධාය සංවත්තතීතිපි මේ භික්ඛවේ පටිසඤ්චික්ඛතෝ අබ්භත්ථං ගච්ඡති. උභයව්‍යාබාධාය සංවත්තතීතිපි මේ භික්ඛවේ පටිසඤ්චික්ඛතෝ අබ්භත්ථං ගච්ඡති. පඤ්ඤානිරෝධිකෝ විඝාතපක්ඛිකෝ අනිබ්බානසංවත්තනිකෝතිපි මේ භික්ඛවේ පටිසඤ්චික්ඛතෝ අබ්භත්ථං ගච්ඡති. සෝ ඛෝ අහං භික්ඛවේ උප්පන්නුප්පන්නං විහිංසාවිතක්කං පජහමේව විනෝදමේව, බ්‍යන්තේව නං අකාසිං.

ඉතින් පින්වත් මහණෙනි, ඔය විදිහට සිතුවිලි වෙන් කර කර බලමින් කෙලෙස් තවන වීරියෙන්, ජීවිත පරිත්‍යාගයෙන්, අප්‍රමාදීව සිටිද්දී පවා මා තුළ ව්‍යාපාද විතර්ක හටගන්නවා. ….(පෙ)…. විහිංසා විතර්ක හටගන්නවා. එතකොට මම මේ විදිහටයි දැනගන්නෙ. ඔන්න දැන් මේ සිතේ විහිංසා විතර්කයක් ඇතිවුණා. ඇත්තෙන් ම මේ විතර්කය මට පීඩා පිණිස පවතින දෙයක්. අන් උදවියටත් පීඩාව සලසන දෙයක්. දෙපැත්තට ම පීඩාව සලසන දෙයක්. ප්‍රඥාව විනාශ කරන දෙයක්. දුක පැත්තෙ තියෙන දෙයක්. නිවන සඳහා හේතු නොවන දෙයක්. පින්වත් මහණෙනි, ඒ විහිංසා විතර්කය ‘තමාට පීඩා පිණිස පවතින දෙයක් ය’ කියල නුවණින් විමසද්දී ඒ විහිංසා විතර්කය නැතිවෙලා යනවා. ‘අනුන්ටත් පීඩා පිණිස පවතින දෙයක් නෙව මේ විහිංසා විතර්කය’ කියල නුවණින් විමසද්දී ඒක නැතිවෙලා යනවා. ‘මේ විහිංසා විතර්කය දෙපැත්තට ම පීඩා පිණිස පවතිනවා’ කියල නුවණින් විමසද්දී ඒක නැතිවෙලා යනවා. මේ විහිංසා විතර්කයෙන් ප්‍රඥාව විනාශ වෙලා යනවා. දුක පැත්තට ම ඇද වැටෙනවා. නිවන පිණිස පවතින්නෙ නෑ කියල නුවණින් විමසද්දී ඒක නැති වෙලා යනවා. පින්වත් මහණෙනි, මම ඒ විදිහට උපනූපන් සෑම විහිංසා සිතුවිල්ලක් ම දුරින් ම දුරු කළා. බැහැර කළා. නැත්තට ම නැති කළා.

5. යඤ්ඤදේව භික්ඛවේ භික්ඛු බහුලමනුවිතක්කේති අනුවිචාරේති තථා තථා නති හෝති චේතසෝ. කාමවිතක්කං චේ භික්ඛවේ භික්ඛු බහුලමනුවිතක්කේති අනුවිචාරේති, පහාසි නෙක්ඛම්මවිතක්කං. කාමවිතක්කං බහුලමකාසි. තස්ස තං කාමවිතක්කාය චිත්තං නමති. බ්‍යාපාදවිතක්කං චේ භික්ඛවේ භික්ඛු බහුලමනුවිතක්කේති අනුවිචාරේති, පහාසි අබ්‍යාපාදවිතක්කං. බ්‍යාපාදවිතක්කං බහුලමකාසි. තස්ස තං බ්‍යාපාදවිතක්කාය චිත්තං නමති. විහිංසාවිතක්කඤ්චේ භික්ඛවේ භික්ඛු බහුලමනුවිතක්කේති අනුවිචාරේති, පහාසි අවිහිංසාවිතක්කං. විහිංසාවිතක්කං බහුලමකාසි. තස්ස තං විහිංසාවිතක්කාය චිත්තං නමති.

පින්වත් මහණෙනි, හිතේ ස්වභාවය මේකයි. බහුල වශයෙන් යම් ම දෙයක් සිතනවා නම්, කල්පනා කරනවා නම්, හිත හිතා ඉන්නවා නම් ඒ පැත්තට ම යි සිත නැමිලා තියෙන්නෙ. පින්වත් මහණෙනි, ඉතින් භික්ෂුවක් සිත සිතා ඉන්නෙ, බහුල වශයෙන් කල්පනා කර කර ඉන්නෙ කාම විතර්ක නම්, කාමයෙන් වෙන්වීමේ සිතුවිලි ඇතිවෙන්නෙ නෑ. බහුල වශයෙන් ඇති වෙන්නෙ කාම විතර්ක ම යි. එතකොට ඔහුගේ සිත නැමිල තියෙන්නෙ කාම විතර්කවලට ම යි.

පින්වත් මහණෙනි, භික්ෂුව හිත හිතා ඉන්නෙ, බහුල වශයෙන් කල්පනා කර කර ඉන්නෙ ව්‍යාපාද විතර්ක නම්, මෛත්‍රී විතර්ක ඇතිවෙන්නෙ නෑ. බහුල වශයෙන් ඇතිවෙන්නෙ ව්‍යාපාද විතර්ක ම යි. ව්‍යාපාද විතර්ක සිතන්නට ම යි ඔහුගෙ සිත නැමෙන්නෙ. පින්වත් මහණෙනි, භික්ෂුවක් හිත හිත ඉන්නෙ, බහුල වශයෙන් කල්පනා කර කර ඉන්නෙ, විහිංසා විතර්ක නම්, අහිංසා විතර්ක ඇතිවෙන්නෙ නෑ. විහිංසා විතර්ක ම යි බහුල වශයෙන් ඇතිවෙන්නෙ. හිංසා සිතුවිලි සිතන්න ම යි සිත නැමෙන්නෙ.

6. සෙය්‍යථාපි භික්ඛවේ වස්සානං පච්ඡිමේ මාසේ සරදසමයේ කිට්ඨසම්බාධේ ගෝපාලකෝ ගාවෝ රක්ඛෙය්‍ය, සෝ තා ගාවෝ තතෝ තතෝ දණ්ඩේන ආකෝටෙය්‍ය පතිකෝටෙය්‍ය සන්නිරුන්ධෙය්‍ය සන්නිවාරෙය්‍ය. තං කිස්ස හේතු? පස්සති හි සෝ භික්ඛවේ ගෝපාලකෝ තතෝනිදානං වධං වා බන්ධනං වා ජානිං වා ගරහං වා. ඒවමේව ඛෝ අහං භික්ඛවේ අද්දසං අකුසලානං ධම්මානං ආදීනවං ඕකාරං සංකිලේසං, කුසලානං ධම්මානං නෙක්ඛම්මේ ආනිසංසං වෝදානපක්ඛං.

පින්වත් මහණෙනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. වැස්ස කාලෙ ඉවර වුණා කියල හිතමු. දැන් ඔන්න අවසාන පායන මාසෙ ආවා. හැමතැනම සරුවට ගොයම් හැදිලා. ඉතින් ගොපල්ලා ගවයන් රකින්නෙ මෙහෙමයි. ගොයම මැද්දෙන් පාර දිගේ ගවයාව දක්කගෙන යන කොට, ඌ නිකම් ම ගොයමට හැරෙනවා. එතකොට ඌට කෙවිටෙන් ගහනවා. ඌ ආයෙමත් හැරෙනවා. තවත් රිදෙන්න ගහනවා. එතකොට ඌ දඟලන කොට ඉස්සරහට පැනලා, එහාට මෙහාට දුවල ගොයමට හැරෙන උගේ ගමන වළක්වනවා. ගොපල්ලා එච්චර මහන්සියක් ගන්නෙ ඇයි? පින්වත් මහණෙනි, හරකුන්ට ගොයම් කන්න ඉඩ දුන්නොත්, ඒකෙන් දඬුවම් ලැබෙන බව, හිරේ විලංගුවෙ වැටෙන බව, දඩ ගහන බව, ගර්හා ලැබෙන බව, මහා කරදර ගොඩක පැටලෙන්න සිදුවෙන බව ඒ ගොපල්ලා දන්නවා.

පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට ම මේ අකුසල්වල ආදීනව, මේවායේ ලාමක බව, මේවායින් ජීවිතය කෙලෙසන හැටි මම දැක්කා. කුසල් දහම්වල අනුසස්, කෙලෙසුන්ගෙන් නිදහස් වීමේ අනුසස් මම දැක්කා.

7. තස්ස මය්හං භික්ඛවේ ඒවං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහරතෝ උප්පජ්ජති නෙක්ඛම්මවිතක්කෝ. සෝ ඒවං පජානාමි: උප්පන්නෝ ඛෝ මේ අයං නෙක්ඛම්මවිතක්කෝ. සෝ ච ඛෝ නේවත්තව්‍යාබාධාය සංවත්තති, න පරව්‍යාබාධාය සංවත්තති, න උභයව්‍යාබාධාය සංවත්තති, පඤ්ඤාවුද්ධිකෝ අවිඝාතපක්ඛිකෝ නිබ්බානසංවත්තනිකෝ. රත්තිං චේපි නං භික්ඛවේ අනුවිතක්කෙය්‍යං අනුවිචාරෙය්‍යං නේව තතෝනිදානං භයං සමනුපස්සාමි. දිවසඤ්චේපි නං භික්ඛවේ අනුවිතක්කෙය්‍යං අනුවිචාරෙය්‍යං නේව තතෝනිදානං භයං සමනුපස්සාමි. රත්තින්දිවඤ්චේපි නං භික්ඛවේ අනුවිතක්කෙය්‍යං අනුවිචාරෙය්‍යං නේව තතෝනිදානං භයං සමනුපස්සාමි. අපි ච ඛෝ මේ අතිචිරං අනුවිතක්කයතෝ අනුවිචාරයතෝ කායෝ කිලමෙය්‍ය. කායේ කිලන්තේ චිත්තං ඌහඤ්ඤෙය්‍ය. ඌහතේ චිත්තේ ආරා චිත්තං සමාධිම්හාති. සෝ ඛෝ අහං භික්ඛවේ අජ්ඣත්තමේව චිත්තං සණ්ඨපේමි සන්නිසාදේමි ඒකෝදිං කරෝමි සමාදහාමි. තං කිස්ස හේතු: මා මේ චිත්තං ඌහඤ්ඤීති.

ඉතින් පින්වත් මහණෙනි, ඔය විදිහට සිතුවිලි වෙන් කර කර බලමින් කෙලෙස් තවන වීරියෙන්, ජීවිත පරිත්‍යාගයෙන්, අප්‍රමාදීව සිටිද්දී මා තුළ කාමයෙන් නිදහස් වීමේ නෙක්ඛම්ම විතර්ක හටගන්නවා. එතකොට මම මේ විදිහටයි දැනගන්නෙ. ඔන්න දැන් මේ සිතේ නෙක්ඛම්ම විතර්කයක් ඇතිවුනා. ඇත්තෙන් ම මේ විතර්කය මට පීඩා පිණිස පවතින දෙයක් නොවෙයි. අන් උදවියට පීඩාව සලසන දෙයකුත් නොවෙයි. දෙපැත්තට ම පීඩාව සලසන දෙයකුත් නොවෙයි. ප්‍රඥාව වැඩෙන දෙයක්. දුක නැති පැත්තෙ තියෙන දෙයක්. නිවන සඳහා හේතු වන දෙයක්. මුළු රාත්‍රියක් වුනත් පින්වත් මහණෙනි, නෙක්ඛම්ම විතර්ක සිත සිතා ඉන්න විට, කල්පනා කර කර ඉන්න විට, ඒ හේතුවෙන් කිසිම භයක් දකින්නෙ නෑ. දවල් දවස පුරාමත් පින්වත් මහණෙනි, නෙක්ඛම්ම විතර්ක සිත සිතා ඉන්න විට, ඒ ගැන කල්පනා කර කර ඉන්න විට, ඒ හේතුවෙන් කිසිම භයක් දකින්නෙ නෑ. ඔය විදිහට දිවා රාත්‍රී පුරා ම නෙක්ඛම්ම විතර්ක සිත සිතා ඉන්න විට, ඒ ගැන කල්පනා කර කර ඉන්න විට, ඒ හේතුවෙන් කිසිම භයක් දකින්නෙ නෑ.

නමුත් පින්වත් මහණෙනි, එක දිගට ම ඒක ම සිත සිතා ඉන්න කොට, ඒක ම කල්පනා කර කර ඉන්න කොට ඇඟට හරි ම මහන්සියි. ඇඟේ මහන්සි වැඩිකමට සිත සන්සුන් වෙන්නෙ නෑ. එතකොට සිත සමාධියෙන් ඈත්වෙනවා. පින්වත් මහණෙනි, ඒ වෙලාවට මම මං තුළ ම හිත රඳවා ගන්නවා. හොඳ හැටියට පිහිටුවා ගන්නවා. එකඟ කරගන්නවා. සමාධිමත් කරගන්නවා. ඇයි මං එහෙම කරන්නෙ? මගේ සිත විසිරෙන්න දෙන්නෙ නෑ කියලයි.

8. තස්ස මය්හං භික්ඛවේ ඒවං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහරතෝ උප්පජ්ජති අබ්‍යාපාදවිතක්කෝ ….(පෙ)…. උප්පජ්ජති අවිහිංසාවිතක්කෝ. සෝ ඒවං පජානාමි: උප්පන්නෝ ඛෝ මේ අයං අවිහිංසාවිතක්කෝ. සෝ ච ඛෝ නේවත්තව්‍යාබාධාය සංවත්තති, න පරව්‍යාබාධාය සංවත්තති, න උභයව්‍යාබාධාය සංවත්තති, පඤ්ඤාවුද්ධිකෝ අවිඝාතපක්ඛිකෝ නිබ්බානසංවත්තනිකෝ. රත්තිඤ්චේපි නං භික්ඛවේ අනුවිතක්කෙය්‍යං අනුවිචාරෙය්‍යං නේව තතෝනිදානං භයං සමනුපස්සාමි. අපි ච ඛෝ මේ අතිචිරං අනුවිතක්කයතෝ අනුවිචාරයතෝ කායෝ කිලමෙය්‍ය. කායේ කිලන්තේ චිත්තං ඌහඤ්ඤෙය්‍ය. ඌහතේ චිත්තේ ආරා චිත්තං සමාධිම්හාති. සෝ ඛෝ අහං භික්ඛවේ අජ්ඣත්තමේව චිත්තං සණ්ඨපේමි සන්සාදේමි ඒකෝදිං කරෝමි සමාදහාමි. තං කිස්ස හේතු: මා මේ චිත්තං ඌහඤ්ඤීති.

පින්වත් මහණෙනි, ඔය විදිහට සිතුවිලි වෙන් කර කර බලමින් කෙලෙස් තවන වීරියෙන්, ජීවිත පරිත්‍යාගයෙන්, අප්‍රමාදීව සිටිද්දී මා තුළ අව්‍යාපාද විතර්ක හටගන්නවා. ….(පෙ)…. අහිංසා විතර්ක හටගන්නවා. එතකොට මම මේ විදිහටයි දැනගන්නෙ. ඔන්න දැන් මේ සිතේ අහිංසා විතර්කයක් ඇතිවුනා. ඇත්තෙන් ම මේ විතර්කය මට පීඩා පිණිස පවතින දෙයක් නොවෙයි. අන් උදවියට පීඩාව සලසන දෙයකුත් නොවෙයි. දෙපැත්තට ම පීඩාව සලසන දෙයකුත් නොවෙයි. ප්‍රඥාව වැඩෙන දෙයක්. දුක නැති පැත්තෙ තියෙන දෙයක්. නිවන සඳහා හේතු වන දෙයක්. මුළු රාත්‍රියක් වුනත් පින්වත් මහණෙනි, අහිංසා විතර්ක සිත සිතා ඉන්න විට, කල්පනා කර කර ඉන්න විට, ඒ හේතුවෙන් කිසිම භයක් දකින්නෙ නෑ. දවල් දවස පුරාමත් පින්වත් මහණෙනි, අහිංසා විතර්ක සිත සිතා ඉන්න විට, ඒ ගැන කල්පනා කර කර ඉන්න විට, ඒ හේතුවෙන් කිසිම භයක් දකින්නෙ නෑ. ඔය විදිහට දිවා රාත්‍රී පුරා ම අහිංසා විතර්ක සිත සිතා ඉන්න විට, ඒ ගැන කල්පනා කර කර ඉන්න විට, ඒ හේතුවෙන් කිසිම භයක් දකින්නෙ නෑ.

නමුත් පින්වත් මහණෙනි, එක දිගට ම ඒක ම සිත සිතා ඉන්න කොට, ඒක ම කල්පනා කර කර ඉන්න කොට ඇඟට හරිම මහන්සියි. ඇඟේ මහන්සි වැඩිකමට සිත සන්සුන් වෙන්නෙ නෑ. එතකොට සිත සමාධියෙන් ඈත්වෙනවා. පින්වත් මහණෙනි, ඒ වෙලාවට මම මං තුළ ම හිත රඳවා ගන්නවා. හොඳ හැටියට පිහිටුවා ගන්නවා. එකඟ කරගන්නවා. සමාධිමත් කරගන්නවා. ඇයි මං එහෙම කරන්නෙ? මගේ සිත විසිරෙන්න දෙන්නෙ නෑ කියලයි.

9. යඤ්ඤදේව භික්ඛවේ භික්ඛු බහුලමනුවිතක්කේති අනුවිචාරේති තථා තථා නති හෝති චේතසෝ. නෙක්ඛම්මවිතක්කඤ්චේ භික්ඛවේ භික්ඛු බහුලමනුවිතක්කේති අනුවිචාරේති, පහාසි කාමවිතක්කං. නෙක්ඛම්මවිතක්කං බහුලමකාසි. තස්සං තං නෙක්ඛම්මවිතක්කාය චිත්තං නමති. අබ්‍යාපාදවිතක්කඤ්චේ භික්ඛවේ, භික්ඛු බහුලමනුවිතක්කේති අනුවිචාරේති, පහාසි බ්‍යාපාදවිතක්ක. අබ්‍යාපාදවිතක්කං බහුලමකාසි. තසස තං අබ්‍යාපාදවිතක්කාය චිත්තං නමති. අවිහිංසාවිතක්කඤ්චේ භික්ඛවේ භික්ඛු බහුලමනුවිතක්කේති අනුවිචාරේති, පහාසි විහිංසාවිතක්කං. අවිහිංසාවිතක්කං බහුලමකාසි. තස්ස තං අවිහිංසාවිතක්කාය චිත්තං නමති. සෙය්‍යථාපි භික්ඛවේ ගිම්හානං පච්ඡිමේ මාසේ සබ්බසස්සේසු ගාමන්තසම්භතේසු ගෝපාලකෝ ගාවෝ රක්ඛෙය්‍ය. තස්ස රුක්ඛමූලගතස්ස වා අබ්භෝකාසගතස්ස වා සතිකරණීයමේව හෝති: ඒතා ගාවෝති. ඒවමේව ඛෝ භික්ඛවේ සතිකරණීයමේව අහෝසි: ඒතේ ධම්මාති.

පින්වත් මහණෙනි, හිතේ ස්වභාවය මේකයි. බහුල වශයෙන් යම් ම දෙයක් සිතනවා නම්, කල්පනා කරනවා නම්, හිත හිතා ඉන්නවා නම් ඒ පැත්තට ම යි සිත නැමිලා තියෙන්නෙ. පින්වත් මහණෙනි, ඉතින් භික්ෂුවක් සිත සිතා ඉන්නෙ, බහුල වශයෙන් කල්පනා කර කර ඉන්නෙ නෙක්ඛම්ම විතර්ක නම්, කාම විතර්ක ඇතිවෙන්නෙ නෑ. බහුල වශයෙන් ඇතිවෙන්නෙ නෙක්ඛම්ම විතර්ක ම යි. එතකොට ඔහුගේ සිත නැමිල තියෙන්නෙ නෙක්ඛම්ම විතර්කවලට ම යි.

පින්වත් මහණෙනි, භික්ෂුව හිත හිතා ඉන්නෙ, බහුල වශයෙන් කල්පනා කර කර ඉන්නෙ අව්‍යාපාද විතර්ක නම්, ව්‍යාපාද විතර්ක ඇතිවෙන්නෙ නෑ. බහුල වශයෙන් ඇතිවෙන්නෙ අව්‍යාපාද විතර්ක ම යි. අව්‍යාපාද විතර්ක සිතන්නට ම යි ඔහුගෙ සිත නැමෙන්නෙ. පින්වත් මහණෙනි, භික්ෂුවක් හිත හිත ඉන්නෙ, බහුල වශයෙන් කල්පනා කර කර ඉන්නෙ, අහිංසා විතර්ක නම්, විහිංසා විතර්ක ඇතිවෙන්නෙ නෑ. අහිංසා විතර්ක ම යි බහුල වශයෙන් ඇති වෙන්නෙ. අහිංසා සිතුවිලි සිතන්න ම යි සිත නැමෙන්නෙ.

පින්වත් මහණෙනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. පායන කාලෙ අන්තිම මාසෙ ආවා කියල හිතමු. ගමේ හැම අස්වැන්න ම එකතු කරලයි තියෙන්නෙ. එතකොට ගොපල්ලා ගවයන් රකින්නෙ මෙහෙමයි. ගහක් මුලට ගිහින් හරි, එළිමහනෙ ඉඳගෙන හරි මෙච්චරයි හිතන්න තියෙන්නෙ. ‘මේ මේ ඉසව්වේ හරක් ඉන්නවා’ කියල. පින්වත් මහණෙනි, අන්න ඒ වගේ ම යි ‘මේක සමථයයි. මේක විදර්ශනාවයි’ කියල සිහි කරන එක විතරයි කරන්න තියෙන්නෙ.

10. ආරද්ධං ඛෝ පන මේ භික්ඛවේ විරියං අහෝසි අසල්ලීනං. උපට්ඨිතා සති අසම්මුට්ඨා. පස්සද්ධෝ කායෝ අසාරද්ධෝ. සමාහිතං චිත්තං ඒකග්ගං සෝ ඛෝ අහං භික්ඛවේ විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහාසිං. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහාසිං. පීතියා ච විරාගා උපෙක්ඛකෝ ච විහාසිං සතෝ ච සම්පජානෝ. සුඛඤ්ච කායේන පටිසංවේදේසිං. යං තං අරියා ආචික්ඛන්ති: උපෙක්ඛකෝ සතිමා සුඛවිහාරීති තතියං ඣානං උපසම්පජ්ජ විහාසිං. සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බේව සෝමනස්සදෝමනස්සානං අත්ථංගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහාසිං.

පින්වත් මහණෙනි. මට පුදුම වීරියක් තිබුනෙ. සිත හැකිලුනේ නෑ. හොඳට සිහිය පිහිටලා තිබුනා. සිහි මුලා වුනේ නෑ. කය සැහැල්ලු වෙලා තිබුනා. මහන්සියක් දැනුනේ නෑ. හිත එකඟ වෙලා, සමාහිත වෙලා තිබුනා. පින්වත් මහණෙනි, මම එතකොට කාමයන්ගෙන් වෙන්ව, අකුසල්වලින් වෙන්ව, විතර්ක විචාර සහිත (නීවරණ සන්සිඳීම නිසා ඇතිවුණු) විවේකයෙන් හටගත් ප්‍රීතිය, සැපය ඇති පළවෙනි ධ්‍යානය ඇති කරගෙන වාසය කළා. ඊට පස්සෙ විතර්ක, විචාර සංසිඳවලා මං තුළ ම ඉතා පැහැදිලි ප්‍රසන්න බවක් ඇති කරගෙන සිතේ එකඟ බව ඇති කරගෙන විතර්ක විචාර නැති සමාධියෙන් ඇතිවුණු ප්‍රීතිය සැපය ඇති දෙවෙනි ධ්‍යානයත් ඇති කරගෙන වාසය කළා. ඊට පස්සෙ ඒ ප්‍රීතියට ඇලෙන්නෙ නැතිව සිහි නුවණින් යුක්තව කයින් සැප විඳින ගමන් උපේක්ෂාවෙන් යුතුව වාසය කළා. ආර්යයන් වහන්සේලා ඒ ධ්‍යානයට කියන්නෙ ‘උපේක්ෂාව තියෙන සිහිය තියෙන හොඳ සුවයෙන් ඉන්න ධ්‍යානය’ කියලයි. අන්න ඒ තුන්වන ධ්‍යානයත් ඇති කරගෙන වාසය කළා. ඊට පස්සෙ ඒ සැපය නැතුව, දුකත් නැතිව, මානසික සැප දුක කලින් ම අත්හැරලා දුක් සැප නැති, උපේක්ෂාව තියෙන, පාරිශුද්ධ සිහිය තියෙන හතර වෙනි ධ්‍යානයත් ඇති කරගෙන වාසය කළා.

11. සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගණේ විගතූපක්කිලේසේ මුදුභූතේ කම්මනියේ ඨිතේ ආනෙඤ්ජප්පත්තේ පුබ්බේනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනින්නාමේසිං. සෝ අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරාමි. සෙය්‍යථිදං: ඒකම්පි ජාතිං ද්වේපි ජාතියෝ තිස්සෝපි ජාතියෝ චතස්සෝපි ජාතියෝ පඤ්චපි ජාතියෝ දසපි ජාතියෝ වීසතිම්පි ජාතියෝ තිංසම්පි ජාතියෝ චත්තාරීසම්පි ජාතියෝ පඤ්ඤාසම්පි ජාතියෝ ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි, අනේකේපි සංවට්ටකප්පේ අනේකේපි විවට්ටකප්පේ අනේකේපි සංවට්ටවිවට්ටකප්පේ “අමුත්‍රාසිං ඒවන්නාමෝ ඒවංගොත්තෝ ඒවංවණ්ණෝ ඒවමාහාරෝ ඒවංසුඛදුක්ඛපටිසංවේදී ඒවමායුපරියන්තෝ. සෝ තතෝ චුතෝ අමුත්‍ර උදපාදිං. තත්‍රාපාසිං ඒවන්නාමෝ ඒවංගොත්තෝ ඒවංවණ්ණෝ ඒවමාහාරෝ ඒවංසුඛදුක්ඛපටිසංවේදී ඒවමායුපරියන්තෝ. සෝ තතෝ චුතෝ ඉධූපපන්නෝ” ති. ඉති සාකාරං සඋද්දේසං අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරාමි. අයං ඛෝ මේ භික්ඛවේ රත්තියා පඨමේ යාමේ පඨමා විජ්ජා අධිගතා අවිජ්ජා විහතා. විජ්ජා උප්පන්නා තමෝ විහතෝ ආලෝකෝ උප්පන්නෝ යථා තං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහරතෝ.

පින්වත් මහණෙනි, ඔය විදිහට හිත සමාහිත වුනා ම, පිරිසිදු වුනා ම, හිත බබලන කොට උපක්ලේශ නැති වුනා ම, හිත සියුම් වුනා ම, අවබෝධයට යෝග්‍ය පරිදි බලවත් වුනා ම නොවෙනස්ව තිබුනා ම කිසි දේකින් නොසැලෙන විදිහට සකස් වුනා ම පෙර ගත කරපු සංසාර ගත ජීවිත දකින්න මං සිත යොමු කළා. ඉතින් නොයෙක් ආකාරයෙන් පෙර ජීවිත ගත කරපු හැටි මට සිහි කරන්න පුළුවන් වුනා. ඒ කියන්නෙ එක ජීවිතයක්, ජීවිත දෙකක්, ජීවිත තුනක්, ජීවිත හතරක්, ජීවිත පහක්, ජීවිත දහයක්, ජීවිත විස්සක්, ජීවිත තිහක්, ජීවිත හතළිහක්, ජීවිත පනහක්, ජීවිත සීයක්, ජීවිත දාහක්, ජීවිත ලක්ෂයක්, නොයෙක් සංවට්ට කල්ප, නොයෙක් විවට්ට කල්ප, නොයෙක් සංවට්ට විවට්ට කල්ප සිහි කරන්න පුළුවන් වුනා. ‘ඒ කාලෙ මගේ නම මේකයි. ජාතිය මේකයි. මේ වගේ හැඩ රුව, මේව තමයි කෑවෙ බීවෙ. මේ විදිහටයි දුක් සැප වින්දෙ. මේ විදිහටයි මැරිල ගියේ. එතනින් චුත වෙච්ච මං ඊට පස්සෙ අසවල් තැන උපන්නා. එහෙදි ලැබුණු නම මේකයි. ගෝත්‍රය මේකයි. හැඩරුව මෙහෙමයි. කෑවේ බීවේ මෙව්වා. මේ විදිහටයි දුක් සැප වින්දෙ. මේ විදිහටයි මැරිල ගියෙ. එතනින් චුත වෙලා, අසවල් තැන උපන්නා’ කියල ඔය විදිහට කරුණු සහිතව, විස්තර ඇතිව නොයෙක් ආකාරයට පෙර ජීවිත ගත කරපු හැටි සිහි කරන්න පුළුවන් වුණා. පින්වත් මහණෙනි, එදා රාත්‍රී පළවෙනි යාමයෙහි ඔය විදිහට මේ පළවෙනි විද්‍යාව වන පුබ්බේනිවාසානුස්සති ඥානය මා තුළ ඇති වුනා. අවිද්‍යාව දුරු වුනා. විද්‍යාව ඉපදුනා. අඳුර දුරු වුනා. ආලෝකය උදා වුනා. කෙලෙස් තවන වීරිය තියෙන, ජීවිත පරිත්‍යාගයෙන්, අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන කෙනෙකුට සිද්ධ වෙන්න ඕන දේ තමයි සිද්ධ වුනේ.

12. සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගණේ විගතූපක්කිලේසේ මුදුභූතේ කම්මනියේ ඨිතේ ආනෙඤ්ජප්පත්තේ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනින්නාමේසිං. සෝ දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන සත්තේ පස්සාමි චවමානේ උපපජ්ජමානේ හීනේ පණීතේ සුවණ්ණේ දුබ්බණ්ණේ සුගතේ දුග්ගතේ, යථා කම්මූපගේ සත්තේ පජානාමි: “ඉමේ වත භොන්තෝ සත්තා කායදුච්චරිතේන සමන්නාගතා, වචීදුච්චරිතේන සමන්නාගතා, මනෝදුච්චරිතේන සමන්නාගතා, අරියානං උපවාදකා, මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා. තේ කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. ඉමේ වා පන භොන්තෝ සත්තා කායසුචරිතේන සමන්නාගතා, වචීසුචරිතේන සමන්නාගතා, මනෝ සුචරිතේන සමන්නාගතා, අරියානං අනුපවාදකා, සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා. තේ කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපන්නා”ති. ඉති දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන සත්තේ පස්සාමි චවමානේ උපපජ්ජමානේ හීනේ පණීතේ සුවණ්ණේ දුබ්බණ්ණේ සුගතේ දුග්ගතේ, යථාකම්මූපගේ සත්තේ පජානාමි. අයං ඛෝ මේ භික්ඛවේ රත්තියා මජ්ක්‍ධිමේ යාමේ දුතියා විජ්ජා අධිගතා, අවිජ්ජා විහතා, විජ්ජා උප්පන්නා, තමෝ විහතෝ ආලෝකෝ උප්පන්නෝ, යථා තං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහරතෝ.

පින්වත් මහණෙනි, ඔය විදිහට හිත සමාහිත වුනා ම, පිරිසිදු වුනා ම, හිත බබලන කොට උපක්ලේශ නැති වුනා ම හිත සියුම් වුනා ම, අවබෝධයට යෝග්‍ය පරිදි බලවත් වුනා ම, නොවෙනස්ව තිබුනා ම, කිසිදේකින් නොසැලෙන විදිහට සකස් වුණා ම, සත්වයන් චුතවෙන උපදින හැටි දකින්න මම හිත යොමු කළා. මම මිනිස් හැකියාව ඉක්මවා ගිය පිරිසිදු දිවැස් නුවණ ලබාගත්තා. සත්වයන් චුතවෙන හැටි, උපදින හැටි කර්මානුරූපව උසස්, පහත්, ලස්සන, කැත, සුගති, දුගතිවල උපදින සත්වයින්ව දැකගන්න පුළුවන් වුනා. ‘අනේ! ඒකාන්තයෙන් ම මේ භවත් සත්වයන් කයින් දුසිරිතයෙහි යෙදිලා, වචනයෙන් දුසිරිතයෙහි යෙදිලා, මනසින් දුසිරිතයෙහි යෙදිලා, ආර්යයන් වහන්සේලාට නින්දා කරල, මිථ්‍යා දෘෂ්ටික වෙලා, මිථ්‍යා දෘෂ්ටිකව ජීවත් වෙලා, මරණයට පත් වුනාට පස්සෙ අපාය නම් වූ, දුගතිය නම් වූ, නිරයේ ඉපදුනා නෙව ද’ කියලා. ඒ වගේ ම, ‘ඒකාන්තයෙන් ම මේ භවත් සත්වයෝ නම් කයින් සුසිරිත් කරලා, වචනයෙන් සුසිරිත් කරලා, මනසින් සුසිරිත් කරලා, ආර්යයන් වහන්සේලාට නින්දා නොකොට, සම්මා දිට්ඨිය ඇති කරගෙන, සම්මා දිට්ඨියෙන් යුක්තව ජීවත් වෙලා, මරණින් මතු සුගතිය නම් වූ ස්වර්ග ලෝකයේ ඉපදිලා ඉන්නවා’ කියල. ඔය විදිහට මිනිස් හැකියාව ඉක්මවා ගිය පිරිසිදු දිවැස් නුවණ ලබාගෙන, චුතවෙන උපදින සත්වයන් ගැන උසස්, පහත්, ලස්සන, කැත, සුගති, දුගතිවල කර්මානුරූපව උපදින සත්වයන් ගැන මං දැනගන්නවා. පින්වත් මහණෙනි, එදා රාත්‍රියේ මධ්‍යම යාමයේ දෙවෙනි විද්‍යාව වන චුතූපපාත ඤාණය මං ලබාගත්තා. අවිද්‍යාව නැතිවුනා. විද්‍යාව ඉපදුනා. අඳුර දුරුවුනා. ආලෝකය උදාවුනා. කෙලෙස් තවන වීරියෙන් යුක්තව, ජීවිත පරිත්‍යාගයෙන් යුක්තව, අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන කෙනෙකුට සිද්ධ වෙන්න ඕන දේ තමයි සිද්ධ වුනේ.

13. සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගණේ විගතූපක්කිලේසේ මුදුභූතේ කම්මනියේ ඨිතේ ආනෙඤ්ජප්පත්තේ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමේසිං. සෝ ඉදං දුක්ඛන්ති යථාහූතං අබ්භඤ්ඤාසිං. අයං දුක්ඛසමුදයෝති යථාහූතං අබ්භඤ්ඤාසිං. අයං දුක්ඛනිරෝධෝති යථාහූතං අබ්භඤ්ඤාසිං. අයං දුක්ඛනිරෝධගාමිනී පටිපදාති යථාහූතං අබ්භඤ්ඤාසිං. ඉමේ ආසවාති යථාහූතං අබ්භඤ්ඤාසිං. අයං ආසවසමුදයෝති යථාහූතං අබ්භඤ්ඤාසිං. අයං ආසවනිරෝධෝති යථාහූතං අබ්භඤ්ඤාසිං. අයං ආසවනිරෝධගාමිනී පටිපදාති යථාහූතං අබ්භඤ්ඤාසිං. තස්ස මේ ඒවං ජානතෝ ඒවං පස්සතෝ කාමාසවාපි චිත්තං විමුච්චිත්ථ. භවාසවාපි චිත්තං විමුත්ථ. අවිජ්ජාසවාපි චිත්තං විමුච්චිත්ථ. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං අහෝසි. ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති අබ්භඤ්ඤාසිං. අයං ඛෝ මේ භික්ඛවේ රත්තියා පච්ඡිමේ යාමේ තතියා විජ්ජා අධිගතා, අවිජ්ජා විහතා, විජ්ජා උප්පන්නා, තමෝ විහතෝ, ආලෝකෝ උප්පන්නෝ, යථා තං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහරතෝ.

පින්වත් මහණෙනි, ඔය විදිහට හිත සමාහිත වුනා ම, පිරිසිදු වුනා ම, හිත බබලන කොට උපක්ලේශ නැතිවුනා ම, හිත සියුම් වුනා ම, අවබෝධයට යෝග්‍ය පරිදි බලවත් වුනා ම, නොවෙනස් ව තිබුනා ම, කිසිදේකින් නොසැලෙන විදිහට සකස් වුනා ම ආශ්‍රවයන් නැති කිරීමේ නුවණ ලබන්න මං සිත යොමු කළා. ‘මේක තමයි දුක’ කියල යථාර්ථයෙන් ම මම අවබෝධ කළා. ‘මේක තමයි දුකේ හටගැනීම’ කියල යථාර්ථයෙන් ම මම අවබෝධ කළා. ‘මේක තමයි දුක් නිරුද්ධ වීම’ කියල යථාර්ථයෙන් ම මම අවබෝධ කළා. ‘මේක තමයි දුක් නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව’ කියල යථාර්ථයෙන් ම මම අවබෝධ කළා. ‘මේ තමයි ආශ්‍රව’ කියල යථාර්ථයෙන් ම මම අවබෝධ කළා. ‘මේ තමයි ආශ්‍රවයන්ගේ හටගැනීම’ කියල යථාර්ථයෙන් ම මම අවබෝධ කළා. ‘මේ තමයි ආශ්‍රවයන්ගේ නිරෝධය’ කියල යථාර්ථයෙන් ම මම අවබෝධ කළා. ‘මේ තමයි ආශ්‍රව නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව’ කියල යථාර්ථයෙන් ම මම අවබෝධ කළා. ඉතින් මම ඔය විදිහට දැනගනිද්දී, ඔය විදිහට දැකගනිද්දී මගේ සිත කාම ආශ්‍රවයෙනුත් නිදහස් වුනා. භව ආශ්‍රවයෙනුත් නිදහස් වුනා. අවිද්‍යා ආශ්‍රවයෙනුත් නිදහස් වුනා. ආශ්‍රවයන්ගෙන් සිත නිදහස් වුනා ම ‘නිදහස් වුණා’ කියල අවබෝධඥානයක් ඇති වුනා. ඉපදීම නැතිවුනා. උතුම් නිවන් මග සම්පූර්ණ කරගත්තා. නිවන පිණිස කළ යුතු දේ කරල ඉවර වුනා. නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැති බව මට අවබෝධ වුනා. පින්වත් මහණෙනි, එදා රාත්‍රියේ අවසන් යාමයෙහි තුන්වෙනි විද්‍යාව වන ආසවක්ඛය ඤාණය මම ලබාගත්තා. අවිද්‍යාව නැතිවුනා. විද්‍යාව ඉපදුනා. අඳුර දුරුවුනා. ආලෝකය උදාවුනා. කෙලෙස් තවන වීරියෙන් යුතුව, ජීවිත පරිත්‍යාගයෙන් යුතුව, අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන කෙනෙකුට සිද්ධ වෙන්න ඕන දේ තමයි සිදුවුනේ.

14. සෙය්‍යථාපි භික්ඛවේ අරඤ්ඤේ පවනේ මහන්තං නින්නං පල්ලලං, තමේනං මහාමිගසංඝෝ උපනිස්සාය විහරෙය්‍ය. තස්ස කෝචිදේව පුරිසෝ උප්පජ්ජෙය්‍ය අනත්ථකාමෝ අහිතකාමෝ අයෝගක්ඛේමකාමෝ, සෝ ය්වාස්ස මග්ගෝ ඛේමෝ සෝවත්ථිකෝ පීතිගමනීයෝ, තං මග්ගං පිදහෙය්‍ය විවරෙය්‍ය කුම්මග්ගං. ඕදහෙය්‍ය ඕකචරං, ඨපෙය්‍ය ඕකචාරිකං. ඒවං හි සෝ භික්ඛවේ මහාමිගසංඝෝ අපරේන සමයේන අනයව්‍යසනං තනුත්තං ආපජ්ජෙය්‍ය. තස්සේව ඛෝ පන භික්ඛවේ මහතෝ මිගසංඝස්ස කෝචිදේව පුරිසෝ උප්පජ්ජෙය්‍ය අත්ථකාමෝ හිතකාමෝ යෝගක්ඛේමකාමෝ, සෝ ය්වාස්ස මග්ගෝ ඛේමෝ සෝවත්ථිකෝ පීතිගමනීයෝ, තං මග්ගං විවරෙය්‍ය, පිදහෙය්‍ය කුම්මග්ගං, ඌහනෙය්‍ය ඕකචරං, නාසෙය්‍ය ඕකචාරිකං. ඒවං හි සෝ භික්ඛවේ මහාමිගසංඝෝ අපරේන සමයේන වුද්ධිං විරූළ්හිං වේපුල්ලං ආපජ්ජෙය්‍ය.

පින්වත් මහණෙනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. මහා වනාන්තරේක වන ලැහැබක මහත් වූ බෑවුමකට ආසන්න වෙන්න යාන්තමට වතුර තියෙන මඩ වගුරක් තියෙනවා. ඔය මඩ වගුර ඇසුරු කරගෙන විශාල මුව රංචුවක් වාසය කරනවා. ඔය මුව රංචුවට විපතක් කරන්න කැමති, අයහපතක් කරන්න කැමති, භය ඇති කරවන්න කැමති පුරුෂයෙක් උපදිනවා. ඒ තැනැත්තා මුවන්ට යන්න තිබෙන ඉතා යහපත්, ප්‍රීතියෙන් ගමන් කරන්න පුළුවන්, බිය නැති යම් මාර්ගයක් ඇද්ද, ඒක වහල දානවා. වැරදි පාරක් විවෘත කරනවා. ඊට පස්සෙ ඒ වැරදි පාර තමයි මුවන්ට යන්න තියෙන්නෙ කියන මුලාව ඇතිකිරීම පිණිස මුවෙක් වගේ පඹයෙකුත්, මුව දෙනක් වගේ පඹයෙකුත් හිටෝනවා. ඉතින් මහණෙනි, අර විශාල මුව රංචුව මේකට රැවටෙනවා. කලක් යන කොට මුව පිරිස විපතට පත්වීම නිසා අඩුවෙලා යනවා.

නමුත් පින්වත් මහණෙනි, ඒ මුළු මහත් මුව රංචුවට ම ආදරය කරන, යහපත කැමති, සැනසීම කැමති පුරුෂයෙකුත් උපදිනවා. අන්න ඒ පුරුෂයා මුවන්ට යන්න තිබෙන යහපත්, භය නැති, ප්‍රීතිමත් මාර්ගය විවෘත කරනවා. භයානක මාර්ගය වහල දානවා. මුවාගේ වෙස් ගත් පඹයාත්, මුවදෙනගේ වෙස් ගත් පඹයාත් වනසල දානවා. පින්වත් මහණෙනි, කලක් යන කොට අර මුව රංචුව හොඳට සැපට වැඩිලා, විශාල මුව රංචුවක් බවට පත්වෙනවා.

15. උපමා ඛෝ මේ අයං භික්ඛවේ කතා අත්ථස්ස විඤ්ඤාපනාය. අයඤ්චේවෙත්ථ අත්ථෝ: මහන්තං නින්නං පල්ලලන්ති ඛෝ භික්ඛවේ කාමානමේතං අධිවචනං මහාමිගසංඝෝති ඛෝ භික්ඛවේ සත්තානමේතං අධිවචනං. පුරිසෝ අනත්ථකාමෝ අහිතකාමෝ අයෝගක්ඛේමකාමෝති ඛෝ භික්ඛවේ මාරස්සේතං පාපිමතෝ අධිවචනං. කුම්මග්ගෝති ඛෝ භික්ඛවේ අට්ඨංගිකස්සේතං මිච්ඡාමග්ගස්ස අධිවචනං සෙය්‍යථිදං: මිච්ඡාදිට්ඨියා මිච්ඡාසංකප්පස්ස මිච්ඡාවාචාය මිච්ඡාකම්මන්තස්ස මිච්ඡාආජීවස්ස මිච්ඡාවායාමස්ස මිච්ඡාසතියා මිච්ඡාසමාධිස්ස. ඕකචරෝති ඛෝ භික්ඛවේ නන්දීරාගස්සේතං අධිවචනං. ඕකචාරිකාති ඛෝ භික්ඛවේ අවිජ්ජායේතං අධිවචනං. පුරිසෝ අත්ථකාමෝ හිතකාමෝ යෝගක්ඛේමකාමෝති ඛෝ භික්ඛවේ තථාගතස්සේතං අධිවචනං අරහතෝ සම්මාසම්බුද්ධස්ස. ඛේමෝ මග්ගෝ සෝවත්ථිකෝ පීතිගමනීයෝති ඛෝ භික්ඛවේ අරියස්සේතං අට්ඨංගිකස්ස මග්ගස්ස අධිවචනං. සෙය්‍යථිදං: සම්මාදිට්ඨියා සම්මාසංකප්පස්ස සම්මාවාචාය සම්මාකම්මන්තස්ස සම්මාආජීවස්ස සම්මාවායාමස්ස සම්මාසතියා සම්මාසමාධිස්ස.

පින්වත් මහණෙනි, මම ඔය කිව්වෙ උපමාවක්, ඔය උපමාවෙන් ගන්න තියෙන අර්ථය මේකයි. මහත් බෑවුමක තිබෙන යාන්තමට වතුර ඇති මඩවගුර කියන්නෙ මේ කාමයන්ට කියන නමක්. පින්වත් මහණෙනි, විශාල මුව රංචුව කියල කියන්නේ මේ සත්වයන්ට කියන නමක්. අයහපත කරන්න කැමති, විපත් කරන්න කැමති, භය ඇති කරන්න කැමති පුරුෂයා ය කියල කියන්නෙ පවිටු මාරයාට කියන නමක්. භයානක මාර්ගය කියල කියන්නෙ අංග අටකින් යුතු මිථ්‍යා මාර්ගයට කියන නමක්. ඒ කිව්වේ මිථ්‍යා දෘෂ්ටිය, මිථ්‍යා සංකල්ප, මිථ්‍යා වාචා, මිථ්‍යා කම්මන්ත, මිථ්‍යා ආජීව, මිථ්‍යා වායාම, මිථ්‍යා සති, මිථ්‍යා සමාධි යන මේවාටයි. මුවාගේ වෙස් ගත් පඹයා කියල කියන්නේ නන්දි රාගයට කියන නමක්. මුවදෙනගේ වෙස්ගත් පඹයා කියල කියන්නේ අවිද්‍යාවට කියන නමක්. අර විශාල මුව රංචුවට ආදරය කරන, ඔවුන්ගේ යහපත කැමති, භය රහිත බව සළසනු කැමති පුරුෂයා ය කියල කියන්නේ අරහත් සම්මා සම්බුදු වූ තථාගතයන් වහන්සේට කියන නමක්. ප්‍රීතියෙන් යන්න පුළුවන් වන සැප සේ යන, භයක් නැති මාර්ගය කියල කියන්නෙ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියන නමක්. පින්වත් මහණෙනි, ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මෙයයි.

16. ඉති ඛෝ භික්ඛවේ විවටෝ මයා ඛේමෝ මග්ගෝ සෝවත්ථිකෝ පීතිගමනීයෝ, පිහිතෝ කුම්මග්ගෝ, ඌහතෝ ඕකචරෝ, නාසිතා ඕකචාරිකා. යං භික්ඛවේ සත්ථාරා කරණීයං සාවකානං හිතේසිනා අනුකම්පං උපාදාය, කතං වෝ තං මයා. ඒතානි භික්ඛවේ රුක්ඛමූලානි, ඒතානි සුඤ්ඤාගාරානි. ඣායථ භික්ඛවේ, මා පමාදත්ථ, මා පච්ඡා විප්පටිසාරිනෝ අහුවත්ථ. අයං වෝ අම්හාකං අනුසාසනීති.

පින්වත් මහණෙනි, ඔන්න දැන් ඉතින් මා විසින් කිසි භයක් නැති, ප්‍රීතියෙන් සැපයෙන් යන්න පුළුවන් මාර්ගය විවෘත කරලයි තියෙන්නේ. භයානක මාර්ගය වහල දාලයි තියෙන්නේ. මුවාගේ වෙස්ගත් පඹයාත්, මුවදෙනගේ වෙස්ගත් පඹයාත් විනාශ කරලයි තියෙන්නේ. පින්වත් මහණෙනි, ශ්‍රාවකයන්ට ආදරවන්ත වූ, අනුකම්පා සහගත වූ, ශාස්තෘන් වහන්සේ නමක් යමක් කළ යුතු නම් මා විසින් එය ඔබට කරලා දීලයි තියෙන්නෙ. පින්වත් මහණෙනි, ඔය තියෙන්නෙ ගස් සෙවණ. ඔය තියෙන්නෙ නිදහස් තැන්. පින්වත් මහණෙනි, සමථ විදර්ශනා වඩන්න! ප්‍රමාද වෙන්න එපා! අන්තිමේදී පසුතැවිලි වෙන්න එපා! මට මේ ගැන ඔබට කියන්න තිබෙන්නෙ ඔච්චරයි!

ඉදමවෝච භගවා. අත්තමනා තේ භික්ඛූ භගවතෝ භාසිතං අභිනන්දුන්ති.

භාග්‍යවතුන් වහන්සේ මේ දේශනය වදාළා. ඒ භික්ෂූන් වහන්සේලා මේ දේශනාව ගැන ගොඩාක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනය ඒ භික්ෂූන් වහන්සේලා සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

ද්වේධාවිතක්කසුත්තං නවමං.

සිතුවිලි දෙකොටසකට වෙන් කොට බෙදා බැලීම ගැන වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn1_1-2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M