මජ්ඣිම නිකාය

මූල පණ්ණාසකෝ

1.2.8. මධුපිණ්ඩික සුත්තං

1.2.8. මී පිඬක් සේ මිහිරි ලෙස වදාළ දෙසුම

1. ඒවං මේ සුතං: ඒකං සමයං භගවා සක්කේසු විහරති කපිලවත්ථුස්මිං නිග්‍රෝධාරාමේ. අථ ඛෝ භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය කපිලවත්ථුං පිණ්ඩාය පාවිසි, කපිලවත්ථුස්මිං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තෝ යේන මහාවනං තේනුපසංකමි දිවාවිහාරාය. මහාවනං අජ්ඣෝගහෙත්වා බේලුවලට්ඨිකාය මූලේ දිවාවිහාරං නිසීදි. දණ්ඩපාණිපි ඛෝ සක්ඛෝ ජංඝාවිහාරං අනුචංකමමානෝ අනුවිචරමානෝ යේන මහාවනං තේනුපසංකමි. මහාවනං අජ්ඣෝගහෙත්වා යේන බේලුවලට්ඨිකා යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවතා සද්ධිං සම්මෝදි. සම්මෝදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා දණ්ඩමෝලුබ්භ ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතෝ ඛෝ දණ්ඩපාණී සක්ඛෝ භගවන්තං ඒතදවෝච:

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ ශාක්‍ය ජනපදයේ කපිලවස්තු නගරය අසල නිග්‍රෝධාරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ උදේ වරුවෙහි සිවුරු පොරවාගෙන, පාත්‍ර සිවුරු අරගෙන කපිලවස්තු නගරයට පිණ්ඩපාතෙ වැඩියා. කපිලවස්තුවෙහි පිණ්ඩපාතෙ වැඩම කරලා දන් වළඳලා අවසන් වෙලා කපිලවස්තු මහා වනයට දවල් කාලෙ ගතකරන්න වැඩම කළා. මහා වනයේ ඇතුළට ම වැඩම කරලා බෙලි ගසක් සෙවනේ දවල් කාලෙ ගත කළා.

ඒ වෙලාවෙ දණ්ඩපාණී කියන ශාක්‍යවංශිකයාත් ව්‍යායාම පිණිස ඇවිදගෙන යද්දී මහ වනයට ඇතුළු වුනා. මහ වනය ඇතුළට ගිහින් බෙලි ගසක් සෙවණේ වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ළඟට ගිහින් භාග්‍යවතුන් වහන්සේ සමඟ පිළිසඳර කතාබහේ යෙදුනා. පිළිසඳර කතාබහේ යෙදී තමන්ගෙ හැරමිටියෙ එල්ලීගෙන පැත්තකින් හිටගත්තා. එහෙම පැත්තකින් හිටිය දණ්ඩපාණී ශාක්‍යයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

“කිංවාදී සමණෝ, කිමක්ඛායී”ති?

“මේ ශ්‍රමණයන් වහන්සේ මොන වගේ මතයක් දරණ කෙනෙක්ද? මොන වගේ දෙයක් කියන කෙනෙක්ද?”

“යථාවාදී ඛෝ ආවුසෝ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ, සස්සමණබ්‍රාහ්මණියා පජාය සදේවමනුස්සාය න කේනචි ලෝකේ විග්ගය්හ තිට්ඨති, යථා ච පන කාමේහි විසංයුත්තං විහරන්තං තං බ්‍රාහ්මණං අකථංකථිං ඡින්නකුක්කුච්චං භවාභවේ වීතතණ්හං සඤ්ඤා නානුසෙන්ති. ඒවංවාදී ඛෝ අහං ආවුසෝ ඒවමක්ඛායී”ති. ඒවං වුත්තේ දණ්ඩපාණී සක්ඛෝ සීසං ඕකම්පෙත්වා ජිව්හං නිල්ලාළෙත්වා තිවිසාඛං නලාටිකං නලාටේ වුට්ඨාපෙත්වා දණ්ඩමෝලුබ්භ පක්කාමි.

“ආයුෂ්මතුනි, මම මෙන්න මේ වගේ මතයක් දරණ කෙනෙක්. මේ වගේ මතයක් කියන කෙනෙක්. ‘දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත, දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයේ කා සමඟවත් වාද කරන්න යන්නෙ නැතිව ඉන්නවා නම්, කාමයන් හා එක් නොවී ශ්‍රේෂ්ඨත්වයට පත් වී ඉන්නවා නම්, ඔහු තුළ ‘කෙසේද, කෙසේද’ කියා දුවන ගතිය නැතුව ඉන්නවා නම්, සැක සංකා සිඳබිඳ සැකයෙන් එතෙරව ඉන්නවා නම්, සෑම භවයක් ගැන ම තණ්හාව නැතිව ඉන්නවා නම්, හඳුනගන්නා කිසිවකින් කෙලෙස් හැදෙන්නෙ නැතුව ඉන්නවා නම්, ආයුෂ්මතුනි, අන්න එබඳු මතයක් තමයි මම දරන්නේ. එවැනි දෙයක් තමයි මම කියන්නේ.”

මෙහෙම වදාළ විට දණ්ඩපාණි ශාක්‍යයා ඔළුව සෙලෙව්වා. දිව එළියට දාලා පැද්දුවා. නළලේ රැළි තුනක් මතු වෙන විදිහට ඇහි බැම උඩට ඉස්සුවා. හැරමිටියේ ම එල්ලිලා යන්න ගියා.

2. අථ ඛෝ භගවා සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතෝ යේන නිග්‍රෝධාරාමෝ තේනුපසංකමි. උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදි. නිසජ්ජ ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි: ඉධාහං භික්ඛවේ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය කපිලවත්ථුං පිණ්ඩාය පාවිසිං. කපිලවත්ථුස්මිං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තෝ යේන මහාවනං තේනුපසංකමිං දිවාවිහාරාය. මහාවනං අජ්ඣෝගහෙත්වා බේලුවලට්ඨිකාය මූලේ දිවාවිහාරං නිසීදිං. දණ්ඩපාණිපි ඛෝ භික්ඛවේ සක්ඛෝ ජංඝාවිහාරං අනුචංකමමානෝ අනුවිචරමානෝ යේන මහාවනං තේනුපසංකමි. මහාවනං අජ්ඣෝගහෙත්වා යේන බේලුවලට්ඨිකා යේනාහං තේනුපසංකමි. උපසංකමිත්වා මම සද්ධිං සම්මෝදි. සම්මෝදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා දණ්ඩමෝලුබ්භ ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතෝ ඛෝ භික්ඛවේ දණ්ඩපාණී සක්ඛෝ මං ඒතදවෝච: “ කිංවාදී සමණෝ, කිමක්ඛායී”ති?

එදා සවස භාවනාවෙන් නැඟිට්ට භාග්‍යවතුන් වහන්සේ ආපසු නිග්‍රෝධාරාමයට වැඩම කළා. පිළියෙල කොට තිබුණු ආසනයේ වැඩසිටියා. වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා අමතා වදාළා.

“පින්වත් මහණෙනි, අද මම උදේ වරුවේ සිවුරු පොරවාගෙන, පාත්‍ර සිවුරු අරගෙන කපිලවස්තු නගරයට පිණ්ඩපාතෙ වැඩියා. කපිලවස්තුවෙහි පිණ්ඩපාතෙ වැඩලා දන් වළඳලා, දවල් කාලෙ ගතකරන්න මහා වනයට ගියා. මහා වනයෙ ඇතුළට ගිහින් බෙලි ගහක් සෙවණේ දවල් කාලෙ ගත කරන්න හිතල වාඩිවුණා. පින්වත් මහණෙනි, එතකොට දණ්ඩපාණි ශාක්‍යයා ව්‍යායාම පිණිස ඇවිදගෙන එහෙට මෙහෙට යන ගමන් මහා වනයටත් ආවා. මහා වනය ඇතුළට ඇවිදින් බෙලි ගස් සෙවණේ සිටිය මා ළඟට ආවා. මාත් එක්ක පිළිසඳර කතා බස් කළා. තමන්ගෙ හැරමිටියේ එල්ලීගෙන පැත්තකින් හිටගත්තා. පින්වත් මහණෙනි, පැත්තකින් සිටි දණ්ඩපාණී ශාක්‍යයා මට මෙහෙම කිව්වා. ‘මේ ශ්‍රමණයන් වහන්සේ මොන වගේ මතයක් දරණ කෙනෙක්ද? මොන වගේ දෙයක් කියන කෙනෙක්ද?’ කියලා.

3. ඒවං වුත්තේ අහං භික්ඛවේ දණ්ඩපාණිං සක්කං ඒතදවෝචං: “යථාවාදී ඛෝ ආවුසෝ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ, සස්සමණබ්‍රාහ්මණියා පජාය සදේවමනුස්සාය න කේනචි ලෝකේ විග්ගය්හ තිට්ඨති, යථා ච පන කාමේහි විසංයුත්තං විහරන්තං තං බ්‍රාහ්මණං අකථංකථිං ඡින්නකුක්කුච්චං භවාභවේ වීතතණ්හං සඤ්ඤා නානුසෙන්ති, ඒවංවාදී ඛෝ අහං ආවුසෝ ඒවමක්ඛායී”ති. ඒවං වුත්තේ භික්ඛවේ දණ්ඩපාණී සක්ඛෝ සීසං ඕකම්පෙත්වා ජිව්හං නිල්ලාළෙත්වා තිවිසාඛං නලාටිකං නලාටේ වුට්ඨාපෙත්වා දණ්ඩමෝලුබ්භ පක්කාමීති.

පින්වත් මහණෙනි, එහෙම කිව්ව දණ්ඩපාණී ශාක්‍යයාට මම මෙහෙම පිළිතුරු දුන්නා. ‘ආයුෂ්මතුනි, මම මෙන්න මේ වගේ මතයක් දරණ කෙනෙක්. මේ වගේ මතයක් කියන කෙනෙක්. ‘දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත, දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයේ කා සමඟවත් වාද කරන්න යන්නෙ නැතිව ඉන්නවා නම්, කාමයන් හා එක් නොවී ශ්‍රේෂ්ඨත්වයට පත් වී ඉන්නවා නම්, ඔහු තුළ ‘කෙසේද, කෙසේද’ කියා දුවන ගතිය නැතුව ඉන්නවා නම්, සැක සංකා සිඳබිඳ සැකයෙන් එතෙරව ඉන්නවා නම්, සෑම භවයක් ගැන ම තණ්හාව නැතිව ඉන්නවා නම්, හඳුනගන්නා කිසිවකින් කෙලෙස් හැදෙන්නෙ නැතුව ඉන්නවා නම්, ආයුෂ්මතුනි, අන්න එබඳු මතයක් තමයි මම දරන්නේ. එවැනි දෙයක් තමයි මම කියන්නේ’ කියල.

පින්වත් මහණෙනි, මම එහෙම කිව්වා ම දණ්ඩපාණි ශාක්‍යයා ඔළුව සෙලෙව්වා. දිව එළියට දාලා පැද්දුවා. නළලේ රැළි තුනක් මතු වෙන විදිහට ඇහි බැම උඩට ඉස්සුවා. හැරමිටියේ ම එල්ලිලා යන්න ගියා.”

4. ඒවං වුත්තේ අඤ්ඤතරෝ භික්ඛු භගවන්තං ඒතදවෝච: “කිංවාදී පන භන්තේ භගවා සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ, සස්සමණබ්‍රාහ්මණියා පජාය සදේවමනුස්සාය න කේනචි ලෝකේ විග්ගය්හ තිට්ඨති? කථඤ්ච පන භන්තේ භගවන්තං කාමේහි විසංයුත්තං විහරන්තං තං බ්‍රාහ්මණං අකථංකථිං ඡින්නකුක්කුච්චං භවාභවේ වීතතණ්හං සඤ්ඤා නානුසෙන්තී”ති?

එවිට එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම විමසුවා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මොන වගේ මතයක් දරමින් ද දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත, දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු මේ ලෝකයේ කා සමඟවත් වාද නොකර වැඩසිටින්නෙ. ස්වාමීනී, ශ්‍රේෂ්ඨත්වයට පත්වුණු කෙනෙක් හැටියට භාග්‍යවතුන් වහන්සේ කාමයන් හා එක් නොවී වැඩසිටින්නෙ කොහොමද? ඒ වගේ ම ‘කෙසේද, කෙසේද’ කියා දුවන්නෙ නැති ව සැක සංකා සිඳල දාල හැම භවයක් ගැන ම තණ්හාව නැති කර දාල හඳුනාගන්න කිසි දේකින් කෙලෙස් හැදෙන්නෙ නැති විදිහට වැඩසිටින්නෙ කොහොමද?”

5. යතෝනිදානං භික්ඛු පුරිසං පපඤ්චසඤ්ඤාසංඛා සමුදාචරන්ති, එත්ථ චේ නත්ථි අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ඣෝසේතබ්බං, ඒසේවන්තෝ රාගානුසයානං. ඒසේවන්තෝ පටිඝානුසයානං. ඒසේවන්තෝ දිට්ඨානුසයානං ඒසේවන්තෝ විචිකිච්ඡානුසයානං. ඒසේවන්තෝ මානානුසයානං. ඒසේවන්තෝ භවරාගානුසයානං. ඒසේවන්තෝ අවිජ්ජානුසයානං. ඒසේවන්තෝ දණ්ඩාදානසත්ථාදාන කලහවිග්ගහවිවාද තුවන්තුවමේපසුඤ්ඤමුසාවාදානං. එත්ථේතේ පාපකා අකුසලා ධම්මා අපරිසේසා නිරුජ්ඣන්තීති. ඉදමවෝච භගවා, ඉදං වත්වා සුගතෝ උට්ඨායාසනා විහාරං පාවිසි.

“පින්වත් භික්ෂුව, යමක් මුල් කරගෙන කෙනෙක් තුළ කෙලෙස් හැදෙන සඤ්ඤාවන් සිතේ කැරකි කැරකි තියෙනවා නම්, ඒවා කෙරෙහි ඇත්තෙන් ම සතුටින් පිළිගත යුතු බවක්, ගුණ කියයුතු බවක්, එහි බැසගත යුතු බවක් නැත්නම්, මේකමයි රාග අනුසයේ අවසන් වීම. මේකමයි පටිඝ අනුසයේ අවසන් වීම. මේකමයි දිට්ඨි අනුසයේ අවසන් වීම. මේකමයි විචිකිච්ඡා අනුසයේ අවසන් වීම. මේකමයි මාන අනුසයේ අවසන් වීම. මේකමයි භවරාග අනුසයේ අවසන් වීම. මේකමයි අවිද්‍යා අනුසයේ අවසන් වීම. මේකමයි දඬුමුගුරු ගැනීමේ, අවිආයුධ ගැනීමේ, කෝලාහල කරගැනීමේ, වාද විවාද කරගැනීමේ, ‘තෝ තමයි, තෝ තමයි’ කිය කියා රණ්ඩු ඇල්ලීමේ, කේළාම් කීමේ, බොරු කීමේ අවසන් වීම. ඔතන ම තමයි මේ පාපී අකුසල් ඔක්කොම ඉතිරි නැතිව නිරුද්ධ වෙලා අවසන් වෙලා යන තැන.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. මෙකරුණ වදාළ සුගතයන් වහන්සේ අසුනින් නැගිට කුටියට වැඩම කොට වදාළා.

6. අථ ඛෝ තේසං භික්ඛූනං අචිරපක්කන්තස්ස භගවතෝ ඒතදහෝසි: “ඉදං ඛෝ නෝ ආවුසෝ භගවා සංඛිත්තේන උද්දේසං උද්දිසිත්වා විත්ථාරේන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨෝ: “යතෝනිදානං භික්ඛු පුරිසං පපඤ්චසඤ්ඤාසංඛා සමුදාචරන්ති, එත්ථ චේ නත්ථි අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ඣෝසේතබ්බං, ඒසේවන්තෝ රාගානුසයානං. ඒසේවන්තෝ පටිඝානුසයානං. ඒසේවන්තෝ දිට්ඨානුසයානං ඒසේවන්තෝ විචිකිච්ඡානුසයානං. ඒසේවන්තෝ මානානුසයානං. ඒසේවන්තෝ භවරාගානුසයානං. ඒසේවන්තෝ අවිජ්ජානුසයානං. ඒසේවන්තෝ දණ්ඩාදානසත්ථාදාන කලහවිග්ගහවිවාද තුවන්තුවමේපසුඤ්ඤමුසාවාදානං. එත්ථේතේ පාපකා අකුසලා ධම්මා අපරිසේසා නිරුජ්ඣන්’ති. කෝ නු ඛෝ ඉමස්ස භගවතා සංඛිත්තේන උද්දේසස්ස උද්දිට්ඨස්ස විත්ථාරේන අත්ථං අවිභත්තස්ස විත්ථාරේන අත්ථං විභජෙය්‍යා”ති.

භාග්‍යවතුන් වහන්සේ වැඩමකළ නොබෝ වේලාවකින් ඒ භික්ෂූන්ට මේ අදහස ඇතිවුණා.

“ප්‍රිය ආයුෂ්මතුනි, අපගේ භාග්‍යවතුන් වහන්සේ සංක්ෂේපයෙන් මාතෘකාවක් වශයෙන් ධර්මය දෙසා වදාරා, එහි අර්ථය විස්තර වශයෙන් බෙදා නොදක්වා කුටියට වැඩම කළා. ඒ කියන්නේ ‘පින්වත් භික්ෂුව, යමක් මුල් කරගෙන කෙනෙක් තුළ කෙලෙස් හැදෙන සඤ්ඤාවන් සිතේ කැරකි කැරකි තියෙනවා නම්, ඒවා කෙරෙහි ඇත්තෙන් ම සතුටින් පිළිගත යුතු බවක්, ගුණ කියයුතු බවක්, එහි බැසගත යුතු බවක් නැත්නම්, මේකමයි රාග අනුසයේ අවසන් වීම. මේකමයි පටිඝ අනුසයේ අවසන් වීම. මේකමයි දිට්ඨි අනුසයේ අවසන් වීම. මේකමයි විචිකිච්ඡා අනුසයේ අවසන් වීම. මේකමයි මාන අනුසයේ අවසන් වීම. මේකමයි භවරාග අනුසයේ අවසන් වීම. මේකමයි අවිද්‍යා අනුසයේ අවසන් වීම. මේකමයි දඬුමුගුරු ගැනීමේ, අවිආයුධ ගැනීමේ, කෝලාහල කරගැනීමේ, වාද විවාද කරගැනීමේ, ‘තෝ තමයි, තෝ තමයි’ කිය කියා රණ්ඩු ඇල්ලීමේ, කේළාම් කීමේ, බොරු කීමේ අවසන් වීම. ඔතන ම තමයි මේ පාපී අකුසල් ඔක්කොම ඉතිරි නැතිව නිරුද්ධ වෙලා අවසන් වෙලා යන තැන’ කියලා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ සංක්ෂේපයෙන් මාතෘකාවක් වශයෙන් වදාළ, අර්ථ විස්තර වශයෙන් නොබෙදා වදාළ මේ උතුම් ධර්මයේ අර්ථ විස්තර වශයෙන් බෙදා දැක්විය හැක්කේ කාටද?”

7. අථ ඛෝ තේසං භික්ඛූනං ඒතදහෝසි: “අයං ඛෝ ආයස්මා මහාකච්චානෝ සත්ථු චේව සංවණ්ණිතෝ සම්භාවිතෝ ච විඤ්ඤූනං සබ්‍රහ්මචාරීනං. පහෝති චායස්මා මහාකච්චානෝ ඉමස්ස භගවතා සංඛිත්තේන උද්දේසස්ස උද්දිට්ඨස්ස විත්ථාරේන අත්ථං අවිභත්තස්ස විත්ථාරේන අත්ථං විභජිතුං. යංනූන මයං යේනායස්මා මහාකච්චානෝ තේනුපසංකමෙය්‍යාම, උපසංකමිත්වා ආයස්මන්තං මහාකච්චානං ඒතමත්ථං පටිපුච්ඡෙය්‍යාමා”ති.

එතකොට ඒ භික්ෂූන්ට මේ අදහස ඇතිවුනා. ‘මේ ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේ ගැන ශාස්තෘන් වහන්සේ පවා වර්ණනා කරලා තියෙනවා. බුද්ධිමත් සබ්‍රහ්මචාරීන් වහන්සේලාත් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සංක්ෂේපයෙන් මාතෘකාවක් වශයෙන් වදාළ, අර්ථ විස්තර වශයෙන් නොබෙදා වදාළ මේ ධර්මය අර්ථ වශයෙන් විස්තර කරල දෙන්න සමර්ථ ම යි. එහෙම නම් අපි මහාකච්චානයන් වහන්සේ ළඟට යන එක තමයි හොඳ. ගිහින් ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේගෙන් මේ ධර්මයේ අර්ථ අසාගන්නා එක තමයි හොඳ’ කියලා.

8. අථ ඛෝ තේ භික්ඛූ යේනායස්මා මහාකච්චානෝ තේනුපසංකමිංසු. උපසංකමිත්වා ආයස්මතා මහාකච්චානේන සද්ධිං සම්මෝදිංසු. සම්මෝදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්නා ඛෝ තේ භික්ඛූ ආයස්මන්තං මහාකච්චානං ඒතදවෝචුං: “ඉදං ඛෝ නෝ ආවුසෝ කච්චාන භගවා සංඛිත්තේන උද්දේසං උද්දිසිත්වා විත්ථාරේන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨෝ: යතෝනිදානං භික්ඛු පුරිසං පපඤ්චසඤ්ඤාසංඛා සමුදාචරන්ති ….(පෙ)…. එත්ථේතේ පාපකා අකුසලා ධම්මා අපරිසේසා නිරුජ්ඣන්තීති. කෝ නු ඛෝ ඉමස්ස භගවතා සංඛිත්තේන උද්දේසස්ස උද්දිට්ඨස්ස විත්ථාරේන අත්ථං අවිභත්තස්ස අත්ථං විභජෙය්‍යාති? තේසං නෝ ආවුසෝ කච්චාන අම්හාකං ඒතදහෝසි: අයං ඛෝ ආයස්මා මහාකච්චානෝ සත්ථු චේව සංවණ්ණිතෝ සම්භාවිතෝ ච විඤ්ඤූනං සබ්‍රහ්මචාරීනං. පහෝති චායස්මා මහාකච්චානෝ ඉමස්ස භගවතා සංඛිත්තේන උද්දේසස්ස උද්දිට්ඨස්ස විත්ථාරේන අත්ථං අවිභත්තස්ස විත්ථාරේන අත්ථං විභජිතුං. යංනූන මයං යේනායස්මා මහාකච්චානෝ තේනුපසංකමෙය්‍යාම, උපසංකමිත්වා ආයස්මන්තං මහාකච්චානං ඒතමත්ථං පටිපුච්ඡෙය්‍යාමාති”. විභජතායස්මා මහාකච්චානෝති.

ඉතින් ඒ භික්ෂු පිරිස ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේ ළඟට ගියා. ගිහින් ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේ සමග පිළිසඳර කතාබහේ යෙදුනා. පිළිසඳර කතාවෙන් පස්සෙ එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව වාඩිවුණු ඒ භික්ෂු පිරිස, ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේට මෙහෙම කිව්වා.

“ප්‍රිය ආයුෂ්මත් මහාකච්චානයන් වහන්ස, අප ගේ භාග්‍යවතුන් වහන්සේ අද සංක්ෂේපයෙන් මාතෘකාවක් වශයෙන් ධර්මය දේශනා කරලා, විස්තරාර්ථ වශයෙන් බෙදා දක්වන්නේ නැතිව, ආසනයෙන් නැඟිට කුටියට වැඩියා. මෙයයි ඒ දහම් කරුණ. එනම් ‘පින්වත් භික්ෂුව, යමක් මුල් කරගෙන කෙනෙක් තුළ කෙලෙස් හැදෙන සඤ්ඤාවන් සිතේ කැරකි කැරකි තියෙනවා නම්, ඒවා කෙරෙහි ඇත්තෙන් ම සතුටින් පිළිගත යුතු බවක්, ගුණ කිව යුතු බවක්, එහි බැසගත යුතු බවක් නැත්නම්, මේකමයි රාග අනුසයේ අවසන් වීම. ….(පෙ)…. ඔතන ම තමයි මේ පාපී අකුසල් ඔක්කොම ඉතිරි නැතිව නිරුද්ධ වෙලා අවසන් වෙලා යන තැන’ කියලා.

ප්‍රිය ආයුෂ්මත් මහාකච්චානයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ වේලාවකින් අපිට මෙහෙම හිතුනා. ‘ප්‍රිය ආයුෂ්මතුනි, අපගේ භාග්‍යවතුන් වහන්සේ සංක්ෂේපයෙන් මාතෘකාවක් වශයෙන් ධර්මය දෙසා වදාරා, එහි අර්ථය විස්තර වශයෙන් බෙදා නොදක්වා කුටියට වැඩම කළා. ඒ කියන්නේ ‘පින්වත් භික්ෂුව, යමක් මුල් කරගෙන කෙනෙක් තුළ කෙලෙස් හැදෙන සඤ්ඤාවන් සිතේ කැරකි කැරකි තියෙනවා නම්, ඒවා කෙරෙහි ඇත්තෙන් ම සතුටින් පිළිගත යුතු බවක්, ගුණ කියයුතු බවක්, එහි බැසගත යුතු බවක් නැත්නම්, මේකමයි රාග අනුසයේ අවසන් වීම. මේකමයි පටිඝ අනුසයේ අවසන් වීම. මේකමයි දිට්ඨි අනුසයේ අවසන් වීම. මේකමයි විචිකිච්ඡා අනුසයේ අවසන් වීම. මේකමයි මාන අනුසයේ අවසන් වීම. මේකමයි භවරාග අනුසයේ අවසන් වීම. මේකමයි අවිද්‍යා අනුසයේ අවසන් වීම. මේකමයි දඬුමුගුරු ගැනීමේ, අවිආයුධ ගැනීමේ, කෝලාහල කරගැනීමේ, වාද විවාද කරගැනීමේ, ‘තෝ තමයි, තෝ තමයි’ කිය කියා රණ්ඩු ඇල්ලීමේ, කේළාම් කීමේ, බොරු කීමේ අවසන් වීම. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, එතකොට අපිට මේ අදහස ඇතිවුනා. මේ ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේ ගැන ශාස්තෘන් වහන්සේ පවා වර්ණනා කරලා තියෙනවා. බුද්ධිමත් සබ්‍රහ්මචාරීන් වහන්සේලාත් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සංක්ෂේපයෙන් මාතෘකාවක් වශයෙන් වදාළ, අර්ථ විස්තර වශයෙන් නොබෙදා වදාළ මේ ධර්මය අර්ථ වශයෙන් විස්තර කරල දෙන්න සමර්ථම යි. එහෙම නම් අපි මහාකච්චානයන් වහන්සේ ළඟට යන එක තමයි හොඳ. ගිහින් ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේගෙන් මේ ධර්මයේ අර්ථ අසාගන්නා එක තමයි හොඳ’ කියලා. ප්‍රිය ආයුෂ්මත් මහාකච්චානයන් වහන්ස, මේ ධර්මය බෙදා විස්තරකොට දෙනු මැනවි.”

9. සෙය්‍යථාපි ආවුසෝ පුරිසෝ සාරත්ථිකෝ සාරගවේසී සාරපරියේසනං චරමානෝ මහතෝ රුක්ඛස්ස තිට්ඨතෝ සාරවතෝ අතික්කම්මේව මූලං අතික්කම්ම ඛන්ධං සාඛාපලාසේ සාරං පරියේසිතබ්බං මඤ්ඤෙය්‍ය, ඒවං සම්පදමිදං, ආයස්මන්තානං සත්ථරි සම්මුඛීභූතේ තං භගවන්තං අතිසිත්වා අම්හේ ඒතමත්ථං පටිපුච්ඡිතබ්බං මඤ්ඤථ. සෝ හාවුසෝ භගවා ජානං ජානාති. පස්සං පස්සති, චක්ඛුභූතෝ ඤාණභූතෝ ධම්මභූතෝ බ්‍රහ්මභූතෝ, වත්තා පවත්තා, අත්ථස්ස නින්නේතා, අමතස්ස දාතා, ධම්මස්සාමී, තථාගතෝ. සෝ චේව පනේතස්ස කාලෝ අහෝසි යං භගවන්තං යේව ඒතමත්ථං පටිපුච්ඡෙය්‍යාථ. යථා නෝ භගවා ව්‍යාකරෙය්‍ය, තථා නං ධාරෙය්‍යාථාති.

“ප්‍රිය ආයුෂ්තුනි, ඕක මේ වගේ දෙයක්. අරටුවකින් ප්‍රයෝජන ඇති, අරටුවක් සොයන, අරටුවක් සොයමින් ඇවිදින මිනිසෙක් ඉන්නවා. ඉතින් ඔහු හොඳට අරටුව තියෙන ගහක් ළඟට ගිහිල්ලත් ඒ ගහේ අරටුව අත්හරිනවා. මුලුත් අත්හරිනවා. කඳත් අත්හරිනවා. කොළ අතුවල අරටුව හොයනවා. අන්න ඒ වගේ වැඩක් කියලයි මට මේ ගැන හිතෙන්නෙ. ආයුෂ්මතුන් වහන්සේලාට ශාස්තෘන් වහන්සේව මුණ ගැහිලත්, ඒ භාග්‍යවතුන් වහන්සේගෙන් විමසා දැනගන්නෙ නැතිව අපෙන් මේ උතුම් ධර්මයේ අර්ථ විමසා දැනගන්න හිතුවා නෙව. මේකත් ඒ වගේ ම දෙයක් නෙව ද?

ප්‍රිය ආයුෂ්මතුනි, ඒ භාග්‍යවතුන් වහන්සේ දැනගත යුතු දේ දන්නා සේක. දැකගත යුතු දේ දක්නා සේක. දහම් ඇසින් උපන් සේක. නැණ මඬලින් උපන් සේක. දහම තුළින් උපන් සේක. පරම ශ්‍රේෂ්ඨත්වයෙන් උපන් සේක. කිව යුතු ධර්මය මැනවින් පවසන සේක. දම්සක් පවත්වන සේක. දහම් අරුත් මතු කර දෙන සේක. අමා නිවන දන් දෙන සේක. ධර්මයට ස්වාමී වන සේක. තථාගත වන සේක. ඉතින් ඒ භාග්‍යවතුන් වහන්සේගෙන් ම මේ උතුම් ධර්මයේ අර්ථ විමසා දැනගන්න කල් තිබුනා නොවේ ද? අපගේ භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙන්නෙ යම් අයුරකින් ද ඒ විදිහට ම මතක තබාගන්න ඕන.”

10. අද්ධාවුසෝ කච්චාන භගවා ජානං ජානාති, පස්සං පස්සති. චක්ඛුභූතෝ ඤාණභූතෝ, ධම්මභූතෝ බ්‍රහ්මභූතෝ, වත්තා පවත්තා, අත්ථස්ස නින්නේතා, අමතස්ස දාතා, ධම්මස්සාමී, තථාගතෝ. සෝ චේව පනේතස්ස කාලෝ අහෝසි යං භගවන්තං යේව ඒතමත්ථං පටිපුච්ඡෙය්‍යාම. යථා නෝ භගවා ව්‍යාකරෙය්‍ය, තථා නං ධාරෙය්‍යාම. අපි චායස්මා මහාකච්චානෝ සත්ථු චේව සංවණ්ණිතෝ සම්භාවිතෝ ච විඤ්ඤූනං සබ්‍රහ්මචාරීනං. පහෝති චායස්මා මහාකච්චානෝ ඉමස්ස භගවතා සංඛිත්තේන උද්දේසස්ස උද්දිට්ඨස්ස විත්ථාරේන අත්ථං අවිභත්තස්ස විත්ථාරේන අත්ථං විභජිතුං. විභජතායස්මා මහාකච්චානෝ අගරුකත්වාති.

“ඒක ඇත්ත, ප්‍රිය ආයුෂ්මත් කච්චානයන් වහන්ස. ඒකාන්තයෙන් ම ඒ භාග්‍යවතුන් වහන්සේ දැනගත යුතු දේ දන්නා සේක් ම යි. දැකගත යුතු දේ දක්නා සේක් ම යි. දහම් ඇසින් උපන් සේක් ම යි. නැණ මඬලින් උපන් සේක් ම යි. දහම තුළින් උපන් සේක් ම යි. පරම ශ්‍රේෂ්ඨත්වයෙන් උපන් සේක් ම යි. කිව යුතු ධර්මය මැනවින් පවසන සේක් ම යි. දම්සක් පවත්වන සේක් ම යි. දහම් අරුත් මතු කර දෙන සේක් ම යි. අමා නිවන දන් දෙන සේක් ම යි. ධර්මයට ස්වාමී වන සේක් ම යි. තථාගත වන සේක් ම යි. භාග්‍යවතුන් වහන්සේ ගෙන් ම මේ උතුම් ධර්මයේ අර්ථ විමසා දැනගන්න කල් තිබුනා. භාග්‍යවතුන් වහන්සේගෙන් මේ ධර්මයේ අර්ථ ඇසුවා නම් භාග්‍යවතුන් වහන්සේ අපට පිළිතුරු දෙනවාම යි. අපත් ඒ විදිහට මතක තබාගන්නවාමයි.

නමුත් ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේ ගැන ශාස්තෘන් වහන්සේ පවා වර්ණනා කරලා තියනවා නෙව. බුද්ධිමත් සබ්‍රහ්මචාරීන් වහන්සේලාත් ගෞරවයෙන් පිළිගන්නවා. ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේත් භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂේපයෙන් මාතෘකාවක් වශයෙන් වදාරණ ලද, අර්ථ වශයෙන් විස්තර කොට බෙදා නොදක්වා වදාරණ ලද, මේ උතුම් ධර්මය අර්ථ වශයෙන් විස්තර කරල දෙන්න සමර්ථයි. ඉතින් ආයුෂ්මත් මහා කච්චානයන් වහන්සේට අපහසුවක් නැත්නම් මේ කරුණු බෙදා විස්තර කොට දෙනු මැනවි.”

11. තේනහාවුසෝ සුණාථ, සාධුකං මනසිකරෝථ, භාසිස්සාමීති. ඒවමාවුසෝති ඛෝ තේ භික්ඛූ ආයස්මතෝ මහාකච්චානස්ස පච්චස්සෝසුං. ආයස්මා මහාකච්චානෝ ඒතදවෝච: යං ඛෝ නෝ ආවුසෝ භගවා සංඛිත්තේන උද්දේසං උද්දිසිත්වා විත්ථාරේන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨෝ, “යතෝනිදානං භික්ඛු පුරිසං පපඤ්චසඤ්ඤාසංඛා සමුදාචරන්ති ….(පෙ)…. එත්ථේතේ පාපකා අකුසලා ධම්මා අපරිසේසා නිරුජ්ඣන්තීති” ඉමස්ස ඛෝ අහං ආවුසෝ භගවතා සංඛිත්තේන උද්දේසස්ස උද්දිට්ඨස්ස විත්ථාරේන අත්ථං අවිභත්තස්ස ඒවං විත්ථාරේන අත්ථං ආජානාමි:

“එසේ නම් ප්‍රිය ආයුෂ්මතුනි, මනාකොට අසන්න. නුවණින් තේරුම් ගන්න. මම කියා දෙන්නම්.”

“එසේ ය, ප්‍රිය ආයුෂ්මතුනි,” යි කියා ඒ භික්ෂූන් වහන්සේලාත් ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේට පිළිතුරු දුන්නා. ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේ මේ විදිහට විස්තර කළා.

“ ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ යම් ධර්මයක් සංක්ෂේපයෙන් මාතෘකාවක් වශයෙන් වදාරා, අර්ථ වශයෙන් විස්තර කොට බෙදා නොදක්වා, කුටියට වැඩම කළ සේක්ද, ඒ කියන්නේ ‘පින්වත් භික්ෂුව, යමක් මුල් කරගෙන කෙනෙක් තුළ කෙලෙස් හැදෙන සඤ්ඤාවන් සිතේ කැරකි කැරකි තියෙනවා නම්, ඒවා කෙරෙහි ඇත්තෙන් ම සතුටින් පිළිගත යුතු බවක්, ගුණ කියයුතු බවක්, එහි බැසගත යුතු බවක් නැත්නම්, මේකමයි රාග අනුසයේ අවසන් වීම. ….(පෙ)…. ඔතන ම තමයි මේ පාපී අකුසල් ඔක්කොම ඉතිරි නැතිව නිරුද්ධ වෙලා අවසන් වෙලා යන තැන’ කියලා.

ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ සංක්ෂේපයෙන් මාතෘකා වශයෙන් වදාළ, අර්ථ වශයෙන් බෙදා නොවදාළ ඒ ධර්මය විස්තර වශයෙන් මම මේ විදිහට අර්ථ දන්නවා.

12. චක්ඛුඤ්චාවුසෝ පටිච්ච රූපේ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං තිණ්ණං සංගති ඵස්සෝ. ඵස්සපච්චයා වේදනා. යං වේදේති, තං සඤ්ජානාති. යං සඤ්ජානාති තං විතක්කේති. යං විතක්කේති තං පපඤ්චේති. යං පපඤ්චේති. තතෝනිදානං පුරිසං පපඤ්චසඤ්ඤාසංඛා සමුදාචරන්ති අතීතානාගතපච්චුප්පන්නේසු චක්ඛුවිඤ්ඤෙය්‍යෙසු රූපේසු. සෝතඤ්චාවුසෝ පටිච්ච සද්දේ ච උප්පජ්ජති සෝතවිඤ්ඤාණං ….(පෙ)…. ඝානඤ්චාවුසෝ පටිච්ච ගන්ධේ ච උප්පජ්ජති ඝානවිඤ්ඤාණං ….(පෙ)…. ජිව්හඤ්චාවුසෝ පටිච්ච රසේ ච උප්පජ්ජති ජිව්හාවිඤ්ඤාණං. ….(පෙ)…. කායඤ්චාවුසෝ පටිච්ච ඵොට්ඨබ්බේ ච උප්පජ්ජති කායවිඤ්ඤාණං ….(පෙ)…. මනඤ්චාවුසෝ පටිච්ච ධම්මේ ච උප්පජ්ජති මනෝවිඤ්ඤාණං. තිණ්ණං සංගති ඵස්සෝ. ඵස්සපච්චයා වේදනා. යං වේදේති තං සඤ්ජානාති. යං සඤ්ජානාති තං විතක්කේති යං විතක්කේති තං පපඤ්චේති. යං පපඤ්චේති තතෝනිදානං පුරිසං පපඤ්චසඤ්ඤාසංඛා සමුදාචරන්ති අතීතානාගතපච්චුප්පන්නේසු මනෝවිඤ්ඤෙය්‍යෙසු ධම්මේසු.

ප්‍රිය ආයුෂ්මතුනි, ඇසත් රූපත් හේතු කොටගෙනයි චක්ඛු විඤ්ඤාණය උපදින්නේ. ඒ තුනේ එකතු වීම තමයි ස්පර්ශය. ස්පර්ශය හේතු කොටගෙනයි විඳීම් ඇතිවෙන්නෙ. විඳින්නෙ යමක්ද, ඒක තමයි හඳුනගන්නෙ. හඳුනගන්නේ යමක්ද, ඒ ගැන තමයි විතර්ක කරන්නෙ. විතර්ක කරන්නේ යමක් ද, ඒ ගැන තමයි කෙලෙස් උපදින විදිහට කල්පනා කරන්නෙ. කෙලෙස් උපදින විදිහට කල්පනා කරන්නේ යමක්ද, එය මුල් කරගෙනයි අතීත, අනාගත, වර්තමානයට අයත් ඇසින් දකින රූප පිළිබඳව කෙලෙස් සහිත කල්පනා, විපරීත වූ සඤ්ඤා ආදිය පුරුෂයාව යටකර දමන්නේ.

ප්‍රිය ආයුෂ්මතුනි, කනත්, ශබ්දත් හේතු කොටගෙනයි සෝත විඤ්ඤාණය උපදින්නෙ ….(පෙ)…. ප්‍රිය ආයුෂ්මතුනි, නාසයත් ගඳසුවඳත් හේතු කොට ගෙනයි ඝාන විඤ්ඤාණය උපදින්නෙ ….(පෙ)…. දිවත් රසයත් හේතු කොටගෙනයි ජිව්හා විඤ්ඤාණය උපදින්නෙ ….(පෙ)…. කයත් පහසත් හේතු කොටගෙනයි කාය විඤ්ඤාණය උපදින්නෙ ….(පෙ)…. මනසත් මනසට සිතෙන අරමුණුත් හේතු කොටගෙනයි මනෝ විඤ්ඤාණය උපදින්නෙ. ඒ තුනේ එකතු වීම තමයි ස්පර්ශය. ස්පර්ශය හේතු කොටගෙනයි විඳීම් ඇතිවෙන්නෙ. විඳින්නෙ යමක් ද, ඒක තමයි හඳුනගන්නෙ. හඳුනගන්නේ යමක් ද, ඒ ගැන තමයි විතර්ක කරන්නෙ. විතර්ක කරන්නේ යමක් ද, ඒ ගැන තමයි කෙලෙස් උපදින විදිහට කල්පනා කරන්නෙ. කෙලෙස් උපදින විදිහට කල්පනා කරන්නේ යමක්ද, එය මුල් කරගෙනයි අතීත, අනාගත, වර්තමානයට අයත් මනසින් දැනගන්නා අරමුණු පිළිබඳව කෙලෙස් සහිත කල්පනා, විපරීත වූ සඤ්ඤා ආදිය පුරුෂයාව යටකර දමන්නේ.

13. සෝ වතාවුසෝ චක්ඛුස්මිං සති රූපේ සති චක්ඛුවිඤ්ඤාණේ සති ඵස්සපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති ඨානමේතං විජ්ජති. ඵස්සපඤ්ඤත්තියා සති වේදනාපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති ඨානමේතං විජ්ජති. වේදනාපඤ්ඤත්තියා සති සඤ්ඤාපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති ඨානමේතං විජ්ජති. සඤ්ඤාපඤ්ඤත්තියා සති විතක්කපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති ඨානමේතං විජ්ජති. විතක්කපඤ්ඤත්තියා සති පපඤ්චසඤ්ඤාසංඛාසමුදාචරණපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති ඨානමේතං විජ්ජති.

ප්‍රිය ආයුෂ්මතුනි, ඇසකුත් තියෙනවා නම්, රූපත් තියෙනවා නම්, චක්ඛු විඤ්ඤාණයකුත් තියෙනවා නම් ඔහු ස්පර්ශය කියා දෙයක් පණවන්නේ ය යන කරුණ සිදුවිය හැකි දෙයක්. ස්පර්ශය කියා දෙයක පැණවීමක් තියෙනවා නම් විඳීම කියා දෙයක් පණවන්නේ ය යන කරුණත් සිදුවිය හැකි දෙයක්. විඳීම කියා දෙයක පැණවීමක් තියෙනවා නම් සඤ්ඤාවක් කියා දෙයක් පණවන්නේ ය යන කරුණත් සිදුවිය හැකි දෙයක්. සඤ්ඤාව කියා දෙයක පැණවීමක් තියෙනවා නම් විතර්ක කියා දෙයක් පණවන්නේ ය යන කරුණත් සිදුවිය හැකි දෙයක්. විතර්ක කියා දෙයක පැණවීමක් තියෙනවා නම් කෙලෙස් සහිත කල්පනාවලින් යුතු සඤ්ඤාවන්වල හැසිරීමක් පණවන්නේ ය යන්න සිදුවිය හැකි දෙයක්.

14. සෝ වතාවුසෝ සෝතස්මිං සති සද්දේ සති සෝතවිඤ්ඤාණේ සති ….(පෙ)…. ඝානස්මිං සති ගන්ධේ සති ඝානවිඤ්ඤාණේ සති ….(පෙ)…. ජිව්හාය සති රසේ සති ජිව්හාවිඤ්ඤාණේ සති ….(පෙ)…. කායස්මිං සති ඵොට්ඨබ්බේ සති කායවිඤ්ඤාණේ සති ….(පෙ)…. මනස්මිං සති ධම්මේ සති මනෝවිඤ්ඤාණේ සති ඵස්සපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති ඨානමේතං විජ්ජති. ඵස්සපඤ්ඤත්තියා සති වේදනාපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති ඨානමේතං විජ්ජති. වේදනාපඤ්ඤත්තියා සති සඤ්ඤාපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති ඨානමේතං විජ්ජති. සඤ්ඤාපඤ්ඤත්තියා සති විතක්කපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති ඨානමේතං විජ්ජති. විතක්කපඤ්ඤත්තියා සති පපඤ්චසඤ්ඤාසංඛාසමුදාචරණපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති ඨානමේතං විජ්ජති.

ප්‍රිය ආයුෂ්මතුනි, ඒ වගේ ම කනකුත් තියෙනවා නම්, ශබ්දත් තියෙනවා නම්, කනේ විඤ්ඤාණයකුත් තියෙනවා නම් ….(පෙ)…. නාසයකුත් තියෙනවා නම්, ගඳ සුවඳත් තියෙනවා නම්, නාසයේ විඤ්ඤාණයකුත් තියෙනවා නම් ….(පෙ)…. දිවකුත් තියෙනවා නම්, රසත් තියෙනවා නම්, දිවේ විඤ්ඤාණයකුත් තියෙනවා නම් ….(පෙ)…. කයකුත් තියෙනවා නම්, පහසකුත් තියෙනවා නම්, කයේ විඤ්ඤාණයකුත් තියෙනවා නම් ….(පෙ)…. මනසකුත් තියෙනවා නම්, අරමුණුත් තියෙනවා නම්, මනසේ විඤ්ඤාණයකුත් තියෙනවා නම් ඔහු ස්පර්ශය කියා දෙයක් පණවන්නේ ය යන කරුණ සිදුවිය හැකි දෙයක්. ස්පර්ශය කියා දෙයක පැණවීමක් තියෙනවා නම් විඳීම කියා දෙයක් පණවන්නේ ය යන කරුණත් සිදුවිය හැකි දෙයක්. විඳීම කියා දෙයක පැණවීමක් තියෙනවා නම් සඤ්ඤාවක් කියා දෙයක් පණවන්නේ ය යන කරුණත් සිදුවිය හැකි දෙයක්. සඤ්ඤාව කියා දෙයක පැණවීමක් තියෙනවා නම් විතර්ක කියා දෙයක් පණවන්නේ ය යන කරුණත් සිදුවිය හැකි දෙයක්. විතර්ක කියා දෙයක පැණවීමක් තියෙනවා නම් කෙලෙස් සහිත කල්පනාවලින් යුතු සඤ්ඤාවන්වල හැසිරීමක් පණවන්නේ ය යන්න සිදුවිය හැකි දෙයක්.

15. සෝ වතාවුසෝ චක්ඛුස්මිං අසති රූපේ අසති චක්ඛුවිඤ්ඤාණේ අසති ඵස්සපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති නේතං ඨානං විජ්ජති. ඵස්සපඤ්ඤත්තියා අසති වේදනාපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති නේතං ඨානං විජ්ජති. වේදනාපඤ්ඤත්තියා අසති සඤ්ඤාපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති නේතං ඨානං විජ්ජති. සඤ්ඤාපඤ්ඤත්තියා අසති විතක්කපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති නේතං ඨානං විජ්ජති. විතක්කපඤ්ඤත්තියා අසති පපඤ්චසඤ්ඤාසංඛාසමුදාචරණපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති නේතං ඨානං විජ්ජති.

එමෙන් ම ප්‍රිය ආයුෂ්මතුනි, ඒකාන්තයෙන් ම ඇසක් නැත්නම්, රූපත් නැත්නම්, ඇසේ විඤ්ඤාණයකුත් නැත්නම් ඔහු ස්පර්ශය කියා දෙයක් පණවන්නේ ය යන කරුණ සිදු නොවිය හැකි දෙයක්. ස්පර්ශය කියා දෙයක පැණවීමක් නැත්නම් විඳීම කියා දෙයක් පණවන්නේ ය යන කරුණත් සිදු නොවිය හැකි දෙයක්. විඳීම කියා දෙයක පැණවීමක් නැත්නම් සඤ්ඤාවක් කියා දෙයක් පණවන්නේ ය යන කරුණත් සිදු නොවිය හැකි දෙයක්. සඤ්ඤාව කියා දෙයක පැණවීමක් නැත්නම් විතර්ක කියා දෙයක් පණවන්නේ ය යන කරුණත් සිදු නොවිය හැකි දෙයක්. විතර්ක කියා දෙයක පැණවීමක් නැත්නම් කෙලෙස් සහිත කල්පනාවලින් යුතු සඤ්ඤාවන්වල හැසිරීමක් පණවන්නේ ය යන්න සිදු නොවිය හැකි දෙයක්.

16. සෝ වතාවුසෝ සෝතස්මිං අසති සද්දේ අසති සෝතවිඤ්ඤාණේ අසති ….(පෙ)…. ඝානස්මිං අසති ගන්ධේ අසති ඝානවිඤ්ඤාණේ අසති ….(පෙ)…. ජිව්හාය අසති රසේ අසති ජිව්හාවිඤ්ඤාණේ අසති ….(පෙ)…. කායස්මිං අසති ඵොට්ඨබ්බේ අසති කායවිඤ්ඤාණේ අසති ….(පෙ)…. මනස්මිං අසති ධම්මේ අසති මනෝවිඤ්ඤාණේ අසති ඵස්සපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති නේතං ඨානං විජ්ජති. ඵස්සපඤ්ඤත්තියා අසති වේදනාපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති නේතං ඨානං විජ්ජති. වේදනාපඤ්ඤත්තියා අසති සඤ්ඤාපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති නේතං ඨානං විජ්ජති. සඤ්ඤාපඤ්ඤත්තියා අසති විතක්කපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති නේතං ඨානං විජ්ජති. විතක්කපඤ්ඤත්තියා අසති පපඤ්චසඤ්ඤාසංඛාසමුදාචරණපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති නේතං ඨානං විජ්ජති.

ඇත්තෙන් ම ප්‍රිය ආයුෂ්මතුනි, ඒකාන්තයෙන් ම කනක් නැත්නම්, ශබ්දත් නැත්නම්, කනේ විඤ්ඤාණයත් නැත්නම් ….(පෙ)…. නාසයක් නැත්නම්, ගඳ සුවඳත් නැත්නම්, නාසයේ විඤ්ඤාණයත් නැත්නම් ….(පෙ)…. දිවක් නැත්නම්, රසත් නැත්නම්, දිවේ විඤ්ඤාණයත් නැත්නම් ….(පෙ)…. කයක් නැත්නම්, පහසත් නැත්නම්, කයේ විඤ්ඤාණයත් නැත්නම් ….(පෙ)…. මනසක් නැත්නම්, අරමුණුත් නැත්නම්, මනසේ විඤ්ඤාණයත් නැත්නම් ඔහු ස්පර්ශය කියා දෙයක් පණවන්නේ ය යන කරුණ සිදු නොවිය හැකි දෙයක්. ස්පර්ශය කියා දෙයක පැණවීමක් නැත්නම් විඳීම කියා දෙයක් පණවන්නේ ය යන කරුණත් සිදු නොවිය හැකි දෙයක්. විඳීම කියා දෙයක පැණවීමක් නැත්නම් සඤ්ඤාවක් කියා දෙයක් පණවන්නේ ය යන කරුණත් සිදු නොවිය හැකි දෙයක්. සඤ්ඤාව කියා දෙයක පැණවීමක් නැත්නම් විතර්ක කියා දෙයක් පණවන්නේ ය යන කරුණත් සිදු නොවිය හැකි දෙයක්. විතර්ක කියා දෙයක පැණවීමක් නැත්නම් කෙලෙස් සහිත කල්පනාවලින් යුතු සඤ්ඤාවන්වල හැසිරීමක් පණවන්නේ ය යන්න සිදු නොවිය හැකි දෙයක්.

17. යං ඛෝ නෝ ආවුසෝ භගවා සංඛිත්තේන උද්දේසං උද්දිසිත්වා විත්ථාරේන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨෝ, “යතෝනිදානං භික්ඛු පුරිසං පපඤ්චසඤ්ඤාසංඛා සමුදාචරන්ති, එත්ථ චේ නත්ථි අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ඣෝසේතබ්බං, ඒසේවන්තෝ රාගානුසයානං ….(පෙ)…. එත්ථේතේ පාපකා අකුසලා ධම්මා අපරිසේසා නිරුජ්ඣන්තී”ති. ඉමස්ස ඛෝ අහං ආවුසෝ භගවතා සංඛිත්තේන උද්දේසස්ස උද්දිට්ඨස්ස විත්ථාරේන අත්ථං අවිභත්තස්ස ඒවං විත්ථාරේන අත්ථං ආජානාමි. ආකංඛමානා ච පන තුම්හේ ආයස්මන්තෝ භගවන්තං යේව උපසංකමිත්වා ඒතමත්ථං පටිපුච්ඡෙය්‍යාථ. යථා නෝ භගවා ව්‍යාකරෝති තථා නං ධාරෙය්‍යාථාති.

ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ යම් ධර්මයක් සංක්ෂේපයෙන් මාතෘකාවක් වශයෙන් වදාරා, අර්ථ වශයෙන් බෙදා නොදක්වා කුටියට වැඩමකොට වදාළ සේක්ද; එනම් ‘පින්වත් භික්ෂුව, යමක් මුල් කරගෙන කෙනෙක් තුළ කෙලෙස් හැදෙන සඤ්ඤාවන් සිතේ කැරකි කැරකි තියෙනවා නම්, ඒවා කෙරෙහි ඇත්තෙන් ම සතුටින් පිළිගත යුතු බවක්, ගුණ කියයුතු බවක්, එහි බැසගත යුතු බවක් නැත්නම්, මේකමයි රාග අනුසයේ අවසන් වීම. ….(පෙ)…. ඔතන ම තමයි මේ පාපී අකුසල් ඔක්කොම ඉතිරි නැතිව නිරුද්ධ වෙලා අවසන් වෙලා යන තැන’ කියලා.

ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ සංක්ෂේපයෙන් මාතෘකා වශයෙන් වදාළ, අර්ථ වශයෙන් බෙදා නොවදාළ ඒ ධර්මය විස්තර වශයෙන් මම ඔය විදිහටයි අර්ථ දන්නේ. ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, ඔබ කැමති නම් භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහින් ඔය කරුණ අසන්න. භාග්‍යවතුන් වහන්සේ ඔබට කියා දෙන ආකාරයට ම මතක තබාගන්න.”

18. අථ ඛෝ තේ භික්ඛූ ආයස්මතෝ මහාකච්චානස්ස භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා උට්ඨායාසනා යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්නා ඛෝ තේ භික්ඛූ භගවන්තං ඒතදවෝචුං:

එතකොට ඒ භික්ෂු පිරිස ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේගේ ඒ ධර්ම විස්තරය සතුටින් පිළිගෙන, අනුමෝදන්ව, භාග්‍යවතුන් වහන්සේ කරා නැවත පැමිණුනා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට එකත්පස්ව වාඩි වුණා. එකත්පස්ව වාඩිවුණු ඒ භික්ෂු පිරිස භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

19. “යං ඛෝ නෝ භන්තේ භගවා සංඛිත්තේන උද්දේසං උද්දිසිත්වා විත්ථාරේන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨෝ, “යතෝනිදානං භික්ඛු පුරිසං පපඤ්චසඤ්ඤාසංඛා සමුදාචරන්ති, එත්ථ චේ නත්ථි අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ඣෝසේතබ්බං. ඒසේවන්තෝ රාගානුසයානං ….(පෙ)…. එත්ථේතේ පාපකා අකුසලා ධම්මා අපරිසේසා නිරුජ්ඣන්තී”ති. තේසං නෝ භන්තේ අම්හාකං අචිරපක්කන්තස්ස භගවතෝ ඒතදහෝසි: “ඉදං ඛෝ නෝ ආවුසෝ භගවා සංඛිත්තේන උද්දේසං උද්දිසිත්වා විත්ථාරේන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨෝ, ‘යතෝනිදානං භික්ඛු පුරිසං පපඤ්චසඤ්ඤාසංඛා සමුදාචරන්ති, එත්ථ චේ නත්ථි අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ඣෝසේතබ්බං, ඒසේවන්තෝ රාගානුසයානං ඒසේවන්තෝ පටිඝානුසයානං. ඒසේවන්තෝ දිට්ඨානුසයානං ඒසේවන්තෝ විචිකිච්ඡානුසයානං. ඒසේවන්තෝ මානානුසයානං. ඒසේවන්තෝ භවරාගානුසයානං. ඒසේවන්තෝ අවිජ්ජානුසයානං. ඒසේවන්තෝ දණ්ඩාදානසත්ථාදානකලහවිග්ගහවිවාද තුවංතුවංපේසුඤ්ඤමුසාවාදානං. එත්ථේතේ පාපකා අකුසලා ධම්මා අපරිසේසා නිරුජ්ඣන්තී”ති. කෝ නු ඛෝ ඉමස්ස භගවතා සංඛිත්තේන උද්දේසස්ස උද්දිට්ඨස්ස විත්ථාරේන අත්ථං අවිභත්තස්ස විත්ථාරේන අත්ථං විභජෙය්‍යා”ති.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂේපයෙන් මාතෘකාවක් වශයෙන් යම් ධර්මයක් අපට වදාරා අර්ථ වශයෙන් බෙදා නොවදාරා විහාරයට වැඩි සේක් ද; එනම්,‘පින්වත් භික්ෂුව, යමක් මුල් කරගෙන කෙනෙක් තුළ කෙලෙස් හැදෙන සඤ්ඤාවන් සිතේ කැරකි කැරකි තියෙනවා නම්, ඒවා කෙරෙහි ඇත්තෙන් ම සතුටින් පිළිගත යුතු බවක්, ගුණ කිව යුතු බවක්, එහි බැසගත යුතු බවක් නැත්නම්, මේකමයි රාග අනුසයේ අවසන් වීම. ….(පෙ)…. ඔතන ම තමයි මේ පාපී අකුසල් ඔක්කොම ඉතිරි නැතිව නිරුද්ධ වෙලා අවසන් වෙලා යන තැන’ කියලා.

ඉතින් භාග්‍යවතුන් වහන්සේ කුටියට වැඩම කොට ස්වල්ප වේලාවකින් අපට මෙහෙම හිතුණා. භාග්‍යවතුන් වහන්සේ සංක්ෂේපයෙන් මාතෘකාවක් වශයෙන් වදාළ මේ ධර්මය විස්තර වශයෙන් වදාරන්නෙ නැතුවයි කුටියට වැඩියේ. එනම් ‘පින්වත් භික්ෂුව, යමක් මුල් කරගෙන කෙනෙක් තුළ කෙලෙස් හැදෙන සඤ්ඤාවන් සිතේ කැරකි කැරකි තියෙනවා නම්, ඒවා කෙරෙහි ඇත්තෙන් ම සතුටින් පිළිගත යුතු බවක්, ගුණ කිව යුතු බවක්, එහි බැසගත යුතු බවක් නැත්නම්, මේකමයි රාග අනුසයේ අවසන් වීම. ….(පෙ)…. ඔතන ම තමයි මේ පාපී අකුසල් ඔක්කොම ඉතිරි නැතිව නිරුද්ධ වෙලා අවසන් වෙලා යන තැන’ කියලා. ඉතින් ඒ භාග්‍යවතුන් වහන්සේ සංක්ෂේපයෙන් මාතෘකා වශයෙන් වදාළ, විස්තර වශයෙන් අර්ථ නොබෙදා වදාළ මේ ධර්මය විස්තර වශයෙන් දැනගන්නේ කාගෙන්ද කියල.

20. “තේසං නෝ භන්තේ අම්හාකං ඒතදහෝසි: අයං ඛෝ ආයස්මා මහාකච්චානෝ සත්ථු චේව සංවණ්ණිතෝ. සම්භාවිතෝ ච විඤ්ඤූනං සබ්‍රහ්මචාරීනං පහෝති චායස්මා මහාකච්චානෝ ඉමස්ස භගවතා සංඛිත්තේන උද්දේසස්ස උද්දිට්ඨස්ස විත්ථාරේන අත්ථං අවිභත්තස්ස විත්ථාරේන අත්ථං විභජිතුං. යංනූන මයං යේනායස්මා මහාකච්චානෝ තේනුපසංකමෙය්‍යාම, උපසංකමිත්වා ආයස්මන්තං මහාකච්චානං ඒතමත්ථං පටිපුච්ඡෙය්‍යාමා”ති.

එතකොට ස්වාමීනී, අපට මේ අදහස ඇතිවුනා. ‘මේ ආයුෂ්මත් මහා කච්චානයන් වහන්සේව ශාස්තෘන් වහන්සේ පවා වර්ණනා කරලා තියනවා. බුද්ධිමත් සබ්‍රහ්මචාරීන් වහන්සේලාත් ගෞරවයෙන් සළකනවා. ආයුෂ්මත් මහා කච්චානයන් වහන්සේ නම්, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂේපයෙන් මාතෘකාවක් වශයෙන් වදාළ, විස්තර වශයෙන් අර්ථ බෙදා නොදක්වා වදාළ මේ ධර්මය ගැන අර්ථ වශයෙන් කියා දෙන්න සමර්ථයි’ කියලා.

ඉතින් අපි ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේ ළඟට යනවා නම්, ගිහින් ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේගෙන් මේ ධර්මයේ අර්ථ විස්තර අසා දැනගන්නවා නම් කොයිතරම් හොඳද? කියලා.

21. “අථ ඛෝ මයං භන්තේ යේනායස්මා මහාකච්චානෝ තේනුපසංකමිම්හ. උපසංකමිත්වා ආයස්මන්තං මහාකච්චානං ඒතමත්ථං පටිපුච්ඡිම්හ තේසං නෝ භන්තේ ආයස්මතා මහාකච්චානේන ඉමේහි ආකාරේහි ඉමේහි පදේහි ඉමේහි බ්‍යඤ්ජනේහි අත්ථෝ විභත්තෝ”ති.

ඉතින් ස්වාමීනී, අපි ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේ ළඟට ගියා. ගිහින් ආයුෂ්මත් මහාකච්චානයන් වහන්සේට ඔය කරුණු සැලකළා. එතකොට ස්වාමීනී, ආයුෂ්මත් මහාකච්චානයන් විසින් අපට මෙන්න මේ ආකාරයෙන්, මෙන්න මේ පදවලින්, මෙන්න මේ වචනවලින් අර්ථය බෙදල කියල දුන්නා.”

22. පණ්ඩිතෝ භික්ඛවේ මහාකච්චානෝ, මහාපඤ්ඤෝ භික්ඛවේ මහාකච්චානෝ. මඤ්චේපි තුම්හේ භික්ඛවේ ඒතමත්ථං පටිපුච්ඡෙය්‍යාථ, අහම්පි තං ඒවමේවං ව්‍යාකරෙය්‍යං යථා තං මහාකච්චානේන ව්‍යාකතං ඒසෝ චේවේතස්ස අත්ථෝ. ඒවඤ්ච නං ධාරේථාති.

“පින්වත් මහණෙනි, ඔය මහාකච්චානයන් හරිම නුවණැති කෙනෙක්. පින්වත් මහණෙනි, ඔය මහාකච්චානයන් මහා ප්‍රඥාවන්තයෙක්. පින්වත් මහණෙනි, ඔබ ඔය කාරණය මගෙන් ඇහුවා නම්, මම පිළිතුරු දෙන්නෙත් ඔය විදිහට ම තමයි. පින්වත් මහාකච්චානයන් වහන්සේ විසින් යම් ආකාරයකින් ද ඔබට කියා දුන්නෙ, ඒක තමයි ඒ ධර්මයේ අර්ථය. ඒ නිසා ඔය විදිහට ම මතක තියාගන්න.”

23. ඒවං වුත්තේ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතදවෝච: සෙය්‍යථාපි භන්තේ පුරිසෝ ජිඝච්ඡාදුබ්බල්‍යපරේතෝ මධුපිණ්ඩිකං අධිගච්ඡෙය්‍ය, සෝ යතෝ යතෝ සායෙය්‍ය ලභේථේව සාදුං රසං අසේචනකං, ඒවමේව ඛෝ භන්තේ චේතසෝ භික්ඛු දබ්බජාතිකෝ යතෝ යතෝ ඉමස්ස ධම්මපරියායස්ස පඤ්ඤාය අත්ථං උපපරික්ඛෙය්‍ය ලභේථේව අත්තමනතං ලභේථ චේතසෝ පසාදං. කෝ නාමෝ අයං භන්තේ ධම්මපරියායෝති? තස්මාතිහ ත්වං ආනන්ද, ඉමං ධම්මපරියායං මධුපිණ්ඩිකපරියායොත්වේව නං ධාරේහීති.

එසේ වදාළ විට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

“ස්වාමීනී, ඔය දේශනාව මේ වගේ දෙයක් කියලයි මට හිතෙන්නෙ. බඩගින්නෙන් හොඳට ම දුර්වල වෙච්ච මනුස්සයෙකුට මී පැණි පිරිච්ච රසවත් මී වදයක් ලැබෙනවා. ඉතින් ඔහු ඒ රසවත් මී වදයේ කොයි පැත්තකින් රස වින්දත් එයාට ලැබෙන්නෙ මිහිරි රසයක් ම යි. අන්න ඒ වගේ ම යි ස්වාමීනී, හිතන්න පුළුවන් භික්ෂුවකට මේ උතුම් ධර්මයේ අර්ථ කොයි පැත්තෙන් හෝ ප්‍රඥාවෙන් විමසා බැලුවොත් ඔහුට සතුටක් ම යි ලැබෙන්නෙ. චිත්ත ප්‍රසාදයක් ම යි ලැබෙන්නෙ. ස්වාමීනී, මේ ධර්ම දේශනාවේ නම මොකක්ද?”

“එහෙනම් ප්‍රිය ආනන්දයෙනි, ඔබ මේ ධර්මය මතක තියාගන්න ‘මධුපිණ්ඩික දෙසුම’ කියන නමින්.”

ඉදමවෝච භගවා. අත්තමනෝ ආයස්මා ආනන්දෝ භගවතෝ භාසිතං අභිනන්දීති.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ උතුම් දේශනාව ගැන ගොඩාක් සතුටු වුනා. මේ උතුම් දේශනාව සාදු නාද නංවමින් සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

මධුපිණ්ඩිකසුත්තං අට්ඨමං.

මී පිඬුවක් සේ මිහිරි ලෙස වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn1_1-2-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M