මජ්ඣිම නිකාය

මූල පණ්ණාසකෝ

1.2.5. අනුමාන සුත්තං

1.2.5. නුවණින් විමසා ගළපා බැලීම ගැන වදාළ දෙසුම

1. ඒවං මේ සුතං: ඒකං සමයං ආයස්මා මහාමොග්ගල්ලානෝ භග්ගේසු විහරති සුංසුමාරගිරේ භේසකළාවනේ මිගදායේ. තත්‍ර ඛෝ ආයස්මා මහාමොග්ගල්ලානෝ භික්ඛූ ආමන්තේසි: ආවුසෝ භික්ඛවෝති. ආවුසෝති ඛෝ තේ භික්ඛූ ආයස්මතෝ මහාමොග්ගල්ලානස්ස පච්චස්සෝසුං. ආයස්මා මහාමොග්ගල්ලානෝ ඒතදවෝච: පවාරේති චේපි ආවුසෝ භික්ඛු වදන්තු මං ආයස්මන්තෝ, වචනීයෝම්හි ආයස්මන්තේහීති. සෝ ච හෝති දුබ්බචෝ දෝවචස්සකරණීයේහි ධම්මේහි සමන්නාගතෝ අක්ඛමෝ අප්පදක්ඛිණග්ගාහී අනුසාසනිං. අථ ඛෝ නං සබ්‍රහ්මචාරී න චේව වත්තබ්බං මඤ්ඤන්ති. න ච අනුසාසිතබ්බං මඤ්ඤන්ති න ච තස්මිං පුග්ගලේ විස්සාසං ආපජ්ජිතබ්බං මඤ්ඤන්ති.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ වැඩසිටියේ භගු රටේ සුංසුමාරගිරි නුවර අසල භේසකලා වනයේ මිගදායේ. එදා ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේ “ප්‍රිය ආයුෂ්මත් මහණෙනි” කියලා භික්ෂූන් වහන්සේලා ඇමතුවා. “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස” කියල ඒ භික්ෂූන් වහන්සේලාත් ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ මොහොතේ දී තමයි ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේ මේ දෙසුම වදාළේ.

ප්‍රිය ආයුෂ්මතුනි, යම් භික්ෂුවක් පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් මේ විදියට ඉල්ලා හිටින්න පුළුවනි. “අනේ! ආයුෂ්මතුන් වහන්සේලා මටත් අවවාද කරන්න. මම ආයුෂ්මතුන් වහන්සේලාගේ ඒ දෙන අවවාදට අනුව ඉන්නම්” කියලා. ඒ වුණත් ඒ භික්ෂුව අකීකරුයි නම්, අකීකරුකම ඇති කරවන ගතියෙන් යුක්ත නම්, ඉවසීමත් නැත්නම්, සංඝයාගේ අවවාදය ගෞරවයෙන් පිළිගන්නෙත් නැත්නම්, අර භික්ෂුවට අවවාද කළ යුතුයි කියලා ඒ පින්වත් ස්වාමීන් වහන්සේලාට හිතෙන්නෙ නෑ, අනුශාසනා කළ යුතුයි කියල හිතෙන්නෙ නෑ. ඒ පුද්ගලයාව විශ්වාස කළ යුතුයි කියල හිතෙන්නෙත් නෑ.

2. කතමේ චාවුසෝ දෝවචස්සකරණා ධම්මා?

ප්‍රිය ආයුෂ්මතුනි, ඒ අකීකරුකම ඇති කරවන කරුණු මොනවා ද ?

ඉධාවුසෝ භික්ඛු පාපිච්ඡෝ හෝති පාපිකානං ඉච්ඡානං වසං ගතෝ. යම්පාවුසෝ භික්ඛු පාපිච්ඡෝ හෝති පාපිකානං ඉච්ඡානං වසං ගතෝ, අයම්පි ධම්මෝ දෝවචස්සකරණෝ.

(01). ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා ආදිය ලැබීමේ ලාමක ආශාවෙන් යුක්තයි. ඒ භික්ෂුව ඒ ලාමක ආශාව නිසා සම්පූර්ණයෙන් ම නොමග ගිහිල්ලයි ඉන්නෙ. ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව ලාමක ආශාවන්ගෙන් යුක්ත වුනොත්, ඒ ආශාවන්ට යට වුනොත් අන්න ඒක අකීකරු බව ඇති කරවන දෙයක්.

3. පුන ච පරං ආවුසෝ භික්ඛු අත්තුක්කංසකෝ හෝති පරවම්භී. යම්පාවුසෝ භික්ඛු අත්තුක්කංසකෝ හෝති පරවම්භී, අයම්පි ධම්මෝ දෝවචස්සකරණෝ.

(02). අකීකරු බව ඇති කරවන දේ ගැන තවදුරටත් කිව්වොත්, ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව තමන් ගැන මහා ඉහළින් හුවා දක්වනවා. අනුන් ගැන හෙළා පෙළා කතා කරනවා. ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුවට තමන් ගැන ඉහළින් හුවා දක්වන එක තිබුනොත්, අනුන් හෙළා පෙළා කතා කරන එක තිබුනොත් අන්න ඒකත් අකීකරු බව ඇති කරවන දෙයක්.

4. පුන ච පරං ආවුසෝ භික්ඛු කෝධනෝ හෝති කෝධාභිභූතෝ. යම්පාවුසෝ භික්ඛු කෝධනෝ හෝති කෝධාභිභූතෝ, අයම්පි ධම්මෝ දෝවචස්සකරණෝ.

(03). අකීකරු බව ඇති කරවන දේ ගැන තවදුරටත් කිව්වොත් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව ක්‍රෝධ කරනවා. හිතේ ඇති වෙන ක්‍රෝධයට යට වෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව තුළ ක්‍රෝධ කරන බව තිබුනොත්, හිතේ ඇතිවෙන ක්‍රෝධයට යට වෙන ගතිය තිබුනොත්, අන්න ඒකත් අකීකරු බව ඇති කරවන දෙයක්.

5. පුන ච පරං ආවුසෝ භික්ඛු කෝධනෝ හෝති කෝධහේතු උපනාහී. යම්පාවුසෝ භික්ඛු කෝධනෝ හෝති කෝධහේතු උපනාහී, අයම්පි ධම්මෝ දෝවචස්සකරණෝ.

(04). අකීකරු බව ඇති කරවන දේ ගැන තවදුරටත් කිව්වොත් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව ක්‍රෝධ කරනවා. ඒ ක්‍රෝධය නිසා ම බද්ධ වෛරය ඇති කර ගන්නවා. ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව තුළ ක්‍රෝධ කරන ගතිය තිබුනොත්, ඒ ක්‍රෝධය නිසා ම බද්ධ වෛරය ඇති කර ගත්තොත්, අන්න ඒකත් අකීකරු බව ඇති කරවන දෙයක්.

6. පුන ච පරං ආවුසෝ භික්ඛු කෝධනෝ හෝති කෝධහේතු අභිසංගී. යම්පාවුසෝ භික්ඛු කෝධනෝ හෝති කෝධහේතු අභිසංගී, අයම්පි ධම්මෝ දෝවචස්සකරණෝ.

(05). අකීකරුකම ඇති කරවන දේ ගැන තවදුරටත් කිව්වොත් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව ක්‍රෝධ කරනවා. ක්‍රෝධය නිසා ම රණ්ඩුවට යනවා. ප්‍රිය ආයුෂ්මතුනි, ඒ භික්ෂුව තුළ ක්‍රෝධ කිරීම තිබුනොත්, ක්‍රෝධය නිසා රණ්ඩුවට යන ගතිය තිබුනොත්, අන්න ඒකත් අකීකරු බව ඇති කරවන දෙයක්.

7. පුන ච පරං ආවුසෝ භික්ඛු කෝධනෝ හෝති කෝධසාමන්තා වාචං නිච්ඡාරේතා. යම්පාවුසෝ භික්ඛු කෝධනෝ හෝති කෝධසාමන්තා වාචං නිච්ඡාරේතා අයම්පි ධම්මෝ දෝවචස්සකරණෝ.

(06). අකීකරුකම ඇති කරවන දේ ගැන තවදුරටත් කිව්වොත් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව ක්‍රෝධ කරනවා. ක්‍රෝධය ඇවිස්සෙන දේ ම කියන්න පටන් ගන්නවා. ප්‍රිය ආයුෂ්මතුනි, ඒ භික්ෂුව ක්‍රෝධ කළොත් ක්‍රෝධය ඇවිස්සෙන දේ ම කියන්න පටන් ගත්තොත්, අන්න ඒකත් අකීකරු බව ඇති කරවන දෙයක්.

8. පුන ච පරං ආවුසෝ භික්ඛු චූදිතෝ චෝදකේන චෝදකං පටිප්ඵරති. යම්පාවුසෝ භික්ඛු චූදිතෝ චෝදකේන චෝදකං පටිප්ඵරති, අයම්පි ධම්මෝ දෝවචස්සකරණෝ.

(07). අකීකරුකම ඇති කරවන දේ ගැන තවදුරටත් කිව්වොත් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුවකගේ අඩුපාඩු තවත් භික්ෂුවක් විසින් පෙන්වා දෙන කොට අර භික්ෂුව තමන්ගේ අඩුපාඩු පෙන්වා දුන් භික්ෂුවට විරුද්ධ වෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුවකගේ අඩුපාඩු පෙන්වා දෙන කොට ඒ අඩුපාඩු පෙන්වා දෙන භික්ෂුවට විරුද්ධ වුනොත් අන්න, ඒකත් අකීකරු බව ඇති කරවන දෙයක්.

9. පුන ච පරං ආවුසෝ භික්ඛු චූදිතෝ චෝදකේන චෝදකං අපසාදේති. යම්පාවුසෝ භික්ඛු චූදිතෝ චෝදකේන චෝදකං අපසාදේති, අයම්පි ධම්මෝ දෝවචස්සකරණෝ.

(08). අකීකරුකම ඇති කරවන දේ ගැන තවදුරටත් කිව්වොත් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුවකගේ අඩුපාඩු තවත් භික්ෂුවක් විසින් පෙන්වා දෙන කොට ඒ අඩුපාඩු පෙන්වා දුන් භික්ෂුවට අපහාස කරන්න පටන් ගන්නවා. ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුවකගේ අඩුපාඩු පෙන්වා දෙන කොට ඒ අඩුපාඩු පෙන්වා දෙන භික්ෂුවට අපහාස කරන්න ගත්තොත්, අන්න ඒකත් අකීකරු බව ඇති කරවන දෙයක්.

10. පුන ච පරං ආවුසෝ භික්ඛු චූදිතෝ චෝදකේන චෝදකස්ස පච්චාරෝපේති. යම්පාවුසෝ භික්ඛු චූදිතෝ චෝදකේන චෝදකස්ස පච්චාරෝපේති, අයම්පි ධම්මෝ දෝවචස්සකරණෝ.

(09). අකීකරුකම ඇති කරවන දේ ගැන තවදුරටත් කිව්වොත් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුවකගේ අඩුපාඩු තවත් භික්ෂුවක් විසින් පෙන්වා දෙන කොට ඒ අඩුපාඩු පෙන්වා දෙන භික්ෂුවගේ අඩුපාඩු එයා පෙන්නන්න පටන් ගන්නවා. ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුවකගේ අඩුපාඩු පෙන්වා දෙනකොට ඒ අඩුපාඩු පෙන්වා දෙන භික්ෂුවගේ අඩුපාඩු එයා පෙන්නන්න පටන් ගත්තොත්, අන්න ඒකත් අකීකරු බව ඇති කරවන දෙයක්.

11. පුන ච පරං ආවුසෝ භික්ඛු චූදිතෝ චෝදකේන අඤ්ඤේනඤ්ඤං පටිචරති, බහිද්ධා කථං අපනාමේති, කෝපඤ්ච දෝසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරෝති. යම්පාවුසෝ භික්ඛු චූදිතෝ චෝදකේන අඤ්ඤේනඤ්ඤං පටිචරති, බහිද්ධා කථං අපනාමේති, කෝපඤ්ච දෝසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරෝති, අයම්පි ධම්මෝ දෝවචස්සකරණෝ.

(10). අකීකරු බව ඇති කරවන දේ ගැන තවදුරටත් කිව්වොත් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුවකගේ අඩුපාඩු තව භික්ෂුවක් විසින් පෙන්වා දෙන කොට එයා ඒක වෙන දේකින් වහල දානවා. ඒකට අදාල නැති කතාවක් ඇදල ගන්නවා. කේන්ති ගන්නවා. තරහ ගන්නවා. කතා කරන්න බැරි තත්වයක් හදල දානවා. ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුවකගේ අඩුපාඩු පෙන්වා දෙනකොට වෙන කතාවකින් ඒක වහල දැම්මොත්, අදාළ නැති කතාවල් ඇදල ගත්තොත්, කෝප වුනොත්, තරහ ගත්තොත්, කතා කරන්න බැරි තත්වයක් හැදුවොත්, අන්න ඒකත් අකීකරු බව ඇති කරවන දෙයක්.

12. පුන ච පරං ආවුසෝ භික්ඛු චූදිතෝ චෝදකේන අපදානේ න සම්පායති. යම්පාවුසෝ භික්ඛු චූදිතෝ චෝදකේන අපදානේ න සම්පායති, අයම්පි ධම්මෝ දෝවචස්සකරණෝ.

(11). අකීකරු බව ඇති කරවන දේ ගැන තවදුරටත් කිව්වොත් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුවකගේ අඩුපාඩු තව භික්ෂුවක් විසින් පෙන්වා දෙන කොට ඒ අඩුපාඩුව තමන් ගෙන් සිදුවෙච්ච දෙයක් වෙලත් ඒක පිළිගන්නෙ නෑ. ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුවකගේ අඩුපාඩු පෙන්වා දෙන කොට ඒ අඩුපාඩු තමන්ගෙන් සිදුවෙච්ච දෙයක් වෙලත් ඒක පිළිගන්නෙ නැත්නම්, අන්න ඒකත් අකීකරුකම ඇති කරවන දෙයක්.

13. පුන ච පරං ආවුසෝ භික්ඛු මක්ඛී හෝති පළාසී. යම්පාවුසෝ භික්ඛු මක්ඛී හෝති පළාසී, අයම්පි ධම්මෝ දෝවචස්සකරණෝ.

(12). අකීකරු බව ඇති කරවන දේ ගැන තවදුරටත් කිව්වොත් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව අනුන්ගේ තියෙන ගුණ මකනවා. එකට එක කරන කෙනෙක් වෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, ඒ භික්ෂුව තුළ අනුන්ගේ තියෙන ගුණ මකන ගතිය තිබුනොත්, එකට එක කරන ගතිය තිබුණොත්, අන්න ඒකත් අකීකරු බව ඇති කරවන දෙයක්.

14. පුන ච පරං ආවුසෝ භික්ඛු ඉස්සුකී හෝති මච්ඡරී. යම්පාවුසෝ භික්ඛු ඉස්සුකී හෝති මච්ඡරී, අයම්පි ධම්මෝ දෝවචස්සකරණෝ.

(13). අකීකරු බව ඇති කරවන දේ ගැන තවදුරටත් කිව්වොත් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව ඉරිසියා කරන කෙනෙක් වෙනවා. මසුරු කෙනෙක් වෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව ඉරිසියා කරන කෙනෙක් වුණොත්, මසුරු කෙනෙක් වුනොත්, අන්න ඒකත් අකීකරු බව ඇති කරවන දෙයක්.

15. පුන ච පරං ආවුසෝ භික්ඛු සඨෝ හෝති මායාවී. යම්පාවුසෝ භික්ඛු සඨෝ හෝති මායාවී, අයම්පි ධම්මෝ දෝවචස්සකරණෝ.

(14). අකීකරු බව ඇති කරවන දේ ගැන තවදුරටත් කිව්වොත් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව කෛරාටික වෙනවා. නැති ගුණ පෙන්නනවා. ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව කෛරාටික වුනොත්, නැති ගුණ පෙන්නන්න ගියොත්, අන්න ඒකත් අකීකරු බව ඇති කරවන දෙයක්.

16. පුන ච පරං ආවුසෝ භික්ඛු ථද්ධෝ හෝති අතිමානී. යම්පාවුසෝ භික්ඛු ථද්ධෝ හෝති අතිමානී අයම්පි ධම්මෝ දෝවචස්සකරණෝ.

(15). අකීකරු බව ඇති කරවන දේ ගැන තවදුරටත් කිව්වොත් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව සාධාරණ කරුණු ඉදිරියේ නැමෙන්නෙ නෑ. අධික මාන්නෙන් ඉන්නවා. ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව සාධාරණ කරුණු ඉදිරියේ නොනැමී හිටියොත්, අධික මාන්නයෙන් හිටියොත්, අන්න ඒකත් අකීකරු බව ඇති කරවන දෙයක්.

17. පුන ච පරං ආවුසෝ භික්ඛු සන්දිට්ඨිපරාමාසී හෝති ආධානගාහී දුප්පටිනිස්සග්ගී. යම්පාවුසෝ භික්ඛු සන්දිට්ඨිපරාමාසී හෝති ආධානගාහී දුප්පටිනිස්සග්ගී, අයම්පි ධම්මෝ දෝවචස්සකරණෝ.

(16). අකීකරු බව ඇති කරවන දේ ගැන තවදුරටත් කිව්වොත් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව වරදවා ගත්තු තමන්ගේ වැරදි මතයට ම කැරකි කැරකී එනවා. ඒ මතයට ම දැඩිව බැඳිල ඉන්නවා. ඒ මතය අතහරින්න කොහෙත් ම කැමති නෑ. ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව තමන් වැරදියට ගත්තු මතයට ම කැරකි කැරකී ආවොත් ඒ වැරදි මතයට ම බැඳිල ගියොත් ඒක අතහරින්න කොහෙත් ම අකමැති වුනොත්, අන්න ඒකත් අකීකරු බව ඇති කරවන දෙයක්.

ඉමේ වුච්චන්තාවුසෝ දෝවචස්සකරණා ධම්මා.

ප්‍රිය ආයුෂ්මතුනි, මෙන්න මේ කරුණුවලට කියන්නේ ‘අකීකරුකම ඇති කරවන දේ’ කියලා.

18. නෝ චේපි ආවුසෝ භික්ඛු පවාරේති: වදන්තු මං ආයස්මන්තෝ, වචනීයෝම්හි ආයස්මන්තේහීති. සෝ ච හෝති සුවචෝ සෝවචස්සකරණේහි ධම්මේහි සමන්නාගතෝ ඛමෝ පදක්ඛිණග්ගාහී අනුසාසනිං. අථ ඛෝ නං සබ්‍රහ්මචාරී වත්තබ්බඤ්චේව මඤ්ඤන්ති. අනුසාසිතබ්බඤ්ච මඤ්ඤන්ති. තස්මිඤ්ච පුග්ගලේ විස්සාසං ආපජ්ජිතබ්බං මඤ්ඤන්ති.

ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුවක් පින්වත් ස්වාමීන් වහන්සේලා ගෙන් මේ විදිහට ඉල්ලා නොසිටින්න පුළුවනි. “අනේ! ආයුෂ්මතුන් වහන්සේලා මටත් අවවාද කරන්න. මම ආයුෂ්මතුන් වහන්සේලාගේ ඒ අවවාදයට අනුව ඉන්නම්” කියලා. නමුත් ඒ භික්ෂුව කීකරු නම්, කීකරුකම ඇති කරවන ගතිගුණවලින් යුක්ත නම්, ඉවසීම තියෙනවා නම්, සංඝයාගේ අවවාදය ගෞරවයෙන් පිළිගන්නවා නම් ඒ භික්ෂුවට අවවාද කළ යුතුයි කියලයි පින්වත් ස්වාමීන් වහන්සේලාට හිතෙන්නෙ. අනුශාසනා කළ යුතුයි කියලයි හිතෙන්නෙ. ඒ පුද්ගලයාව විශ්වාස කළ යුතුයි කියලයි හිතෙන්නෙ.

19. කතමේ චාවුසෝ සෝවචස්සකරණා ධම්මා?

ප්‍රිය ආයුෂ්මතුනි, කීකරුකම ඇති කරවන්නේ කොයි දේවල් වලින්ද?

ඉධාවුසෝ භික්ඛු න පාපිච්ඡෝ හෝති න පාපිකානං ඉච්ඡානං වසං ගතෝ. යම්පාවුසෝ භික්ඛු න පාපිච්ඡෝ හෝති න පාපිකානං ඉච්ඡානං වසං ගතෝ, අයම්පි ධම්මෝ සෝවචස්සකරණෝ.

(01). ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා ආදිය පතන ලාමක ආශාවන්ගෙන් යුක්ත නෑ. ඒ ලාමක ආශාවන්ට යටවෙලා නෑ. ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව ලාමක ආශාවෙන් යුක්ත නැත්නම්, ඒ ලාමක ආශාවන්ට යටවෙලා නැත්නම්, අන්න ඒක කීකරු බව ඇති කරවන දෙයක්.

20. පුන ච පරං ආවුසෝ භික්ඛු අනත්තුක්කංසකෝ හෝති අපරවම්භී. යම්පාවුසෝ භික්ඛු අනත්තුක්කංසකෝ හෝති අපරවම්භී, අයම්පි ධම්මෝ සෝවචස්සකරණෝ.

(02). කීකරුකම ඇති කරවන දේ ගැන තවදුරටත් කිව්වොත්, ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව තමන් ගැන මහා ඉහළින් හුවා දක්වන්නේ නෑ. අනුන් ගැන හෙළා පෙළා කතා කරන්නේ නෑ. ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව තමන් ගැන ඉහළින් හුවා දක්වන්නේ නැත්නම්, අනුන්ව හෙළා පෙළා කතා කරන්නේ නැත්නම්, අන්න ඒකත් කීකරු බව ඇති කරවන දෙයක්.

21. පුන ච පරං ආවුසෝ භික්ඛු න කෝධනෝ හෝති න කෝධාභිභූතෝ. යම්පාවුසෝ භික්ඛු න කෝධනෝ හෝති න කෝධාභිභූතෝ, අයම්පි ධම්මෝ සෝවචස්සකරණෝ.

(03). කීකරුකම ඇති කරවන දේ ගැන තවදුරටත් කිව්වොත් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව ක්‍රෝධ කරන්නේ නෑ. ක්‍රෝධයට යටවෙන්නේ නෑ. ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව ක්‍රෝධ කරන්නේ නැත්නම්, ක්‍රෝධයට යට වෙන්නේ නැත්නම්, අන්න ඒකත් කීකරු බව ඇති කරවන දෙයක්.

22. පුන ච පරං ආවුසෝ භික්ඛු න කෝධනෝ හෝති න කෝධහේතු උපනාහී. යම්පාවුසෝ භික්ඛු න කෝධනෝ හෝති න කෝධහේතු උපනාහී, අයම්පි ධම්මෝ සෝවචස්සකරණෝ.

(04). කීකරුකම ඇති කරවන දේ ගැන තවදුරටත් කිව්වොත් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව ක්‍රෝධ කරන්නේ නෑ. ක්‍රෝධයෙන් ඇතිවන බද්ධ වෛරය ඇති කර ගන්නෙත් නෑ. ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව ක්‍රෝධ කරන්නේ නැත්නම්, ඒ ක්‍රෝධයෙන් ඇතිවන බද්ධ වෛරය ඇති කරගන්නෙ නැත්නම්, අන්න ඒකත් කීකරු බව ඇති කරවන දෙයක්.

23. පුන ච පරං ආවුසෝ භික්ඛු න කෝධනෝ හෝති න කෝධහේතු අභිසංගී. යම්පාවුසෝ භික්ඛු න කෝධනෝ හෝති න කෝධහේතු අභිසංගී, අයම්පි ධම්මෝ සෝවචස්සකරණෝ.

(05). කීකරුකම ඇති කරවන දේ ගැන තවදුරටත් කිව්වොත් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව ක්‍රෝධ කරන්නේ නෑ. ක්‍රෝධය නිසා ඇතිවෙන රණ්ඩුවලට යන්නෙත් නෑ. ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව ක්‍රෝධ කරන්නේ නැත්නම්, ක්‍රෝධයෙන් ඇතිවන රණ්ඩුවලට යන්නෙත් නැත්නම්, අන්න ඒකත් කීකරු බව ඇති කරවන දෙයක්.

24. පුන ච පරං ආවුසෝ භික්ඛු න කෝධනෝ හෝති න කෝධසාමන්තා වාචං නිච්ඡාරේතා. යම්පාවුසෝ භික්ඛු න කෝධනෝ හෝති න කෝධසාමන්තා වාචං නිච්ඡාරේතා, අයම්පි ධම්මෝ සෝවචස්සකරණෝ.

(06). කීකරුකම ඇති කරවන දේ ගැන තවදුරටත් කිව්වොත් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව ක්‍රෝධ කරන්නේ නෑ. ක්‍රෝධය ඇවිස්සෙන දේ ම කියන්න යන්නේ නෑ. ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව ක්‍රෝධ කරන්නෙ නැත්නම්, ක්‍රෝධය ඇවිස්සෙන දේ කියන්න යන්නෙ නැත්නම්, අන්න ඒකත් කීකරු බව ඇති කරවන දෙයක්.

25. පුන ච පරං ආවුසෝ භික්ඛු චූදිතෝ චෝදකේන චෝදකං න පටිප්ඵරති. යම්පාවුසෝ භික්ඛු චූදිතෝ චෝදකේන චෝදකං න පටිප්ඵරති, අයම්පි ධම්මෝ සෝවචස්සකරණෝ.

(07). කීකරු බව ඇති කරවන දේ ගැන තවදුරටත් කිව්වොත් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුවකගේ අඩුපාඩු තවත් භික්ෂුවක් විසින් පෙන්වා දෙන කොට අර භික්ෂුව තමන්ගේ අඩුපාඩු පෙන්වා දුන් භික්ෂුවට විරුද්ධ වෙන්නෙ නෑ. ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුවකගේ අඩුපාඩු පෙන්වා දෙන කොට ඒ අඩුපාඩු පෙන්වා දෙන භික්ෂුවට විරුද්ධ වෙන්නෙ නැතනම්, අන්න ඒකත් කීකරු බව ඇති කරවන දෙයක්.

26. පුන ච පරං ආවුසෝ භික්ඛු චූදිතෝ චෝදකේන චෝදකං න අපසාදේති. යම්පාවුසෝ භික්ඛු චූදිතෝ චෝදකේන චෝදකං න අපසාදේති, අයම්පි ධම්මෝ සෝවචස්සකරණෝ.

(08). කීකරුකම ඇති කරවන දේ ගැන තවදුරටත් කිව්වොත් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුවකගේ අඩුපාඩු තවත් භික්ෂුවක් විසින් පෙන්වා දෙන කොට ඒ අඩුපාඩු පෙන්වා දුන් භික්ෂුවට අපහාස කරන්න යන්නෙ නෑ. ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුවකගේ අඩුපාඩු පෙන්වා දෙන කොට ඒ අඩුපාඩු පෙන්වා දෙන භික්ෂුවට අපහාස කරන්නෙ නැත්නම්, අන්න ඒකත් කීකරු බව ඇති කරවන දෙයක්.

27. පුන ච පරං ආවුසෝ භික්ඛු චූදිතෝ චෝදකේන චෝදකස්ස න පච්චාරෝපේති: යම්පාවුසෝ භික්ඛු චූදිතෝ චෝදකේන චෝදකස්ස න පච්චාරෝපේති, අයම්පි ධම්මෝ සෝවචස්සකරණෝ.

(09). කීකරු බව ඇති කරවන දේ ගැන තවදුරටත් කිව්වොත් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුවකගේ අඩුපාඩු තවත් භික්ෂුවක් විසින් පෙන්වා දෙන කොට ඒ අඩුපාඩු පෙන්වා දුන් භික්ෂුවගේ අඩුපාඩු එයා පෙන්වන්න යන්නෙ නෑ. ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුවකගේ අඩුපාඩු පෙන්වා දෙන කොට ඒ අඩුපාඩු පෙන්වා දෙන භික්ෂුවගේ අඩුපාඩු එයා පෙන්නන්න යන්නෙ නැත්නම්, අන්න ඒකත් කීකරු බව ඇති කරවන දෙයක්.

28. පුන ච පරං ආවුසෝ භික්ඛු චූදිතෝ චෝදකේන න අඤ්ඤේනඤ්ඤං පටිචරති, න බහිද්ධා කථං අපනාමේති, න කෝපඤ්ච දෝසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරෝති. යම්පාවුසෝ භික්ඛු චූදිතෝ චෝදකේන න අඤ්ඤේනඤ්ඤං පටිචරති, න බහිද්ධා කථං අපනාමේති, න කෝපඤ්ච දෝසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරෝති, අයම්පි ධම්මෝ සෝවචස්සකරණෝ.

(10). කීකරුකම ඇති කරවන දේ ගැන තවදුරටත් කිව්වොත් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුවකගේ අඩුපාඩු තව භික්ෂුවක් විසින් පෙන්වා දෙන කොට එයා ඒක වෙන දේකින් වහල දාන්නෙ නෑ. ඒකට අදාල නැති කතාවක් ඇදල ගන්නෙ නෑ. කේන්ති ගන්නෙ නෑ. තරහ ගන්නෙ නෑ. කතා කරන්න බැරි තත්වයක් හදන්න යන්නෙ නෑ. ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුවකගේ අඩුපාඩු පෙන්වා දෙන කොට වෙන කතාවකින් ඒක වහල දාන්නෙ නැත්නම්, අදාළ නැති කතා ඇදල ගන්නෙ නැත්නම්, කෝප වෙන්නෙ නැත්නම්, තරහ වෙන්නෙ නැත්නම්, කතා කරන්න බැරි තත්වයක් හදන්නෙ නැත්නම්, අන්න ඒකත් කීකරු බව ඇති කරවන දෙයක්.

29. පුන ච පරං ආවුසෝ භික්ඛු චූදිතෝ චෝදකේන අපදානේ සම්පායති. යම්පාවුසෝ භික්ඛු චූදිතෝ චෝදකේන අපදානේ සම්පායති. අයම්පි ධම්මෝ සෝවචස්සකරණෝ.

(11). කීකරු බව ඇති කරවන දේ ගැන තවදුරටත් කිව්වොත් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුවකගේ අඩුපාඩු තව භික්ෂුවක් විසින් පෙන්වා දෙන කොට ඒ අඩුපාඩු තමන්ගෙන් සිදුවෙච්ච දෙයක් නම් ඒක ඒ විදිහට ම පිළිගන්නවා. ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුවකගේ අඩුපාඩු පෙන්වා දෙන කොට ඒ අඩුපාඩුව තමන්ගෙන් සිදුවෙච්ච දෙයක් නම් ඒක ඒ විදිහට ම පිළිගන්නවා නම්, අන්න ඒකත් කීකරු බව ඇති කරවන දෙයක්.

30. පුන ච පරං ආවුසෝ භික්ඛු අමක්ඛී හෝති අපළාසී. යම්පාවුසෝ භික්ඛු අමක්ඛී හෝති අපළාසී. අයම්පි ධම්මෝ සෝවචස්සකරණෝ.

(12). කීකරු බව ඇති කරවන දේ ගැන තවදුරටත් කිව්වොත් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව අනුන්ගේ තියෙන ගුණ මකන්නෙ නෑ. එකට එක කරන්න යන්නෙ නෑ. ප්‍රිය ආයුෂ්මතුනි, ඒ භික්ෂුව අනුන්ගේ ගුණ මකන්නෙ නැත්නම්, එකට එක කරන්න යන්නෙ නැත්නම්, අන්න ඒකත් කීකරු බව ඇති කරවන දෙයක්.

31. පුන ච පරං ආවුසෝ භික්ඛු අනිස්සුකී හෝති අමච්ඡරී. යම්පාවුසෝ භික්ඛු අනිස්සුකී හෝති අමච්ඡරී, අයම්පි ධම්මෝ සෝවචස්සකරණෝ.

(13). කීකරු බව ඇති කරවන දේ ගැන තවදුරටත් කිව්වොත් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව ඉරිසියා කරන කෙනෙක් නෙවෙයි. මසුරු කෙනෙකුත් නෙවෙයි. ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව ඉරිසියා කරන්නෙ නැත්නම්, මසුරු වෙන්නෙත් නැත්නම්, අන්න ඒකත් කීකරු බව ඇති කරවන දෙයක්.

32. පුන ච පරං ආවුසෝ භික්ඛු අසඨෝ හෝති අමායාවී. යම්පාවුසෝ භික්ඛු අසඨෝ හෝති අමායාවී අයම්පි ධම්මෝ සෝවචස්සකරණෝ.

(14). කීකරු බව ඇති කරවන දේ ගැන තවදුරටත් කිව්වොත් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව කෛරාටික නෑ. නැති ගුණ පෙන්නන්නෙත් නෑ. ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව කෛරාටික නැත්නම්, නැති ගුණ පෙන්නන්න යන්නෙත් නැත්නම්, අන්න ඒකත් කීකරු බව ඇති කරවන දෙයක්.

33. පුන ච පරං ආවුසෝ භික්ඛු අත්ථද්ධෝ හෝති අනතිමානී. යම්පාවුසෝ භික්ඛු අත්ථද්ධෝ හෝති අනතිමානී, අයම්පි ධම්මෝ සෝවචස්සකරණෝ.

(15). කීකරු බව ඇති කරවන දේ ගැන තවදුරටත් කිව්වොත් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව සාධාරණ කරුණු ඉදිරියේ නැමෙන කෙනෙක්. නිහතමානී කෙනෙක්. ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව සාධාරණ කරුණු ඉදිරියේ නැමෙනවා නම්, නිහතමානී වෙනවා නම්, අන්න ඒකත් කීකරු බව ඇති කරවන දෙයක්.

34. පුන ච පරං ආවුසෝ භික්ඛු අසන්දිට්ඨිපරාමාසී හෝති අනාධානග්ගාහී සුප්පටිනිස්සග්ගී. යම්පාවුසෝ භික්ඛු අසන්දිට්ඨිපරාමාසී හෝති අනාධානග්ගාහී සුප්පටිනිස්සග්ගී, අයම්පි ධම්මෝ සෝවචස්සකරණෝ.

(16). කීකරු බව ඇති කරවන දේ ගැන තවදුරටත් කිව්වොත් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව යම්කිසි මතයක් වරදවා අරගෙන ඒ මතයට ම කැරකි කැරකී යන්නෙ නෑ. ඒ මතයට ම දැඩිව බැඳිල ඉන්නෙත් නෑ. ඒ මතය පහසුවෙන් අතහරින්න පුළුවන්කම තියෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව යම්කිසි මතයක් වරදවා අරගෙන කැරකි කැරකී ඒකට ම එන්නෙ නැත්නම්, ඒ මත දැඩිව ගන්නෙ නැත්නම්, ඒ මතය පහසුවෙන්ම අත්හරින්න පුළුවන් නම්, අන්න ඒකත් කීකරු බව ඇති කරවන දෙයක්.

ඉමේ වුච්චන්තාවුසෝ සෝවචස්සකරණා ධම්මා.

ප්‍රිය ආයුෂ්මතුනි, මේවට තමයි ‘කීකරුකම ඇති කරවන දේවල්’ කියල කියන්නෙ.

35. තත්‍රාවුසෝ භික්ඛුනා අත්තනාව අත්තානං ඒවං අනුමිනිතබ්බං: “යෝ ඛ්වායං පුග්ගලෝ පාපිච්ඡෝ පාපිකානං ඉච්ඡානං වසං ගතෝ, අයං මේ පුග්ගලෝ අප්පියෝ අමනාපෝ. අහඤ්චේව ඛෝ පනස්සං පාපිච්ඡෝ පාපිකානං ඉච්ඡානං වසං ගතෝ, අහම්පස්සං පරේසං අප්පියෝ අමනාපෝ”ති. ඒවං ජානන්තේනාවුසෝ භික්ඛුනා න පාපිච්ඡෝ භවිස්සාමි න පාපිකානං ඉච්ඡානං වසං ගතෝති චිත්තං උප්පාදේතබ්බං.

ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව මේ කරුණු ගැන මෙන්න මේ විදිහටයි තමා තුළින් ම ගලපා බලන්න ඕන.

(01). ‘යම් පුද්ගලයෙක් ලාමක ආශාවන්ගෙන් යුක්ත නම්, ලාමක ආශාවන්ට යටවෙලා ඉන්නවා නම් ඒ පුද්ගලයා මට ප්‍රිය නෑ. මම කැමති නෑ. ඉතින් මමත් ලාමක ආශාවන්ගෙන් යුක්ත වුනොත්, ලාමක ආශාවන්ට යට වුනොත් අනිත් උදවියත් මාව අප්‍රිය කරාවි. මට අකමැති වේවි’ කියලා. ප්‍රිය ආයුෂ්මතුනි, ඔන්න ඔය විදිහට දකින භික්ෂුව ‘මම නම් ලාමක ආශාවන් ඇති කරගන්නෙ නෑ. ලාමක ආශාවන්ට යටවෙන්නෙ නෑ’ කියල හිතට ගන්න ඕන.

36. “යෝ ඛ්වායං පුග්ගලෝ අත්තුක්කංසකෝ පරවම්භී, අයං මේ පුග්ගලෝ අප්පියෝ අමනාපෝ. අහඤ්චේව ඛෝ පනස්සං අත්තුක්කංසකෝ පරවම්භී, අහම්පස්සං පරේසං අප්පියෝ අමනාපෝ”ති. ඒවං ජානන්තේනාවුසෝ භික්ඛුනා ‘අනත්තුක්කංසකෝ භවිස්සාමි අපරවම්භී’ති චිත්තං උප්පාදේතබ්බං.

(02). ‘යම් පුද්ගලයෙක් තමන් ගැන මහ ඉහළින් හුවා දක්වනවා නම් අනුන්ව හෙළා පෙළා කතා කරනවා නම් ඒ පුද්ගලයාව මට ප්‍රිය නෑ. මම කැමති නෑ. ඉතින්, මමත් තමන් ගැන මහ ඉහළින් හුවා දක්වන්න ගියොත්, අනුන් හෙළා පෙලා කතා කරන්න ගියොත් අනිත් උදවියටත් මාව අප්‍රිය වේවි. මට කැමති වෙන එකක් නෑ’ කියලා. ප්‍රිය ආයුෂ්මතුනි, ඔය විදිහට මේ කාරණය ගැන දැනගන්න භික්ෂුව මම නම් ‘තමන් ගැන මහ ඉහළින් හුවා දක්වන්නෙ නෑ. අනුන් හෙළා පෙළා කතා කරන්නෙ නෑ’ කියලා හිතට ගන්න ඕන.

37. “යෝ ඛ්වායං පුග්ගලෝ කෝධනෝ කෝධාභිභූතෝ, අයං මේ පුග්ගලෝ අප්පියෝ අමනාපෝ. අහඤ්චේව ඛෝ පනස්සං කෝධනෝ කෝධාභිභූතෝ, අහම්පස්සං පරේසං අප්පියෝ අමනාපෝ”ති. ඒවං ජානන්තේනාවුසෝ භික්ඛුනා, න කෝධනෝ භවිස්සාමි න කෝධාභිභූතෝ’ති චිත්තං උප්පාදේතබ්බං.

(03). ‘යම් පුද්ගලයෙක් ක්‍රෝධ කරනවා නම්, ඒ ක්‍රෝධයට යටවෙනවා නම් මට ඒ පුද්ගලයාව ප්‍රිය නෑ. මම කැමති නෑ. ඉතින්, මමත් ක්‍රෝධ කළොත් ක්‍රෝධයට යටවුනොත් අනිත් උදවියටත් මාව අප්‍රිය වෙලා යාවි. මට කැමති වෙන එකක් නෑ’ කියලා. ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ විදිහට දැනගන්න භික්ෂුව ‘මම නම් ක්‍රෝධ කරන්නෙ නෑ. මම නම් ක්‍රෝධයට යට වෙන්නෙ නෑ’ කියල හිතට ගන්න ඕන.

38. “යෝ ඛ්වායං පුග්ගලෝ කෝධනෝ කෝධහේතු උපනාහී, අයං මේ පුග්ගලෝ අප්පියෝ අමනාපෝ. අහඤ්චේව ඛෝ පනස්සං කෝධනෝ කෝධහේතු උපනාහී, අහම්පස්සං පරේසං අප්පියෝ අමනාපෝ”ති. ඒවං ජානන්තේනාවුසෝ භික්ඛුනා ‘න කෝධනෝ භවිස්සාමි න කෝධහේතු උපනාහී’ති චිත්තං උප්පාදේතබ්බං.

(04). ‘යම් පුද්ගලයෙක් ක්‍රෝධ කරනවා නම්, ඒ ක්‍රෝධයෙන් ම බද්ධ වෛර ඇති කරගන්නවා නම් මට ඒ පුද්ගලයාව ප්‍රිය නෑ. මම කැමති නෑ. ඉතින්, මමත් ක්‍රෝධ කරන්න ගියොත්, ඒ ක්‍රෝධයෙන් ම බද්ධ වෛරය ඇති කරගන්න ගියොත් අනිත් උදවියටත් මාව අප්‍රිය වෙලා යාවි. මට කැමති වෙන එකක් නෑ’ කියල. ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ විදිහට දැනගන්න භික්ෂුව ‘මම නම් ක්‍රෝධ කරන්නෙ නෑ. ඒ ක්‍රෝධයෙන් ම බද්ධ වෛර ඇති කරගන්නෙ නෑ’ කියල හිතට ගන්න ඕන.

39. “යෝ ඛ්වායං පුග්ගලෝ කෝධනෝ කෝධහේතු අභිසංගී, අයං මේ පුග්ගලෝ අප්පියෝ අමනාපෝ අහඤ්චේව ඛෝ පනස්සං කෝධනෝ කෝධහේතු අභිසංගී, අහම්පස්සං පරේසං අප්පියෝ අමනාපෝ’ති. ඒවං ජානන්තේනාවුසෝ භික්ඛුනා ‘න කෝධනෝ භවිස්සාමි න කෝධහේතු අභිසංගී’ති චිත්තං උප්පාදේතබ්බං.

(05). ‘යම් පුද්ගලයෙක් ක්‍රෝධ කරනවා නම්, ඒ ක්‍රෝධය නිසා ම රණ්ඩු අල්ලනවා නම් ඒ පුද්ගලයාව මට ප්‍රිය නෑ. ඒ පුද්ගලයාට මම කැමති නෑ. ඉතින්, මමත් ක්‍රෝධ කරන්න ගියොත්, ක්‍රෝධය නිසා රණ්ඩු අල්ලන්න ගියොත් අනිත් උදවියටත් මාව අප්‍රිය වෙලා යාවි. මට කැමති නැති වේවි’ ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ විදිහට දැනගන්න භික්ෂුව ‘මම නම් ක්‍රෝධ කරන්නෙ නෑ. ක්‍රෝධය නිසා රණ්ඩු අල්ලන්නෙ නෑ’ කියල හිතට ගන්න ඕන.

40. “යෝ ඛ්වායං පුග්ගලෝ කෝධනෝ කෝධසාමන්තා වාචං නිච්ඡාරේතා, අයං මේ පුග්ගලෝ අප්පියෝ අමනාපෝ; අහඤ්චේව ඛෝ පනස්සං කෝධනෝ කෝධසාමන්තා වාචං නිච්ඡාරේතා, අහම්පස්සං පරේසං අප්පියෝ අමනාපෝ”ති. ඒවං ජානන්තේනාවුසෝ භික්ඛුනා “න කෝධනෝ භවිස්සාමි. න කෝධසාමන්තා වාචං නිච්ඡාරෙස්සාමී”ති චිත්තං උප්පාදේතබ්බං.

(06). ‘යම් පුද්ගලයෙක් ක්‍රෝධ කළොත්, ක්‍රෝධය ඇවිස්සෙන වචන කියන්න ගත්තොත් ඒ පුද්ගලයාව මට ප්‍රිය නෑ. ඒ පුද්ගලයාට මම කැමති නෑ. ඉතින්, මමත් ක්‍රෝධ කළොත් ක්‍රෝධය ඇවිස්සෙන වචන කියන්න ගත්තොත් අනිත් උදවියටත් මාව අප්‍රිය වෙලා යාවි. මට කැමති වෙන එකක් නෑ’ ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ විදිහට දැනගන්න භික්ෂුව ‘මම නම් ක්‍රෝධ කරන්නෙ නෑ. මම නම් ක්‍රෝධය ඇවිස්සෙන වචන කියන්නෙ නෑ’ කියල හිතට ගන්න ඕන.

41. “යෝ ඛ්වායං පුග්ගලෝ චූදිතෝ චෝදකේන චෝදකං පටිප්ඵරති, අයං මේ පුග්ගලෝ අප්පියෝ අමනාපෝ; අහඤ්චේව ඛෝ පන චූදිතෝ චෝදකේන චෝදකං පටිප්ඵරෙය්‍යං, අහම්පස්සං පරේසං අප්පියෝ අමනාපෝ”ති. ඒවං ජානන්තේනාවුසෝ භික්ඛුනා ‘චූදිතෝ චෝදකේන චෝදකං නප්පටිප්ඵරිස්සාමී”ති චිත්තං උප්පාදේතබ්බං.

(07). ‘යම් පුද්ගලයෙකුගේ අඩුපාඩු තවත් කෙනෙක් පෙන්නල දෙන කොට, ඒ පෙන්නල දෙන එක්කෙනාට විරුද්ධ වෙනවා නම් මට ඒ පුද්ගලයාව ප්‍රිය නෑ. ඒ පුද්ගලයාට මම කැමති නෑ. ඉතින්, මගේ අඩුපාඩුවක් කවුරු හරි පෙන්නල දෙනකොට, මමත් ඒ පුද්ගලයාට විරුද්ධ වෙන්න ගියොත් අනිත් උදවියටත් මාව අප්‍රිය වෙලා යාවි. මට කැමති නැති වේවි’ ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ විදිහට දැනගන්න භික්ෂුව ‘කවුරු හරි මගේ අඩුපාඩු පෙන්නලා දෙන කොට මම නම් එයාට විරුද්ධ වෙන්නෙ නෑ’ කියල හිතට ගන්න ඕන.

42. “යෝ ඛ්වායං පුග්ගලෝ චූදිතෝ චෝදකේන චෝදකං අපසාදේති, අයං මේ පුග්ගලෝ අප්පියෝ අමනාපෝ; අහඤ්චේව ඛෝ පන චූදිතෝ චෝදකේන චෝදකං අපසාදෙය්‍යං, අහම්පස්සං පරේසං අප්පියෝ අමනාපෝ”ති. ඒවං ජානන්තේනාවුසෝ භික්ඛුනා “චූදිතෝ චෝදකේන චෝදකං න අපසාදෙස්සාමී”ති චිත්තං උප්පාදේතබ්බං.

(08). ‘යම් පුද්ගලයෙකුගේ අඩුපාඩු පෙන්නලා දෙන කොට ඒ අඩුපාඩු පෙන්නා දෙන කෙනාට අපහාස කරනවා නම්, මට ඒ පුද්ගලයාව ප්‍රිය නෑ. ඒ පුද්ගලයාට මම කැමති නෑ. ඉතින්, මමත් මගේ අඩුපාඩු පෙන්නලා දෙන කෙනෙකුට අපහාස කරන්න ගියොත් අනිත් උදවියට මාවත් අප්‍රිය වෙලා යාවි. මට කැමති වෙන එකක් නෑ. ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ විදිහට දැනගන්න භික්ෂුව ‘මම නම් මගේ අඩුපාඩු පෙන්නල දෙන කෙනෙකුට අපහාස කරන්නෙ නෑ’ කියල හිතට ගන්න ඕන.

43. “යෝ ඛ්වායං පුග්ගලෝ චූදිතෝ චෝදකේන චෝදකස්ස පච්චාරෝපේති, අයං මේ පුග්ගලෝ අප්පියෝ අමනාපෝ; අහඤ්චේව ඛෝ පන චූදිතෝ චෝදකේන චෝදකස්ස පච්චාරෝපෙය්‍යං, අහම්පස්සං පරේසං අප්පියෝ අමනාපෝ”ති ඒවං ජානන්තේනාවුසෝ භික්ඛුනා “චූදිතෝ චෝදකේන චෝදකස්ස න පච්චාරෝපෙස්සාමී”ති චිත්තං උප්පාදේතබ්බං.

(09). ‘යම් පුද්ගලයෙකුගේ අඩුපාඩු පෙන්නලා දෙන කොට ඒ අඩුපාඩු පෙන්නා දෙන කෙනා ගේ අඩුපාඩු පෙන්නන්න යනවා නම් මට ඒ පුද්ගලයාව ප්‍රිය නෑ. ඒ පුද්ගලයාට මම කැමති නෑ. ඉතින්, මමත් මගේ අඩුපාඩු පෙන්නලා දෙන කෙනෙකුට එයාගෙ අඩුපාඩු පෙන්නන්න ගියොත් අනිත් උදවියට මාවත් අප්‍රිය වෙලා යාවි. මට කැමති වෙන එකක් නෑ.’ ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ විදිහට දැනගන්න භික්ෂුව ‘මම නම් මගේ අඩුපාඩු පෙන්නල දෙන කෙනෙකුට එයාගේ අඩුපාඩු පෙන්නන්න යන්නෙ නෑ’ කියල හිතට ගන්න ඕන.

44. “යෝ ඛ්වායං පුග්ගලෝ චූදිතෝ චෝදකේන අඤ්ඤේනඤ්ඤං පටිචරති, බහිද්ධා කථං අපනාමේති, කෝපඤ්ච දෝසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරෝති, අයං මේ පුග්ගලෝ අප්පියෝ අමනාපෝ; අහඤ්චේව ඛෝ පන චූදිතෝ චෝදකේන අඤ්ඤේනඤ්ඤං පටිචරෙය්‍යං බහිද්ධා කථං අපනාමෙය්‍යං කෝපඤ්ච දෝසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරෙය්‍යං, අහම්පස්සං පරේසං අප්පියෝ අමනාපෝ”ති ඒවං ජානන්තේනාවුසෝ භික්ඛුනා “චූදිතෝ චෝදකේන න අඤ්ඤේනඤ්ඤං පටිචරිස්සාමි. න බහිද්ධා කථං අපනාමෙස්සාමි. න කෝපඤ්ච දෝසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරිස්සාමී”ති චිත්තං උප්පාදේතබ්බං.

(10). ‘යම් පුද්ගලයෙකුගේ අඩුපාඩු පෙන්නල දෙන කොට එයා වෙන කතාවකින් ඒක වහනවා නම්, අදාල නැති කතා ඇදල ගන්නවා නම්, කෝප වෙනවා නම්, තරහ වෙනවා නම්, කතා කරන්න බැරි තත්වයක් ඇති කරනවා නම් මට ඒ පුද්ගලයාව ප්‍රිය නෑ. ඒ පුද්ගලයාට මම කැමති නෑ. ඉතින්, මගේ අඩුපාඩු පෙන්නල දෙන්න කවුරු හරි ආවොත් එතකොට මම ඒවා වෙන කතාවකින් වහන්න ගියොත්, අදාළ නැති කතා ඇදල ගන්න ගියොත්, කෝප වෙන්න ගියොත්, තරහ වෙන්න ගියොත්, කතා කරන්න බැරි තත්වයක් හදන්න ගියොත් අනිත් උදවියට මාවත් අප්‍රිය වෙලා යාවි. මටත් කැමති වෙන එකක් නෑ.’ ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ විදිහට දැනගන්න භික්ෂුව ‘මම නම් මගේ අඩුපාඩු පෙන්නල දෙන කොට වෙන කතාවලින් වහන්නෙ නෑ. ආදාළ නැති කතා ඇදල ගන්නෙ නෑ. කෝප වෙන්නෙ නෑ. තරහ වෙන්නෙ නෑ. කතා කරන්න බැරි තත්වයක් ඇති කරන්නෙ නෑ’ කියල හිතට ගන්න ඕන.

45. “යෝ ඛ්වායං පුග්ගලෝ චූදිතෝ චෝදකේන අපදානේ න සම්පායති, අයං මේ පුග්ගලෝ අප්පියෝ අමනාපෝ; අහඤ්චේව ඛෝ පන චූදිතෝ චෝදකේන අපදානේ න සම්පායෙය්‍යං, අහම්පස්සං පරේසං අප්පියෝ අමනාපෝ”ති ඒවං ජානන්තේනාවුසෝ භික්ඛුනා “චූදිතෝ චෝදකේන අපදානේ සම්පායිස්සාමී”ති චිත්තං උප්පාදේතබ්බං.

(11). ‘යම් පුද්ගලයෙකුගේ අඩුපාඩු පෙන්නල දෙනකොට, තමන් තුළ දකින්න තිබෙන ඒ අඩුපාඩු පිළිගන්නෙ නැත්නම් මට ඒ පුද්ගලයාව ප්‍රිය නෑ. ඒ පුද්ගලයාට මම කැමති නෑ. ඉතින්, මා තුළ තියෙන මගේ අඩුපාඩු යමෙකුන් විසින් පෙන්නලා දෙන කොට මමත් ඒ අඩුපාඩු පිළිගන්නෙ නැත්නම් අනිත් උදවියට මාව ප්‍රිය වෙන එකක් නෑ. මට කැමති වෙන එකක් නෑ.’ ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ විදිහට දැනගන්න භික්ෂුව ‘මම නම් මගේ අඩුපාඩු පෙන්නල දෙන කොට ඒවා මා තුළ තියෙනවා නම් මම ඒ අඩුපාඩු තියෙන බව පිළිනොගෙන ඉන්නෙ නෑ’ කියල හිතට ගන්න ඕන.

46. “යෝ ඛ්වායං පුග්ගලෝ මක්ඛී පළාසී, අයං මේ පුග්ගලෝ අප්පියෝ අමනාපෝ; අහඤ්චේව ඛෝ පනස්සං මක්ඛී පළාසී, අහම්පස්සං පරේසං අප්පියෝ අමනාපෝ”ති ඒවං ජානන්තේනාවුසෝ භික්ඛුනා “අමක්ඛී භවිස්සාමි අපළාසී”ති චිත්තං උප්පාදේතබ්බං.

(12). ‘යම් පුද්ගලයෙක් අනුන්ගේ ගුණ මකාගෙන එකට එක කරගෙන යනවා නම් මට ඒ පුද්ගලයාව ප්‍රිය නෑ. ඒ පුද්ගලයාට මම කැමති නෑ. ඉතින් මමත් අනුන්ගේ ගුණ මකන්න ගියොත්, එකට එක කරන්න ගියොත් අනිත් උදවියට මාවත් අප්‍රිය වෙලා යාවි. මට කැමති වෙන එකක් නෑ’ ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ විදිහට දැනගන්න භික්ෂුව ‘මම නම් ගුණ මකු වෙන්නෙ නෑ. එකට එක කරන්නෙ නෑ’ කියල හිතට ගන්න ඕන.

47. “යෝ ඛ්වායං පුග්ගලෝ ඉස්සුකී මච්ඡරී, අයං මේ පුග්ගලෝ අප්පියෝ අමනාපෝ; අහඤ්චේව ඛෝ පනස්සං ඉස්සුකී මච්ඡරී, අහම්පස්සං පරේසං අප්පියෝ අමනාපෝ”ති. ඒවං ජානන්තේනාවුසෝ භික්ඛුනා “අනිස්සුකී භවිස්සාමි අමච්ඡරී”ති චිත්තං උප්පාදේතබ්බං.

(13). ‘යම් පුද්ගලයෙක් ඉරිසියා කරනවා නම්, මසුරු නම් මට ඒ පුද්ගලයාව ප්‍රිය නෑ. ඒ පුද්ගලයාට මම කැමති නෑ. ඉතින්, මමත් ඉරිසියා කරන්න ගියොත්, මසුරුකම් කරන්න ගියොත් අනිත් උදවියට මාවත් අප්‍රිය වෙලා යාවි. මට අකමැති වේවි.’ ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ විදිහට දැනගන්න භික්ෂුව ‘මම නම් ඉරිසියා කරන්න යන්නෙ නෑ. මසුරු වෙන්න යන්නෙ නෑ’ කියල හිතට ගන්න ඕන.

48. “යෝ ඛ්වායං පුග්ගලෝ සඨෝ මායාවී, අයං මේ පුග්ගලෝ අප්පියෝ අමනාපෝ; අහඤ්චේව ඛෝ පනස්සං සඨෝ මායාවී අහම්පස්සං පරේසං අප්පියෝ අමනාපෝ”ති. ඒවං ජානන්තේනාවුසෝ භික්ඛුනා “අසඨෝ භවිස්සාමි අමායාවී”ති චිත්තං උප්පාදේතබ්බං.

(14). ‘යම් පුද්ගලයෙක් කෛරාටික නම්, ගුණවතෙක් විදිහට පෙන්නනවා නම් මට ඒ පුද්ගලයාව ප්‍රිය නෑ. මම ඒ පුද්ගලයාට කැමැති නැහැ. මමත් කෛරාටික වුනොත්, ගුණවතෙක් හැටියට පෙන්නන්න ගියොත් අනිත් උදවියට මාවත් අප්‍රිය වෙලා යාවි. මටත් කැමති වෙන එකක් නෑ.’ ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ විදිහට දැනගන්න භික්ෂුව ‘මම නම් කෛරාටික වෙන්නෙ නෑ. ගුණවතුන් හැටියට පෙන්නන්න යන්නෙ නෑ’ කියල හිතට ගන්න ඕන.

49. “යෝ ඛ්වායං පුග්ගලෝ ථද්ධෝ අතිමානී, අයං මේ පුග්ගලෝ අප්පියෝ අමනාපෝ; අහඤ්චේව ඛෝ පනස්සං ථද්ධෝ අතිමානී, අහම්පස්සං පරේසං අප්පියෝ අමනාපෝ”ති. ඒවං ජානන්තේනාවුසෝ භික්ඛුනා “අත්ථද්ධෝ භවිස්සාමි අනතිමානී”ති චිත්තං උප්පාදේතබ්බං.

(15). ‘යම් පුද්ගලයෙක් සාධාරණ අදහස් ඉදිරියේ නැමෙන්නෙ නැත්නම්, මාන්නාධික නම් මට ඒ පුද්ගලයාව ප්‍රිය නෑ. ඒ පුද්ගලයාට මම කැමති නෑ. ඉතින්, මමත් සාධාරණ අදහස් ඉදිරියේ නොනැමී සිටින්න ගියොත්, මාන්නාධිකව සිටියොත් අනිත් උදවියට මාවත් අප්‍රිය වේවි. මට කැමති වෙන එකක් නෑ.’ ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ විදිහට දැනගන්නා භික්ෂුව ‘මම නම් සාධාරණ කරුණු ඉදිරියේ නොනැමී ඉන්නෙ නෑ. නිහතමානීව ඉන්නවා’ කියල හිතට ගන්න ඕන.

50. “යෝ ඛ්වායං පුග්ගලෝ සන්දිට්ඨිපරාමාසී ආධානගාහී දුප්පටිනිස්සග්ගී, අයං මේ පුග්ගලෝ අප්පියෝ අමනාපෝ; අහඤ්චේව ඛෝ පනස්සං සන්දිට්ඨිපරාමාසී ආධානගාහී දුප්පටිනිස්සග්ගී, අහම්පස්සං පරේසං අප්පියෝ අමනාපෝ”ති. ඒවං ජානන්තේනාවුසෝ භික්ඛුනා “අසන්දිට්ඨිපරාමාසී භවිස්සාමි අනාධානග්ගාහී සුප්පටිනිස්සග්ගී”ති චිත්තං උප්පාදේතබ්බං.

(16). ‘යම් පුද්ගලයෙක් තමන් වැරදි විදිහට මතවාද අල්ලගෙන ඒකට ම කැරකි කැරකී එනවා නම්, ඒ මතවලට ම දැඩිව බැඳිල යනවා නම්, ලේසියෙන් අත්හරින්නෙ නැත්නම් මට ඒ පුද්ගලයාව ප්‍රිය නෑ. මම ඒ පුද්ගලයාට කැමති නෑ. ඉතින්, මමත් වැරදි විදිහට මතවාද ඇති කරගෙන, ඒවාට ම කැරකි කැරකී යන්න ගියොත්, ඒ මතවලට දැඩි විදිහට බැඳෙන්න ගියොත්, ලේසියෙන් අත්හරින්න බැරිවුනොත් අනිත් උදවියට මාවත් අප්‍රිය වෙලා යාවි. මට කැමති නැති වේවි.’ ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ විදියට දැනගන්න භික්ෂුව ‘මම නම් වැරදි මතවාදවල එල්ලිලා ඒවාට ම කැරකි කැරකී යන්නෙ නෑ. ඒවාට ම බැඳෙන්නෙ නෑ. මම ඒ මත ඕනෑ ම එකක් ලේසියෙන් අත්හරින්න පුළුවන් ස්වභාවයෙන් ඉන්නවා’ කියල හිතට ගන්න ඕන.

51. තත්‍රාවුසෝ භික්ඛුනා අත්තනාව අත්තානං ඒවං පච්චවෙක්ඛිතබ්බං: “කිං නු ඛොම්හි පාපිච්ඡෝ පාපිකානං ඉච්ඡානං වසං ගතෝ”ති? සචේ ආවුසෝ භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: “පාපිච්ඡෝ ඛොම්හි පාපිකානං ඉච්ඡානං වසං ගතෝ”ති. තේනාවුසෝ භික්ඛුනා තේසංයේව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචේ පනාවුසෝ භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: “න ඛොම්හි පාපිච්ඡෝ න පාපිකානං ඉච්ඡානං වසං ගතෝ”ති, තේනාවුසෝ භික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බං අහෝරත්තානුසික්ඛිනා කුසලේසු ධම්මේසු.

(01). ප්‍රිය ආයුෂ්මතුනි, එහිලා භික්ෂුව තමන් ගැන තමන් තුළින් ම මේ විදිහට විමසල බලන්න ඕන. ‘ඇත්තෙන් ම මම ලාමක ආශාවන් තියෙන කෙනෙක්ද? ලාමක ආශාවන්ට යටවෙච්ච කෙනෙක්ද?’ කියල. ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ විදිහට නුවණින් විමසල බලන කොට භික්ෂුවට තමන් ගැන ම දැනගන්න පුළුවනි. ‘ආ! මම ලාමක ආශා තියෙන කෙනෙක් නෙ. ලාමක ආශාවන්ට යටවෙච්ච කෙනෙක් නෙ’ කියල. ප්‍රිය ආයුෂ්මතුනි, ඒ භික්ෂුව අන්න ඒ පාපී අකුසල් නැති කර දමන්න මහන්සි ගන්න ඕන.

ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව නුවණින් විමසන කොට මේ විදිහට දැනගත්තොත් ‘මම ලාමක ආශා ඇති කෙනෙක් නෙවෙයි. මම ලාමක ආශාවන්ට යටවෙච්ච කෙනෙක් නෙවෙයි’ කියල, එතකොට ඒ භික්ෂුව දිවා රාත්‍රී දෙකේ මේ සදහම් මගේ පුරුදු වෙවී ප්‍රීතියෙන් සතුටින් ඉන්න ඕන.

52. පුන ච පරං ආවුසෝ භික්ඛුනා අත්තනාව අත්තානං ඒවං පච්චවෙක්ඛිතබ්බං: “කින්නු ඛොම්හි අත්තුක්කංසකෝ පරවම්භී”ති? සචේ ආවුසෝ භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: “අත්තුක්කංසකෝ ඛොම්හි පරවම්භී”ති. තේනාවුසෝ භික්ඛුනා තේසංයේව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචේ පනාවුසෝ භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: “අනත්තුක්කංසකෝ ඛොම්හි අපරවම්භී”ති, තේනාවුසෝ භික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බං අහෝරත්තානුසික්ඛිනා කුසලේසු ධම්මේසු.

(02). මේ ගැන තවදුරටත් කියනවා නම් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව තමන් ගැන තමන් තුළින් ම මේ විදිහට විමසල බලන්න ඕන. ‘ඇත්තෙන් ම මම මහ ඉහළින් මං ගැන පුරාජේරුව කියන කෙනෙක් ද? අනුන්ව හෙළා පෙළා කතා කරන කෙනෙක්ද?’ කියලා. ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ විදිහට නුවණින් විමසල බලද්දි භික්ෂුවට තමන් ගැනම දැනගන්න පුළුවනි. ‘ආ! මමත් මහ ඉහළින් හිතාගෙන මං ගැන පුරාජේරුව කියන කෙනෙක් නෙ. අනුන්ව හෙළා පෙළා කතා කරන කෙනෙක් නෙ’ කියල. ප්‍රිය ආයුෂ්මතුනි, එතකොට ඒ භික්ෂුව ඒ පාපී අකුසල් නැති කරන්න මහන්සි වෙන්න ඕන.

ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව තමන් ගැන නුවණින් විමසා බලද්දි මෙන්න මේ විදිහට දැනගත්තොත් ‘නෑ! මම නම් මහ ඉහළින් මං ගැන පුරාජේරුව කියන කෙනෙක් නෙවෙයි. අනුන්ව හෙළා පෙළා කතා කරන කෙනෙකුත් නෙවෙයි’ කියලා. ඒ භික්ෂුව දිවා රාත්‍රී දෙකේ ම මේ සදහම් මගේ පුරුදු වෙවී ප්‍රීතියෙන් සතුටින් ඉන්න ඕන.

53. පුන ච පරං ආවුසෝ භික්ඛුනා අත්තනාව අත්තානං ඒවං පච්චවෙක්ඛිතබ්බං: “කින්නු ඛොම්හි කෝධනෝ කෝධාභිභූතෝ”ති? සචේ ආවුසෝ භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: “කෝධනෝ ඛොම්හි කෝධාභිභූතෝ”ති. තේනාවුසෝ භික්ඛුනා තේසංයේව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචේ පනාවුසෝ භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: “න ඛොම්හි කෝධනෝ කෝධාභිභූතෝ”ති, තේනාවුසෝ භික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බං අහෝරත්තානුසික්ඛිනා කුසලේසු ධම්මේසු.

(03). මේ ගැන තවදුරටත් කියනවා නම් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව තමන් ගැන තමන් තුළින් ම මේ විදිහට විමසල බලන්න ඕන. ‘ඇත්තෙන් ම මම ක්‍රෝධ කරන කෙනෙක්ද? ක්‍රෝධයට යටවෙන කෙනෙක්ද?’ කියලා. ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ විදිහට නුවණින් විමසල බලන කොට භික්ෂුවට තමන් ගැන දැනගන්න පුළුවනි. ‘ආ! මමත් ක්‍රෝධ කරන කෙනෙක් නෙ. ක්‍රෝධයට යටවෙන කෙනෙක් නෙ’ කියල. ප්‍රිය ආයුෂ්මතුනි, එතකොට ඒ භික්ෂුව ඒ පාපී අකුසල් නැති කරන්න මහන්සි වෙන්න ඕන.

ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව තමන් ගැන නුවණින් විමසා බලද්දි මෙන්න මේ විදිහට දැනගත්තොත් ‘නෑ! මම ක්‍රෝධ කරන කෙනෙක් නෙවෙයි. මම ක්‍රෝධයට යටවෙන කෙනෙකුත් නෙවෙයි’ කියලා. ප්‍රිය ආයුෂ්මතුනි, ඒ භික්ෂුව දිවා රාත්‍රී දෙකේ ම මේ සදහම් මගේ පුරුදු වෙවී ප්‍රීතියෙන් සතුටින් ඉන්න ඕන.

54. පුන ච පරං ආවුසෝ භික්ඛුනා අත්තනාව අත්තානං ඒවං පච්චවෙක්ඛිතබ්බං: “කින්නු ඛොම්හි කෝධනෝ කෝධහේතු උපනාහී”ති? සචේ ආවුසෝ භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: “කෝධනෝ ඛොම්හි කෝධහේතු උපනාහී”ති. තේනාවුසෝ භික්ඛුනා තේසංයේව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචේ පනාවුසෝ භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: “න ඛොම්හි කෝධනෝ න කෝධහේතු උපනාහී”ති, තේනාවුසෝ භික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බං අහෝරත්තානුසික්ඛිනා කුසලේසු ධම්මේසු.

(04). මේ ගැන තවදුරටත් කියනවා නම් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව තමන් ගැන තමන් තුළින් ම මේ විදිහට විමසල බලන්න ඕන. ‘ඇත්තෙන් ම මම ක්‍රෝධ කරන කෙනෙක්ද? ක්‍රෝධයෙන් ඇතිවෙන බද්ධ වෛර තියෙන කෙනෙක්ද?’ කියලා. ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ විදිහට නුවණින් විමසල බලද්දි භික්ෂුවට තමන් ගැන ම දැනගන්න පුළුවනි. ‘ආ! මාත් ක්‍රෝධ කරන කෙනෙක් නෙව. ක්‍රෝධයෙන් ඇතිවෙන බද්ධ වෛරය තියෙන කෙනෙක් නෙව’ කියල. ප්‍රිය ආයුෂ්මතුනි, එතකොට ඒ භික්ෂුව ඒ පාපී අකුසල් නැති කර දමන්න මහන්සි වෙන්න ඕන.

ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව තමන් ගැන නුවණින් විමසා බලද්දි මෙන්න මේ විදිහට දැනගත්තොත් ‘නෑ! මම නම් ක්‍රෝධ කරන කෙනෙක් නොවෙයි. ක්‍රෝධයෙන් වෛර බැඳගත්ත කෙනෙක් නෙවෙයි’ කියලා. එතකොට ඒ භික්ෂුව දිවා රාත්‍රී දෙකේ මේ සදහම් පිළිවෙතේ පුරුදු වෙවී ප්‍රීතියෙන් සතුටින් ඉන්න ඕන.

55. පුන ච පරං ආවුසෝ භික්ඛුනා අත්තනාව අත්තානං ඒවං පච්චවෙක්ඛිතබ්බං: “කින්නු ඛොම්හි කෝධනෝ කෝධහේතු අභිසංගී”ති? සචේ ආවුසෝ භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: “කෝධනෝ ඛොම්හි කෝධහේතු අභිසංගී”ති, තේනාවුසෝ භික්ඛුනා තේසංයේව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචේ පනාවුසෝ භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: “න ඛොම්හි කෝධනෝ කෝධහේතු අභිසංගී”ති, තේනාවුසෝ භික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බං අහෝරත්තානුසික්ඛිනා කුසලේසු ධම්මේසු.

(05). මේ ගැන තවදුරටත් කියනවා නම් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව තමන් ගැන තමන් තුළින් ම මේ විදිහට විමසල බලන්න ඕන. ‘ඇත්තෙන් ම මම ක්‍රෝධ කරන කෙනෙක් ද? ක්‍රෝධය නිසා හැදෙන රණ්ඩුවලට යන කෙනෙක් ද?’ කියලා. ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ විදිහට නුවණින් විමසල බලද්දි භික්ෂුවට තමන් ගැන ම දැනගන්න පුළුවනි. ‘ආ! මමත් ක්‍රෝධ කරන කෙනෙක් නෙව. මමත් ක්‍රෝධයෙන් හැදෙන රණ්ඩුවලට යන කෙනෙක් නෙව’ කියලා. ප්‍රිය ආයුෂ්මතුනි, එතකොට ඒ භික්ෂුව ඒ පාපී අකුසල් නැති කර දමන්න මහන්සි ගන්න ඕන.

ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව තමන් ගැන නුවණින් විමසා බලද්දි මෙන්න මේ විදිහට දැනගත්තොත් ‘නෑ! මම නම් ක්‍රෝධ කරන කෙනෙක් නොවෙයි. ක්‍රෝධය නිසා ඇතිවෙන රණ්ඩුවලට යන කෙනෙක් නෙවෙයි’ කියල, ප්‍රිය ආයුෂ්මතුනි, ඔය විදිහට දැනගත්තා ම ඒ භික්ෂුව දිවා රාත්‍රී දෙකේ මේ සදහම් පිළිවෙතේ පුරුදු වෙවී ප්‍රීතියෙන් සතුටින් ඉන්න ඕන.

56. පුන ච පරං ආවුසෝ භික්ඛුනා අත්තනාව අත්තානං ඒවං පච්චවෙක්ඛිතබ්බං: “කිං නු ඛොම්හි කෝධනෝ කෝධසාමන්තා වාචං නිච්ඡාරේතා”ති. සචේ ආවුසෝ භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: “කෝධනෝ ඛොම්හි කෝධසාමන්තා වාචං නිච්ඡාරේතා”ති, තේනාවුසෝ භික්ඛුනා තේසංයේව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචේ පනාවුසෝ භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති “න ඛොම්හි කෝධනෝ න කෝධසාමන්තා වාචං නිච්ඡාරේතා”ති, තේනාවුසෝ භික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බං අහෝරත්තානුසික්ඛිනා කුසලේසු ධම්මේසු.

(06). මේ ගැන තවදුරටත් කියනවා නම් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව තමන් ගැන තමන් තුළින් ම මේ විදිහට විමසල බලන්න ඕන. ‘ඇත්තෙන් ම මම ක්‍රෝධ කරන කෙනෙක් ද? ක්‍රෝධය ඇවිස්සෙන වචන කියන කෙනෙක් ද?’ කියලා. ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ විදිහට නුවණින් විමසල බලද්දි ඒ භික්ෂුවට තමන් ගැන ම දැනගන්න පුළුවනි. ‘ආ! මමත් ක්‍රෝධ කරන කෙනෙක් නෙව. ක්‍රෝධය ඇවිස්සෙන දේත් කියන්න යන කෙනෙක් නෙව’ කියලා. ප්‍රිය ආයුෂ්මතුනි, එතකොට ඒ භික්ෂුව ඒ පාපී අකුසල් නැති කරන්න මහන්සි ගන්න ඕන.

ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව තමන් ගැන නුවණින් විමසා බලද්දි මෙන්න මේ විදිහට දැනගත්තොත් ‘නෑ! මම නම් ක්‍රෝධ කරන කෙනෙක් නොවෙයි. ක්‍රෝධය ඇවිස්සෙන දේ කියන කෙනෙකුත් නොවෙයි’ කියල, ප්‍රිය ආයුෂ්මතුනි, ඔය විදිහට දැනගත්තා ම ඒ භික්ෂුව දිවා රාත්‍රී දෙකේ මේ සදහම් පිළිවෙතේ පුරුදු වෙවී ප්‍රීතියෙන් සතුටින් ඉන්න ඕන.

57. පුන ච පරං ආවුසෝ භික්ඛුනා අත්තනාව අත්තානං ඒවං පච්චවෙක්ඛිතබ්බං: “කින්නු ඛොම්හි චූදිතෝ චෝදකේන චෝදකං පටිප්ඵරාමී”ති. සචේ ආවුසෝ භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: “චූදිතෝ ඛොම්හි චෝදකේන චෝදකං පටිප්ඵරාමී”ති, තේනාවුසෝ භික්ඛුනා තේසං යේව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචේ පනාවුසෝ භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: “චූදිතෝ ඛොම්හි චෝදකේන චෝදකං න පටිප්ඵරාමී”ති තේනාවුසෝ භික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බං අහෝරත්තානුසික්ඛිනා කුසලේසු ධම්මේසු.

(07). මේ ගැන තවදුරටත් කියනවා නම් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව තමන් ගැන තමන් තුළින්ම මේ විදිහට විමසල බලන්න ඕන. ‘ඇත්තෙන් ම මගේ අඩුපාඩු කවුරු හරි මට පෙන්නල දුන්නොත් මම එයාට විරුද්ධ වෙන කෙනෙක් ද?’ කියලා. ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ විදිහට නුවණින් විමසල බලද්දි ඒ භික්ෂුවට තමන් ගැනම දැනගන්න පුළුවනි. ‘ආ! මම වුනත් මගේ අඩුපාඩු කවුරු හරි පෙන්නල දෙනකොට ඒ කෙනාට විරුද්ධ වෙනවා නෙව’ කියලා. ප්‍රිය ආයුෂ්මතුනි, එතකොට ඒ භික්ෂුව ඒ පාපී අකුසල් නැති කර දමන්න මහන්සි වෙන්න ඕන.

ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව තමන් ගැන නුවණින් විමසා බලද්දි මෙන්න මේ විදිහට දැනගත්තොත් ‘නෑ! මම එහෙම කෙනෙක් නෙවෙයි. මගේ අඩුපාඩු කවුරු හරි පෙන්නල දෙන කොට මම ඒ පුද්ගලයාට විරුද්ධ වෙන්නෙ නෑ’ කියලා. ප්‍රිය ආයුෂ්මතුනි, ඔය විදිහට දැනගත්තා ම ඒ භික්ෂුව දිවා රාත්‍රී දෙකේ මේ සදහම් මගේ පුරුදු වෙවී ප්‍රීතියෙන් සතුටින් ඉන්ට ඕන.

58. පුන ච පරං ආවුසෝ භික්ඛුනා අත්තනාව අත්තානං ඒවං පච්චවෙක්ඛිතබ්බං: “කින්නු ඛොම්හි චූදිතෝ චෝදකේන චෝදකං අපසාදේමී”ති. සචේ ආවුසෝ භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: “චූදිතෝ ඛොම්හි චෝදකේන චෝදකං අපසාදේමී”ති, තේනාවුසෝ භික්ඛුනා තේසං යේව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචේ පනාවුසෝ භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: “චූදිතෝ ඛොම්හි චෝදකේන චෝදකං න අපසාදේමී”ති, තේනාවුසෝ භික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බං අහෝරත්තානුසික්ඛිනා කුසලේසු ධම්මේසු.

(08). මේ ගැන තවදුරටත් කියනවා නම් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව තමන් තැන තමන් තුළින් ම මේ විදිහට විමසල බලන්න ඕන. ‘ඇත්තෙන් ම මගේ අඩුපාඩු කවුරු හරි කියන කොට මම එයාට අපහාස කරන කෙනෙක් ද?’ කියලා. ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ විදිහට නුවණින් විමසල බලද්දි භික්ෂුවට තමන් ගැන ම දැනගන්න පුළුවනි. ‘ආ! මමත් මගේ අඩුපාඩු කවුරු හරි පෙන්නල දෙන කොට මම එයාට අපහාස කරන කෙනෙක් නෙව’ කියල. ප්‍රිය ආයුෂ්මතුනි, එතකොට ඒ භික්ෂුව ඒ පාපී අකුසල් නැති කර දමන්න මහන්සි ගන්න ඕන.

ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව තමන් ගැන නුවණින් විමසා බලද්දි මෙන්න මේ විදිහට දැනගත්තොත් ‘නෑ! මම එහෙම කෙනෙක් නෙවෙයි. මට කවුරු හරි අඩුපාඩු කියා දෙන්න ආවොත් මම නම් එයාට අපහාස කරන්න යන්නෙ නෑ’ කියලා. ප්‍රිය ආයුෂ්මතුනි, ඔය විදිහට දැනගත්ත ම ඒ භික්ෂුව දිවා රාත්‍රී දෙකේ මේ සදහම් පිළිවෙතේ පුරුදු වෙවී ප්‍රීතියෙන් සතුටින් ඉන්න ඕන.

59. පුන ච පරං ආවුසෝ භික්ඛුනා අත්තනාව අත්තානං ඒවං පච්චවෙක්ඛිතබ්බං: “කින්නු ඛොම්හි චූදිතෝ චෝදකේන චෝදකස්ස පච්චාරෝපේමී”ති. සචේ ආවුසෝ භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: “චූදිතෝ ඛොම්හි චෝදකේන චෝදකස්ස පච්චාරෝපේමී”ති, තේනාවුසෝ භික්ඛුනා තේසංයේව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචේ පනාවුසෝ භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: “චූදිතෝ ඛොම්හි චෝදකේන චෝදකස්ස න පච්චාරෝපේමී”ති, තේනාවුසෝ භික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බං අහෝරත්තානුසික්ඛිනා කුසලේසු ධම්මේසු.

(09). මේ ගැන තවදුරටත් කියනවා නම් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව තමන් ගැන තමන් තුළින් ම මේ විදිහට විමසල බලන්න ඕන. ‘ඇත්තෙන් ම කවුරු හරි මගේ අඩුපාඩු පෙන්නල දෙන්න ආවොත් මම එයාගේ අඩුපාඩු පෙන්නලා දෙන්න පටන් ගන්න කෙනෙක්ද?’ කියලා. ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ විදිහට නුවණින් විමසල බලද්දි ඒ භික්ෂුවට තමන් ගැන ම දැනගන්න පුළුවනි. ‘ආ! මමත් මගේ අඩුපාඩු කවුරු හරි පෙන්නල දෙන කොට එයාගේ අඩුපාඩු පෙන්නන්න පටන් ගන්නවා නේද?’ කියලා. ප්‍රිය ආයුෂ්මතුනි, එතකොට ඒ භික්ෂුව ඒ පාපී අකුසලයන් නැති කරන්න මහන්සි ගන්න ඕන.

ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව තමන් ගැන නුවණින් විමසා බලද්දි මෙන්න මේ විදිහට දැනගත්තොත් ‘නෑ! මම එහෙම කෙනෙක් නෙවෙයි. කවුරු හරි මගේ අඩුපාඩු පෙන්නලා දෙන්න ආවොත් මම එයාගේ අඩුපාඩු පෙන්නන්න පටන් ගන්න කෙනෙක් නෙවෙයි’ කියලා. ප්‍රිය ආයුෂ්මතුනි, ඔය විදිහට දැනගත්තා ම ඒ භික්ෂුව දිවා රාත්‍රී දෙකේ මේ සදහම් මගේ පුරුදු වෙවී ප්‍රීතියෙන් සතුටින් ඉන්න ඕන.

60. පුන ච පරං ආවුසෝ භික්ඛුනා අත්තනාව අත්තානං ඒවං පච්චවෙක්ඛිතබ්බං: “කින්නු ඛොම්හි චූදිතෝ චෝදකේන අඤ්ඤේනඤ්ඤං පටිචරාමි, බහිද්ධා කථං අපනාමේමි, කෝපඤ්ච දෝසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරෝමී”ති. සචේ ආවුසෝ භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: “චූදිතෝ ඛොම්හි චෝදකේන අඤ්ඤේනඤ්ඤං පටිචරාමි, බහිද්ධා කථං අපනාමේමි, කෝපඤ්ච දෝසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරෝමී”ති, තේනාවුසෝ භික්ඛුනා තේසං යේව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචේ පනාවුසෝ භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: “චූදිතෝ ඛොම්හි චෝදකේන න අඤ්ඤේනඤ්ඤං පටිචරාමි. න බහිද්ධා කථං අපනාමේමි. න කෝපඤ්ච දෝසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරෝමී”ති, තේනාවුසෝ භික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බං අහෝරත්තානුසික්ඛිනා කුසලේසු ධම්මේසු.

(10). මේ ගැන තවදුරටත් කියනවා නම් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව තමන් ගැන තමන් තුළින් ම මේ විදිහට විමසල බලන්න ඕන. ‘ඇත්තෙන් ම කවුරු හරි මගේ අඩුපාඩු පෙන්නලා දෙන්න ආවොත් මම වෙන කතාවකින් ඒක වහල දාන කෙනෙක්ද? අදාළ නැති කතා ඇදල ගන්න කෙනෙක්ද? කෝප වෙන කෙනෙක්ද? තරහ වෙන කෙනෙක්ද? ආයෙත් ඒ ගැන කතා කරන්න බැරි තත්වයක් හදන කෙනෙක්ද?’ කියලා. ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ විදිහට නුවණින් විමසල බලද්දි භික්ෂුවට තමන් ගැන ම දැනගන්න පුළුවනි. ‘ආ! කවුරු හරි මගේ අඩුපාඩු පෙන්නන්න ආවොත් මම වෙන කතාවකින් ඒක වහල දාන කෙනෙක් නෙව. අදාල නැති කතා ඇදල ගන්න කෙනෙක් නෙව. කෝප වෙන කෙනෙක් නෙව. කේන්ති ගන්න කෙනෙක් නෙව. ආයෙත් ඒ ගැන කතා කරන්න බැරි තත්වයක් හදන කෙනෙක් නෙව’ කියලා. ප්‍රිය ආයුෂ්මතුනි, එතකොට ඒ භික්ෂුව ඒ පාපී අකුසලයන් නැති කරන්න මහන්සි ගන්න ඕන.

ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව තමන් ගැන නුවණින් විමසා බලද්දි මෙන්න මේ විදිහට දැනගත්තොත් ‘නෑ! මම නම් එහෙම කෙනෙක් නෙවෙයි. කවුරු හරි මගේ අඩුපාඩු පෙන්නන්න ආවොත් මම ඒක වෙන කතාවකින් වහන්නෙ නෑ. අදාළ නැති කතා ඇදල ගන්නෙ නෑ. කෝප වෙන්නෙ නෑ. තරහ ගන්නෙ නෑ. ආයෙ ඒ ගැන කතා කරන්න බැරි තත්වයක් හදන්නෙ නෑ’ කියලා. ප්‍රිය ආයුෂ්මතුනි, ඔය විදිහට දැනගත්ත ම ඒ භික්ෂුව දිවා රාත්‍රී දෙකේ මේ සදහම් පිළිවෙතේ පුරුදු වෙවී ප්‍රීතියෙන් සතුටින් ඉන්න ඕන.

61. පුන ච පරං ආවුසෝ භික්ඛුනා අත්තනාව අත්තානං ඒවං පච්චවෙක්ඛිතබ්බං: “කින්නු ඛොම්හි චූදිතෝ චෝදකේන අපදානේ න සම්පායාමී”ති. සචේ ආවුසෝ භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: “චූදිතෝ ඛොම්හි චෝදකේන අපදානේ න සම්පායාමී”ති, තේනාවුසෝ භික්ඛුනා තේසං යේව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං, සචේ පනාවුසෝ භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: “චූදිතෝ ඛොම්හි චෝදකේන අපදානේ සම්පායාමී”ති, තේනාවුසෝ භික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බං අහෝරත්තානුසික්ඛිනා කුසලේසු ධම්මේසු.

(11). මේ ගැන තවදුරටත් කියනවා නම් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව තමන් ගැන තමන් තුළින් ම මේ විදිහට විමසල බලන්න ඕන. ‘ඇත්තෙන් ම කවුරු හරි මගේ අඩුපාඩු පෙන්නන්න ආවොත් මා තුළ ඒ අඩුපාඩු තියෙද්දි මම ඒක නොපිළිගන්න කෙනෙක් ද?’ කියලා. ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ විදිහට නුවණින් විමසල බලද්දි ඒ භික්ෂුවට තමන් ගැන ම දැනගන්න පුළුවනි. ‘ආ! මමත් කවුරු හරි මගේ අඩුපාඩු පෙන්නන්න ආවොත් මා තුළ ඒවා තියෙන බව දැක දැකත් මම ඒවා පිළිගන්නෙ නැති කෙනෙක් නේද?’ කියලා. ප්‍රිය ආයුෂ්මතුනි, එතකොට ඒ භික්ෂුව ඒ පාපී අකුසලයන් නැති කරන්න මහන්සි වෙන්න ඕන.

ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව තමන් ගැන නුවණින් විමසා බලද්දි මෙන්න මේ විදිහට දැනගත්තොත් ‘නෑ! මම නම් එහෙම කෙනෙක් නෙවෙයි. කවුරු හරි මගේ අඩුපාඩු පෙන්නලා දෙන කොට ඒවා මා තුළ තියෙනවා නම් ඒක දැකලා මට ඒවා හදාගන්න පුළුවනි’ කියලා. ප්‍රිය ආයුෂ්මතුනි, ඔය විදිහට දැනගත්ත ම ඒ භික්ෂුව දිවා රාත්‍රී දෙකේ මේ සදහම් පිළිවෙතේ පුරුදු වෙවී ප්‍රීතියෙන් සතුටින් ඉන්න ඕන.

62. පුන ච පරං ආවුසෝ භික්ඛුනා අත්තනාව අත්තානං ඒවං පච්චවෙක්ඛිතබ්බං: “කින්නු ඛොම්හි මක්ඛී පළාසී”ති. සචේ ආවුසෝ භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: “මක්ඛී ඛොම්හි පළාසී”ති. තේනාවුසෝ භික්ඛුනා තේසං යේව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචේ පනාවුසෝ භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: “අමක්ඛී ඛොම්හි අපළාසී”ති, තේනාවුසෝ භික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බං අහෝරත්තානුසික්ඛිනා කුසලේසු ධම්මේසු.

(12). මේ ගැන තවදුරටත් කියනවා නම් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව තමන් ගැන තමන් තුළින් ම මේ විදිහට විමසල බලන්න ඕන. ‘ඇත්තෙන් ම මම ගුණමකුවෙක්ද? එකට එක කරන කෙනෙක්ද?’ කියලා. ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ විදිහට නුවණින් සලකල බලද්දි ඒ භික්ෂුවට තමන් ගැන ම දැනගන්න පුළුවනි. ‘ආ! මමත් ගුණමකුවෙක්නෙ. එකට එක කරන කෙනෙක් නෙ’ කියලා. ප්‍රිය ආයුෂ්මතුනි, එතකොට ඒ භික්ෂුව ඒ පාපී අකුසල් නැති කරන්න මහන්සි වෙන්න ඕන.

ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව තමන් ගැන නුවණින් විමසා බලද්දි මෙන්න මේ විදිහට දැනගත්තොත් ‘නෑ! මම ඒ විදිහේ කෙනෙක් නෙවෙයි. මම ගුණමකුවෙක් නෙවෙයි. එකට එක කරන කෙනෙක් නෙවෙයි’ කියලා. ප්‍රිය ආයුෂ්මතුනි, ඔය විදිහට දැනගත්ත ම ඒ භික්ෂුව දිවා රාත්‍රී දෙකේ මේ සදහම් පිළිවෙතේ පුරුදු වෙවී ප්‍රීතියෙන් සතුටින් ඉන්න ඕන.

63. පුන ච පරං ආවුසෝ භික්ඛුනා අත්තනාව අත්තානං ඒවං පච්චවෙක්ඛිතබ්බං: “කින්නු ඛොම්හි ඉස්සුකී මච්ඡරී”ති. සචේ ආවුසෝ භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති “ඉස්සුකී ඛොම්හි මච්ඡරී”ති, තේනාවුසෝ භික්ඛුනා තේසංයේව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචේ පනාවුසෝ භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: “අනිස්සුකී ඛොම්හි අමච්ඡරී”ති, තේනාවුසෝ භික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බං අහෝරත්තානුසික්ඛිනා කුසලේසු ධම්මේසු.

(13). මේ ගැන තවදුරටත් කියනවා නම් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව තමන් ගැන තමන් තුළින් ම මේ විදිහට විමසල බලන්න ඕන. ‘ඇත්තෙන් ම මම ඉරිසියාකාරයෙක් ද? මගේ දෙයක් කවුරුවත් පාවිච්චි කරනවාට අකමැති වෙන මසුරෙක්ද?’ කියලා. ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ විදිහට නුවණින් විමසා බලද්දි ඒ භික්ෂුවට තමන් ගැන ම දැනගන්න පුළුවනි. ‘ආ! මමත් ඉරිසියාකාරයෙක් නෙව. මමත් මගේ දෙයක් තව කෙනෙක් පාවිච්චි කරනවාට අකමැති මසුරෙක් නෙව’ කියල. ප්‍රිය ආයුෂ්මතුනි, එතකොට ඒ භික්ෂුව ඒ පාපී අකුසලයන් නැතිකරන්න මහන්සි වෙන්න ඕන.

ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව තමන් ගැන නුවණින් විමසා බලද්දි මෙන්න මේ විදිහට දැනගත්තොත් ‘නෑ! මම එහෙම කෙනෙක් නෙවෙයි. මම ඉරිසියාකාරයෙක් නෙවෙයි. මම මසුරෙකුත් නෙමෙයි’ කියලා. ප්‍රිය ආයුෂ්මතුනි, ඔය විදිහට දැනගත්ත ම ඒ භික්ෂුව දිවා රාත්‍රී දෙකේ මේ සදහම් පිළිවෙතේ පුරුදු වෙවී ප්‍රීතියෙන් සතුටින් ඉන්න ඕන.

64. පුන ච පරං ආවුසෝ භික්ඛුනා අත්තනාව අත්තානං ඒවං පච්චවෙක්ඛිතබ්බං: “කින්නු ඛොම්හි සඨෝ මායාවී”ති. සචේ ආවුසෝ භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: “සඨෝ ඛොම්හි මායාවී”ති, තේනාවුසෝ භික්ඛුනා තේසං යේව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචේ පනාවුසෝ භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: “අසඨෝ ඛොම්හි අමායාවී”ති, තේනාවුසෝ භික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බං අහෝරත්තානුසික්ඛිනා කුසලේසු ධම්මේසු.

(14). මේ ගැන තවදුරටත් කියනවා නම් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව තමන් ගැන තමන් තුළින් ම යි මේ විදිහට විමසල බලන්න ඕන. ‘ඇත්තෙන් ම මම කපටියෙක්ද? නැති ගුණ බොරුවට පෙන්නගෙන ඉන්න කෙනෙක්ද?’ කියලා. ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ විදිහට නුවණින් විමසල බලද්දි ඒ භික්ෂුවට තමන් ගැන ම දැනගන්න පුළුවනි. ‘ආ! මමත් කෛරාටිකයෙක් නෙව. නැති ගුණ බොරුවට පෙන්නන කෙනෙක් නෙව’ කියලා. ප්‍රිය ආයුෂ්මතුනි, එතකොට ඒ භික්ෂුව ඒ පාපී අකුසලයන් නැති කරන්න මහන්සි වෙන්න ඕන.

ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව තමන් ගැන නුවණින් විමසා බලද්දි මෙන්න මේ විදිහට දැනගත්තොත් ‘නෑ! මම නම් එහෙම කෙනෙක් නෙවෙයි. මම කපටි කෙනෙක් නෙවෙයි. නැති ගුණ පෙන්නන කෙනෙකුන් නොවෙයි’ කියල. ප්‍රිය ආයුෂ්මතුනි, ඔය විදිහට දැනගත්ත ම ඒ භික්ෂුව දිවා රාත්‍රී දෙකේ මේ සදහම් පිළිවෙතේ පුරුදු වෙවී ප්‍රීතියෙන් සතුටින් ඉන්න ඕන.

65. පුන ච පරං ආවුසෝ භික්ඛුනා අත්තනාව අත්තානං ඒවං පච්චවෙක්ඛිතබ්බං: “කින්නු ඛොම්හි ථද්ධෝ අතිමානී”ති. සචේ ආවුසෝ භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: “ථද්ධෝ ඛොම්හි අතිමානී”ති, තේනාවුසෝ භික්ඛුනා තේසං යේව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචේ පනාවුසෝ භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: “අත්ථද්ධෝ ඛොම්හි අනතිමානී”ති, තේනාවුසෝ භික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බං අහෝරත්තානුසික්ඛිනා කුසලේසු ධම්මේසු.

(15). මේ ගැන තවදුරටත් කියනවා නම් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව තමන් ගැන තමන් තුළින් ම යි මේ විදිහට විමසල බලන්න ඕන. ‘ඇත්තෙන් ම මම සාධාරණ කරුණු ඉදිරියේ නොනැමෙන කෙනෙක්ද? මාන්නක්කාරයෙක්ද?’ කියලා. ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ විදිහට නුවණින් සලකල බලද්දි ඒ භික්ෂුවට තමන් ගැන ම දැනගන්න පුළුවනි. ‘ආ! මමත් සාධාරණ කරුණු ඉදිරියේ නොනැමෙන කෙනෙක් නෙ. මාන්නක්කාරයෙක් නෙ’ කියලා. ප්‍රිය ආයුෂ්මතුනි, එතකොට ඒ භික්ෂුව ඒ පාපී අකුසලයන් නැති කරන්න මහන්සි වෙන්න ඕන.

ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව තමන් ගැන නුවණින් විමසා බලද්දි මෙන්න මේ විදිහට දැනගත්තොත් ‘නෑ! මම එහෙම කෙනෙක් නෙවෙයි. මම නම් සාධාරණ කරුණු ඉදිරියේ හිස නමන කෙනෙක්. නිහතමානී කෙනෙක්’ කියලා. ප්‍රිය ආයුෂ්මතුනි, ඔය විදිහට දැනගත්ත ම ඒ භික්ෂුව දිවා රාත්‍රී දෙකේ මේ සදහම් පිළිවෙතේ පුරුදු වෙවී ප්‍රීතියෙන් සතුටින් ඉන්න ඕන.

66. පුන ච පරං ආවුසෝ භික්ඛුනා අත්තනාව අත්තානං ඒවං පච්චවෙක්ඛිතබ්බං: “කින්නු ඛොම්හි සන්දිට්ඨිපරාමාසී ආධානගාහී දුප්පටිනිස්සග්ගී”ති. සචේ ආවුසෝ භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: “සන්දිට්ඨිපරාමාසී ඛොම්හි ආධානගාහී දුප්පටිනිස්සග්ගී”ති, තේනාවුසෝ භික්ඛුනා තේසං යේව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචේ පනාවුසෝ භික්ඛු පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති: “අසන්දිට්ඨිපරාමාසී ඛොම්හි අනාධානග්ගාහී සුප්පටිනිස්සග්ගී”ති, තේනාවුසෝ භික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බං අහෝරත්තානුසික්ඛිනා කුසලේසු ධම්මේසු.

(16). මේ ගැන තවදුරටත් කියනවා නම් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව තමන් ගැන තමන් තුළින් ම යි මේ විදිහට විමසල බලන්න ඕන. ‘ඇත්තෙන් ම මමත් වැරදි විදිහට මතවාද අල්ලගෙන ඒකට ම කැරකි කැරකී එන කෙනෙක්ද? ඒ මතවලට ම දැඩිව බැඳිල ඉන්න කෙනෙක්ද? ලේසියෙන් ම ඒවා අතහරින්න බැරි කෙනෙක්ද?’ කියලා. ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ විදිහට නුවණින් සලකල බලද්දි ඒ භික්ෂුවට තමන් ගැන ම දැනගන්න පුළුවනි. ‘ආ! මමත් වැරදි මතවල පැටලිලා, ඒවාට ම කැරකි කැරකී එන කෙනෙක් නෙව. ඒවාට ම දැඩිව බැඳෙන කෙනෙක් නෙව. ලේසියෙන් ම ඒවා අතහරින්න මට බැහැ නෙව’ කියලා. ප්‍රිය ආයුෂ්මතුනි, එතකොට ඒ භික්ෂුව ඒ පාපී අකුසලයන් නැති කරන්න මහන්සි වෙන්න ඕන.

ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව තමන් ගැන නුවණින් විමසා බලද්දි මෙන්න මේ විදිහට දැනගත්තොත් ‘නෑ! මම එහෙම කෙනෙක් නෙවෙයි. මතවාදවල පැටලිලා ඒකට ම කැරකි කැරකි එන ගතියක් මා තුළ නෑ. මම ඒවාට දැඩිව බැඳෙන්නෙත් නෑ. මට ඒවා ලේසියෙන් ම අත්හැරලා දාන්න පුළුවනි’ කියලා. ප්‍රිය ආයුෂ්මතුනි, ඔය විදිහට දැනගත්තා ම ඒ භික්ෂුව දිවා රාත්‍රී දෙකේ මේ සදහම් පිළිවෙතේ පුරුදු වෙවී ප්‍රීතියෙන් සතුටින් ඉන්න ඕන.

67. සචේ ආවුසෝ භික්ඛු පච්චවෙක්ඛමානෝ සබ්බේපිමේ පාපකේ අකුසලේ ධම්මේ අප්පහීනේ අත්තනි සමනුපස්සති, තේනාවුසෝ භික්ඛුනා සබ්බේසං යේව ඉමේසං පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචේ පනාවුසෝ භික්ඛු පච්චවෙක්ඛමානෝ සබ්බේපිමේ පාපකේ අකුසලේ ධම්මේ පහීනේ අත්තනි සමනුපස්සති, තේනාවුසෝ භික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බං අහෝරත්තානුසික්ඛිනා කුසලේසු ධම්මේසු.

ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව නුවණින් විමසා බලද්දි මේ පාපී අකුසල් ඔක්කොම තමන් තුළ තියෙනවා දැක්කොත් ඒ භික්ෂුව විසින් මේ ඔක්කොම පාපී අකුසල් නැති කර දමන්න මහන්සි ගන්න ඕන ම යි. ඒ වගේ ම ප්‍රිය ආයුෂ්මතුනි, යම් භික්ෂුවක් නුවණින් විමසන කොට ඒ හැම පාපී අකුසලයක් ම තමන්ට ප්‍රහාණය වෙලා කියල දැනගත්තොත් ප්‍රිය ආයුෂ්මතුනි, ඒ භික්ෂුව දිවා රාත්‍රී දෙකේ ම මේ සදහම් පිළිවෙතේ පුරුදු වෙවී ප්‍රීතියෙන් සතුටින් ඉන්න ඕන.

68. සෙය්‍යථාපි ආවුසෝ ඉත්ථී වා පුරිසෝ වා දහරෝ යුවා මණ්ඩනජාතිකෝ ආදාසේ වා පරිසුද්ධේ පරියෝදාතේ අච්ඡේ වා උදපත්තේ සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානෝ සචේ තත්ථ පස්සති රජං වා අංගණං වා, තස්සේව රජස්ස වා අංගණස්ස වා පහානාය වායමති. නෝ චේ තත්ථ පස්සති රජං වා අංගණං වා තේනේව අත්තමනෝ හෝති: “ලාභා වත මේ, පරිසුද්ධං වත මේ”ති. ඒවමේව ඛෝ ආවුසෝ සචේ භික්ඛු පච්චවෙක්ඛමානෝ සබ්බේපිමේ පාපකේ අකුසලේ ධම්මේ අප්පහීනේ අත්තනි සමනුපස්සති, තේනාවුසෝ භික්ඛුනා සබ්බේසං යේව ඉමේසං පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචේ පනාවුසෝ භික්ඛු පච්චවෙක්ඛමානෝ සබ්බේපිමේ පාපකේ අකුසලේ ධම්මේ පහීනේ අත්තනි සමනුපස්සති, තේනාවුසෝ භික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බං අහෝරත්තානුසික්ඛිනා කුසලේසු ධම්මේසූති.

ප්‍රිය ආයුෂ්මතුනි, ඒක මේ වගේ දෙයක්. ලස්සනට ඉන්න කැමති තරුණ පුතෙක් හරි දුවක් හරි ඉන්නවා. ඉතින් එයාල කන්නාඩියක් ළඟට ගිහින් හරි, හොඳට පෑදිලා තියෙන වතුර භාජනයක් ළඟට හරි ගිහිල්ලා තමන්ගේ මූණ බලනවා. එතකොට මූණෙ දකින්න ලැබුනොත් කුණු රොඩ්ඩක් හරි දූවිල්ලක් හරි එයා ඒවා අයින් කරනවා. ඊට පස්සේ එයාට තමන්ගේ මූණේ ඒ රොඩු බොඩු මොකුත් නැතිවයි දකින්න ලැබෙන්නෙ. එතකොට එයාට හරි ම සතුටුයි. ‘ෂා! කොච්චර දෙයක්ද? මගේ මූණ දැන් හරි ලස්සනයි නෙව’ කියලා.

ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ඒ විදිහ ම යි නුවණින් විමසලා බලන කොට මේ පාපී අකුසල් ඔක්කොම තමන් තුළ තියෙනවා කියල භික්ෂුවට දකින්න ලැබෙනවා. එතකොට ඒ භික්ෂුව ඒ ඔක්කොම පාපී අකුසල් නැති කර දමන්න මහන්සි ගන්න ඕන ම යි. ඒ වගේ ම ප්‍රිය ආයුෂ්මතුනි, භික්ෂුව නුවණින් විමසා බලන කොට මේ පාපී අකුසල් හැම එකක් ම තමන් තුළ නැති වෙලා ගිය බව නම් දකින්නෙ, එතකොට ඒ භික්ෂුවට පුළුවනි දිවා රාත්‍රි දෙකේම සදහම් පිළිවෙතේ පුරුදු වෙවී ප්‍රීතියෙන් සතුටින් ඉන්න.”

ඉදමවෝචායස්මා මහාමොග්ගල්ලානෝ. අත්තමනා තේ භික්ඛූ ආයස්මතෝ මහාමොග්ගල්ලානස්ස භාසිතං අභිනන්දුන්ති.

ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේ තමයි මේ දෙසුම වදාළේ. ඒ භික්ෂූන් වහන්සේලා මේ ගැන ගොඩාක් සතුටු වුනා. ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේගේ මේ දෙසුම සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

අනුමානසුත්තං පඤ්චමං.

නුවණින් විමසා ගළපා බැලීම ගැන වදාළ දෙසුම නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn1_1-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M