මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ, අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ ය. එහිදී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ‘ආයුෂ්මත් මහණෙනි’ කියල භික්ෂුසංඝයා ඇමතුවා. ඒ භික්ෂූන් වහන්සේලා ද ‘ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස’ කියල ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට පිළිතුරු දුන්නා. ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ඒ මොහොතේ දී තමයි මේ දේශනාව වදාළේ.
“ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ‘සම්මා දිට්ඨිය, සම්මා දිට්ඨිය’ කියල කියනවා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ආර්ය ශ්‍රාවකයෙක් සම්මා දිට්ඨියෙන් යුක්තයි කියල තේරුම් ගන්නේ කොහොම ද? ඔහුගේ දෘෂ්ටිය සෘජුව තියෙනවා කියල, සද්ධර්මය ගැන නොසෙල්වෙන ප්‍රසාදයකින් ඉන්නවා කියල, මේ සද්ධර්මය තුළට පැමිණුනා කියල තේරුම් ගන්නෙ කොහොම ද?”
“ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, අපි ඔය කාරණයේ අර්ථය දැනගන්න, ඕනෑම දුරක ඉඳලා වුනත් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ළඟට එන්න කැමතියි. ඇත්තෙන් ම ඔය ප්‍රකාශ කළ සදහම් කරුණේ අර්ථය ගැන ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ අපට කියා දෙන්න. එවිට මේ භික්ෂු පිරිස ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගෙන් ඒ අර්ථය අහගෙන මතක තියාගනීවි.” “එහෙම නම් ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, හොඳට අහගන්න. හොඳින් සිහි කරන්න. මං කියා දෙන්නම්.” “එසේ ය, ප්‍රිය අයුෂ්මතුන් වහන්ස” කියල ඒ භික්ෂූන් වහන්සේලා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට පිළිතුරු දුන්නා. ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ඒ වෙලාවේ මෙන්න මේ විදිහට වදාළා.
“ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, යම් දවසක ආර්ය ශ්‍රාවකයා අකුසල් ගැන දන්නවා නම්, ඒ අකුසල්වල මුල් ගැනත් දන්නවා නම්, කුසල් ගැන දන්නවා නම්, කුසල්වල මුල් ගැනත් දන්නවා නම්, එපමණකිනුත් ප්‍රිය ආයුෂ්මතුනි, ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවා. ඔහුගේ ආකල්පය ඍජු වෙනවා. මේ සද්ධර්මය කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයකින් යුක්ත වෙනවා. මේ සද්ධර්මය වෙත ම පැමිණුන කෙනෙක් වෙනවා.
ප්‍රිය ආයුෂ්මතුනි, අකුසල් කියන්නෙ මොනවා ද? අකුසල මුල් කියන්නෙ මොනවා ද? කුසල් කියන්නෙ මොනවා ද? කුසල මුල් කියන්නෙ මොනවා ද?
ප්‍රිය ආයුෂ්මතුනි, සතුන් මැරීම අකුසලයක්. සොරකම් කිරීම අකුසලයක්. වැරදි විදිහට කාම සේවනයේ යෙදීම අකුසලයක්. බොරු කීම අකුසලයක්. කේළාම් කීම අකුසලයක්. නපුරු වචන කීම අකුසලයක්. හිස් වචන කීම අකුසලයක්. අනුන් සතු දේවල් ගැන ලෝභය ඉපදවීම අකුසලයක්. ද්වේෂය ඇති කරගැනීම අකුසලයක්. මිථ්‍යා දෘෂ්ටික අදහස් ඇතිව සිටීම අකුසලයක්. ප්‍රිය ආයුෂ්මතුනි, ඕවාටයි අකුසල් කියන්නෙ.
ප්‍රිය ආයුෂ්මතුනි, අකුසල් මුල් කියන්නෙ මොනවාද? ලෝභය අකුසලයට මුල් වෙන දෙයක්. ද්වේෂය අකුසලයට මුල් වෙන දෙයක්. මෝහය අකුසලයට මුල් වෙන දෙයක්. ප්‍රිය ආයුෂ්මතුනි, ඔන්න ඕවාට තමයි අකුසල් මුල් කියල කියන්නෙ.
ප්‍රිය ආයුෂ්මතුනි, කුසල් කියන්නෙ මොනවා ද? සතුන් මැරීමෙන් වැළකීම කුසලයක්. සොරකම් කිරීමෙන් වැළකීම කුසලයක්. වැරදි කාම සේවනයෙන් වැළකී සිටීම කුසලයක්. බොරු කීමෙන් වැළකී සිටීම කුසලයක්. කේළාම් කීමෙන් වැළකී සිටීම කුසලයක්. නපුරු වචන කීමෙන් වැළකී සිටීම කුසලයක්. හිස් වචන කීමෙන් වැළකී සිටීම කුසලයක්. අනුන් සතු දේවල් වලට ලෝභ නොකර සිටීම කුසලයක්. ද්වේෂ සිත් නැතුව සිටීම කුසලයක්. සම්මා දිට්ඨියෙන් යුක්ත වීම කුසලයක්. ප්‍රිය ආයුෂ්මතුනි, ඔන්න ඕවට තමයි ‘කුසල්’ කියන්නෙ.
ප්‍රිය ආයුෂ්මතුනි, කුසල් මුල් කියන්නෙ මොනවා ද? ලෝභ නැතිකම කුසලයට මුල් වෙන දෙයක්. ද්වේෂ සිත් නැති බව කුසලයට මුල් වෙන දෙයක්. මෝහය නැති බව කුසලයට මුල් වෙන දෙයක්. ප්‍රිය ආයුෂ්මතුනි, ඔන්න ඕවාට තමයි ‘කුසල් මුල්’ කියල කියන්නෙ.
ප්‍රිය ආයුෂ්මතුනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට අකුසල් ගැන දැනගත්තොත්, ඔය විදිහට අකුසල් මුල් ගැනත් දැනගත්තොත්, ඔය විදිහට කුසල් ගැන දැනගත්තොත්, ඔය විදියට කුසල් මුල් ගැනත් දැනගත්තොත්, අන්න ඒ ආර්ය ශ්‍රාවකයා සිතේ සැඟවුණු රාගය සම්පූර්ණයෙන් ම බැහැර කරලා, සිතේ සැඟවුණු තරහ සම්පූර්ණයෙන් ම නැති කරල දාලා, ‘මම වෙමි’යි යන වැරදි දැකීමෙන් යුතුව සිතේ සැඟවුණු මාන්නය සම්පූර්ණයෙන් ම උදුරල දාලා අවිද්‍යාව නැති කරලා, විද්‍යාව පහළ කරගෙන, මේ ජීවිතයේ දී ම සියලු දුක් නිමා කරන කෙනෙක් වෙනවා.
ප්‍රිය ආයුෂ්මතුනි, එපමණකිනුත් ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනෙක් වෙනවා. ඔහුගේ ආකල්පය ඍජු වෙනවා. මේ සද්ධර්මය කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයකින් යුක්ත වෙනවා. මේ සද්ධර්මයට ම පැමිණි කෙනෙක් වෙනවා.”
(1. කුසල් අකුසල් ගැන වදාළ කොටසයි නිමා වුනේ)
එවිට ඒ භික්ෂු පිරිස ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වදාළ මේ ධර්මය ගැන “සාදු! සාදු! ප්‍රිය ආයුෂ්මතුනි” යි කියා ඉතා සතුටින් පිළිගෙන අනුමෝදන් වුනා. ඉන්පසු ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් විමසුවා. “ප්‍රිය ආයුෂ්මතුනි, ආර්ය ශ්‍රාවකයෙක් සම්මා දිට්ඨියෙන් යුක්තයි කියල කියන්න පුළුවන්, ඔහුගේ ආකල්පය ඍජුයි කියල කියන්න පුළුවන්, මේ සද්ධර්මය කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයකින් යුක්තයි කියල කියන්න පුළුවන්, මේ සද්ධර්මයට පැමිණුන කෙනෙක් ය කියල කියන්න පුළුවන් වෙන ක්‍රමයකුත් තියෙනවා ද?”
“එසේ ය, ප්‍රිය ආයුෂ්මතුනි, තව ක්‍රමයකුත් තියෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා ආහාර ගැන දන්නවා නම්, ආහාර හටගැනීම ගැන දන්නවා නම්, ආහාර නිරුද්ධ වීම ගැන දන්නවා නම්, ආහාර නිරුද්ධ වීම පිණිස හේතු වන ප්‍රතිපදාව දන්නවා නම්, ප්‍රිය ආයුෂ්මතුනි, එපමණකිනුත් ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවා. ඔහුගේ ආකල්පය ඍජු වෙනවා. මේ සද්ධර්මය ගැන නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත කෙනෙක් වෙනවා. මේ සද්ධර්මය වෙත ම පැමිණි කෙනෙක් වෙනවා.
ප්‍රිය ආයුෂ්මතුනි, ආහාර කියන්නෙ මොනවා ද? ආහාර හටගැනීම කියල කියන්නෙ මොකක් ද? ආහාර නිරුද්ධ වීම කියල කියන්නෙ මොකක් ද? ආහාර නිරුද්ධ වීම පිණිස හේතු වන ප්‍රතිපදාව කියල කියන්නෙ මොකක් ද?
ප්‍රිය ආයුෂ්මතුනි, ආහාර වර්ග හතරක් තියෙනවා. උපන් සත්වයන්ගේ පැවැත්ම පිණිසත්, උපතකට සකස් වෙන සත්වයින්ට උදව් වීම පිණිසත්, තමයි ඒ ආහාර හතර තියෙන්නෙ. මොනව ද ඒ ආහාර හතර? එනම්; ගොරෝසු හෝ සියුම් හෝ කබලිංකාර ආහාරය, ස්පර්ශ ආහාරය, මනස මුල් කරගත් චේතනාවකින් (මනෝ සංචේතනා) යුතු ආහාර, විඤ්ඤාණ ආහාරය. තණ්හාව ඇතිවීමෙනුයි ආහාර හටගන්නෙ. තණ්හාව නිරුද්ධ වීමෙන් තමයි, ආහාර නිරුද්ධ වෙන්නෙ. ආහාර නිරුද්ධ වෙන්නට හේතු වෙන ප්‍රතිපදාව තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියල කියන්නෙ. ඒ කියන්නෙ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ අංග අටයි.
ප්‍රිය ආයුෂ්මතුනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට ආහාර ගැන දැනගත්තොත්, ආහාර හටගැනීම ගැන දැනගත්තොත්, ඔය විදිහට ආහාර නිරුද්ධ වීම ගැන දැනගත්තොත්, ආහාර නිරුද්ධ වෙන්නට හේතු වන ප්‍රතිපදාව ගැන දැනගත්තොත්, අන්න ඒ ආර්ය ශ්‍රාවකයා සිතේ සැඟවුණු රාගය සම්පූර්ණයෙන් ම බැහැර කරලා, සිතේ සැඟවුණු තරහ සම්පූර්ණයෙන් ම නැති කරල දාලා, ‘මම වෙමි’ යි යන වැරදි දැකීමෙන් යුතුව සිතේ සැඟවුණු මාන්නය සම්පූර්ණයෙන් ම උදුරල දාලා, අවිද්‍යාව (ආර්ය සත්‍යය ගැන ඇති අනවබෝධය) නැති කරල දාලා, විද්‍යාව (ආර්ය සත්‍ය අවබෝධය) උපදවාගෙන, මේ ජීවිතේ දී ම සියලු දුක් නිමා කරන කෙනෙක් වෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, එපමණකිනුත් ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනෙක් වෙනවා. ඍජු ආකල්ප තියෙන කෙනෙක් වෙනවා. මේ සද්ධර්මය ගැන නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත කෙනෙක් වෙනවා. මේ සද්ධර්මයට ම පැමිණි කෙනෙක් වෙනවා.”
(2. ආහාර සතර ගැන වදාළ කොටසයි නිමා වුනේ)
එවිට ඒ භික්ෂු පිරිස ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වදාළ මේ ධර්ම කාරණා ගැන ඉතා සතුටින් “සාදු! සාදු! ප්‍රිය ආයුෂ්මතුනි” යි කියා අනුමෝදන් වුනා. ඉන්පසු ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් විමසුවා. “ප්‍රිය ආයුෂ්මතුනි, ආර්ය ශ්‍රාවකයෙක් සම්මා දිට්ඨියෙන් යුක්තයි කියල කියන්න පුළුවන්, …(පෙ)… මේ සද්ධර්මයට පැමිණුන කෙනෙක් ය කියල කියන්න පුළුවන් වෙන ක්‍රමයකුත් තියෙනවා ද?”
“එසේ ය, ප්‍රිය ආයුෂ්මතුනි, තව ක්‍රමයකුත් තියෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා දුක ගැනත් දන්නවා නම්, දුකේ හටගැනීම ගැනත් දන්නවා නම්, දුක් නිරුද්ධ වීම ගැනත් දන්නවා නම්, දුක් නිරුද්ධ වීම පිණිස හේතු වන ප්‍රතිපදාව ගැනත් දන්නවා නම්, ප්‍රිය ආයුෂ්මතුනි, එපමණකිනුත් ඒ ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවා. ඔහුගේ ආකල්පය ඍජු වෙනවා. මේ සද්ධර්මය ගැන නොසෙල්වෙන ප්‍රසාදයකින් යුක්ත කෙනෙක් වෙනවා. මේ සද්ධර්මයට ම පැමිණුන කෙනෙක් වෙනවා.
ප්‍රිය ආයුෂ්මතුනි, දුක කියන්නේ මොකක් ද? දුකේ හටගැනීම කියලා කියන්නෙ මොකක් ද? දුකේ නිරුද්ධ වීම කියලා කියන්නෙ මොකක් ද? දුක නිරුද්ධ වීම පිණිස හේතු වන ප්‍රතිපදාව කියලා කියන්නෙ මොකක් ද?
ඉපදීමත් දුකක්, වයස්ගතවීමත් දුකක්, රෝග පීඩා ඇතිවීමත් දුකක්. මැරී යාමත් දුකක්, ශෝක වැළපීම් වගේ ම කායික දුක්, මානසික දුක්, සුසුම් හෙළීම් ආදියත් දුකක්. දුක් පීඩා ආදිය නොලබා සිටින්න කැමති වුනත්, ඒ කැමැත්ත ඉටු නොවීම ද දුකක්. සියලු දුක් ගැන හකුලා කිව්වොත්, උපාදානස්කන්ධ පහ ම දුකක්. ප්‍රිය ආයුෂ්මතුනි, ඔන්න ඕකටයි දුක කියල කියන්නෙ.
ප්‍රිය ආයුෂ්මතුනි, දුකේ හටගැනීම කියල කියන්නෙ මොකක් ද? යළිත් භවයක් සකසා දෙන, ආශ්වාදයෙන් ඇලෙන ස්වභාවයෙන් යුතු, උපනූපන් තැන සතුටින් පිළිගන්නා විදිහේ යම් තණ්හාවක් ඇද්ද, එයයි. ඒ කිව්වේ (රූප, ශබ්ද, ගන්ධ, රස, පහස) යන කාම අරමුණු පිළිබඳව ඇති කාම තණ්හාවත්, (පැවැත්ම ගැන තියෙන ආශාව නම් වූ) භව තණ්හාවත්, (නොපැවැත්ම ගැන තියෙන ආශාව නම් වූ) විභව තණ්හාවත් ය. ඔන්න ඕක තමයි ප්‍රිය ආයුෂ්මතුනි, දුකේ හටගැනීම කියලා කියන්නෙ.
ප්‍රිය ආයුෂ්මතුනි, දුක නිරුද්ධ වීම කියල කියන්නෙ මොකක් ද? ඔය තුන් ආකාර වූ තණ්හාව ම චුට්ටක්වත් ඉතුරු නැතිව ම, නොඇල්මෙන් නිරුද්ධ වීමක් ඇද්ද, අත්හැරීමක් ඇද්ද, දුරින් ම දුරු කිරීමක් ඇද්ද, එයින් නිදහස් වීමක් ඇද්ද, ආලය රහිත වීමක් ඇද්ද, ප්‍රිය ආයුෂ්මතුනි, ඔන්න ඕකටයි දුක නිරුද්ධ වීම කියල කියන්නෙ.
ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව කියල කියන්නෙ මොකක් ද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම යි දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව. ඒ කියන්නෙ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ අංග අටයි.
ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, කවදා හරි ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට දුක ගැන දැනගත්තොත්, ඔය විදිහට දුකේ හටගැනීම ගැන දැනගත්තොත්, ඔය විදියට දුකේ නිරුද්ධ වීම ගැන දැනගත්තොත්, ඔය විදිහට දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව ගැන දැනගත්තොත්, අන්න ඒ ආර්ය ශ්‍රාවකයා සිතේ සැඟවුණු රාගය සම්පූර්ණයෙන් ම බැහැර කරලා, සිතේ සැඟවුණු තරහ සම්පූර්ණයෙන් ම දුරු කරලා, ‘මම වෙමි’ යි කියන වැරදි දෘෂ්ටියෙන් යුක්තව සිතේ සැඟවෙලා තිබිච්ච මාන්නය සම්පූර්ණයෙන් ම උදුරල දමලා, අවිද්‍යාව නැත්තට ම නැතිකරල දමලා, විද්‍යාව උපදවාගෙන, මේ ජීවිතේ දී ම ඔක්කෝම දුක් ටික නැති කරන කෙනෙක් වෙනවා. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, එපමණකිනුත් ඒ ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවා. ඔහුගේ ආකල්පය ඍජු වෙනවා. මේ සද්ධර්මය ගැන නො සෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත කෙනෙක් වෙනවා. මේ සද්ධර්මයට ම පැමිණි කෙනෙක් වෙනවා.”
(3. ආර්ය සත්‍ය ගැන වදාළ කොටසයි නිමා වුනේ)
එවිට ඒ භික්ෂු පිරිස ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වදාළ මේ ධර්මය ගැන ඉතා ම සතුටු වෙලා, සාදු නාද දෙමින් සතුටින් පිළිඅරගෙන අනුමෝදන් වුනා. ඊට පස්සෙ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් විමසුවා. “ප්‍රිය ආයුෂ්මතුනි, ආර්ය ශ්‍රාවකයෙක් සම්මා දිට්ඨියෙන් යුක්තයි කියල කියන්න පුළුවන්, …(පෙ)… මේ සද්ධර්මයට පැමිණුන කෙනෙක් ය කියල කියන්න පුළුවන් වෙන ක්‍රමයකුත් තියෙනවා ද?”
“ඔව් ප්‍රිය ආයුෂ්මතුනි, තව ක්‍රමයකුත් තියෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, කවදා හරි දවසක මේ ආර්ය ශ්‍රාවකයා ජරා මරණ ගැන දන්නවා නම්, ජරා මරණ හටගැනීම ගැනත් දන්නවා නම්, ජරා මරණ නිරුද්ධ වීම ගැනත් දන්නවා නම්, ජරා මරණ නිරුද්ධ වීම පිණිස හේතු වන ප්‍රතිපදාව ගැනත් හොඳට දන්නවා නම්, ප්‍රිය ආයුෂ්මතුනි, මෙපමණකිනුත් ඒ ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනෙක් වෙනවා. ඍජු ආකල්ප තියෙන කෙනෙක් වෙනවා. මේ සද්ධර්මය ගැන නොසෙල්වෙන ප්‍රසාදයකින් යුක්ත කෙනෙක් වෙනවා. මේ සද්ධර්මයට ම පැමිණිච්ච කෙනෙක් වෙනවා.
ප්‍රිය ආයුෂ්මතුනි, ජරා මරණ කියන්නේ මොනවා ද? ජරා මරණයන්ගේ හටගැනීම කියල කියන්නෙ මොකක් ද? මොකක් ද මේ ජරා මරණයන්ගේ නිරුද්ධ වීම කියල කියන්නෙ? මේ ජරා මරණ නිරුද්ධ වෙන්න හේතු වන ප්‍රතිපදාව කියල කියන්නෙ මොකක් ද?
ප්‍රිය ආයුෂ්මතුනි, ඒ ඒ සත්ව ලෝකවල, ඒ ඒ සත්වයන් තුළ, යම් දිරා යාමක් තියෙනවා ද, ජරාවට පත්වෙන බවක් තියෙනවා ද, කැඩී බිඳී යාමක් තියෙනවා ද, කෙස් රැවුල් පැසීමක් තියෙනවා ද, ඇඟ රැළි වැටීමක් තියෙනවා ද, ආයුෂ ගෙවීයාමක් තියෙනවා ද, ඉන්ද්‍රියයන්ගේ මෝරා යාමක් තියෙනවා ද, ඔන්න ඕක තමයි ජරාව කියල කියන්නෙ.
ප්‍රිය ආයුෂ්මතුනි, මරණය කියල කියන්නෙ මොකක් ද? ඒ ඒ සත්ව ලෝකවල, ඒ ඒ සත්වයන්ගේ යම් කිසි චුත වීමක්, චුත වී යන බවක්, බිඳී යාමක් වේ ද, අතුරුදහන් වීමක්, මරණයට පත්වීමක්, කළුරිය කිරීමක් වේ ද, ස්කන්ධයන්ගේ බිඳී යාමක් වේ ද, මෘත ශරීරයේ අත්හැරීමක් වේ ද, ප්‍රිය ආයුෂ්මතුනි, මරණය කියල කියන්නෙ ඕකටයි. ඔය විදිහට මේ ජරාවත්, මේ මරණයත් යන මේකටයි ජරා මරණ කියල කියන්නෙ.
උපත හටගැනීමෙනුයි ජරා මරණ හටගන්නෙ. ඉපදීම නිරුද්ධ වීමෙන් තමයි ජරා මරණ නිරුද්ධ වෙන්නෙ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම තමයි මේ ජරා මරණ නිරුද්ධ වීම පිණිස හේතු වන ප්‍රතිපදාව කියල කියන්නෙ. ඒ කියන්නෙ සම්මා දිට්ඨි, …(පෙ)… සම්මා සමාධි කියන මේ අංග අටයි.
ප්‍රිය ආයුෂ්මතුනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට ජරා මරණ ගැන දැනගත්තොත්, ඔය විදිහට ජරා-මරණ හටගැනීම ගැන දැනගත්තොත්, ඔය විදිහට ජරා මරණ නිරුද්ධ වීම ගැන දැනගත්තොත්, ඔය විදිහට ජරා මරණ නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව ගැන දැනගත්තොත්, අන්න ඒ ආර්ය ශ්‍රාවකයා සිතේ සැඟවුණු රාගය සම්පූර්ණයෙන් ම බැහැර කරලා, සිතේ සැඟවුණු ද්වේෂය සම්පූර්ණයෙන් ම දුරු කරලා, …(පෙ)… ප්‍රිය ආයුෂ්මතුනි, මෙපමණකිනුත් ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනෙක් වෙනවා. ඍජු ආකල්ප තියෙන කෙනෙක් වෙනවා. මේ සද්ධර්මය ගැන නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත කෙනෙක් වෙනවා. මේ සද්ධර්මයට පැමිණි කෙනෙක් වෙනවා.”
(4. ජරා මරණ ගැන වදාළ කොටසයි නිමා වුනේ)
එවිට ඒ භික්ෂු පිරිස ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වදාළ මේ ධර්මය ගැන “සාදු! සාදු! ප්‍රිය ආයුෂ්මතුනි” යි කියා ඉතා සතුටින් පිළිගෙන අනුමෝදන් වුනා. ඉන්පසු ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් විමසුවා. “ප්‍රිය ආයුෂ්මතුනි, …(පෙ)… මේ සද්ධර්මයට ම පැමිණුන කෙනෙක් ය කියලා කියන්න පුළුවන් වෙන ක්‍රමයකුත් තියෙනවා ද?”
“එසේ ය, ප්‍රිය ආයුෂ්මතුනි, තව ක්‍රමයකුත් තියෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා ඉපදීම ගැනත් දන්නවා නම්, උපත හටගැනීම ගැනත් දන්නවා නම්, ඉපදීම නිරුද්ධ වීම ගැනත් දන්නවා නම්, උපත නිරුද්ධ වීම පිණිස හේතු වන ප්‍රතිපදාව ගැනත් දන්නවා නම් ප්‍රිය ආයුෂ්මතුනි, අන්න එපමණකිනුත් ඒ ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවා. ඔහුගේ ආකල්පය ඍජු වෙනවා. මේ සද්ධර්මය ගැන නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත කෙනෙක් වෙනවා. මේ සද්ධර්මය වෙත ම පැමිණි කෙනෙක් වෙනවා.
ප්‍රිය ආයුෂ්මතුනි, ඉපදීම කියල කියන්නෙ මොකක් ද? ඉපදීම හටගන්නවා කියල කියන්නෙ මොකක් ද? ඉපදීම නිරුද්ධ වෙනවා කියල කියන්නෙ මොකක් ද? ඉපදීම නිරුද්ධ වීම පිණිස හේතු වන්නා වූ ප්‍රතිපදාව කියල කියන්නෙ මොකක් ද?
ඒ ඒ සත්ව ලෝකවල, ඒ ඒ සත්වයන්ගේ යම් ඉපදීමක්, පරිපූර්ණව ඉපදීමක්, උපතක් පිණිස පිළිසිඳගැනීමක්, උපතක් පිණිස පහළ වීමක්, ස්කන්ධයන්ගේ පහළ වීමක්, ඇස්, කන් ආදී ආයතනයන්ගේ ලැබීමක් තිබේ නම්, ප්‍රිය ආයුෂ්මතුනි, ඉපදීම කියල කියන්නෙ ඔන්න ඕකටයි.
විපාක විඳීම පිණිස කර්ම සකස් වීම නම් වූ භවය හටගැනීමෙන් තමයි උපතක් හටගන්නෙ. භවය නිරුද්ධ වීමෙන් තමයි ඉපදීම නිරුද්ධ වෙන්නෙ. ඉපදීම නිරුද්ධ වීම පිණිස හේතු වන ප්‍රතිපදාව මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම යි. ඒ කියන්නෙ සම්මා දිට්ඨි, …(පෙ)… සම්මා සමාධි කියන මේ අංග අටයි.
ප්‍රිය ආයුෂ්මතුනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට ඉපදීම ගැන දැනගත්තොත්, ඔය විදිහට ඉපදීම හටගන්නා හැටි දැනගත්තොත්, ඔය විදිහට උපත නිරුද්ධ වීම ගැන දැනගත්තොත්, ඔය ආකාරයට උපත නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව ගැන දැනගත්තොත්, අන්න ඒ ආර්ය ශ්‍රාවකයා සිතේ සැඟවුණු රාගය සම්පූර්ණයෙන් ම බැහැර කරලා, …(පෙ)… ප්‍රිය ආයුෂ්මතුනි, එපමණකිනුත් ඒ ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවා. ඔහුගේ ආකල්පය ඍජු වෙනවා. මේ සද්ධර්මය ගැන නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත කෙනෙක් වෙනවා. මේ සද්ධර්මයට ම පැමිණි කෙනෙක් වෙනවා.”
(5. ඉපදීම ගැන වදාළ කොටසයි නිමා වුනේ.)
එවිට ඒ භික්ෂු පිරිස ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වදාළ මේ ධර්මය ගැන “සාදු! සාදු! ප්‍රිය ආයුෂ්මතුනි” යි කියා ඉතා සතුටින් පිළිගෙන අනුමෝදන් වුනා. ඉන් පසු ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් විමසුවා. “ප්‍රිය ආයුෂ්මතුනි, …(පෙ)… මේ සද්ධර්මයට පැමිණුන කෙනෙක් ය කියල කියන්න පුළුවන් වෙන ක්‍රමයකුත් තියෙනවා ද?”
“එසේ ය, ප්‍රිය ආයුෂ්මතුනි, තව ක්‍රමයකුත් තියෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා විපාක පිණිස කර්ම සකස්වීම (භවය) ගැනත් දන්නවා නම්, භවයේ හටගැනීම ගැනත් දන්නවා නම්, භවය නිරුද්ධ වීම ගැනත් දන්නවා නම්, භවය නිරුද්ධ වීම පිණිස හේතු වන ප්‍රතිපදාව ගැනත් දන්නවා නම්, ප්‍රිය ආයුෂ්මතුනි, මෙපමණකිනුත් ඒ ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවා. ඔහුගේ ආකල්පය ඍජු වෙනවා. මේ සද්ධර්මය ගැන නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත කෙනෙක් වෙනවා. මේ සද්ධර්මය වෙත ම පැමිණි කෙනෙක් වෙනවා.
ප්‍රිය ආයුෂ්මතුනි, විපාක පිණිස කර්ම සකස් වීම නම් වූ භවය කියල කියන්නෙ මොකක් ද? භවයේ හටගැනීම කියල කියන්නෙ මොකක් ද? භවය නිරුද්ධ වීම කියල කියන්නෙ මොකක් ද? භවය නිරුද්ධ වීම පිණිස හේතු වන්නා වූ ප්‍රතිපදාව කියල කියන්නෙ මොකක් ද? ප්‍රිය ආයුෂ්මතුනි, භව තුනක් තියෙනවා. කාම ලෝකයේ විපාක විඳීම පිණිස කර්ම සකස් වීම නම් වූ කාම භවයක් තියෙනවා. රූප ලෝකයේ විපාක විඳීම පිණිස කර්ම සකස් වීම නම් වූ රූප භවයක් තියෙනවා. අරූප ලෝකයේ විපාක විඳීම පිණිස කර්ම සකස් වීම නම් අරූප භවයකුත් තියෙනවා. ග්‍රහණය වීම නම් වූ උපාදාන හටගැනීම නිසා තමයි භවයක් හටගන්නෙ. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම තමයි භවය නිරුද්ධ වීම පිණිස හේතුවන ප්‍රතිපදාව කියල කියන්නෙ. ඒ කියන්නෙ සම්මා දිට්ඨි, …(පෙ)… සම්මා සමාධි කියන මේ අංග අටයි.
ප්‍රිය ආයුෂ්මතුනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට භවය ගැන දැනගත්තොත්, ඔය විදිහට භවය හටගැනීම ගැන දැනගත්තොත්, ඔය විදිහට භවය නිරුද්ධ වීම ගැන දැනගත්තොත්, ඔය විදිහට භවය නිරුද්ධ වීමට හේතුවන ප්‍රතිපදාව ගැන දැනගත්තොත්, අන්න ඒ ආර්ය ශ්‍රාවකයා සිතේ සැඟවුණු රාගය සම්පූර්ණයෙන් ම බැහැර කරලා, …(පෙ)… මෙපමණකිනුත් ප්‍රිය ආයුෂ්මතුනි, ඒ ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුතු කෙනෙක් වෙනවා. ඔහුගේ ආකල්පය ඍජු වෙනවා. මේ සද්ධර්මය ගැන නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත කෙනෙක් වෙනවා. මේ සද්ධර්මයට ම පැමිණි කෙනෙක් වෙනවා.”
(6. විපාක පිණිස කර්ම සකස්වීම නම් වූ භවය ගැන වදාළ කොටසයි නිමා වුනේ)
එවිට ඒ භික්ෂු පිරිස ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වදාළ මේ ධර්මය ගැන “සාදු! සාදු! ප්‍රිය ආයුෂ්මතුනි” යි කියා ඉතා සතුටින් පිළිගෙන අනුමෝදන් වුනා. ඉන්පසු ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් විමසුවා. “ප්‍රිය ආයුෂ්මතුනි, …(පෙ)… මේ සද්ධර්මයට පැමිණුන කෙනෙක් ය කියල කියන්න පුළුවන් වෙන ක්‍රමයකුත් තියෙනවා ද?”
“එසේ ය, ප්‍රිය ආයුෂ්මතුනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා ග්‍රහණය වීම හෙවත් උපාදාන ගැනත් දන්නවා නම්, උපාදානවල හටගැනීම ගැනත් දන්නවා නම්, උපාදාන නිරෝධය ගැනත් දන්නවා නම්, උපාදාන නිරුද්ධ වීම පිණිස හේතු වන ප්‍රතිපදාව ගැනත් දන්නවා නම්, ප්‍රිය ආයුෂ්මතුනි, එපමණකිනුත් ඒ ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවා. ඔහුගේ ආකල්පය ඍජු වෙනවා. මේ සද්ධර්මය ගැන නොවෙනස් වන ප්‍රසාදයෙන් යුක්ත කෙනෙක් වෙනවා. මේ සද්ධර්මයට ම පැමිණි කෙනෙක් වෙනවා.
ප්‍රිය ආයුෂ්මතුනි, උපාදාන කියන්නෙ මොකක් ද? උපාදානවල හටගැනීම කියල කියන්නෙ මොකක් ද? උපාදාන නිරුද්ධ වීම කියල කියන්නෙ මොකක් ද? උපාදාන නිරුද්ධ වීමට හේතු වන ප්‍රතිපදාව කියල කියන්නෙ මොකක් ද?
ප්‍රිය ආයුෂ්මතුනි, උපාදාන වර්ග හතරක් තියෙනවා. ඒවා තමයි, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන කාම අරමුණුවලට ග්‍රහණය වීම නම් වූ ‘කාම උපාදානය’ත්, මතවාදවලට ග්‍රහණය වීම නම් වූ ‘දිට්ඨි උපාදානය’ත්, සීල ව්‍රත වලට ග්‍රහණය වීම නම් වූ ‘සීලබ්බත උපාදානය’ත්, ‘මම, මගේ, මගේ ආත්මය’ යන හැඟීමට ග්‍රහණය වීම නම් වූ ‘අත්තවාද උපාදානය’ත් ය. තණ්හාව හටගැනීමෙනුයි උපාදාන හටගන්නෙ. තණ්හාව නිරුද්ධ වීමෙන් තමයි උපාදාන නිරුද්ධ වෙන්නෙ. උපාදාන නිරුද්ධ වීමට හේතු වන ප්‍රතිපදාවත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම යි. ඒ කියන්නේ සම්මා දිට්ඨි, …(පෙ)… සම්මා සමාධි කියන මේ අංග අටයි.
ප්‍රිය ආයුෂ්මතුනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට උපාදාන ගැන දැනගත්තොත්, ඔය විදිහට උපාදානවල හටගැනීම ගැන දැනගත්තොත්, ඔය විදිහට උපාදාන නිරුද්ධ වෙන හැටි දැනගත්තොත්, ඔය විදිහට උපාදාන නිරුද්ධ වීමට හේතු වන ප්‍රතිපදාව ගැනත් දැනගත්තොත් අන්න ඒ ආර්ය ශ්‍රාවකයා සිතේ සැඟවුණු රාගය සම්පූර්ණයෙන් ම බැහැර කරලා, …(පෙ)… එපමණකිනුත් ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුතු කෙනෙක් වෙනවා. ඔහුගේ ආකල්පය ඍජු වෙනවා. මේ සද්ධර්මය ගැන නොවෙනස් වන ප්‍රසාදයකින් යුතු කෙනෙක් වෙනවා. මේ සද්ධර්මයට ම පැමිණි කෙනෙක් වෙනවා.”
(7. ග්‍රහණය වීම හෙවත් උපාදාන ගැන වදාළ කොටසයි නිමා වුනේ.)
එවිට ඒ භික්ෂු පිරිස ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වදාළ මේ ධර්මය ගැන “සාදු! සාදු! ප්‍රිය ආයුෂ්මතුනි” යි කියලා ඉතා සතුටින් පිළිගෙන අනුමෝදන් වුනා. ඉන්පසු ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් විමසුවා. “ප්‍රිය ආයුෂ්මතුනි, …(පෙ)… මේ සද්ධර්මයට ම පැමිණුන කෙනෙක් යැයි කියල කියන්න පුළුවන් වෙන ක්‍රමයකුත් තියෙනවා ද?”
“එසේ ය, ප්‍රිය ආයුෂ්මතුනි, තව ක්‍රමයකුත් තියෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා තණ්හාව ගැන දන්නවා නම්, තණ්හාවේ හටගැනීම ගැනත් දන්නවා නම්, තණ්හාවේ නිරුද්ධ වීම ගැනත් දන්නවා නම්, තණ්හාව නිරුද්ධ වීමට හේතු වන ප්‍රතිපදාව ගැනත් දන්නවා නම්, ප්‍රිය ආයුෂ්මතුනි, මෙපමණකිනුත් ඒ ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනෙක් වෙනවා. ඔහුගේ ආකල්පය ඍජු වෙනවා. මේ සද්ධර්මය ගැන නොසෙල්වෙන ප්‍රසාදයකින් යුක්ත කෙනෙක් වෙනවා. මේ සද්ධර්මයට ම පැමිණි කෙනෙක් වෙනවා.
ප්‍රිය ආයුෂ්මතුනි, තණ්හාව කියල කියන්නෙ මොකක් ද? තණ්හාවේ හටගැනීම කියල කියන්නෙ මොකක් ද? තණ්හාවේ නිරුද්ධ වීම කියල කියන්නෙ මොකක් ද? තණ්හාව නිරුද්ධ වීම පිණිස හේතු වන්නා වූ ප්‍රතිපදාව කියල කියන්නෙ මොකක් ද?
ප්‍රිය ආයුෂ්මතුනි, තණ්හාව සය ආකාරයි. ඒවා තමයි, රූප ගැන ඇතිවෙන ආශාව, ශබ්ද ගැන ඇතිවෙන ආශාව, ගඳසුවඳ ගැන ඇතිවෙන ආශාව, රසය ගැන ඇතිවෙන ආශාව, පහස ගැන ඇතිවෙන ආශාව, මනසට සිතෙන අරමුණු ගැන ඇතිවෙන ආශාව කියන මෙන්න මේවා. විඳීම හටගැනීම නිසා තමයි තණ්හාව හටගන්නෙ. විඳීම නිරුද්ධ වීමෙන් තමයි තණ්හාව නිරුද්ධ වෙන්නෙ. තණ්හාව නිරුද්ධ වීම පිණිස හේතු වන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය ම යි. ඒ කියන්නේ සම්මා දිට්ඨි, …(පෙ)… සම්මා සමාධි කියන මේ අංග අටයි.
ප්‍රිය ආයුෂ්මතුනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට තණ්හාව ගැන ත් දැනගත්තොත්, ඔය විදිහට තණ්හාවේ හටගැනීම ගැන දැනගත්තොත්, ඔය විදිහට තණ්හාවේ නිරුද්ධ වීම ගැන දැනගත්තොත්, ඔය විදිහට තණ්හාව නිරුද්ධ වීම පිණිස හේතු වන ප්‍රතිපදාව ගැනත් දැනගත්තොත් අන්න ඒ ආර්ය ශ්‍රාවකයා සිතේ සැඟවුණු රාගය සම්පූර්ණයෙන් ම බැහැර කරලා, …(පෙ)… එපමණකිනුත් ප්‍රිය ආයුෂ්මතුනි, මේ ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුතු කෙනෙක් වෙනවා. ඔහුගේ ආකල්පය ඍජු වෙනවා. මේ සද්ධර්මය ගැන නොසෙල්වෙන ප්‍රසාදයකින් යුක්ත කෙනෙක් වෙනවා. මේ සද්ධර්මයට ම පැමිණුන කෙනෙක් වෙනවා.”
(8. තණ්හාව ගැන වදාළ කොටසයි නිමා වුනේ)
එවිට ඒ භික්ෂු පිරිස ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වදාළ මේ ධර්ම කරුණු ගැන “සාදු! සාදු! ප්‍රිය ආයුෂ්මතුනි” යි කියා ඉතා සතුටින් පිළිගෙන අනුමෝදන් වුනා. ඉන්පසු ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් විමසුවා. “ප්‍රිය ආයුෂ්මතුනි, …(පෙ)… මේ සද්ධර්මයට ම පැමිණුන කෙනෙක් ය කියල කියන්න පුළුවන් වෙන ක්‍රමයකුත් තියෙනවා ද?”
“එසේ ය, ප්‍රිය ආයුෂ්මතුනි, තව ක්‍රමයකුත් තියෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා විඳීම ගැන දන්නවා නම්, විඳීම්වල හටගැනීම ගැන දන්නවා නම්, විඳීම් නිරුද්ධ වීම ගැන දන්නවා නම්, විඳීම නිරුද්ධ වීම පිණිස හේතු වන ප්‍රතිපදාවත් දන්නවා නම්, එපමණකිනුත් ප්‍රිය ආයුෂ්මතුනි, ඒ ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුතු කෙනෙක් වෙනවා. ඍජු ආකල්ප තියෙන කෙනෙක් වෙනවා. මේ සද්ධර්මය ගැන නොසෙල්වෙන ප්‍රසාදයකින් යුතු කෙනෙක් වෙනවා. මේ සද්ධර්මය වෙත ම පැමිණුන කෙනෙක් වෙනවා.
ප්‍රිය ආයුෂ්මතුනි, විඳීම් කියල කියන්නෙ මොනවාද? විඳීම්වල හටගැනීම කියල කියන්නෙ මොකක් ද? විඳීම් නිරුද්ධ වීම කියල කියන්නෙ මොකක් ද? විඳීම් නිරුද්ධ වීම පිණිස හේතු වන ප්‍රතිපදාව කියල කියන්නෙ මොකක් ද?
ප්‍රිය ආයුෂ්මතුනි, විඳීම් ආකාර හයකින් යුක්තයි. ඒවා තමයි, ඇසේ ස්පර්ශයෙනුත් විඳීම් හටගන්නවා, කනේ ස්පර්ශයෙනුත් විඳීම් හටගන්නවා, නාසයේ ස්පර්ශයෙනුත් විඳීම් හටගන්නවා, දිවේ ස්පර්ශයෙනුත් විඳීම් හටගන්නවා, කයේ ස්පර්ශයෙනුත් විඳීම් හටගන්නවා, මනසේ ස්පර්ශයෙනුත් විඳීම් හටගන්නවා. ස්පර්ශය හටගැනීමෙන් තමයි විඳීම් හටගන්නෙ. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම් නිරුද්ධ වෙනවා. විඳීම් නිරුද්ධ වන්නා වූ මාර්ගය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම යි. ඒ කියන්නේ සම්මා දිට්ඨි, …(පෙ)… සම්මා සමාධි කියන මේ අංග අටයි.
ප්‍රිය ආයුෂ්මතුනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට විඳීම් ගැන දැනගත්තොත්, ඔය විදිහට විඳීම්වල හටගැනීම දැනගත්තොත්, ඔය විදිහට විඳීම් නිරුද්ධ වීම ගැන දැනගත්තොත්, ඔය විදිහට විඳීම් නිරුද්ධ වීම පිණිස හේතු වන ප්‍රතිපදාව ගැන දැනගත්තොත්, අන්න ඒ ආර්ය ශ්‍රාවකයා සිතේ සැඟවුණු රාගය සම්පූර්ණයෙන් ම බැහැර කරලා, …(පෙ)… මෙපමණකිනුත් ප්‍රිය ආයුෂ්මතුනි, ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුතු වෙනවා. ඔහුගේ ආකල්ප ඍජු වෙනවා. මේ සද්ධර්මය ගැන නොසෙල්වෙන ප්‍රසාදයකින් යුතු කෙනෙක් වෙනවා. මේ සද්ධර්මයට ම පැමිණුන කෙනෙක් වෙනවා.”
(9. විඳීම් ගැන වදාළ කොටසයි නිමා වුනේ.)
එවිට ඒ භික්ෂු පිරිස ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වදාළ මේ ධර්මය ගැන “සාදු! සාදු! ප්‍රිය ආයුෂ්මතුනි” යි කියා ඉතා සතුටින් පිළිගෙන අනුමෝදන් වුනා. ඉන්පසු ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් විමසුවා. “ප්‍රිය ආයුෂ්මතුනි, …(පෙ)… මේ සද්ධර්මයට ම පැමිණුන කෙනෙක් ය කියල කියන්න පුළුවන් වෙන ක්‍රමයකුත් තියෙනවා ද?”
“එසේ ය, ප්‍රිය ආයුෂ්මතුනි, තවත් ක්‍රමයකුත් තියෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා ස්පර්ශය ගැන දන්නවා නම්, ස්පර්ශයේ හටගැනීම ගැනත් දන්නවා නම්, ස්පර්ශයේ නිරෝධය ගැනත් දන්නවා නම්, ස්පර්ශය නිරුද්ධ වීමට හේතු වන ප්‍රතිපදාව ගැනත් දන්නවා නම්, ප්‍රිය ආයුෂ්මතුනි, මෙ පමණකිනුත් ඒ ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුතු කෙනෙක් වෙනවා. සෘජු ආකල්ප තියෙන කෙනෙක් වෙනවා. මේ සද්ධර්මය ගැන නොසෙල්වෙන ප්‍රසාදයකින් යුතු කෙනෙක් වෙනවා. මේ සද්ධර්මයට ම පැමිණුන කෙනෙක් වෙනවා.
ප්‍රිය ආයුෂ්මතුනි, මොකක් ද ස්පර්ශය කියල කියන්නේ? ස්පර්ශය හටගැනීම කියල කියන්නෙ මොකක් ද? ස්පර්ශය නිරුද්ධ වීම කියල කියන්නෙ මොකක් ද? ස්පර්ශය නිරුද්ධ වීම පිණිස හේතු වන්නා වූ ප්‍රතිපදාව කියල කියල කියන්නෙ මොකක් ද?
ප්‍රිය ආයුෂ්මතුනි, ස්පර්ශය සය ආකාරයි. ඒවා තමයි ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය කියන මේවා. (ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත කියන) මේ ආයතන හය හටගැනීමෙන් තමයි ස්පර්ශය හටගන්නෙ. ආයතන හය නිරුද්ධ වීමෙන් තමයි ස්පර්ශය නිරුද්ධ වෙන්නෙ. ස්පර්ශය නිරුද්ධ වීම පිණිස හේතු වන ප්‍රතිපදාව මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම යි. ඒ කියන්නේ සම්මා දිට්ඨි, …(පෙ)… සම්මා සමාධි කියන මේ අංග අටයි.
ප්‍රිය ආයුෂ්මතුනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට ස්පර්ශය ගැන දැනගත්තොත්, ස්පර්ශය හටගැනීම ගැන දැනගත්තොත්, ස්පර්ශය නිරුද්ධ වීම ගැන දැනගත්තොත්, ස්පර්ශය නිරුද්ධ වීම පිණිස හේතුවන ප්‍රතිපදාව ගැන දැනගත්තොත්, අන්න ඒ ආර්ය ශ්‍රාවකයා සිතේ සැඟවුණු රාගය සම්පූර්ණයෙන් ම බැහැර කරලා, …(පෙ)… මෙපමණකිනුත් ප්‍රිය ආයුෂ්මතුනි, ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුතු වෙනවා. සෘජු ආකල්ප තියෙන කෙනෙක් වෙනවා. මේ සද්ධර්මය ගැන නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුතු කෙනෙක් වෙනවා. මේ සද්ධර්මයට ම පැමිණුන කෙනෙක් වෙනවා.”
(10. ස්පර්ශය ගැන වදාළ කොටසයි නිමා වුනේ)
එවිට ඒ භික්ෂු පිරිස ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වදාළ මේ ධර්ම කාරණා ගැන “සාදු! සාදු! ප්‍රිය ආයුෂ්මතුනි” යි කියා ඉතා සතුටින් පිළිගෙන අනුමෝදන් වුනා. ඉන්පසු ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් විමසුවා. “ප්‍රිය ආයුෂ්මතුනි, …(පෙ)… මේ සද්ධර්මයට ම පැමිණුනා කියල කියන්න පුළුවන් වෙන ක්‍රමයකුත් තියෙනවා ද?”
“එසේ ය, ප්‍රිය ආයුෂ්මතුනි, තව ක්‍රමයකුත් තියෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා (ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත යන) ආයතන හය ගැන දන්නවා නම්, ආයතන හයේ හටගැනීම ගැනත් දන්නවා නම්, ආයතන හයේ නිරුද්ධ වීම ගැනත් දන්නවා නම්, ආයතන හය නිරුද්ධ වීම පිණිස හේතු වන ප්‍රතිපදාව ගැනත් දන්නවා නම්, ප්‍රිය ආයුෂ්මතුනි, මෙපමණකිනුත් ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුතු කෙනෙක් වෙනවා. සෘජු ආකල්ප තියෙන කෙනෙක් වෙනවා. මේ සද්ධර්මය ගැන නොසෙල්වෙන ප්‍රසාදයකින් යුතු කෙනෙක් වෙනවා. මේ සද්ධර්මයට ම පැමිණුන කෙනෙක් වෙනවා.
ප්‍රිය ආයුෂ්මතුනි, ආයතන හය කියල කියන්නෙ මොකක් ද? ආයතන හයේ හටගැනීම කියල කියන්නෙ මොකක් ද? ආයතන හයේ නිරුද්ධ වීම කියල කියන්නෙ මොකක් ද? ආයතන හය නිරුද්ධ වීම පිණිස හේතු වන ප්‍රතිපදාව කියල කියන්නෙ මොකක් ද?
ප්‍රිය ආයුෂ්මතුනි, ආයතන හයක් තියෙනවා. ඒවා තමයි ඇස කියන ආයතනය, කන කියන ආයතනය, නාසය කියන ආයතනය, දිව කියන ආයතනය, කය කියන ආයතනය, සිත කියන ආයතනය යන මේවා. නාමරූප හටගැනීමෙන් තමයි ආයතන හය හටගන්නෙ. නාමරූප නිරුද්ධ වීමෙන් තමයි ආයතන හය නිරුද්ධ වෙන්නෙ. ආයතන නිරුද්ධ වීමට හේතු වන ප්‍රතිපදාව තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ කියන්නේ සම්මා දිට්ඨි, …(පෙ)… සම්මා සමාධි කියන මේ අංග අටයි.
ප්‍රිය ආයුෂ්මතුනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට ආයතන හය ගැන දැනගත්තොත්, ඔය විදිහට ආයතන හයේ හටගැනීම දැනගත්තොත්, ඔය විදිහට ආයතන හයේ නිරුද්ධ වීම ගැන දැනගත්තොත්, ඔය විදිහට ආයතන හයේ නිරුද්ධ වීම පිණිස හේතුවන ප්‍රතිපදාව ගැන දැනගත්තොත්, අන්න ඒ ආර්ය ශ්‍රාවකයා සිතේ සැඟවුණු රාගය සම්පූර්ණයෙන් ම බැහැර කරලා, …(පෙ)… මෙපමණකිනුත් ප්‍රිය ආයුෂ්මතුනි, ඒ ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුතු කෙනෙක් වෙනවා. ඔහුගේ ආකල්පය ඍජු වෙනවා. මේ සද්ධර්මය ගැන නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුතු කෙනෙක් වෙනවා. මේ සද්ධර්මයට ම පැමිණි කෙනෙක් වෙනවා.”
(11. ආයතන හය ගැන වදාළ කොටසයි නිමා වුනේ)
එවිට ඒ භික්ෂු පිරිස ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වදාළ මේ ධර්ම කාරණා ගැන “සාදු! සාදු! ප්‍රිය ආයුෂ්මතුනි” යි කියා ඉතා සතුටින් පිළිගෙන අනුමෝදන් වුනා. ඉන්පසු ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් විමසුවා. “ප්‍රිය ආයුෂ්මතුනි, …(පෙ)… මේ සද්ධර්මයට පැමිණුනා කියල කියන්න පුළුවන් වෙන ක්‍රමයකුත් තියෙනවා ද?”
“එසේය, ප්‍රිය ආයුෂ්මතුනි, තව ක්‍රමයකුත් තියෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි යම් දවසක ආර්ය ශ්‍රාවකයා නාමරූප ගැන දන්නවා නම්, නාමරූපයේ හටගැනීම ගැනත් දන්නවා නම්, නාමරූප නිරුද්ධ වීම ගැනත් දන්නවා නම්, නාමරූප නිරුද්ධ වීමට හේතු වන ප්‍රතිපදාව ගැනත් දන්නවා නම්, ප්‍රිය ආයුෂ්මතුනි, මෙපමණකිනුත් ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුතු කෙනෙක් වෙනවා. ඍජු ආකල්ප තියෙන කෙනෙක් වෙනවා. මේ සද්ධර්මය ගැන නොවෙනස් වන ප්‍රසාදයකින් යුතු කෙනෙක් වෙනවා. මේ සද්ධර්මයට ම පැමිණුන කෙනෙක් වෙනවා.
ප්‍රිය ආයුෂ්මතුනි, නාමරූප කියන්නෙ මොකක් ද? නාමරූප හටගැනීම කියල කියන්නෙ මොකක් ද? නාමරූප නිරුද්ධ වීම කියල කියන්නෙ මොකක් ද? නාමරූප නිරුද්ධ වීමට හේතු වන්නා වූ ප්‍රතිපදාව කියල කියන්නෙ මොකක් ද?
ප්‍රිය ආයුෂ්මතුනි, වේදනා, සංඥා, චේතනා, ස්පර්ශ, මනසිකාර යන මේවාටයි ‘නාම’ කියල කියන්නෙ. සතර මහා භූතත්, සතර මහා භූතයන් නිසා පවතින රූපත්, යන මෙයටයි ‘රූප’ කියල කියන්නෙ. ප්‍රිය ආයුෂ්මතුනි, මේ විදිහට මේ නාමයත්, මේ රූපයත් තමයි නාමරූප කියල කියන්නෙ. විඤ්ඤාණය හටගැනීමෙන් තමයි නාමරූප හටගන්නෙ. විඤ්ඤාණය නිරුද්ධ වීමෙන් තමයි නාමරූප නිරුද්ධ වෙන්නෙ. නාමරූප නිරුද්ධ වීමට හේතු වන ප්‍රතිපදාව තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ කියන්නේ සම්මා දිට්ඨි, …(පෙ)… සම්මා සමාධි කියන මේ අංග අටයි.
ප්‍රිය ආයුෂ්මතුනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට නාමරූප ගැන දැනගත්තොත්, ඔය විදිහට නාමරූප හටගැනීම ගැන දැනගත්තොත්, ඔය විදිහට නාමරූපයේ නිරුද්ධ වීම ගැන දැනගත්තොත්, ඔය විදිහට නාමරූප නිරුද්ධ වීමට හේතුවන ප්‍රතිපදාව ගැන දැනගත්තොත්, අන්න ඒ ආර්ය ශ්‍රාවකයා සිතේ සැඟවුණු රාගය සම්පූර්ණයෙන් ම බැහැර කරලා, …(පෙ)… ප්‍රිය ආයුෂ්මතුනි, මෙපමණකිනුත් ඒ ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුතු වෙනවා. සෘජු ආකල්ප තියෙන කෙනෙක් වෙනවා. මේ සද්ධර්මය ගැන නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත කෙනෙක් වෙනවා. මේ සද්ධර්මය වෙත ම පැමිණි කෙනෙක් වෙනවා.”
(12. නාම-රූප ගැන වදාළ කොටසයි නිමා වුනේ)
එවිට ඒ භික්ෂු පිරිස ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වදාළ මේ ධර්මය ගැන ‘සාදු! සාදු! ප්‍රිය ආයුෂ්මතුනි’ යි කියා ඉතා සතුටින් පිළිගෙන අනුමෝදන් වුනා. ඉන් පසු ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් විමසුවා. “ප්‍රිය ආයුෂ්මතුනි, …(පෙ)… මේ සද්ධර්මයට පැමිණුන කෙනෙක් ය කියල කියන්න පුළුවන් වෙන ක්‍රමයකුත් තියෙනවා ද?”
“එසේ ය, ප්‍රිය ආයුෂ්මතුනි, තව ක්‍රමයකුත් තියෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා විඤ්ඤාණය ගැන දන්නවා නම්, විඤ්ඤාණයේ හටගැනීම ගැනත් දන්නවා නම්, විඤ්ඤාණයේ නිරෝධය ගැනත් දන්නවා නම්, විඤ්ඤාණයේ නිරුද්ධ වීමට හේතු වන ප්‍රතිපදාව ගැනත් දන්නවා නම්, ප්‍රිය ආයුෂ්මතුනි, මෙපමණකිනුත් ඒ ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවා. ඔහුගේ ආකල්පය සෘජු වෙනවා. මේ සද්ධර්මය ගැන නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත කෙනෙක් වෙනවා. මේ සද්ධර්මය වෙත ම පැමිණි කෙනෙක් වෙනවා.
ප්‍රිය ආයුෂ්මතුනි, විඤ්ඤාණය කියන්නෙ මොකක් ද? විඤ්ඤාණයේ හටගැනීම කියල කියන්නෙ මොකක් ද? විඤ්ඤාණයේ නිරුද්ධ වීම කියල කියන්නෙ මොකක් ද? විඤ්ඤාණය නිරුද්ධ වීම පිණිස හේතු වන්නා වූ ප්‍රතිපදාව කියල කියන්නෙ මොකක් ද?
ප්‍රිය ආයුෂ්මතුනි, විඤ්ඤාණය හය ආකාරයි. එනම්, ඇසේ විඤ්ඤාණය, කනේ විඤ්ඤාණය, නාසයේ විඤ්ඤාණය, දිවේ විඤ්ඤාණය, කයේ විඤ්ඤාණය, මනසේ විඤ්ඤාණය යන මෙයයි. සංස්කාර හටගැනීමෙන් තමයි විඤ්ඤාණය හටගන්නෙ. සංස්කාර නිරුද්ධ වීමෙන් තමයි විඤ්ඤාණය නිරුද්ධ වෙන්නෙ. විඤ්ඤාණය නිරුද්ධ වීමට හේතු වන ප්‍රතිපදාව තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ කියන්නේ සම්මා දිට්ඨි, …(පෙ)… සම්මා සමාධි කියන මේ අංග අටයි.
ප්‍රිය ආයුෂ්මතුනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට විඤ්ඤාණය ගැන දැනගත්තොත්, ඔය විදිහට විඤ්ඤාණයේ සකස් වීම ගැන දැනගත්තොත්, ඔය විදිහට විඤ්ඤාණයේ නිරුද්ධ වීම ගැන දැනගත්තොත්, ඔය විදිහට විඤ්ඤාණයේ නිරුද්ධ වීම පිණිස හේතුවන ප්‍රතිපදාව ගැන දැනගත්තොත්, අන්න ඒ ආර්ය ශ්‍රාවකයා සිතේ සැඟවුණු රාගය සම්පූර්ණයෙන් ම බැහැර කරලා, …(පෙ)… එපමණකිනුත් ප්‍රිය ආයුෂ්මතුනි, ඒ ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවා. ඔහුගේ ආකල්පය සෘජු වෙනවා. මේ සද්ධර්මය ගැන නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත කෙනෙක් වෙනවා. මේ සද්ධර්මය වෙත ම පැමිණි කෙනෙක් වෙනවා.”
(13. විඤ්ඤාණය ගැන වදාළ කොටසයි නිමා වුනේ)
එවිට ඒ භික්ෂු පිරිස ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වදාළ මේ ධර්මය ගැන ‘සාදු! සාදු! ප්‍රිය ආයුෂ්මතුනි’ යි කියා ඉතා සතුටින් පිළිගෙන අනුමෝදන් වුනා. ඉන් පසු ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් විමසුවා. “ප්‍රිය ආයුෂ්මතුනි, …(පෙ)… මේ සද්ධර්මයට පැමිණුන කෙනෙක් ය කියල කියන්න පුළුවන් වෙන ක්‍රමයකුත් තියෙනවා ද?”
“එසේ ය, ප්‍රිය ආයුෂ්මතුනි, තව ක්‍රමයකුත් තියෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා සංස්කාර ගැන දන්නවා නම්, සංස්කාරයන්ගේ හටගැනීම ගැනත් දන්නවා නම්, සංස්කාර නිරුද්ධ වීම ගැනත් දන්නවා නම්, සංස්කාර නිරුද්ධ වීමට හේතු වන ප්‍රතිපදාව ගැනත් දන්නවා නම්, ප්‍රිය ආයුෂ්මතුනි, මෙපමණකිනුත් ඒ ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවා. ඔහුගේ ආකල්පය සෘජු වෙනවා. මේ සද්ධර්මය ගැන නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත කෙනෙක් වෙනවා. මේ සද්ධර්මය වෙත ම පැමිණි කෙනෙක් වෙනවා.
ප්‍රිය ආයුෂ්මතුනි, සංස්කාර කියන්නෙ මොනවා ද? සංස්කාරයන්ගේ හටගැනීම කියල කියන්නෙ මොකක් ද? සංස්කාර නිරුද්ධ වීම කියල කියන්නෙ මොකක් ද? සංස්කාර නිරුද්ධ වීම පිණිස හේතු වන්නා වූ ප්‍රතිපදාව කියල කියල කියන්නෙ මොකක් ද?
ප්‍රිය ආයුෂ්මතුනි, සංස්කාර තුන් විදිහකි. ඒව තමයි, කාය සංස්කාර (ආශ්වාස ප්‍රශ්වාස), වචී සංස්කාර (විතර්ක විචාර), චිත්ත සංස්කාර (සංඥා වේදනා) කියල කියන්නෙ. අවිද්‍යාව හටගැනීමෙන් තමයි සංස්කාර හටගන්නෙ. අවිද්‍යාව නිරුද්ධ වීමෙන් තමයි සංස්කාර නිරුද්ධ වෙන්නෙ. සංස්කාර නිරුද්ධ වීමට හේතු වන ප්‍රතිපදාව තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ කියන්නේ සම්මා දිට්ඨි, …(පෙ)… සම්මා සමාධි කියන මේ අංග අටයි.
ප්‍රිය ආයුෂ්මතුනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට සංස්කාර ගැන දැනගත්තොත්, ඔය විදිහට සංස්කාර හටගැනීම ගැන දැනගත්තොත්, ඔය විදිහට සංස්කාර නිරුද්ධ වීම ගැන දැනගත්තොත්, ඔය විදිහට සංස්කාර නිරුද්ධ වීම පිණිස හේතුවන ප්‍රතිපදාව ගැන දැනගත්තොත්, අන්න ඒ ආර්ය ශ්‍රාවකයා සිතේ සැඟවුණු රාගය සම්පූර්ණයෙන් ම බැහැර කරලා, සිතේ සැඟවුණු තරහ සම්පූර්ණයෙන් ම දුරු කරලා, ‘මම වෙමි’ යි කියන වැරදි දෘෂ්ටියෙන් යුක්තව සිතේ සැඟවෙලා තිබිච්ච මාන්නය සම්පූර්ණයෙන් ම උදුරල දමලා, අවිද්‍යාව නැත්තට ම නැතිකරල දමලා, විද්‍යාව උපදවාගෙන, මේ ජීවිතේ දී ම සියලු දුක් නිමා කරන කෙනෙක් වෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, එපමණකිනුත් ඒ ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවා. ඔහුගේ ආකල්පය සෘජු වෙනවා. මේ සද්ධර්මය ගැන නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත කෙනෙක් වෙනවා. මේ සද්ධර්මය වෙත ම පැමිණි කෙනෙක් වෙනවා.”
(14. සංස්කාර ගැන වදාළ කොටසයි නිමා වුනේ)
එවිට ඒ භික්ෂු පිරිස ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වදාළ මේ ධර්මය ගැන ‘සාදු! සාදු! ප්‍රිය ආයුෂ්මතුනි’ යි කියා ඉතා සතුටින් පිළිගෙන අනුමෝදන් වුනා. ඉන් පසු ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් විමසුවා. “ප්‍රිය ආයුෂ්මතුනි, …(පෙ)… මේ සද්ධර්මයට පැමිණුන කෙනෙක් ය කියල කියන්න පුළුවන් වෙන ක්‍රමයකුත් තියෙනවා ද?”
“එසේ ය, ප්‍රිය ආයුෂ්මතුනි, තව ක්‍රමයකුත් තියෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා අවිද්‍යාව ගැන දන්නවා නම්, අවිද්‍යාව හටගැනීම ගැනත් දන්නවා නම්, අවිද්‍යාව නිරුද්ධ වීම ගැනත් දන්නවා නම්, අවිද්‍යාව නිරුද්ධ වීමට හේතු වන ප්‍රතිපදාව ගැනත් දන්නවා නම්, ප්‍රිය ආයුෂ්මතුනි, මෙපමණකිනුත් ඒ ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවා. ඔහුගේ ආකල්පය සෘජු වෙනවා. මේ සද්ධර්මය ගැන නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත කෙනෙක් වෙනවා. මේ සද්ධර්මය වෙත ම පැමිණි කෙනෙක් වෙනවා.
ප්‍රිය ආයුෂ්මතුනි, අවිද්‍යාව කියන්නෙ මොකක් ද? අවිද්‍යාවේ හටගැනීම කියල කියන්නෙ මොකක් ද? අවිද්‍යාව නිරුද්ධ වීම කියල කියන්නෙ මොකක් ද? අවිද්‍යාව නිරුද්ධ වීම පිණිස හේතු වන්නා වූ ප්‍රතිපදාව කියල කියන්නෙ මොකක් ද?
ප්‍රිය ආයුෂ්මතුනි, අවබෝධ කළ යුතු ‘දුක’ ගැන අවබෝධයක් නැතිකම, ප්‍රහාණය කළ යුතු දුකේ හටගැනීම ගැන අවබෝධයක් නැතිකම, සාක්ෂාත් කළ යුතු වූ දුකේ නිරෝධය ගැන අවබෝධයක් නැතිකම, ප්‍රගුණ කළ යුතු දුක් නිරුද්ධ වීමට හේතු වන ප්‍රතිපදාව ගැන අවබෝධයක් නැතිකම යන මෙයයි අවිද්‍යාව කියල කියන්නෙ. ආශ්‍රව හටගැනීමෙන් තමයි අවිද්‍යාව හටගන්නෙ. ආශ්‍රව නිරුද්ධ වීමෙන් තමයි අවිද්‍යාව නිරුද්ධ වෙන්නෙ. අවිද්‍යාව නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ කියන්නේ සම්මා දිට්ඨි, …(පෙ)… සම්මා සමාධි කියන මේ අංග අටයි.
ප්‍රිය ආයුෂ්මතුනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට අවිද්‍යාව ගැන දැනගත්තොත්, ඔය විදිහට අවිද්‍යාව හටගැනීම ගැන දැනගත්තොත්, ඔය විදියට අවිද්‍යාව නිරුද්ධ වීම ගැන දැනගත්තොත්, ඔය විදිහට අවිද්‍යාව නිරුද්ධ වීම පිණිස හේතුවන ප්‍රතිපදාව ගැන දැනගත්තොත්, අන්න ඒ ආර්ය ශ්‍රාවකයා සිතේ සැඟවුණු රාගය සම්පූර්ණයෙන් ම බැහැර කරලා, සිතේ සැඟවුණු තරහ සම්පූර්ණයෙන් ම දුරු කරලා, ‘මම වෙමි’ යි කියන වැරදි දෘෂ්ටියෙන් යුක්තව සිතේ සැඟවෙලා තිබිච්ච මාන්නය සම්පූර්ණයෙන් ම උදුරල දමලා, අවිද්‍යාව නැත්තට ම නැතිකරල දමලා, විද්‍යාව උපදවාගෙන, මේ ජීවිතේ දී ම සියලු දුක් නිමා කරන කෙනෙක් වෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, මෙපමණකිනුත් ඒ ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවා. ඔහුගේ ආකල්පය සෘජු වෙනවා. මේ සද්ධර්මය ගැන නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත කෙනෙක් වෙනවා. මේ සද්ධර්මය වෙත ම පැමිණි කෙනෙක් වෙනවා.”
(15. අවිද්‍යාව ගැන වදාළ කොටසයි නිමා වුනේ)
එවිට ඒ භික්ෂු පිරිස ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වදාළ මේ ධර්මය ගැන ‘සාදු! සාදු! ප්‍රිය ආයුෂ්මතුනි’ යි කියා ඉතා සතුටින් පිළිගෙන අනුමෝදන් වුනා. ඉන් පසු ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් විමසුවා. “ප්‍රිය ආයුෂ්මතුනි, ආර්ය ශ්‍රාවකයෙක් සම්මා දිට්ඨියෙන් යුක්ත යැ යි කියල කියන්න පුළුවන්, ඔහුගේ ආකල්පය සෘජුයි කියල කියන්න පුළුවන්, මේ සද්ධර්මය කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයකින් යුක්තයි කියල කියන්න පුළුවන්, මේ සද්ධර්මයට පැමිණුන කෙනෙක් ය කියල කියන්න පුළුවන් වෙන ක්‍රමයකුත් තියෙනවා ද?”
“එසේ ය, ප්‍රිය ආයුෂ්මතුනි, තව ක්‍රමයකුත් තියෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා ආශ්‍රව ගැන දන්නවා නම්, ආශ්‍රව හටගැනීම ගැනත් දන්නවා නම්, ආශ්‍රව නිරුද්ධ වීම ගැනත් දන්නවා නම්, ආශ්‍රව නිරුද්ධ වීමට හේතු වන ප්‍රතිපදාව ගැනත් දන්නවා නම්, ප්‍රිය ආයුෂ්මතුනි, මෙපමණකිනුත් ඒ ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවා. ඔහුගේ ආකල්පය සෘජු වෙනවා. මේ සද්ධර්මය ගැන නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත කෙනෙක් වෙනවා. මේ සද්ධර්මය වෙත ම පැමිණි කෙනෙක් වෙනවා.
ප්‍රිය ආයුෂ්මතුනි, ආශ්‍රව කියල කියන්නෙ මොනවා ද? ආශ්‍රව හටගැනීම කියල කියන්නෙ මොකක් ද? ආශ්‍රව නිරුද්ධ වීම කියල කියන්නෙ මොකක් ද? ආශ්‍රව නිරුද්ධ වීම පිණිස හේතු වන්නා වූ ප්‍රතිපදාව කියල කියන්නෙ මොකක් ද?
ප්‍රිය ආයුෂ්මතුනි, ආශ්‍රව වර්ග තුනක් තියෙනවා. ඒවා තමයි, කාම ආශ්‍රව, භව ආශ්‍රව, අවිජ්ජා ආශ්‍රව කියල කියන්නෙ. අවිද්‍යාව හටගැනීමෙන් තමයි ආශ්‍රව හටගන්නෙ. අවිද්‍යාව නිරුද්ධ වීමෙන් තමයි ආශ්‍රව නිරුද්ධ වෙන්නෙ. ආශ්‍රව නිරුද්ධ වීමට හේතු වන ප්‍රතිපදාව තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ කියන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ අංග අටයි.
ප්‍රිය ආයුෂ්මතුනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට ආශ්‍රව ගැන දැනගත්තොත්, ඔය විදිහට ආශ්‍රව හටගැනීම ගැන දැනගත්තොත්, ඔය විදිහට ආශ්‍රව නිරුද්ධ වීම ගැන දැනගත්තොත්, ඔය විදිහට ආශ්‍රව නිරුද්ධ වීම පිණිස හේතුවන ප්‍රතිපදාව ගැන දැනගත්තොත්, අන්න ඒ ආර්ය ශ්‍රාවකයා සිතේ සැඟවුණු රාගය සම්පූර්ණයෙන් ම බැහැර කරලා, සිතේ සැඟවුණු තරහ සම්පූර්ණයෙන් ම දුරු කරලා, ‘මම වෙමි’ යි කියන වැරදි දෘෂ්ටියෙන් යුක්තව සිතේ සැඟවෙලා තිබිච්ච මාන්නය සම්පූර්ණයෙන් ම උදුරල දමලා, අවිද්‍යාව නැත්තට ම නැතිකරල දමලා, විද්‍යාව උපදවාගෙන, මේ ජීවිතේ දී ම සියලු දුක් නිමා කරන කෙනෙක් වෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, මෙපමණකිනුත් ඒ ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවා. ඔහුගේ ආකල්පය සෘජු වෙනවා. මේ සද්ධර්මය ගැන නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත කෙනෙක් වෙනවා. මේ සද්ධර්මය වෙත ම පැමිණි කෙනෙක් වෙනවා.”
(16. ආශ්‍රව ගැන වදාළ කොටසයි නිමා වුනේ)
ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මේ දේශනාව වදාළා. ඒ භික්ෂූන් වහන්සේලා ඉතා ම සතුටට පත් වුනා. ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වදාළ මේ දේශනය සාදුකාර දෙමින් සතුටින් පිළිගත්තා.
සම්මා දිට්ඨිය යනු කුමක් දැ’යි විස්තර වශයෙන් වදාළ දෙසුම නිමා විය
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn1_1-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M