මජ්ඣිම නිකාය

මූල පණ්ණාසකෝ

1.1.10. සතිපට්ඨාන සුත්තං

1.1.10. සම්මා සතිය පිහිටුවා ගැනීම ගැන වදාළ දෙසුම

1. ඒවං මේ සුතං: ඒකං සමයං භගවා කුරූසු විහරති කම්මාස්සදම්මං නාම කුරූනං නිගමෝ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි භික්ඛවෝති. භදන්තේති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච:

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ කුරු ජනපදයේ, ‘කම්මාස්සදම්ම’ කියන කුරු ජනපදයට අයත් පුංචි නගරෙක. ඉතින් එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි,” කියල භික්ෂුසංඝයා ඇමතුවා. “පින්වතුන් වහන්ස” කියල ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ මොහොතේ දී තමයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාළේ.

2. ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදෝමනස්සානං අත්ථංගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය – යදිදං චත්තාරෝ සතිපට්ඨානා. කතමේ චත්තාරෝ?

පින්වත් මහණෙනි, සත්වයන්ගේ ජීවිත පිරිසිදු වීම පිණිස, ශෝක වැළපීම් වලින් තොරව ජීවත් වීම පිණිස, කායික මානසික දුක් දොම්නස් වලින් තොරව ජීවත්වීම පිණිස, සැබෑ ම ජීවිතාවබෝධය ඇති කරගැනීම පිණිස, ඒ අමා මහ නිවන සාක්ෂාත් කරගැනීම පිණිස එක ම එක මාර්ගයයි තියෙන්නෙ. අන්න ඒකට තමයි සතර සතිපට්ඨානය කියල කියන්නෙ. මොකක් ද ඒ සතර සතිපට්ඨානය?

ඉධ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති ආතාපී සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣාදෝමනස්සං. වේදනාසු වේදනානුපස්සී විහරති ආතාපී සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣාදෝමනස්සං. චිත්තේ චිත්තානුපස්සී විහරති ආතාපී සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣාදෝමනස්සං. ධම්මේසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣාදෝමනස්සං.

(උද්දේසවාරෝ)

පින්වත් මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව අකුසල් දුරු කරගන්න උවමනා වීරියෙන් යුතුව, ඒ වගේ ම හොඳ සිහි නුවණින් යුතුව, හොඳින් සිහිය පිහිටුවා ගෙන, මේ ජීවිතය නැමති ලෝකය ගැන තියෙන ඇලීම් ගැටීම් වලින් ඉවත් වෙලා, තමන්ගේ කය ගැන දකිමින් කායානුපස්සනා භාවනාවෙන් ඉන්නවා. ඒ විදිහට ම අකුසල් දුරු කරගන්න උවමනා වීරියෙන් යුතුව, ඒ වගේ ම හොඳ සිහි නුවණින් යුතුව, හොඳින් සිහිය පිහිටුවා ගෙන, මේ ජීවිතය නැමති ලෝකය ගැන තියෙන ඇලීම් ගැටීම් වලින් ඉවත් වෙලා, විඳීම් ගැන දකිමින් වේදනානුපස්සනා භාවනාවෙන් ඉන්නවා. ඒ විදිහට ම අකුසල් දුරු කරගන්න උවමනා වීරියෙන් යුතුව, ඒ වගේ ම හොඳ සිහි නුවණින් යුතුව, හොඳින් සිහිය පිහිටුවා ගෙන, මේ ජීවිතය නැමති ලෝකය ගැන තියෙන ඇලීම් ගැටීම් වලින් ඉවත් වෙලා, සිත ගැන දකිමින් චිත්තානුපස්සනා භාවනාවෙන් ඉන්නවා. ඒ විදියට ම අකුසල් දුරු කරගන්න උවමනා වීරියෙන් යුතුව, ඒ වගේ ම හොඳ සිහි නුවණින් යුතුව, හොඳින් සිහිය පිහිටුවා ගෙන, මේ ජීවිතය නැමති ලෝකය ගැන තියෙන ඇලීම් ගැටීම් වලින් ඉවත් වෙලා, ධර්මයන් ගැන දකිමින් ධම්මානුපස්සනා භාවනාවෙන් ඉන්නවා.

[1. කායානුපස්සනා සතිපට්ඨානං]

කථඤ්ච භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති?

පින්වත් මහණෙනි, ඒ භික්ෂුව කය ගැන දකිමින් කායානුපස්සනා භාවනාවෙන් ඉන්නෙ කොහොම ද?

1. ඉධ භික්ඛවේ භික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සෝ සතෝව අස්සසති, සතෝ පස්සසති. දීඝං වා අස්සසන්තෝ දීඝං අස්සසාමීති පජානාති. දීඝං වා පස්සසන්තෝ දීඝං පස්සසාමීති පජානාති. රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති. රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති. සබ්බකායපටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති. සබ්බකායපටිසංවේදී පස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං කායසංඛාරං අස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං කායසංඛාරං පස්සසිස්සාමීති සික්ඛති.

(1).පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව එක්කො අරණ්‍යකට යනවා. එහෙම නැත්නම් ගහක් යටට යනවා. එහෙමත් නැත්නම් පාළු තැනකට යනවා. එතන දී ඒ භික්ෂුව කය ඍජු කරගෙන, පළඟක් බැඳ ගෙන වාඩිවෙලා තමන් භාවනා කරන අරමුණ ගැන හොඳට සිහිය පිහිටුවා ගන්නවා. ඊට පස්සෙ ඒ භික්ෂුව හොඳ සිහියෙන් ම යි හුස්ම ගන්නෙ. හොඳ සිහියෙන් ම යි හුස්ම හෙළන්නෙ. ඉතින් ඒ භික්ෂුව දීර්ඝව හුස්ම ගන්නවා නම් දැන් තමන් දීර්ඝව හුස්ම ගන්න බව හොඳින් දැනගන්නවා. ඒ වගේ ම දීර්ඝව හුස්ම හෙළනවා නම් දැන් තමන් දීර්ඝව හුස්ම හෙළන බව හොඳින් දැනගන්නවා. හුස්ම ගන්නෙ කෙටියෙන් නම් තමන් දැන් කෙටියෙන් හුස්ම ගන්න බව දැනගන්නවා. හුස්ම හෙළන්නෙ කෙටියෙන් නම් තමන් දැන් කෙටියෙන් හුස්ම හෙළන බව දැනගන්නවා. ඊට පස්සෙ ඒ භික්ෂුව ‘මුළු කය ම හොඳින් තේරෙන විදිහට හුස්ම ගන්න ඕන’ කියල හික්මෙනවා. ‘මුළු කය ම හොඳින් තේරෙන විදිහට හුස්ම හෙළන්න ඕන’ කියල හික්මෙනවා. ‘ආශ්වාස ප්‍රාශ්වාස සැහැල්ලු වෙන විදිහට හුස්ම ගන්න ඕන’ කියල හික්මෙනවා. ‘ආශ්වාස ප්‍රාශ්වාස සැහැල්ලු වෙන විදිහට හුස්ම හෙළන්න ඕන’ කියල හික්මෙනවා.

සෙය්‍යථාපි භික්ඛවේ දක්ඛෝ භමකාරෝ වා භමකාරන්තේවාසී වා දීඝං වා අඤ්ඡන්තෝ දීඝං අඤ්ඡාමීති පජානාති, රස්සං වා අඤ්ඡන්තෝ රස්සං අඤ්ඡාමීති පජානාති, ඒවමේව ඛෝ භික්ඛවේ භික්ඛු දීඝං වා අස්සසන්තෝ දීඝං අස්සසාමීති පජානාති. …(පෙ)… පස්සම්භයං කායසංඛාරං පස්සසිස්සාමීති සික්ඛති. ඉති අජ්ඣත්තං වා කායේ කායානුපස්සී විහරති. බහිද්ධා වා කායේ කායානුපස්සී විහරති. අජ්ඣත්තබහිද්ධා වා කායේ කායානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා කායස්මිං විහරති. වයධම්මානුපස්සී වා කායස්මිං විහරති. සමුදයවයධම්මානුපස්සී වා කායස්මිං විහරති. අත්ථි කායෝති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. යාවදේව ඤාණමත්තාය පතිස්සතිමත්තාය. අනිස්සිතෝ ච විහරති. න ච කිඤ්චි ලෝකේ උපාදියති. ඒවම්පි භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති.

(1. ආනාපානපබ්බං)

පින්වත් මහණෙනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. යතුගෑමෙහි දක්ෂ වඩුවෙක් ඉන්නවා. එහෙම නැත්නම් ඒ වඩු උන්නැහේගේ ගෝලයෙක් ඉන්නවා. ඉතින් ඔහු දීර්ඝව යතු ගාද්දි දැන් තමන් දීර්ඝව යතු ගාන බව හොඳින් දැනගන්නවා. යතු ගාන්නෙ කෙටියෙන් නම් තමන් දැන් කෙටියෙන් යතු ගාන බවත් හොඳින් දැනගන්නවා. පින්වත් මහණෙනි, ඔන්න ඔය වගේ ම යි, භික්ෂුවත් දීර්ඝව හුස්ම ගන්න කොට තමන් දැන් දීර්ඝව හුස්ම ගන්න බව හොඳින් දැනගන්නවා. ….(පෙ)…. ආශ්වාස ප්‍රාශ්වාස සැහැල්ලු වෙන විදිහට හුස්ම හෙළන්න ඕන කියල හික්මෙනවා.

ඒ භික්ෂුව තමන් ගේ කය ගැන දකිමින් කායානුපස්සනා භාවනාවෙන් ඉන්නෙ ඔන්න ඔය විදිහටයි. අනුන් ගේ කය ගැනත් (තමන්ගේ කය වගේ ම බව දකිමින්) කායානුපස්සනා භාවනාවෙන් ඉන්නවා. මේ විදිහට තමන් ගේ කය ගැනත් අනුන්ගේ කය ගැනත් දකිමින් කායානුපස්සනා භාවනාවෙන් ඉන්නවා. මේ (ආශ්වාස ප්‍රශ්වාස) කය හටගන්නා හැටි දකිමින් ඉන්නවා. නැති වී යන හැටිත් දකිමින් ඉන්නවා. මේ විදිහට මේ කය හටගන්නා හැටිත්, නැති වී යන හැටිත් දකිමින් කායානුපස්සනා භාවනාවෙන් ඉන්නවා. මෙතන තියෙන්නෙ ඇති වී නැති වී යන විදිහේ (ආශ්වාස ප්‍රශ්වාස) කයක් විතරයි කියල ඒ භික්ෂුව ගේ සිහිය හොඳ හැටියට පිහිටනවා. අන්න ඒ සිහිය තමයි නුවණ වැඩෙන්න උපකාරී වෙන්නෙ. තවදුරටත් සිහිය වැඩෙන්න උපකාරී වෙන්නෙත් ඒ සිහිය ම යි. එතකොට ඒ භික්ෂුවට (ආශ්වාස ප්‍රශ්වාස) කයට ඇලෙන්නෙ නැතිව ඉන්නට පුළුවනි. මේ ජීවිතය නැමැති ලෝකෙ කිසි ම දේකට බැඳෙන්නෙ නැතිව ඉන්නට පුළුවනි. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට ත් ඒ භික්ෂුව කය ගැන දකිමින් කායානුපස්සනා භාවනාවෙන් වාසය කරනවා.

2. පුන ච පරං භික්ඛවේ භික්ඛු ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති. ඨිතෝ වා ඨිතොම්හීති පජානාති. නිසින්නෝ වා නිසින්නොම්හීති පජානාති. සයානෝ වා සයානොම්හීති පජානාති. යථා යථා වා පනස්ස කායෝ පණිහිතෝ හෝති තථා තථා නං පජානාති. ඉති අජ්ඣත්තං වා කායේ කායානුපස්සී විහරති. බහිද්ධා වා කායේ කායානුපස්සී විහරති. අජ්ඣත්තබහිද්ධා වා කායේ කායානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා කායස්මිං විහරති. වයධම්මානුපස්සී වා කායස්මිං විහරති. සමුදයවයධම්මානුපස්සී වා කායස්මිං විහරති. අත්ථි කායෝති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. යාවදේව ඤාණමත්තාය පතිස්සතිමත්තාය. අනිස්සිතෝ ච විහරති. න ච කිඤ්චි ලෝකේ උපාදියති. ඒවම්පි භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති.

(2. ඉරියාපථපබ්බං)

පින්වත් මහණෙනි, කායානුපස්සනා භාවනාව ගැන තවදුරටත් කියනවා නම්; මෙහිලා භික්ෂුව ඇවිදගෙන යන කොට, තමන් දැන් ඇවිදින බව හොඳින් දැනගන්නවා. හිටගෙන ඉන්න කොට, තමන් දැන් හිටගෙන ඉන්න බව හොඳින් දැනගන්නවා. වාඩිවෙලා ඉන්න කොට, තමන් දැන් වාඩිවෙලා ඉන්න බව හොඳින් දැනගන්නවා. හාන්සි වෙලා ඉන්න කොට, තමන් දැන් හාන්සි වෙලා ඉන්න බව හොඳින් දැනගන්නවා. තමන්ගේ කය කොයි විදිහට තිබුනත් ඒ හැම විදිහක් ගැන ම ඒ විදිහට ම දැනගන්නවා.

ඔය විදිහට ඒ භික්ෂුව තමන්ගේ කය පිළිබඳව හෝ කායානුපස්සනා භාවනාවෙන් ඉන්නවා. අනුන්ගේ කය පිළිබඳව හෝ කායානුපස්සනා භාවනාවෙන් ඉන්නවා. තමන්ගේ හා අනුන්ගේ කය ගැන හෝ දකිමින් කායානුපස්සනා භාවනාවෙන් ඉන්නවා. මේ (ඉරියව් පවත්වන) කය හටගන්නා හැටි දකිමින් ඉන්නවා. මේ කයෙහි (ඉරියව්) නැති වී යන හැටිත් දකිමින් ඉන්නවා. මේ කයෙහි (ඉරියව්) හටගන්නා හැටිත්, නැසී යන හැටිත් දකිමින් ඉන්නවා. මෙතන තියෙන්නෙ ඇති වී නැති වී යන (ඉරියව් වලින් යුතු) කයක් විතරයි කියල ඒ භික්ෂුවගේ සිහිය හොඳ හැටියට පිහිටනවා. අන්න ඒ සිහිය තමයි නුවණ වැඩෙන්න උපකාරී වෙන්නෙ. තවදුරටත් සිහිය වැඩෙන්න උපකාරී වෙන්නෙත් ඒ සිහිය ම යි. එතකොට ඒ භික්ෂුවට (ඉරියව් පවත්වන) කයට ඇලෙන්නෙ නැතිව ඉන්න පුළුවනි. මේ ජීවිතය නම් වූ ලෝකයේ කිසි ම දෙයකට බැඳෙන්නෙ නැතිව ඉන්න පුළුවනි. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට ත් ඒ භික්ෂුව මේ කය ගැන දකිමින් කායානුපස්සනා භාවනාවෙන් වාසය කරනවා.

3. පුන ච පරං භික්ඛවේ, භික්ඛු අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. සම්මිඤ්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. සංඝාටිපත්තචීවරධාරණේ සම්පජානකාරී හෝති. අසිතේ පීතේ ඛායිතේ සායිතේ සම්පජානකාරී හෝති. උච්චාරපස්සාවකම්මේ සම්පජානකාරී හෝති. ගතේ ඨිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුණ්හීභාවේ සම්පජානකාරී හෝති. ඉති අජ්ඣත්තං වා කායේ කායානුපස්සී විහරති …(පෙ)… ඒවම්පි භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති.

(3. සම්පජඤ්ඤපබ්බං)

(3). පින්වත් මහණෙනි, කායානුපස්සනා භාවනාව ගැන තවදුරටත් කියනවා නම්; මෙහි භික්ෂුව ඉස්සරහට ඇවිද ගෙන යද්දි, ආපසු හැරී එද්දි (තම සිත තුළ කෙලෙස් හටගන්නට ඉඩ නොදී) හොඳ කල්පනාවෙනුයි ඉන්නෙ. ඉස්සරහ බලන කොට, වටපිට බලන කොට, හොඳ කල්පනාවෙනුයි ඉන්නෙ. තමන්ගෙ අත්පා දිග හරින කොට, හකුළුවන කොට, හොඳ කල්පනාවෙනුයි ඉන්නෙ. දෙපට සිවුර, පාත්තරේ, අනිත් සිවුරු දරන කොට හොඳ කල්පනාවෙනුයි ඉන්නෙ. යමක් වළඳන කොට, පානය කරන කොට, හොඳින් හපන කොට, රස විඳින කොට, හොඳ කල්පනාවෙන් ම යි ඉන්නෙ. කොටින් ම වැසිකිළි කැසිකිළි යන විට පවා හොඳ කල්පනාවෙන් ම යි ඉන්නෙ. ඇවිද ගෙන යන කොට, හිටගෙන ඉන්න කොට, ඉඳගෙන ඉන්නකොට, සැතැපී ඉන්න කොට, නිදිවරන කොට, කතා බස් කරන කොට, නිහඬ ව ඉන්න කොට පවා හොඳ කල්පනා වෙන් ම යි ඉන්නෙ.

ඔන්න ඔය විදිහට ඒ භික්ෂුව තමන්ගෙ කය ගැන හෝ දකිමින් කායානුපස්සනා භාවනාවෙන් ඉන්නවා. ….(පෙ)…. පින්වත් මහණෙනි, ඔය විදිහට ත් භික්ෂුව කය ගැන දකිමින් කායානුපස්සනා භාවනාවෙන් වාසය කරනවා.

4. පුන ච පරං භික්ඛවේ භික්ඛු ඉමමේව කායං උද්ධං පාදතලා අධෝ කේසමත්ථකා තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනෝ පච්චවෙක්ඛති: අත්ථි ඉමස්මිං කායේ කේසා ලෝමා නඛා දන්තා තචෝ මංසං නහාරු අට්ඨි අට්ඨිමිඤ්ජං වක්කං හදයං යකනං කිලෝමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු වසා බේළෝ සිංඝාණිකා ලසිකා මුත්තන්ති.

(4). පින්වත් මහණෙනි, කායානුපස්සනා භාවනාව ගැන තවදුරටත් කියනවා නම්; මෙහිලා භික්ෂුව යටි පතුලෙන් උඩටත්, හිස කෙස් වලින් පහළටත්, සමකින් වටවෙලා තියෙන, නා නා ප්‍රකාර ජරාවල් වලින් පිරිල තියෙන මේ කය ගැන නුවණින් විමසල බලනවා. ‘මේ ශරීරයේ තියෙන්නෙ කෙස්, ලොම්, නිය පොතු, දත්, සම, මස්, නහරවැල්, ඇට, ඇටලොඳ, වකුගඩු, හදවත, අක්මාව, දලබුව, බඩදිව, පෙණහැලි, මහා බඩවැල්, කුඩා බඩවැල් බොක්ක, අසූචි, පිත, සෙම, සැරව, ලේ, දහඩිය, තෙල්මන්ද, කඳුළු, වුරුණු තෙල්, කෙළ, සොටු, සඳමිඳුළු, මුත්‍රා තියෙනවා’ කියලා.

සෙය්‍යථාපි භික්ඛවේ උභතෝමුඛා මූතෝළී පූරා නානාවිහිතස්ස ධඤ්ඤස්ස – සෙය්‍යථීදං: සාලීනං වීහීනං මුග්ගානං මාසානං තිලානං තණ්ඩුලානං. තමේනං චක්ඛුමා පුරිසෝ මුඤ්චිත්වා පච්චවෙක්ඛෙය්‍ය: ඉමේ සාලී ඉමේ වීහී ඉමේ මුග්ගා ඉමේ මාසා ඉමේ තිලා ඉමේ තණ්ඩුලාති. ඒවමේව ඛෝ භික්ඛවේ භික්ඛු ඉමමේව කායං උද්ධං පාදතලා අධෝ කේසමත්ථකා තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනෝ පච්චවෙක්ඛති: අත්ථි ඉමස්මිං කායේ කේසා ලෝමා නඛා දන්තා තචෝ මංසං නහාරු අට්ඨි අට්ඨිමිඤ්ජං වක්කං හදයං යකනං කිලෝමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු වසා බේළෝ සිංඝාණිකා ලසිකා මුත්තන්ති. ඉති අජ්ඣත්තං වා කායේ කායානුපස්සී විහරති …(පෙ)… ඒවම්පි භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති.

(4. පටික්කූලමනසිකාරපබ්බං)

පින්වත් මහණෙනි, ඒක මෙන්න මේ වගේ දෙයක්, මල්ලක් තියෙනවා. ඒ මල්ලෙ දෙපැත්තෙන් ම කට තියෙනවා. ඔය මල්ල පිරිල තියෙන්නෙ නා නා ප්‍රකාර ධාන්‍ය වලින්. එනම් හැල් වී, වී, මුං ඇට, මෑ ඇට, තල ඇට, හාල් වගේ දේවල් වලින්. ඉතින් ඔතනට හොඳට ඇස් පේන මිනිහෙක් එනවා. ඇවිදින් ඒ මල්ල ලිහනවා. ඒ මල්ලෙ ඇතුළෙ තියෙන දේවල් හොඳට බලනවා. ‘මේ තියෙන්නෙ හැල් වී, මේ තියෙන්නෙ වී, මේ තියෙන්නෙ මුං ඇට, මේ තියෙන්නෙ මෑ අට, මේවා තල ඇට, මේවා හාල් ඇට’ කියලා.

පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහ ම යි. භික්ෂුව මේ කය දිහාත් ඔය විදිහට බලනවා. යටි පතුලෙන් උඩටත් හිස කෙස් වලින් පහළටත්, හමකින් වටවෙලා තියෙන නා නා ප්‍රකාර ජරාවලින් පිරිල තියෙන මේ කය ගැන නුවණින් විමසල බලනවා.

‘මේ ශරීරයේ තියෙන්නෙ කෙස්, ලොම්, නිය පොතු, දත්, සම, මස්, නහරවැල්, ඇට, ඇටලොඳ, වකුගඩු, හදවත, අක්මාව, දලබුව, බඩදිව, පෙණහැලි, අතුණු, අතුණු බහන්, බොක්ක, අසූචි, පිත, සෙම, සැරව, ලේ, දහඩිය, තෙල් මන්ද, කඳුළු, වුරුණු තෙල්, කෙළ, සොටු, සඳ මිඳුළු, මුත්‍රා’ කියලා. ඒ භික්ෂුව ඒ විදිහට තමන්ගෙ කය ගැන හෝ දකිමින් කායානුපස්සනා භාවනාවෙන් ඉන්නවා ….(පෙ)…. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට ත් භික්ෂුව කය ගැන දකිමින් කායානුපස්සනා භාවනාවෙන් වාසය කරනවා.

5. පුන ච පරං භික්ඛවේ භික්ඛු ඉමමේව කායං යථාඨිතං යථාපණිහිතං ධාතුසෝ පච්චවෙක්ඛති: අත්ථි ඉමස්මිං කායේ පඨවීධාතු ආපෝධාතු තේජෝධාතු වායෝධාතූති. සෙය්‍යථාපි භික්ඛවේ දක්ඛෝ ගෝඝාතකෝ වා ගෝඝාතකන්තේවාසී වා ගාවිං වධිත්වා චාතුම්මහාපථේ බිලසෝ පටිවිභජිත්වා නිසින්නෝ අස්ස. ඒවමේව ඛෝ භික්ඛවේ භික්ඛු ඉමමේව කායං යථාඨිතං යථාපණිහිතං ධාතුසෝ පච්චවෙක්ඛති: අත්ථි ඉමස්මිං කායේ පඨවීධාතු ආපෝධාතු තේජෝධාතු වායෝධාතූති. ඉති අජ්ඣත්තං වා කායේ කායානුපස්සී විහරති …(පෙ)… ඒවම්පි භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති.

(5. ධාතුමනසිකාරපබ්බං)

(5). පින්වත් මහණෙනි, කායානුපස්සනා භාවනාව ගැන තවදුරටත් කියනවා නම්; මෙහි භික්ෂුව මේ කය තියෙන විදිහට ම, පිහිටල තියෙන විදිහට ම ධාතු ස්වභාව වශයෙන් නුවණින් විමසා බලනවා. ඒක කරන්නෙ මෙහෙම යි. ‘මේ ශරීරයේ තියෙන්නෙ, පස්වෙලා යන ස්වභාවයට අයිති දේවල් (පඨවි ධාතු), දියවෙලා යන ස්වභාවයට අයිති දේවල් (ආපෝ ධාතු), රස්නෙ ගතියට අයිති දේවල් (තේජෝ ධාතු), හමාගෙන යන ස්වභාවයට අයිති දේවල් (වායෝ ධාතු)’ කියල.

පින්වත් මහණෙනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. හරක් මරන්න දක්ෂ මිනිහෙක් ඉන්නවා. එහෙම නැත්නම් ඒ මිනිහගෙ ගෝලයෙක් ඉන්නවා. ඉතින් ඔහු එළදෙනක්ව මරනවා. ඒ හරක් මස වෙන් වෙන්ව කොටස් කරනවා. හතර මංහන්දියක ඒවා තියාගෙන වාඩිවෙලා ඉන්නවා. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහ ම යි. භික්ෂුව ත් මේ කය තියෙන විදිහට ම, පිහිටල තියෙන විදියට ම, ධාතු ස්වභාව වශයෙන් නුවණින් විමස විමසා බලනවා. ‘මේ ශරීරයේ තියෙන්නෙ පස්වෙලා යන ස්වභාවයට අයිති දේවල් (පඨවි ධාතු). දියවෙලා යන ස්වභාවයට අයිති දේවල් (ආපෝ ධාතු). රස්නෙ ගතියට අයිති දේවල් (තේජෝ ධාතු). හමාගෙන යන ස්වභාවයට අයිති දේවල් (වායෝ ධාතු)’ කියල.

ඔය විදිහට ඒ භික්ෂුව තමන්ගේ කය ගැන හෝ දකිමින් කායානුපස්සනා භාවනාවෙන් ඉන්නවා ….(පෙ)…. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට ත් භික්ෂුව කය ගැන දකිමින් කායානුපස්සනා භාවනාවෙන් වාසය කරනවා.

[නවසිවථිකාපබ්බං]

6. පුන ච පරං භික්ඛවේ භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං – ඒකාහමතං වා ද්වීහමතං වා තීහමතං වා උද්ධුමාතකං විනීලකං විපුබ්බකජාතං. සෝ ඉමමේව කායං උපසංහරති: අයම්පි ඛෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවී ඒතං අනතීතෝති. ඉති අජ්ඣත්තං වා කායේ කායානුපස්සී විහරති. බහිද්ධා වා කායේ කායානුපස්සී විහරති. අජ්ඣත්තබහිද්ධා වා කායේ කායානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා කායස්මිං විහරති. වයධම්මානුපස්සී වා කායස්මිං විහරති. සමුදයවයධම්මානුපස්සී වා කායස්මිං විහරති. අත්ථි කායෝති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. යාවදේව ඤාණමත්තාය පතිස්සතිමත්තාය. අනිස්සිතෝ ච විහරති. න ච කිඤ්චි ලෝකේ උපාදියති. ඒවම්පි භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති. (1)

(6). පින්වත් මහණෙනි, කායානුපස්සනා භාවනාව ගැන තවදුරටත් කියනවා නම්; අමු සොහොනක දාල ගිය මළ සිරුරක් දකින්න ලැබෙනවා කියල හිතමු. ඉතින් ඒ මළ මිනිය එක දවසක් හරි, දවස් දෙකක් හරි, දවස් තුනක් හරි, කල් ගත වෙච්ච එකක්. ඉදිමිලා, නිල් වෙලා, සැරව හැදිලා තියෙන්නෙ. එතකොට භික්ෂුව තමන්ගේ මේ ශරීරයත්, ඒ මළකුණ එක්ක ගලපලා බලනවා. ‘ඇත්තෙන් ම මේ කයත් ඒ විදිහට ම පත්වෙලා යන එකක්. මේ කයට වුණත්, ඒ ඉරණමින් නිදහස් වෙන්න පුළුවන්කමක් නෑ’ කියල.

ඔය විදියට ඒ භික්ෂුව තමන්ගෙ කය ගැන හෝ දකිමින් කායානුපස්සනා භාවනාවෙන් ඉන්නවා. අනුන්ගේ කය ගැන හෝ (ඒ මළකුණට වෙච්ච දේ ම වෙන බව දකිමින්) කායානුපස්සනා භාවනාවෙන් ඉන්නවා. මේ විදිහට තමන්ගේ හා අනුන්ගේ කය ගැන හෝ දකිමින් කායානුපස්සනා භාවනාවෙන් ඉන්නවා. (කුණු වෙලා යන) මේ කය හටගන්නා හැටි දකිමින් ඉන්නවා. (කුණු වෙලා යන) මේ කය නැසී යන හැටිත් දකිමින් ඉන්නවා. (කුණු වෙලා යන) මේ කය හටගන්නා හැටිත්, නැසී යන හැටිත් දකිමින් ඉන්නවා. මෙතන තියෙන්නෙ ඇති වී, නැති වී (කුණු වෙලා) යන විදිහේ කයක් විතරයි කියල ඒ භික්ෂුවගේ සිහිය හොඳ හැටියට පිහිටනවා. අන්න ඒ සිහිය තමයි නුවණ වැඩෙන්න උපකාරී වෙන්නෙ. තවදුරටත් සිහිය වැඩෙන්න උපකාරී වෙන්නෙත් ඒ සිහිය ම යි. එතකොට ඒ භික්ෂුවට (කුණු වෙලා යන) ඒ කයට ඇලෙන්නෙ නැතිව ඉන්න පුළුවනි. මේ ජීවිතය නම් වූ ලෝකයේ කිසි ම දෙයකට බැඳෙන්නෙ නැතිව ඉන්න පුළුවනි. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට ත් භික්ෂුව කය ගැන දකිමින් කායානුපස්සනා භාවනාවෙන් වාසය කරනවා.

7. පුන ච පරං භික්ඛවේ භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං – කාකේහි වා ඛජ්ජමානං කුලලේහි වා ඛජ්ජමානං ගිජ්‌ඣේහි වා ඛජ්ජමානං සුපාණේහි වා ඛජ්ජමානං සිගාලේහි වා ඛජ්ජමානං විවිධේහි වා පාණකජාතේහි ඛජ්ජමානං. සෝ ඉමමේව කායං උපසංහරති: අයම්පි ඛෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවී ඒතං අනතීතෝති. ඉති අජ්ඣත්තං වා කායේ කායානුපස්සී විහරති …(පෙ)… ඒවම්පි භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති. (2)

(7). පින්වත් මහණෙනි, කායානුපස්සනා භාවනාව ගැන තවදුරටත් කියනවා නම්; අමු සොහොනක දාල ගිය මළ සිරුරක් දකින්නට ලැබෙනවා කියල හිතමු. ඉතින් ඒ මළ කුණ කාක්කො කකා ඉන්නවා, උකුස්සො කකා ඉන්නවා, ගිජුලිහිණියොත් කකා ඉන්නවා, හිවල්ලුත් කකා ඉන්නවා, බල්ලොත් කකා ඉන්නවා, එක එක ජාතියෙ සත්තු ඒ මළකුණ කකා ඉන්නවා. එතකොට භික්ෂුව තමන්ගේ මේ ශරීරයත්, ඒ මළකුණ එක්ක ගලපල බලනවා. ‘ඇත්තෙන් ම මේ කයත් ඒ විදිහට ම පත්වෙලා යන එකක්. මේ කයට වුණත්, ඒ ඉරණමින් නිදහස් වෙන්න පුළුවන් කමක් නෑ’ කියල. ඔය විදිහට ඒ භික්ෂුව තමන්ගේ කය ගැන හෝ දකිමින් කායානුපස්සනා භාවනාවෙන් ඉන්නවා ….(පෙ)…. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට ත් භික්ෂුව කය ගැන දකිමින් කායානුපස්සනා භාවනාවෙන් වාසය කරනවා.

8. පුන ච පරං භික්ඛවේ භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං – අට්ඨිකසංඛලිකං සමංසලෝහිතං නහාරුසම්බන්ධං. සෝ ඉමමේව කායං උපසංහරති: අයම්පි ඛෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවී ඒතං අනතීතෝති. ඉති අජ්ඣත්තං වා කායේ කායානුපස්සී විහරති …(පෙ)… ඒවම්පි භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති. (3)

(8). පින්වත් මහණෙනි, කායානුපස්සනා භාවනාව ගැන තවදුරටත් කියනවා නම්; අමු සොහොනක දාල ගිය මළ සිරුරක් දකින්නට ලැබෙනවා කියල හිතමු. ඒ මළ සිරුරේ ඇට සැකිල්ල පෑදිලා තියෙන්නෙ. ලේ මස් තැවරිලා නහර වැල් වලින් බැඳිලා තියෙන්නෙ. එතකොට භික්ෂුව තමන්ගේ මේ ශරීරයත්, ඒ මළකුණ එක්ක ගලපල බලනවා. ‘ඇත්තෙන් ම මේ කයත් ඒ විදිහට ම පත්වෙලා යන එකක්. මේ කයට වුණත්, ඒ ඉරණමින් නිදහස් වෙන්න පුළුවන්කමක් නෑ’ කියල. ඔය විදියට ඒ භික්ෂුව තමන්ගේ කය ගැන හෝ දකිමින් කායානුපස්සනා භාවනාවෙන් ඉන්නවා ….(පෙ)…. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට ත් භික්ෂුව කය ගැන දකිමින් කායානුපස්සනා භාවනාවෙන් වාසය කරනවා.

9. පුන ච පරං භික්ඛවේ භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං – අට්ඨිකසංඛලිකං නිම්මංසලෝහිතමක්ඛිත්තං නහාරුසම්බන්ධං, සෝ ඉමමේව කායං උපසංහරති: අයම්පි ඛෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවී ඒතං අනතීතෝති. ඉති අජ්ඣත්තං වා කායේ කායානුපස්සී විහරති …(පෙ)… ඒවම්පි භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති. (4)

(9). පින්වත් මහණෙනි, කායානුපස්සනා භාවනාව ගැන තවදුරටත් කියනවා නම්; අමු සොහොනක දාල ගිය මළ සිරුරක් දකින්නට ලැබෙනවා කියල හිතමු. ඉතින් ඒ මළ සිරුරේ මස් මොකවත් නෑ. ලේ විතරක් තැවරිලා තියෙනවා. නහර වැල් වලින් විතරක් බැඳිලා ඇට සැකිල්ලක් වෙලා තියෙනවා. එතකොට භික්ෂුව තමන් ගේ මේ ශරීරයත්, ඒ මළකුණ එක්ක ගලපල බලනවා. ‘ඇත්තෙන් ම මේ කයත් ඒ විදිහට ම පත්වෙලා යන එකක්. මේ කයට වුණත්, ඒ ඉරණමින් නිදහස් වෙන්න පුළුවන්කමක් නෑ’ කියල. ඔය විදියට ඒ භික්ෂුව තමන්ගේ කය ගැන හෝ දකිමින් කායානුපස්සනා භාවනාවෙන් ඉන්නවා ….(පෙ)…. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට ත් භික්ෂුව කය ගැන දකිමින් කායානුපස්සනා භාවනාවෙන් වාසය කරනවා.

10. පුන ච පරං භික්ඛවේ භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං – අට්ඨිකසංඛලිකං අපගතමංසලෝහිතං නහාරුසම්බන්ධං. සෝ ඉමමේව කායං උපසංහරති: අයම්පි ඛෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවී ඒතං අනතීතෝති. ඉති අජ්ඣත්තං වා කායේ කායානුපස්සී විහරති …(පෙ)… ඒවම්පි භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති. (5)

(10). පින්වත් මහණෙනි, කායානුපස්සනා භාවනාව ගැන තවදුරටත් කියනවා නම්, අමු සොහොනක දාල ගිය මළ සිරුරක් දකින්න ලැබෙනවා කියල හිතමු. ඉතින් ඒ මළ සිරුරේ ලේ මස් මොකවත් නෑ. නහරවැල් වලින් විතරක් බැඳුන ඇට සැකිල්ලක් වෙලා තියෙන්නෙ. එතකොට භික්ෂුව තමන්ගේ මේ ශරීරයත්, ඒ මළකුණ එක්ක ගලපල බලනවා. ‘ඇත්තෙන් ම මේ කයත් ඒ විදිහට ම පත්වෙලා යන එකක්. මේ කයට වුණත්, ඒ ඉරණමින් නිදහස් වෙන්න පුළුවන්කමක් නෑ’ කියල. ඔය විදියට ඒ භික්ෂුව තමන්ගේ කය ගැන හෝ දකිමින් කායානුපස්සනා භාවනාවෙන් ඉන්නවා ….(පෙ)…. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට ත් භික්ෂුව කය ගැන දකිමින් කායානුපස්සනා භාවනාවෙන් වාසය කරනවා.

11. පුන ච පරං භික්ඛවේ භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං – අට්ඨිකානි අපගතසම්බන්ධානි දිසා විදිසාසු වික්ඛිත්තානි අඤ්ඤේන හත්ථට්ඨිකං අඤ්ඤේන පාදට්ඨිකං අඤ්ඤේන ජංඝට්ඨිකං අඤ්ඤේන ඌරට්ඨිකං අඤ්ඤේන කටට්ඨිකං අඤ්ඤේන පිට්ඨිකණ්ටකං අඤ්ඤේන සීසකටාහං. සෝ ඉමමේව කායං උපසංහරති: අයම්පි ඛෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවී ඒතං අනතීතෝති. ඉති අජ්ඣත්තං වා කායේ කායානුපස්සී විහරති …(පෙ)… ඒවම්පි භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති. (6)

(11). පින්වත් මහණෙනි, කායානුපස්සනා භාවනාව ගැන තවදුරටත් කියනවා නම්, අමු සොහොනක දාල ගිය මළ සිරුරක් දකින්න ලැබෙනවා කියල හිතමු. ඉතින් ඒ මළ සිරුර දැන් දකින්න ලැබෙන්නෙ හැම පැත්තකට ම විසිරී ගිය ඇට සැකිල්ලක් හැටියටයි. අත් ඇට එක පැත්තක. පා ඇට එක පැත්තක. කෙණ්ඩා ඇට තවත් පැත්තක. කළවා ඇට තවත් පැත්තක. උකුල් ඇට තව පැත්තක. කොඳු ඇට පේළිය තව පැත්තක. හිස් කබල තව පැත්තක. එතකොට භික්ෂුව තමන්ගේ මේ ශරීරයත්, ඒ මළකුණ එක්ක ගලපල බලනවා. ‘ඇත්තෙන් ම මේ කයත් ඒ විදිහට ම පත්වෙලා යන එකක්. මේ කයට වුණත්, ඒ ඉරණමින් නිදහස් වෙන්න පුළුවන්කමක් නෑ’ කියල. ඔය විදිහට ඒ භික්ෂුව තමන්ගේ කය ගැන හෝ දකිමින් කායානුපස්සනා භාවනාවෙන් ඉන්නවා ….(පෙ)….පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට ත් භික්ෂුව කය ගැන දකිමින් කායානුපස්සනා භාවනාවෙන් වාසය කරනවා.

12. පුන ච පරං භික්ඛවේ භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං – අට්ඨිකානි සේතානි සංඛවණ්ණූපනිභානි. සෝ ඉමමේව කායං උපසංහරති: අයම්පි ඛෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවී ඒතං අනතීතෝති. ඉති අජ්ඣත්තං වා කායේ කායානුපස්සී විහරති …(පෙ)… ඒවම්පි භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති. (7)

(12). පින්වත් මහණෙනි, කායානුපස්සනා භාවනාව ගැන තවදුරටත් කියනවා නම්; අමු සොහොනක දාල ගිය මළ සිරුරක් දකින්නට ලැබෙනවා කියල හිතමු. හැබැයි දැන් ඒ ශරීරයේ දකින්න ලැබෙන්නෙ හක් ගෙඩියේ පාටට හුරු සුදු පාට ඇට විතර ම යි. එතකොට භික්ෂුව තමන්ගේ මේ ශරීරයත්, ඒ මළකුණ එක්ක ගලපල බලනවා. ‘ඇත්තෙන් ම මේ කයත් ඒ විදිහට ම පත්වෙලා යන එකක්. මේ කයට වුණත්, ඒ ඉරණමින් නිදහස් වෙන්න පුළුවන්කමක් නෑ’ කියල. ඔය විදියට ඒ භික්ෂුව තමන්ගේ කය ගැන හෝ දකිමින් කායානුපස්සනා භාවනාවෙන් ඉන්නවා ….(පෙ)…. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට ත් භික්ෂුව කය ගැන දකිමින් කායානුපස්සනා භාවනාවෙන් වාසය කරනවා.

13. පුන ච පරං භික්ඛවේ භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං – අට්ඨිකානි පුඤ්ජකිතානි තේරෝවස්සිකානි. සෝ ඉමමේව කායං උපසංහරති: අයම්පි ඛෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවී ඒතං අනතීතෝති. ඉති අජ්ඣත්තං වා කායේ කායානුපස්සී විහරති …(පෙ)… ඒවම්පි භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති. (8)

(13). පින්වත් මහණෙනි, කායානුපස්සනා භාවනාව ගැන තවදුරටත් කියනවා නම්; අමු සොහොනේ අත්හැරල දාපු මළ සිරුරක් දකින්න ලැබෙනවා කියල හිතමු. නමුත් දැන් එතන තියෙන්නෙ අවුරුදු ගණනක් පරණ වෙච්ච ඇට ගොඩක් විතරයි. එතකොට භික්ෂුව තමන්ගේ මේ ශරීරයත්, ඒ මළකුණ එක්ක ගලපල බලනවා. ‘ඇත්තෙන් ම මේ කයත් ඒ විදිහට ම පත් වෙලා යන එකක්. මේ කයට වුණත්, ඒ ඉරණමින් නිදහස් වෙන්න පුළුවන් කමක් නෑ’ කියල. ඔය විදිහට ඒ භික්ෂුව තමන්ගේ කය ගැන හෝ දකිමින් කායානුපස්සනා භාවනාවෙන් ඉන්නවා ….(පෙ)….පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට ත් භික්ෂුව කය ගැන දකිමින් කායානුපස්සනා භාවනාවෙන් වාසය කරනවා.

14. පුන ච පරං භික්ඛවේ භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං – අට්ඨිකානි පූතීනි චුණ්ණකජාතානි. සෝ ඉමමේව කායං උපසංහරති: අයම්පි ඛෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවී ඒතං අනතීතෝති. ඉති අජ්ඣත්තං වා කායේ කායානුපස්සී විහරති …(පෙ)… ඒවම්පි භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති. (9)

(14). පින්වත් මහණෙනි, කායානුපස්සනා භාවනාව ගැන තවදුරටත් කියනවා නම්; අමු සොහොනක දාල ගිය මළ සිරුරක් දකින්න ලැබෙනවා කියල හිතමු. නමුත් දැන් එතන තියෙන්නෙ කුණු වෙලා කුඩු ගොඩක් බවට පත්වෙච්ච ඇට ටිකක් විතරයි. එතකොට භික්ෂුව තමන්ගේ මේ ශරීරයත්, ඒ මළකුණ එක්ක ගලපල බලනවා. ‘ඇත්තෙන් ම මේ කයත් ඒ විදිහට ම පත්වෙලා යන එකක්. මේ කයට වුණත්, ඒ ඉරණමින් නිදහස් වෙන්න පුළුවන්කමක් නෑ’ කියල. ඔය විදිහට ඒ භික්ෂුව තමන්ගේ කය ගැන හෝ දකිමින් කායානුපස්සනා භාවනාවෙන් ඉන්නවා ….(පෙ)….පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට ත් භික්ෂුව කය ගැන දකිමින් කායානුපස්සනා භාවනාවෙන් වාසය කරනවා.

ඒවං ඛෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති.

පින්වත් මහණෙනි, භික්ෂුව කය ගැන දකිමින් කායානුපස්සනා භාවනාවෙන් වාසය කරනවා කියල කියන්නෙ ඔන්න ඕකටයි.

[කායානුපස්සනා සතිපට්ඨානං]

(කායානුපස්සනා භාවනා කොටස අවසන් විය)

(2. වේදනානුපස්සනා සතිපට්ඨානං)

කථඤ්ච භික්ඛවේ භික්ඛු වේදනාසු වේදනානුපස්සී විහරති?

පින්වත් මහණෙනි, භික්ෂුව වේදනාවන් ගැන දකිමින් වේදනානුපස්සනාවෙන් වාසය කරන්නෙ කොහොම ද?

1. ඉධ භික්ඛවේ භික්ඛු සුඛං වේදනං වේදියමානෝ ‘සුඛං වේදනං වේදියාමී’ති පජානාති. දුක්ඛං වේදනං වේදියමානෝ ‘දුක්ඛං වේදනං වේදියාමී’ති පජානාති. අදුක්ඛමසුඛං වේදනං වේදියමානෝ ‘අදුක්ඛමසුඛං වේදනං වේදියාමී’ති පජානාති. සාමිසං වා සුඛං වේදනං වේදියමානෝ ‘සාමිසං සුඛං වේදනං වේදියාමී’ති පජානාති. නිරාමිසං වා සුඛං වේදනං වේදියමානෝ ‘නිරාමිසං සුඛං වේදනං වේදියාමී’ති පජානාති. සාමිසං වා දුක්ඛං වේදනං වේදියමානෝ ‘සාමිසං දුක්ඛං වේදනං වේදියාමී’ති පජානාති. නිරාමිසං වා දුක්ඛං වේදනං වේදියමානෝ ‘නිරාමිසං දුක්ඛං වේදනං වේදියාමී’ති පජානාති. සාමිසං වා අදුක්ඛමසුඛං වේදනං වේදියමානෝ ‘සාමිසං අදුක්ඛමසුඛං වේදනං වේදියාමී’ති පජානාති. නිරාමිසං වා අදුක්ඛමසුඛං වේදනං වේදියමානෝ ‘නිරාමිසං අදුක්ඛමසුඛං වේදනං වේදියාමී’ති පජානාති. (1-9)

පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව සැප වේදනාවක් විඳින කොට, තමන් විඳින්නෙ සැප වේදනාවක් බව හොඳින් තේරුම් ගන්නවා. දුක් වේදනාවක් විඳින කොට තමන් විඳින්නෙ දුක් වේදනාවක් බවත් හොඳින් තේරුම් ගන්නවා. දුක්සැප රහිත වේදනාවක් විඳින කොට තමන් විඳින්නෙ දුක්සැප රහිත (මධ්‍යස්ථ) වේදනාවක් බවත් හොඳින් තේරුම් ගන්නවා. (රූප, ශබ්ද, ගන්ධ, රස, පහස යන මේ පංච කාම ගුණවලට කියන්නෙ ආමිස කියල. අන්න ඒ ආමිස අරමුණු කරගත්) ආමිස සහිත වූ සැප විඳීමක් විඳින කොට තමන් දැන් විඳින්නෙ ‘ආමිස සහිත සැප විඳීමක්’ කියල හොඳින් තේරුම් ගන්නවා. (නිරාමිස කියන්නෙ කලින් කී ආමිසයෙන් වෙන්වීමයි) නිරාමිස සැප විඳීමක් විඳින කොට තමන් දැන් විඳින්නෙ ‘නිරාමිස සැප වේදනාවක්’ කියල හොඳින් තේරුම් ගන්නවා. ආමිස සහිත දුක් වේදනාවක් විඳින කොට තමන් දැන් විඳින්නෙ ‘ආමිස සහිත දුක් වේදනාවක්’ කියල හොඳින් තේරුම් ගන්නවා. නිරාමිස දුක් වේදනාවක් විඳින කොට තමන් දැන් විඳින්නෙ ‘නිරාමිස දුක් වේදනාවක්’ කියල හොඳින් තේරුම් ගන්නවා. ආමිස සහිත මධ්‍යස්ථ විඳීමක් විඳින කොට තමන් දැන් විඳින්නෙ ‘ආමිස සහිත මධ්‍යස්ථ විඳීමක්’ කියල හොඳින් තේරුම් ගන්නවා. නිරාමිස මධ්‍යස්ථ වේදනාවක් විඳින කොට තමන් දැන් ‘නිරාමිස මධ්‍යස්ථ වේදනාවක් විඳින්නෙ’ කියල හොඳින් තේරුම් ගන්නවා.

ඉති අජ්ඣත්තං වා වේදනාසු වේදනානුපස්සී විහරති. බහිද්ධා වා වේදනාසු වේදනානුපස්සී විහරති. අජ්ඣත්තබහිද්ධා වා වේදනාසු වේදනානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා වේදනාසු විහරති. වයධම්මානුපස්සී වා වේදනාසු විහරති. සමුදයවයධම්මානුපස්සී වා වේදනාසු විහරති. අත්ථි වේදනාති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. යාවදේව ඤාණමත්තාය පතිස්සතිමත්තාය. අනිස්සිතෝ ච විහරති. න ච කිඤ්චි ලෝකේ උපාදියති. ඒවං ඛෝ භික්ඛවේ භික්ඛු වේදනාසු වේදනානුපස්සී විහරති.

ඔය විදිහට ඒ භික්ෂුව තමන්ගේ වේදනාවන් ගැන හෝ දකිමින් වේදනානුපස්සනා භාවනාවෙන් ඉන්නවා. අනුන්ගේ වේදනාවන් ගැන හෝ (තිබෙන්නෙ ඔය ස්වභාවය ම යි කියල) දකිමින්, වේදනානුපස්සනා භාවනාවෙන් ඉන්නවා. මේ විදිහට තමන්ගේ වේදනා ගැනත්, අනුන්ගේ වේදනා ගැනත් දකිමින් වේදනානුපස්සනා භාවනාවෙන් ඉන්නවා. මේ විඳීම් (හේතූන් නිසා) හටගන්නා හැටි හෝ දකිමින් ඉන්නවා. (හේතු නැති වීමෙන්) නැති වී යන හැටි හෝ දකිමින් ඉන්නවා. මේ විඳීම් හටගන්නා හැටිත්, නැතිවී යන හැටිත් දකිමින් ඉන්නවා. මෙතන තියෙන්නෙ ඇති වී නැති වී යන විදිහේ විඳීම් විතරයි කියල ඒ භික්ෂුවගේ සිහිය හොඳ හැටි පිහිටනවා. අන්න ඒ සිහිය තමයි නුවණ වැඩෙන්නට උපකාරී වෙන්නෙ. තවදුරටත් සිහිය වැඩෙන්නට උපකාරී වෙන්නෙත් ඒ සිහිය ම තමයි. එතකොට ඒ භික්ෂුවට ඒ විඳීම්වලට ඇලෙන්නෙ නැතිව ඉන්න පුළුවනි. මේ ජීවිතය නැමති ලෝකෙ කිසිම දෙයකට බැඳෙන්නෙ නැතිව ඉන්න පුළුවනි. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහටයි ඒ භික්ෂුව විඳීම් ගැන දකිමින් වේදනානුපස්සනා භාවනාවෙන් ඉන්නෙ.

[වේදනානුපස්සනා සතිපට්ඨානං]

(වේදනානුපස්සනා භාවනා කොටස අවසන් විය)

(3. චිත්තානුපස්සනා සතිපට්ඨානං)

කථඤ්ච භික්ඛවේ භික්ඛු චිත්තේ චිත්තානුපස්සී විහරති?

පින්වත් මහණෙනි, භික්ෂුව සිත ගැන දකිමින් චිත්තානුපස්සනා භාවනාවෙන් වාසය කරන්නේ කොහොම ද?

1. ඉධ භික්ඛවේ භික්ඛු සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති. සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති. වීතදෝසං වා චිත්තං වීතදෝසං චිත්තන්ති පජානාති. සමෝහං වා චිත්තං සමෝහං චිත්තන්ති පජානාති. වීතමෝහං වා චිත්තං වීතමෝහං චිත්තන්ති පජානාති. සංඛිත්තං වා චිත්තං සංඛිත්තං චිත්තන්ති පජානාති. වික්ඛිත්තං වා චිත්තං වික්ඛිත්තං චිත්තන්ති පජානාති. මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තන්ති පජානාති. අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තන්ති පජානාති. සඋත්තරං වා චිත්තං සඋත්තරං චිත්තන්ති පජානාති. අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තන්ති පජානාති. සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති පජානාති. අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තන්ති පජානාති. විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානාති. අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති. (1-16)

පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව රාග සහිත සිතක් ඇති වෙද්දී (සරාගී අරමුණකුත්, ඒ ගැන ආශාවෙන් සිතන්න පටන් ගැනීමත් නිසා, සරාගී සිතක් ඇතිවෙන බව දැන) ‘දැන් රාග සිතක් තියෙනවා’ කියල නුවණින් තේරුම් ගන්නවා. රාගයෙන් තොර සිතක් තියෙද්දි, (ඒ රාග අරමුණේ ඇත්ත තත්වය අවබෝධ කරගෙන රාගය ප්‍රහාණය වීම නිසා) ‘දැන් වීතරාගී සිතක් තියෙනවා’ කියල නුවණින් තේරුම් ගන්නවා. ද්වේෂ සිතක් තියෙද්දි (ද්වේෂය ඇතිවෙන අරමුණක් අල්ල ගෙන ඒ ගැන ම දිගින් දිගට සිතන්ට පුරුදු වීම නිසා ද්වේෂ සිත ඇතිවෙන බව දැන) ‘දැන් සදෝසී සිතක් තියෙන බව’ නුවණින් තේරුම් ගන්නවා. ද්වේෂ රහිත සිතක් තියෙද්දි (මෛත්‍රී අරමුණෙහි සිත පිහිටීම නිසා ද්වේෂය ප්‍රහාණය වීමෙන්) ‘දැන් ද්වේෂ රහිත සිතක් තියෙන බව’ නුවණින් තේරුම් ගන්නවා. මුළාවට පත්වන සිතක් තියෙද්දි (අයෝනිසෝ මනසිකාරයෙන් සිතීම නිසා මෝහ සිත හටගත් බව දැන) ‘දැන් මුළාව සහිත සිතක් තියෙන බව’ හොඳින් තේරුම් ගන්නවා. මෝහයෙන් තොර සිතක් තියෙද්දි (අවබෝධ ඥානය ඇතිවීම නිසා මෝහය ප්‍රහාණය වීමෙන්) ‘දැන් මෝහයෙන් තොර සිතක් තියෙන බව’ නුවණින් තේරුම් ගන්නවා.

(නිදිමත හා අලස බව නිසා) හැකිළී ගිය සිතක් තියෙද්දි, ‘දැන් හැකිළී ගිය සිතක් තියෙනවා’ කියල නුවණින් තේරුම් ගන්නවා. (නොයෙක් අරමුණුවල දුවමින් තිබෙන) විසිරී ගිය සිතක් තියෙද්දි ‘දැන් විසිරී ගිය සිතක් තියෙනවා’ කියල නුවණින් තේරුම් ගන්නවා. (සමථ භාවනාව තුළින්) ධ්‍යාන බවට පත් වූ සිතක් තියෙද්දි, ‘දැන් ධ්‍යාන සිතක් තියෙනවා’ කියල නුවණින් තේරුම් ගන්නවා. ධ්‍යාන තත්වයට පත් නොවූ සිතක් තියෙද්දි ‘දැන් ධ්‍යාන තත්වයට පත් නොවූ සිතක් තියෙන බව’ නුවණින් තේරුම් ගන්නවා. සමාධියෙන් උසස් බවට පත් වූ සිතක් තියෙද්දි, ‘දැන් තියෙන්නෙ සමාධියෙන් උසස් බවට පත් වූ සිතක්’ කියල නුවණින් තේරුම් ගන්නවා. අනුත්තර බවට පත් වූ සිතක් තියෙද්දි ‘දැන් අනුත්තර බවට පත් වූ සිතක් තියෙන බව’ නුවණින් තේරුම් ගන්නවා. එකඟ වෙච්ච හිතක් තියෙද්දි ‘දැන් එකඟ වෙච්ච හිතක් තියෙනවා’ කියල නුවණින් තේරුම් ගන්නවා. එකඟ නොවෙච්ච හිතක් තියෙද්දි ‘දැන් එකඟ නැති හිතක් තියෙනවා’ කියල නුවණින් තේරුම් ගන්නවා. කෙලෙස් වලින් නිදහස් වුණු හිතක් තියෙද්දි ‘දැන් කෙලෙස් වලින් නිදහස් වුණු හිතක් තියෙනවා’ කියල නුවණින් තේරුම් ගන්නවා. කෙලෙස් වලින් නිදහස් නොවුන හිතක් තියෙද්දි ‘දැන් කෙලෙස් වලින් නිදහස් නොවුණු හිතක් තියෙනවා’ කියල නුවණින් තේරුම් ගන්නවා.

ඉති අජ්ඣත්තං වා චිත්තේ චිත්තානුපස්සී විහරති. බහිද්ධා වා චිත්තේ චිත්තානුපස්සී විහරති. අජ්ඣත්තබහිද්ධා වා චිත්තේ චිත්තානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා චිත්තස්මිං විහරති. වයධම්මානුපස්සී වා චිත්තස්මිං විහරති. සමුදයවයධම්මානුපස්සී වා චිත්තස්මිං විහරති. අත්ථි චිත්තන්ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. යාවදේව ඤාණමත්තාය පතිස්සතිමත්තාය. අනිස්සිතෝ ච විහරති. න ච කිඤ්චි ලෝකේ උපාදියති.

පින්වත් මහණෙනි, ඔය විදිහට භික්ෂුව තමන්ගේ සිත ගැන හෝ දකිමින් චිත්තානුපස්සනා භාවනාවෙන් ඉන්නවා. ඒ වගේ ම අනුන්ගේ සිත ගැන හෝ (ඒ සිතේ තියෙන්නෙත් මේ ස්වභාවය ම නේද කියල) දකිමින් චිත්තානුපස්සනා භාවනාවෙන් ඉන්නවා. මේ විදිහට තමන්ගේ සිත ගැනත්, අනුන්ගේ සිත ගැනත් දකිමින් චිත්තානුපස්සනා භාවනාවෙන් ඉන්නවා. මේ සිත හටගන්නා හැටිත් දකිමින් ඉන්නවා. නැසී යන හැටිත් දකිමින් ඉන්නවා. මේ සිත හටගන්නා හැටිත් නැසී යන හැටිත් දකිමින් ඉන්නවා. මෙතන තියෙන්නෙ ඇති වී නැති වී යන විදිහේ සිතක් විතරයි කියල, ඒ භික්ෂුවගේ සිහිය හොඳ හැටියට පිහිටනවා. නුවණ වැඩෙන්න උපකාරී වෙන්නෙත් අන්න ඒ සිහිය තමයි. තවදුරටත් සිහිය වැඩෙන්නට උපකාරී වෙන්නෙත් ඒ සිහිය ම තමයි. එතකොට සිතට ඇලෙන්නෙ නැතිව ඉන්න ඒ භික්ෂුවට පුළුවනි. මේ ජීවිතය නම් වූ ලෝකයේ කිසි ම දෙයකට ඇලෙන්නෙ නැතිව ඉන්නත් පුළුවනි.

ඒවං ඛෝ භික්ඛවේ භික්ඛු චිත්තේ චිත්තානුපස්සී විහරති.

පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට යි භික්ෂුව සිත ගැන දකිමින් චිත්තානුපස්සනා භාවනාවෙන් වාසය කරන්නෙ.

[චිත්තානුපස්සනා සතිපට්ඨානං]

(චිත්තානුපස්සනා භාවනා කොටස අවසන් විය)

(4. ධම්මානුපස්සනා සතිපට්ඨානං)

කථඤ්ච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහරති?

පින්වත් මහණෙනි, භික්ෂුව ධර්මයන් පිළිබඳව දකිමින් ධම්මානුපස්සනා භාවනාවෙන් වාසය කරන්නෙ කොහොම ද?

1. ඉධ භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහරති පඤ්චසු නීවරණේසු. කථඤ්ච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහරති පඤ්චසු නීවරණේසු?

පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව පංචනීවරණ කියන ධර්මයන් ගැන දකිමින්, ධම්මානුපස්සනා භාවනාවෙන් ඉන්නවා. පින්වත් මහණෙනි, භික්ෂුව පංචනීවරණ ධර්මයන් ගැන දකිමින් ධම්මානුපස්සනා භාවනාවෙන් ඉන්නෙ කොහොම ද?

ඉධ භික්ඛවේ භික්ඛු සන්තං වා අජ්ඣත්තං කාමච්ඡන්දං ‘අත්ථි මේ අජ්ඣත්තං කාමච්ඡන්දෝ’ති පජානාති. අසන්තං වා අජ්ඣත්තං කාමච්ඡන්දං ‘නත්ථි මේ අජ්ඣත්තං කාමච්ඡන්දෝ’ති පජානාති. යථා ච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උප්පාදෝ හෝති, තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පහානං හෝති, තඤ්ච පජානාති. යථා ච පහීනස්ස කාමච්ඡන්දස්ස ආයතිං අනුප්පාදෝ හෝති, තඤ්ච පජානාති. (1)

පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව තමන් තුළ (රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන) පංචකාම අරමුණු ගැන ආශාවක් ඇතිවෙන කොට, දැන් තමන් තුළ ‘කාමච්ඡන්දය’ කියන නීවරණය තියෙනවා කියල නුවණින් තේරුම් ගන්නවා. තමන් තුළ කාමච්ඡන්දය ඇතිවෙන්නෙ නැත්නම්, දැන් තමන් තුළ කාමච්ඡන්දය නැතෙයි කියල නුවණින් තේරුම් ගන්නවා. කලින් හට නොගත් කාමච්ඡන්දය අලුතින් ඇතිවෙනවා නම්, ඒ ගැනත් නුවණින් තේරුම් ගන්නවා. තමන් තුළ තිබිච්ච කාමච්ඡන්දය (ධර්මයේ හැසිරීම නිසා) තමා තුළින් නැති වෙලා ගියොත් ඒකත් නුවණින් තේරුම් ගන්නවා. තමන් තුළින් නැතිවෙලා ගිය කාමච්ඡන්දය ආයෙ කවදාකවත් හටගන්නෙ නැත්නම්, ඒකත් නුවණින් තේරුම් ගන්නවා.

සන්තං වා අජ්ඣත්තං බ්‍යාපාදං ‘අත්ථි මේ අජ්ඣත්තං බ්‍යාපාදෝ’ති පජානාති. අසන්තං වා අජ්ඣත්තං බ්‍යාපාදං ‘නත්ථි මේ අජ්ඣත්තං බ්‍යාපාදෝ’ති පජානාති. යථා ච අනුප්පන්නස්ස බ්‍යාපාදස්ස උප්පාදෝ හෝති, තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස බ්‍යාපාදස්ස පහානං හෝති, තඤ්ච පජානාති. යථා ච පහීනස්ස බ්‍යාපාදස්ස ආයතිං අනුප්පාදෝ හෝති, තඤ්ච පජානාති. (2)

තමන් තුළ ගැටීම ඇති කරවන තරහක් ඇතිවෙන කොට, දැන් තමන් තුළ ‘ව්‍යාපාදය’ කියන නීවරණය තියෙනවා කියල නුවණින් තේරුම් ගන්නවා. තමන් තුළ තරහක් ඇතිවෙන්නෙ නැත්නම්, දැන් තමන් තුළ ව්‍යාපාදය නැතෙයි කියල නුවණින් තේරුම් ගන්නවා. කලින් හට නොගත් ව්‍යාපාදය අලුතින් ඇති වෙනවා නම්, ඒ ගැනත් නුවණින් තේරුම් ගන්නවා. තමන් තුළ තිබිච්ච තරහ (ධර්මයේ හැසිරීම නිසා) තමා තුළින් නැතිවෙලා ගියොත් ඒකත් නුවණින් තේරුම් ගන්නවා. තමන් තුළින් නැතිවෙලා ගිය ඒ ව්‍යාපාදය ආයෙ කවදාකවත් හටගන්නෙ නැත්නම්, ඒකත් නුවණින් තේරුම් ගන්නවා.

සන්තං වා අජ්ඣත්තං ථීනමිද්ධං ‘අත්ථි මේ අජ්ඣත්තං ථීනමිද්ධ’න්ති පජානාති. අසන්තං වා අජ්ඣත්තං ථීනමිද්ධං ‘නත්ථි මේ අජ්ඣත්තං ථීනමිද්ධ’න්ති පජානාති. යථා ච අනුප්පන්නස්ස ථීනමිද්ධස්ස උප්පාදෝ හෝති, තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස ථීනමිද්ධස්ස පහානං හෝති, තඤ්ච පජානාති. යථා ච පහීනස්ස ථීනමිද්ධස්ස ආයතිං අනුප්පාදෝ හෝති, තඤ්ච පජානාති. (3)

තමන් තුළ නිදිමත අලස බව ඇතිවෙන කොට, දැන් තමන් තුළ ‘ථිනමිද්ධ’ කියන නීවරණය තියෙනවා කියල නුවණින් තේරුම් ගන්නවා. තමන් තුළ නිදිමත අලස බව ඇතිවෙන්නෙ නැත්නම්, දැන් තමන් තුළ ථිනමිද්ධය නැතෙයි කියල නුවණින් තේරුම් ගන්නවා. කලින් හට නොගත් නිදිමත අලස බව අලුතින් ඇතිවෙනවා නම්, ඒ ගැනත් නුවණින් තේරුම් ගන්නවා. තමන් තුළ තිබුණු නිදිමත අලස බව (ධර්මයේ හැසිරීම නිසා) නැතිවෙලා ගියොත් ඒකත් නුවණින් තේරුම් ගන්නවා. තමන් තුළින් නැතිවෙලා ගිය ඒ නිදිමතත් අලස බවත් ආයෙ කවදාකවත් හටගන්නෙ නැත්නම්, ඒකත් නුවණින් තේරුම් ගන්නවා.

සන්තං වා අජ්ඣත්තං උද්ධච්චකුක්කුච්චං ‘අත්ථි මේ අජ්ඣත්තං උද්ධච්චකුක්කුච්ච’න්ති පජානාති. අසන්තං වා අජ්ඣත්තං උද්ධච්චකුක්කුච්චං ‘නත්ථි මේ අජ්ඣත්තං උද්ධච්චකුක්කුච්ච’න්ති පජානාති. යථා ච අනුප්පන්නස්ස උද්ධච්චකුක්කුච්චස්ස උප්පාදෝ හෝති, තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස උද්ධච්චකුක්කුච්චස්ස පහානං හෝති, තඤ්ච පජානාති. යථා ච පහීනස්ස උද්ධච්චකුක්කුච්චස්ස ආයතිං අනුප්පාදෝ හෝති, තඤ්ච පජානාති. (4)

තමන් තුළ හිතේ විසිරීමත් පසුතැවිල්ලත් ඇති වෙන කොට, දැන් තමන් තුළ ‘උද්ධච්ච කුක්කුච්ච’ කියන නීවරණය තියෙනවා කියල නුවණින් තේරුම් ගන්නවා. තමන් තුළ හිතේ විසිරීමත් පසුතැවිල්ලත් ඇතිවෙන්නෙ නැත්නම් දැන් තමන් තුළ උද්ධච්ච කුක්කුච්චය නැතෙයි කියල නුවණින් තේරුම් ගන්නවා. කලින් හට නොගත් හිතේ විසිරීමත් පසුතැවිල්ලත් අලුතින් ඇතිවෙනවා නම්, ඒකත් නුවණින් තේරුම් ගන්නවා. තමන් තුළ තිබුණු හිතේ විසිරීමත්, පසුතැවිල්ලත් (ධර්මයේ හැසිරීම නිසා) නැතිවෙලා ගියොත් ඒකත් නුවණින් තේරුම් ගන්නවා. තමන් තුළින් නැතිවෙලා ගිය ඒ හිතේ විසිරීමත්, පසුතැවිල්ලත් ආයෙ කවදාකවත් හටගන්නෙ නැත්නම්, ඒකත් නුවණින් තේරුම් ගන්නවා.

සන්තං වා අජ්ඣත්තං විචිකිච්ඡං ‘අත්ථි මේ අජ්ඣත්තං විචිකිච්ඡා’ති පජානාති. අසන්තං වා අජ්ඣත්තං විචිකිච්ඡං ‘නත්ථි මේ අජ්ඣත්තං විචිකිච්ඡා’ති පජානාති. යථා ච අනුප්පන්නාය විචිකිච්ඡාය උප්පාදෝ හෝති, තඤ්ච පජානාති. යථා ච උප්පන්නාය විචිකිච්ඡාය පහානං හෝති, තඤ්ච පජානාති. යථා ච පහීනාය විචිකිච්ඡාය ආයතිං අනුප්පාදෝ හෝති, තඤ්ච පජානාති. (5)

තමන් තුළ (ධර්ම මාර්ගය ගැන) සැක ඇතිවෙන කොට, දැන් තමන් තුළ ‘විචිකිච්ඡාව’ කියන නීවරණය තියෙනවා කියල නුවණින් තේරුම් ගන්නවා. තමන් තුළ (ධර්ම මාර්ගය ගැන) සැක ඇති වෙන්නෙ නැත්නම්, දැන් තමන් තුළ (මේ ධර්ම මාර්ගය ගැන) සැකයක් නැතෙයි කියල නුවණින් තේරුම් ගන්නවා. කලින් හට නොගත් සැක අලුතින් ඇතිවෙනවා නම්, ඒකත් නුවණින් තේරුම් ගන්නවා. තමන් තුළ තිබිච්ච සැකය (ධර්මයේ හැසිරීම නිසා) තමා තුළින් නැති වෙලා ගියොත් ඒකත් නුවණින් තේරුම් ගන්නවා. තමන් තුළ නැතිවෙලා ගිය සැකය ආයෙ කවදාකවත් හටගන්නෙ නැත්නම්, ඒකත් නුවණින් තේරුම් ගන්නවා.

ඉති අජ්ඣත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහරති. බහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සී විහරති. අජ්ඣත්තබහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා ධම්මේසු විහරති. වයධම්මානුපස්සී වා ධම්මේසු විහරති. සමුදයවයධම්මානුපස්සී වා ධම්මේසු විහරති. අත්ථි ධම්මාති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. යාවදේව ඤාණමත්තාය පතිස්සතිමත්තාය. අනිස්සිතෝ ච විහරති. න ච කිඤ්චි ලෝකේ උපාදියති. ඒවං ඛෝ භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහරති පඤ්චසු නීවරණේසු.

(නීවරණපබ්බං)

මේ විදිහට ඒ භික්ෂුව තමන්ගේ පංච නීවරණ ධර්ම ගැන හෝ දකිමින් ධම්මානුපස්සනා භාවනාවෙන් ඉන්නවා. අනුන්ගේ පංච නීවරණ ධර්ම ගැන හෝ (තියෙන්නෙ මේ ස්වභාවය ම නේද කියල) දකිමින් ධම්මානුපස්සනා භාවනාවෙන් ඉන්නවා. මේ විදිහට තමන්ගේ ත් අනුන්ගේ ත් පංච නීවරණ ධර්ම ගැන දකිමින් ධම්මානුපස්සනා භාවනාවෙන් ඉන්නවා.

මේ පංච නීවරණ හටගන්නා ආකාරයත් දකිමින් ඉන්නවා. මේ පංච නීවරණ නැති වී යන හැටිත් දකිමින් ඉන්නවා. මේ පංච නීවරණ ධර්ම හටගන්නා හැටිත්, නැතිවී යන හැටිත් දකිමින් ඉන්නවා. මෙතන තියෙන්නෙ ඇතිවෙලා නැතිවෙලා යන විදිහේ පංච නීවරණ විතරයි කියල ඒ භික්ෂුවගේ සිහිය හොඳ හැටියට පිහිටනවා. නුවණ වැඩෙන්න උපකාරී වෙන්නෙත් අන්න ඒ සිහිය තමයි. තවදුරටත් සිහිය වැඩෙන්න උපකාරී වෙන්නෙත් ඒ සිහිය ම තමයි.

එතකොට ඒ භික්ෂුවට ඒ පංච නීවරණ ධර්මයන්ට ඇලෙන්නෙ නැතිව ඉන්න පුළුවනි. මේ ජීවිතය නම් වූ ලෝකයේ කිසිම දේකට ඇලෙන්නෙ නැතිව ඉන්න පුළුවනි. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහටයි ඒ භික්ෂුව පංච නීවරණ ධර්ම ගැන දකිමින් ධම්මානුපස්සනා භාවනාවෙන් ඉන්නෙ.

2. පුන ච පරං භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහරති පඤ්චසුපාදානක්ඛන්ධේසු. කථඤ්ච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහරති පඤ්චසුපාදානක්ඛන්ධේසු?

(2). පින්වත් මහණෙනි, ධම්මානුපස්සනා භාවනාව ගැන තවදුරටත් කියනවා නම්; මෙහි භික්ෂුව පංච උපාදානස්කන්ධ ගැනත් දකිමින් ධම්මානුපස්සනා භාවනාවෙන් ඉන්නවා. පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව උපාදානස්කන්ධ පහ ගැන දකිමින් ධම්මානුපස්සනා භාවනාවෙන් ඉන්නෙ කොහොම ද?

ඉධ භික්ඛවේ භික්ඛු “ඉති රූපං, ඉති රූපස්ස සමුදයෝ, ඉති රූපස්ස අත්ථංගමෝ. ඉති වේදනා, ඉති වේදනාය සමුදයෝ, ඉති වේදනාය අත්ථංගමෝ. ඉති සඤ්ඤා, ඉති සඤ්ඤාය සමුදයෝ, ඉති සඤ්ඤාය අත්ථංගමෝ. ඉති සංඛාරා, ඉති සංඛාරානං සමුදයෝ, ඉති සංඛාරානං අත්ථංගමෝ. ඉති විඤ්ඤාණං, ඉති විඤ්ඤාණස්ස සමුදයෝ, ඉති විඤ්ඤාණස්ස අත්ථංගමෝ”ති. (1-5)

පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව ‘මේකට තමයි රූපය කියන්නෙ. මෙන්න මේ විදිහටයි රූපය හටගන්නෙ. මෙහෙමයි රූපය නැතිවෙලා යන්නෙ. මේකට තමයි වේදනාව කියන්නෙ. මෙන්න මේ විදිහටයි වේදනාව හටගන්නෙ. මෙහෙමයි වේදනාව නැතිවෙලා යන්නෙ. මේකට තමයි සඤ්ඤාව කියන්නෙ. මෙන්න මේ විදිහටයි සඤ්ඤාව හටගන්නෙ. මෙහෙමයි සඤ්ඤාව නැතිවෙලා යන්නෙ. මේවාට තමයි සංස්කාර කියන්නෙ. මෙන්න මේ විදිහටයි සංස්කාර හටගන්නෙ. මෙහෙමයි සංස්කාර නැතිවෙලා යන්නෙ. මේකට තමයි විඤ්ඤාණය කියන්නෙ. මෙන්න මේ විදිහට යි විඤ්ඤාණය හටගන්නෙ. මෙහෙමයි විඤ්ඤාණය නැතිවෙලා යන්නෙ’ කියල,

ඉති අජ්ඣත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහරති. බහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සී විහරති. අජ්ඣත්තබහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා ධම්මේසු විහරති. වයධම්මානුපස්සී වා ධම්මේසු විහරති. සමුදයවයධම්මානුපස්සී වා ධම්මේසු විහරති. අත්ථි ධම්මාති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. යාවදේව ඤාණමත්තාය පතිස්සතිමත්තාය. අනිස්සිතෝ ච විහරති. න ච කිඤ්චි ලෝකේ උපාදියති. ඒවම්පි ඛෝ භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහරති පඤ්චසුපාදානක්ඛන්ධේසු.

(ඛන්ධපබ්බං)

පින්වත් මහණෙනි, මේ විදිහට භික්ෂුව තමන්ගේ උපාදානස්කන්ධ පහ ගැන හෝ දකිමින් ධම්මානුපස්සනා භාවනාවෙන් ඉන්නවා. අනුන්ගේ උපාදානස්කන්ධ පහ ගැන හෝ (තියෙන්නෙ මේ ස්වභාවයේ ම නේද කියල) දකිමින් ධම්මනුපස්සනා භාවනාවෙන් ඉන්නවා. මේ විදිහට තමන්ගේ ත් අනුන්ගේ ත් උපාදානස්කන්ධ පහ ගැන දකිමින් ධම්මානුපස්සනා භාවනාවෙන් ඉන්නවා. මේ උපාදානස්කන්ධ පහ හටගන්නා හැටිත් දකිමින් ඉන්නවා. මේ උපාදානස්කන්ධ පහ නැති වී යන ආකාරයත් දකිමින් ඉන්නවා. මේ උපාදානස්කන්ධ පහ ඇතිවෙලා නැතිවෙලා යන ආකාරයත් දකිමින් ඉන්නවා.

මෙතන තියෙන්නෙ ඇතිවෙලා නැතිවෙලා යන විදිහේ උපාදානස්කන්ධ පහක් විතරයි කියල ඒ භික්ෂුවගේ සිහිය හොඳ හැටියට පිහිටනවා. අන්න ඒ සිහිය තමයි නුවණ වැඩෙන්න උපකාරී වෙන්නෙ. තවදුරටත් සිහිය වැඩෙන්න උපකාරී වන්නෙත් ඒ සිහිය ම තමයි. එතකොට ඒ භික්ෂුවට පංච උපාදානස්කන්ධයන්ට ඇලෙන්නෙ නැතිව ඉන්න පුළුවනි. මේ ජීවිතය නැමති ලෝකයේ කිසිම දේකට බැඳෙන්නෙ නැතිව ඉන්න පුළුවනි. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහටයි ඒ භික්ෂුව උපාදානස්කන්ධයන් පහ ගැන දකිමින් ධම්මානුපස්සනා භාවනාවෙන් ඉන්නෙ.

3. පුන ච පරං භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහරති ඡසු අජ්ඣත්තිකබාහිරේසු ආයතනේසු. කථඤ්ච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහරති ඡසු අජ්ඣත්තිකබාහිරේසු ආයතනේසු?

(3). පින්වත් මහණෙනි, ධම්මානුපස්සනා භාවනාව ගැන තවදුරටත් කියනවා නම්; මෙහි භික්ෂුව තමන්ගේ ත් බාහිරත් ආයතන හය ගැන දකිමින් ධම්මානුපස්සනා භාවනාවෙන් ඉන්නවා. පින්වත් මහණෙනි, තමන්ගේ ත්, බාහිරත් ආයතන හය ගැන දකිමින් ධම්මානුපස්සනා භාවනාවෙන් ඉන්නෙ කොහොම ද?

ඉධ භික්ඛවේ භික්ඛු චක්ඛුඤ්ච පජානාති. රූපේ ච පජානාති. යඤ්ච තදුභයං පටිච්ච උප්පජ්ජති සංයෝජනං, තඤ්ච පජානාති. යථා ච අනුප්පන්නස්ස සංයෝජනස්ස උප්පාදෝ හෝති, තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස සංයෝජනස්ස පහානං හෝති, තඤ්ච පජානාති. යථා ච පහීනස්ස සංයෝජනස්ස ආයතිං අනුප්පාදෝ හෝති, තඤ්ච පජානාති. සෝතඤ්ච පජානාති. සද්දේ ච පජානාති …පෙ… ඝානඤ්ච පජානාති. ගන්ධේ ච පජානාති …පෙ… ජිව්හඤ්ච පජානාති. රසේ ච පජානාති …පෙ… කායඤ්ච පජානාති. ඵොට්ඨබ්බේ ච පජානාති …පෙ… මනඤ්ච පජානාති. ධම්මේ ච පජානාති. යඤ්ච තදුභයං පටිච්ච උප්පජ්ජති සංයෝජනං, තඤ්ච පජානාති. යථා ච අනුප්පන්නස්ස සංයෝජනස්ස උප්පාදෝ හෝති, තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස සංයෝජනස්ස පහානං හෝති, තඤ්ච පජානාති. යථා ච පහීනස්ස සංයෝජනස්ස ආයතිං අනුප්පාදෝ හෝති, තඤ්ච පජානාති. (1-6)

පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව තමන්ගේ ඇසේ ස්වභාවය මොකක් ද කියල නුවණින් තේරුම් ගන්නවා. බාහිර රූපවල ස්වභාවය මොකක් ද කියලත් නුවණින් තේරුම් ගන්නවා. ඔය දෙක හේතු කොට ගෙන යම්කිසි කෙලෙස් බන්ධනයක් හටගන්නවා නම් ඒකත් නුවණින් තේරුම් ගන්නවා. කලින් හට නොගත් කෙලෙස් බන්ධන අලුතින් හටගන්න කොට ඒකත් නුවණින් තේරුම් ගන්නවා. කලින් හටගෙන තිබිච්ච කෙලෙස් බන්ධනය (අවබෝධ ඥානය තුලින්) නැතිවෙලා යනවා නම් ඒකත් නුවණින් තේරුම් ගන්නවා. තමන් තුළ නැති වෙලා ගිය ඒ කෙලෙස් බන්ධනය ආයෙ කවදාකවත් හටගන්නෙ නැත්නම් ඒකත් නුවණින් තේරුම් ගන්නවා.

තමන්ගේ කනේ ස්වභාවය මොකක් ද කියලත් නුවණින් තේරුම් ගන්නවා. බාහිර ශබ්දවල ස්වභාවය මොකක් ද කියලත් නුවණින් තේරුම් ගන්නවා ….(පෙ)…. තමන්ගේ නාසයේ ස්වභාවය මොකක් ද කියලත් නුවණින් තේරුම් ගන්නවා. බාහිර ගඳසුවඳේ ස්වභාවය මොකක් ද කියලත් නුවණින් තේරුම් ගන්නවා. ….(පෙ)…. තමන්ගේ දිවේ ස්වභාවය මොකක් ද කියලත් නුවණින් තේරුම් ගන්නවා. බාහිර රසයේ ස්වභාවය මොකක් ද කියලත් නුවණින් තේරුම් ගන්නවා. ….(පෙ)…. තමන්ගේ කයේ ස්වභාවය මොකක් ද කියලත් නුවණින් තේරුම් ගන්නවා. බාහිර පහසේ ස්වභාවය මොකක් ද කියලත් නුවණින් තේරුම් ගන්නවා ….(පෙ)…. තමන්ගේ සිතේ ස්වභාවය මොකක් ද කියලත් නුවණින් තේරුම් ගන්නවා. බාහිරව සිතට සිතෙන අරමුණුවල ස්වභාවය මොකක් ද කියලත් නුවණින් තේරුම් ගන්නවා. ඔය දෙක හේතු කොට ගෙන යම්කිසි කෙලෙස් බන්ධනයක් හටගන්නවා නම් ඒකත් නුවණින් තේරුම් ගන්නවා. කලින් හට නොගත් කෙලෙස් බන්ධනය අලුතින් හටගන්න කොට ඒකත් නුවණින් තේරුම් ගන්නවා. කලින් හටගෙන තිබිච්ච කෙලෙස් බන්ධනය (අවබෝධ ඥානය තුලින්) නැතිවෙලා යනවා නම් ඒකත් නුවණින් තේරුම් ගන්නවා. තමන් තුළ නැතිවෙලා ගිය ඒ කෙලෙස් බන්ධනය ආයෙ කවදාකවත් හටගන්නෙ නැත්නම් ඒකත් නුවණින් තේරුම් ගන්නවා.

ඉති අජ්ඣත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහරති. බහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සී විහරති. අජ්ඣත්තබහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා ධම්මේසු විහරති. වයධම්මානුපස්සී වා ධම්මේසු විහරති. සමුදයවයධම්මානුපස්සී වා ධම්මේසු විහරති. අත්ථි ධම්මාති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. යාවදේව ඤාණමත්තාය පතිස්සතිමත්තාය. අනිස්සිතෝ ච විහරති. න ච කිඤ්චි ලෝකේ උපාදියති. ඒවං ඛෝ භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහරති ඡසු අජ්ඣත්තිකබාහිරේසු ආයතනේසු.

(ආයතනපබ්බං)

මේ විදියට තමන්ගේ ආයතන ගැන හෝ දකිමින් ධම්මානුපස්සනා භාවනාවෙන් ඉන්නවා. අනුන්ගේ ආයතන ගැන හෝ (තියෙන්නෙ මේ ස්වභාවය ම යි කියල) දකිමින් ධම්මානුපස්සනා භාවනාවෙන් ඉන්නවා. මේ විදිහට තමන්ගේ ත්, අනුන්ගේ ත් ආයතන ගැන දකිමින් ධම්මානුපස්සනා භාවනාවෙන් ඉන්නවා. මේ ආයතනයන් හටගන්නා ආකාරයත් දකිමින් ඉන්නවා, නැතිවෙලා යන ආකාරයත් දකිමින් ඉන්නවා. මේ ආයතන හටගන්නා ආකාරයත්, නැති වෙලා යන ආකාරයත් දකිමින් ඉන්නවා.

මෙතන තියෙන්නෙ ඇතිවෙලා නැතිවෙලා යන විදිහේ ආයතන හයක් විතරයි කියල ඒ භික්ෂුවගේ සිහිය හොඳ හැටියට පිහිටනවා. අන්න ඒ සිහිය තමයි නුවණ වැඩෙන්න උපකාරී වෙන්නෙ. තවදුරටත් සිහිය වැඩෙන්න උපකාරී වන්නෙත් ඒ සිහිය ම තමයි. එතකොට ඒ භික්ෂුවට ආයතනවලට ඇලෙන්නෙ නැතිව ඉන්න පුළුවනි. මේ ජීවිතය නැමති ලෝකයේ කිසිම දෙයකට බැඳෙන්නෙ නැතිව ඉන්න පුළුවනි. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට යි ඒ භික්ෂුව තමාගේ ත් බාහිරත් ආයතන හය ගැන දකිමින් ධම්මානුපස්සනා භාවනාවෙන් ඉන්නෙ.

4. පුන ච පරං භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහරති සත්තසු බොජ්ඣංගේසු. කථඤ්ච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහරති සත්තසු බොජ්ඣංගේසු?

(4). පින්වත් මහණෙනි, ධම්මානුපස්සනා භාවනාව ගැන තවදුරටත් කියනවා නම්; මෙහි භික්ෂුව (චතුරාර්ය සත්‍යාවබෝධය ඇති කරවන අංග වන) බොජ්ඣංග ධර්මයන් හත ගැන දකිමින් ධම්මානුපස්සනා භාවනාවෙන් ඉන්නවා. පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව (චතුරාර්ය සත්‍යාවබෝධය ඇති කරවන අංග වන) බොජ්ඣංග ධර්මයන් හත ගැන දකිමින් ධම්මානුපස්සනා භාවනාවෙන් ඉන්නෙ කොහොම ද?

ඉධ භික්ඛවේ භික්ඛු සන්තං වා අජ්ඣත්තං සතිසම්බොජ්ඣංගං ‘අත්ථි මේ අජ්ඣත්තං සතිසම්බොජ්ඣංගෝ’ති පජානාති. අසන්තං වා අජ්ඣත්තං සතිසම්බොජ්ඣංගං ‘නත්ථි මේ අජ්ඣත්තං සතිසම්බොජ්ඣංගෝ’ති පජානාති. යථා ච අනුප්පන්නස්ස සතිසම්බොජ්ඣංගස්ස උප්පාදෝ හෝති, තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස සතිසම්බොජ්ඣංගස්ස භාවනාය පාරිපූරී හෝති, තඤ්ච පජානාති. (1)

පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව තමා තුළ චතුරාර්ය සත්‍යාවබෝධය ඇති කරවන අංගයක් වශයෙන් සතිපට්ඨානයේ හොඳින් සිහිය පිහිටා තියෙන කොට, දැන් තමා තුළ සති සම්බොජ්ඣංගය තියෙනවා කියල නුවණින් තේරුම් ගන්නවා. ඒ සති සම්බොජ්ඣංගය තමන් තුළ පිහිටල නැත්නම්, තමන් තුළ සති සම්බොජ්ඣංගය නැතෙයි කියලත් නුවණින් තේරුම් ගන්නවා. කලින් තමා තුළ නොතිබුණු සති සම්බොජ්ඣංගය අලුතින් හටගන්නවා නම් ඒකත් නුවණින් තේරුම් ගන්නවා. තමන් තුළ ඇතිවෙලා තියෙන සති සම්බොජ්ඣංගය (සමථ විදර්ශනා භාවනාව තුළින්) සම්පූර්ණත්වයට පත්වෙනවා නම්, ඒකත් නුවණින් තේරුම් ගන්නවා.

සන්තං වා අජ්ඣත්තං ධම්මවිචයසම්බොජ්ඣංගං ‘අත්ථි මේ අජ්ඣත්තං ධම්මවිචයසම්බොජ්ඣංගෝ’ති පජානාති. අසන්තං වා අජ්ඣත්තං ධම්මවිචයසම්බොජ්ඣංගං ‘නත්ථි මේ අජ්ඣත්තං ධම්මවිචයසම්බොජ්ඣංගෝ’ති පජානාති. යථා ච අනුප්පන්නස්ස ධම්මවිචයසම්බොජ්ඣංගස්ස උප්පාදෝ හෝති, තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස ධම්මවිචයසම්බොජ්ඣංගස්ස භාවනාය පාරිපූරී හෝති, තඤ්ච පජානාති. (2)

පින්වත් මහණෙනි, එමෙන් ම තමා තුළ චතුරාර්ය සත්‍යාවබෝධය ඇති කරවන අංගයක් වශයෙන් හේතුඵල ධර්මයන් නුවණින් විමසීම පවතින කොට, දැන් තමා තුළ ධම්මවිචය සම්බොජ්ඣංගය තියෙනවා කියල නුවණින් තේරුම් ගන්නවා. ඒ ධම්මවිචය සම්බොජ්ඣංගය තමන් තුළ පිහිටල නැත්නම්, තමන් තුළ ධම්මවිචය සම්බොජ්ඣංගය නැතෙයි කියලත් නුවණින් තේරුම් ගන්නවා. කලින් තමන් තුළ නොතිබුණු ධම්මවිචය සම්බොජ්ඣංගය අලුතින් ඇතිවෙනවා නම් ඒකත් නුවණින් තේරුම් ගන්නවා. තමන් තුළ ඇතිවෙලා තියෙන ධම්මවිචය සම්බොජ්ඣංගය (සමථ විදර්ශනා භාවනාව තුළින්) සම්පූර්ණත්වයට පත්වෙනවා නම්, ඒකත් නුවණින් තේරුම් ගන්නවා.

සන්තං වා අජ්ඣත්තං විරියසම්බොජ්ඣංගං ‘අත්ථි මේ අජ්ඣත්තං විරියසම්බොජ්ඣංගෝ’ති පජානාති. අසන්තං වා අජ්ඣත්තං විරියසම්බොජ්ඣංගං ‘නත්ථි මේ අජ්ඣත්තං විරියසම්බොජ්ඣංගෝ’ති පජානාති. යථා ච අනුප්පන්නස්ස විරියසම්බොජ්ඣංගස්ස උප්පාදෝ හෝති, තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස විරියසම්බොජ්ඣංගස්ස භාවනාය පාරිපූරී හෝති, තඤ්ච පජානාති. (3)

එමෙන් ම තමන් තුළ චතුරාර්ය සත්‍යාවබෝධය ඇති කරවන අංගයක් වශයෙන් වීරිය පවතින කොට, දැන් තමා තුළ වීරිය සම්බොජ්ඣංගය තියෙනවා කියල නුවණින් තේරුම් ගන්නවා. ඒ විරිය සම්බොජ්ඣංගය තමන් තුළ පිහිටල නැත්නම්, තමන් තුළ විරිය සම්බොජ්ඣංගය නැතෙයි කියලත් නුවණින් තේරුම් ගන්නවා. කලින් තමා තුළ නොතිබුන විරිය සම්බොජ්ඣංගය අලුතින් හටගන්නවා නම් ඒක ත් නුවණින් තේරුම් ගන්නවා. තමන් තුළ ඇතිවෙලා තියෙන විරිය සම්බොජ්ඣංගය (සමථ විදර්ශනා භාවනාව තුළින්) සම්පූර්ණත්වයට පත්වෙනවා නම්, ඒකත් නුවණින් තේරුම් ගන්නවා.

සන්තං වා අජ්ඣත්තං පීතිසම්බොජ්ඣංගං ‘අත්ථි මේ අජ්ඣත්තං පීතිසම්බොජ්ඣංගෝ’ති පජානාති. අසන්තං වා අජ්ඣත්තං පීතිසම්බොජ්ඣංගං ‘නත්ථි මේ අජ්ඣත්තං පීතිසම්බොජ්ඣංගෝ’ති පජානාති. යථා ච අනුප්පන්නස්ස පීතිසම්බොජ්ඣංගස්ස උප්පාදෝ හෝති, තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස පීතිසම්බොජ්ඣංගස්ස භාවනාය පාරිපූරී හෝති, තඤ්ච පජානාති. (4)

එමෙන් ම මෙහි භික්ෂුව තමා තුළ චතුරාර්ය සත්‍යාවබෝධය ඇති කරවන අංගයක් වශයෙන් ප්‍රීතිය පවතින කොට, දැන් තමා තුළ පීති සම්බොජ්ඣංගය තියෙනවා කියල නුවණින් තේරුම් ගන්නවා. ඒ පීති සම්බොජ්ඣංගය තමන් තුළ පිහිටල නැත්නම්, තමන් තුළ පීති සම්බොජ්ඣංගය නැතෙයි කියලත් නුවණින් තේරුම් ගන්නවා. කලින් තමා තුළ නොතිබුණු පීති සම්බොජ්ඣංගය අලුතින් හටගන්නවා නම් ඒකත් නුවණින් තේරුම් ගන්නවා. තමන් තුළ ඇතිවෙලා තියෙන පීති සම්බොජ්ඣංගය (සමථ විදර්ශනා භාවනාව තුළින්) සම්පූර්ණත්වයට පත්වෙනවා නම්, ඒකත් නුවණින් තේරුම් ගන්නවා.

සන්තං වා අජ්ඣත්තං පස්සද්ධිසම්බොජ්ඣංගං ‘අත්ථි මේ අජ්ඣත්තං පස්සද්ධිසම්බොජ්ඣංගෝ’ති පජානාති. අසන්තං වා අජ්ඣත්තං පස්සද්ධිසම්බොජ්ඣංගං ‘නත්ථි මේ අජ්ඣත්තං පස්සද්ධිසම්බොජ්ඣංගෝ’ති පජානාති. යථා ච අනුප්පන්නස්ස පස්සද්ධිසම්බොජ්ඣංගස්ස උප්පාදෝ හෝති, තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස පස්සද්ධිසම්බොජ්ඣංගස්ස භාවනාය පාරිපූරී හෝති, තඤ්ච පජානාති. (5)

එමෙන් ම තමන් තුළ චතුරාර්ය සත්‍යාවබෝධය ඇති කරවන අංගයක් වශයෙන් කායික මානසික සැහැල්ලු බව පවතින කොට, දැන් තමා තුළ පස්සද්ධි සම්බොජ්ඣංගය තියෙනවා කියල නුවණින් තේරුම් ගන්නවා. තමන් තුළ පස්සද්ධි සම්බොජ්ඣංගය පිහිටල නැත්නම්, තමා තුළ පස්සද්ධි සම්බොජ්ඣංගය නැතෙයි කියලත් නුවණින් තේරුම් ගන්නවා. කලින් තමා තුළ නොතිබුණු පස්සද්ධි සම්බොජ්ඣංගය අලුතින් හටගන්නවා නම් ඒකත් නුවණින් තේරුම් ගන්නවා. තමන් තුළ ඇති වෙලා තියෙන පස්සද්ධි සම්බොජ්ඣංගය (සමථ විදර්ශනා භාවනාව තුළින්) සම්පූර්ණත්වයට පත්වෙනවා නම්, ඒකත් නුවණින් තේරුම් ගන්නවා.

සන්තං වා අජ්ඣත්තං සමාධිසම්බොජ්ඣංගං ‘අත්ථි මේ අජ්ඣත්තං සමාධිසම්බොජ්ඣංගෝ’ති පජානාති. අසන්තං වා අජ්ඣත්තං සමාධිසම්බොජ්ඣංගං ‘නත්ථි මේ අජ්ඣත්තං සමාධිසම්බොජ්ඣංගෝ’ති පජානාති. යථා ච අනුප්පන්නස්ස සමාධිසම්බොජ්ඣංගස්ස උප්පාදෝ හෝති, තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස සමාධිසම්බොජ්ඣංගස්ස භාවනාය පාරිපූරී හෝති, තඤ්ච පජානාති. (6)

එමෙන් ම තමන් තුළ චතුරාර්ය සත්‍යාවබෝධය ඇති කරවන අංගයක් වශයෙන් සමාධිය පවතින කොට, දැන් තමා තුළ සමාධි සම්බොජ්ඣංගය තියෙනවා කියල නුවණින් තේරුම් ගන්නවා. තමා තුළ සමාධි සම්බොජ්ඣංගය පිහිටල නැත්නම්, තමා තුළ සමාධි සම්බොජ්ඣංගය නැතෙයි කියලත් නුවණින් තේරුම් ගන්නවා. කලින් තමා තුළ නොතිබුණු සමාධි සම්බොජ්ඣංගය අලුතින් ඇතිවෙනවා නම්, ඒකත් නුවණින් තේරුම් ගන්නවා. ඇතිවෙලා තියෙන සමාධි සම්බොජ්ඣංගය (සමථ විදර්ශනා භාවනාව තුළින්) සම්පූර්ණත්වයට පත්වෙනවා නම්, ඒකත් නුවණින් තේරුම් ගන්නවා.

සන්තං වා අජ්ඣත්තං උපෙක්ඛාසම්බොජ්ඣංගං ‘අත්ථි මේ අජ්ඣත්තං උපෙක්ඛාසම්බොජ්ඣංගෝ’ති පජානාති. අසන්තං වා අජ්ඣත්තං උපෙක්ඛාසම්බොජ්ඣංගං ‘නත්ථි මේ අජ්ඣත්තං උපෙක්ඛාසම්බොජ්ඣංගෝ’ති පජානාති. යථා ච අනුප්පන්නස්ස උපෙක්ඛාසම්බොජ්ඣංගස්ස උප්පාදෝ හෝති, තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස උපෙක්ඛාසම්බොජ්ඣංගස්ස භාවනාය පාරිපූරී හෝති, තඤ්ච පජානාති. (7)

එමෙන් ම තමන් තුළ චතුරාර්ය සත්‍යාවබෝධය ඇති කරවන අංගයක් වශයෙන් උපේක්ෂාව පවතින කොට, තමා තුළ උපේක්ෂා සම්බොජ්ඣංගය තියෙනවා කියල නුවණින් තේරුම් ගන්නවා. තමන් තුළ උපේක්ෂා සම්බොජ්ඣංගය පිහිටල නැත්නම්, තමන් තුළ උපේක්ෂා සම්බොජ්ඣංගය නැතෙයි කියලත් නුවණින් තේරුම් ගන්නවා. කලින් තමා තුළ නොතිබුණු උපේක්ෂා සම්බොජ්ඣංගය අලුතින් හටගන්නවා නම්, ඒකත් නුවණින් තේරුම් ගන්නවා. තමන් තුළ ඇතිවෙලා තියෙන උපේක්ෂා සම්බොජ්ඣංගය (සමථ විදර්ශනා භාවනාව තුළින්) සම්පූර්ණත්වයට පත්වෙනවා නම්, ඒකත් නුවණින් තේරුම් ගන්නවා.

ඉති අජ්ඣත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහරති. බහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සී විහරති. අජ්ඣත්තබහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා ධම්මේසු විහරති. වයධම්මානුපස්සී වා ධම්මේසු විහරති. සමුදයවයධම්මානුපස්සී වා ධම්මේසු විහරති. අත්ථි ධම්මාති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. යාවදේව ඤාණමත්තාය පතිස්සතිමත්තාය. අනිස්සිතෝ ච විහරති. න ච කිඤ්චි ලෝකේ උපාදියති. ඒවම්පි ඛෝ භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහරති සත්තසු බොජ්ඣංගේසු.

(බොජ්ඣංගපබ්බං)

පින්වත් මහණෙනි, මේ විදිහට තමන් තුළ ඇති බොජ්ඣංග ධර්මයන් හත දකිමින් ධම්මානුපස්සනා භාවනාවෙන් ඉන්නවා. අනුන් තුළත් බොජ්ඣංග ධර්මයන් හටගන්නේ මේ ආකාරයෙන් ම බවත් දකිමින් ධම්මානුපස්සනා භාවනාවෙන් ඉන්නවා. තමා තුළත්, අනුන් තුළත් බොජ්ඣංග ධර්මයන් ඇති වෙන්නේ මේ ආකාරයෙන්ම බව දකිමින් ධම්මානුපස්සනා භාවනාවෙන් ඉන්නවා. මේ බොජ්ඣංග ධර්මයන් හටගන්නා හැටිත් දකිමින් ඉන්නවා. නැති වෙලා යන ආකාරයත් දකිමින් ඉන්නවා. මේ බොජ්ඣංග ධර්මයන් හටගන්නා ආකාරයත්, නැතිවෙලා යන ආකාරයත් දකිමින් ඉන්නවා.

මෙතන තියෙන්නෙ ඇතිවෙලා නැතිවෙලා යන ස්වභාවයට අයිති බොජ්ඣංග ධර්මයන් විතරයි කියල ඒ භික්ෂුවගේ සිහිය හොඳ හැටියට පිහිටනවා. අන්න ඒ සිහිය තමයි නුවණ වැඩෙන්නට උපකාරී වෙන්නෙ. තවදුරටත් සිහිය වැඩෙන්න උපකාරී වන්නෙත් ඒ සිහිය ම තමයි. එතකොට ඒ භික්ෂුවට බොජ්ඣංග ධර්මයන්ට පවා ඇලෙන්නෙ නැතිව ඉන්න පුළුවනි. මේ ජීවිතය නැමති ලෝකයේ කිසිම දේකට බැඳෙන්නෙ නැතිව ඉන්න පුළුවනි. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහටයි ඒ භික්ෂුව බොජ්ඣංග ධර්මයන් ගැන දකිමින් ධම්මානුපස්සනා භාවනාවෙන් ඉන්නෙ.

5. පුන ච පරං භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහරති චතුසු අරියසච්චේසු. කථඤ්ච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහරති චතුසු අරියසච්චේසු?

(5). පින්වත් මහණෙනි, ධම්මානුපස්සනා භාවනාව ගැන තවදුරටත් කියනවා නම්, මෙහි භික්ෂුව චතුරාර්ය සත්‍ය ධර්මයන් ද දකිමින් ධම්මානුපස්සනා භාවනාවෙන් ඉන්නවා. පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව චතුරාර්ය සත්‍ය ධර්මයන් දකිමින් ධම්මානුපස්සනා භාවනාවෙන් ඉන්නෙ කොහොම ද?

ඉධ භික්ඛවේ භික්ඛු ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං පජානාති. ‘අයං දුක්ඛසමුදයෝ’ති යථාභූතං පජානාති. ‘අයං දුක්ඛනිරෝධෝ’ති යථාභූතං පජානාති. ‘අයං දුක්ඛනිරෝධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති.

පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව ‘මේක තමයි දුක’ කියල ඒ ආකාරයෙන් ම යථාර්ථය අවබෝධ කරගන්නවා. ‘මේක තමයි දුකේ හටගැනීම’ කියල ඒ ආකාරයෙන් ම යථාර්ථය අවබෝධ කරගන්නවා. ‘මේක තමයි ඒ දුක්වල නිරුද්ධ වීම’ කියල ඒ ආකාරයෙන් ම යථාර්ථය අවබෝධ කරගන්නවා. ‘මේක තමයි ඒ දුක් නැති කරන්න තියෙන මාර්ගය’ කියල ඒ ආකාරයෙන් ම යථාර්ථය අවබෝධ කරගන්නවා.

ඉති අජ්ඣත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහරති. බහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සී විහරති. අජ්ඣත්තබහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා ධම්මේසු විහරති. වයධම්මානුපස්සී වා ධම්මේසු විහරති. සමුදයවයධම්මානුපස්සී වා ධම්මේසු විහරති. අත්ථි ධම්මාති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. යාවදේව ඤාණමත්තාය පතිස්සතිමත්තාය. අනිස්සිතෝ ච විහරති. න ච කිඤ්චි ලෝකේ උපාදියති. ඒවම්පි ඛෝ භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහරති චතුසු අරියසච්චේසු.

(සච්චපබ්බං)

පින්වත් මහණෙනි, ඔය විදිහටයි භික්ෂුව තමන් තුළ චතුරාර්ය සත්‍ය ධර්මයන් දකිමින් ධම්මානුපස්සනා භාවනාවෙන් වාසය කරන්නෙ. අනුන් තුළත් ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වෙන්නේ ඒ ආකාරයට ම බව දකිමින් ධම්මනුපස්සනා භාවනාවෙන් වාසය කරනවා. තමා තුළත්, අනුන් තුළත් චතුරාර්ය සත්‍ය ධර්මයන් දකිමින් ධම්මානුපස්සනා භාවනාවෙන් වාසය කරනවා. මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ඇතිවෙන හැටිත් දකිමින් ඉන්නවා. නැති වී යන හැටිත් දකිමින් ඉන්නවා. මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ඇතිවෙලා නැතිවෙලා යන හැටිත් දකිමින් ඉන්නවා.

මෙතන තියෙන්නෙ ඇතිවෙලා නැතිවෙලා යන විදිහේ චතුරාර්ය සත්‍ය ධර්මයක් ය කියල ඒ භික්ෂුවගේ සිහිය හොඳ හැටියට පිහිටනවා. අන්න ඒ සිහිය තමයි නුවණ වැඩෙන්න උපකාරී වෙන්නෙ. තවදුරටත් සිහිය වැඩෙන්න උපකාරී වෙන්නෙත් ඒ සිහිය තමයි. එතකොට ඒ භික්ෂුවට චතුරාර්ය සත්‍ය ධර්මයන්ට ඇලෙන්නෙ නැතිව ඉන්න පුළුවනි. මේ ජීවිතය නම් වූ ලෝකයේ කිසිම දෙයකට බැඳෙන්නෙ නැතිව ඉන්නත් පුළුවනි. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහටයි භික්ෂුව චතුරාර්ය සත්‍යය ගැන දකිමින් ධම්මානුපස්සනා භාවනාවෙන් වාසය කරන්නෙ.

(ධම්මානුපස්සනා භාවනා කොටස අවසන් විය)

1. යෝ හි කෝචි භික්ඛවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ ඒවං භාවෙය්‍ය සත්ත වස්සානි, තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකංඛං: දිට්ඨේව ධම්මේ අඤ්ඤා, සති වා උපාදිසේසේ අනාගාමිතා. තිට්ඨන්තු භික්ඛවේ සත්ත වස්සානි. යෝ හි කෝචි භික්ඛවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ ඒවං භාවෙය්‍ය ඡබ්බස්සානි …(පෙ)… පඤ්ච වස්සානි …(පෙ)… චත්තාරි වස්සානි …(පෙ)… තීණි වස්සානි …(පෙ)… ද්වේ වස්සානි …(පෙ)… ඒකං වස්සං …(පෙ)… තිට්ඨතු භික්ඛවේ ඒකං වස්සං. යෝ හි කෝචි භික්ඛවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ ඒවං භාවෙය්‍ය සත්ත මාසානි, තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකංඛං: දිට්ඨේව ධම්මේ අඤ්ඤා, සති වා උපාදිසේසේ අනාගාමිතා. තිට්ඨන්තු භික්ඛවේ සත්ත මාසානි. යෝ හි කෝචි භික්ඛවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ ඒවං භාවෙය්‍ය ඡ මාසානි …(පෙ)… පඤ්ච මාසානි …(පෙ)… චත්තාරි මාසානි …(පෙ)… තීණි මාසානි …(පෙ)… ද්වේ මාසානි …(පෙ)… මාසං …(පෙ)… අද්ධමාසං …(පෙ)… තිට්ඨතු භික්ඛවේ අද්ධමාසෝ. යෝ හි කෝචි භික්ඛවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ ඒවං භාවෙය්‍ය සත්තාහං, තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකංඛං: දිට්ඨේව ධම්මේ අඤ්ඤා, සති වා උපාදිසේසේ අනාගාමිතා.

පින්වත් මහණෙනි, යම් කෙනෙක් දැන් මේ කියා දුන්න විදිහට ම මේ සතර සතිපට්ඨාන ධර්මයන් අවුරුදු හතක් පුරුදු කළොත්, මෙන්න මේ ප්‍රතිඵල දෙකෙන් එකක් ලබන්න ඔහු කැමති වෙන්න ඕන. එක්කො මේ ජීවිතේ දී ම අරහත්වයට පත්වෙනවා. එහෙම නැතිව කෙලෙස් ටිකක් ඉතිරි වුනොත් අනාගාමී වෙනවා.

පින්වත් මහණෙනි, හත් අවුරුද්දක කතාව පැත්තකින් තියමු. යම් කෙනෙක් දැන් මේ කියා දුන්න විදිහට ම මේ සතර සතිපට්ඨාන ධර්මයන් අවුරුදු හයක් පුරුදු කළොත් ….(පෙ)…. අවුරුදු පහක් පුරුදු කළොත් ….(පෙ)…. අවුරුදු හතරක් පුරුදු කළොත් ….(පෙ)…. අවුරුදු තුනක් පුරුදු කළොත් ….(පෙ)…. අවුරුදු දෙකක් පුරුදු කළොත් ….(පෙ)…. අවුරුද්දක් පුරුදු කළොත් ….(පෙ)…. පින්වත් මහණෙනි, එක අවුරුද්දක කතාව පැත්තකින් තියමු. යම් කෙනෙක් දැන් මේ කියා දුන්න විදිහට ම මේ සතර සතිපට්ඨාන ධර්මයන් හත් මාසයක් පුරුදු කළොත් මෙන්න මේ ප්‍රතිඵල දෙකෙන් එකක් ලබන්න ඔහු කැමති වෙන්න ඕන. එක්කො මේ ජීවිතේ දී ම අරහත්වයට පත්වෙනවා. එහෙම නැතිව කෙලෙස් ටිකක් ඉතිරි වුණොත් අනාගාමී වෙනවා.

පින්වත් මහණෙනි, හත් මාසයක කතාව පැත්තකින් තියමු. කවුරු හරි කෙනෙක් මේ දැන් කියා දුන් විදිහට හය මාසයක් හරි මේ සතර සතිපට්ඨාන ධර්මයන් පුරුදු කළොත් ….(පෙ)…. පස් මාසයක් පුරුදු කළොත් ….(පෙ)…. හතර මාසයක් පුරුදු කළොත් ….(පෙ)…. තුන් මාසයක් පුරුදු කළොත් ….(පෙ)…. දෙමාසයක් පුරුදු කළොත් ….(පෙ)…. මාසයක් පුරුදු කළොත් ….(පෙ)…. සති දෙකක් පුරුදු කළොත් ….(පෙ)…. පින්වත් මහණෙනි, ඔය සති දෙකේ කතාව පැත්තකින් තියමු. කවුරු හරි කෙනෙක් මේ දැන් කියා දුන්න විදිහට සතියක් සතර සතිපට්ඨාන ධර්මයන් පුරුදු කළොත් මෙන්න මේ ප්‍රතිඵල දෙකෙන් එකක් ලබන්න ඔහු කැමති වෙන්න ඕන. එක්කො මේ ජීවිතේ දී ම අරහත්වයට පත් වෙනවා. එහෙම නැතිව කෙලෙස් ටිකක් ඉතිරි වුනොත් අනාගාමී වෙනවා.

“ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදෝමනස්සානං අත්ථංගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා”ති, ඉති යන්තං වුත්තං ඉදමේතං පටිච්ච වුත්තන්ති.

පින්වත් මහණෙනි, සත්වයන්ගේ ජීවිත පිරිසිදු වීම පිණිස, ශෝක වැළපීම් වලින් තොරව ජීවත් වීම පිණිස, කායික මානසික දුක් දොම්නස් වලින් තොරව ජීවත්වීම පිණිස, සැබෑ ම ජීවිතාවබෝධය ඇති කරගැනීම පිණිස, ඒ අමා මහ නිවන සාක්ෂාත් කරගැනීම පිණිස එක ම එක මාර්ගයයි තියෙන්නෙ. අන්න ඒකට තමයි ‘සතර සතිපට්ඨානය’ කියන්නෙ කියලා මං යමක් ප්‍රකාශ කළා නම්, අන්න ඒ කාරණේ තමයි දැන් මේ විස්තර වශයෙන් කියල දුන්නෙ.

ඉදමවෝච භගවා. අත්තමනා තේ භික්ඛූ භගවතෝ භාසිතං අභිනන්දුන්ති.

භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාළා. ඒ භික්ෂූන් වහන්සේලා මේ උතුම් දේශනාවට සවන් දීලා ගොඩාක් සතුටු වුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දේශනාව සාදු නාද නංවමින් සතුටින් අනුමෝදන් වුනා. පිළිගත්තා.

සතිපට්ඨානසුත්තං දසමං.

සම්මා සතිය පිහිටුවා ගැනීම ගැන වදාළ දෙසුම නිමා විය.

මූලපරියායවග්ගෝ පඨමෝ.

පළමුවෙනි මූලපරියාය වර්ගයයි.

තස්සවග්ගස්ස උද්දානං:

1. අජරං අමතං අමතාධිගමං ඵලමග්ගනිදස්සන දුක්ඛනුදං,
සහිතත්ථමහාරහභස්සකරබ්භුතපීතිකරං ථවතෝ සුණථ.

2. තළකාව සුපූරිතඝම්මපථේ තිවිධග්ගිපලේපිතනිබ්බපනා,
භවබ්‍යාධිපනෝදනඕසධියෝ ධුව මජ්ඣිමසුත්තවරට්ඨපිතා.

3. මධවිව මන්දරසා අමරානං ඛිඩ්ඩරතීජනනං සමරූනං,
තා සුතවෙය්‍යකරට්ඨපිතාසුං සක්‍යසුතානමභීරමණත්ථා.

4. පඤ්ඤසත්‍යාදි සතඤ්ච දියඩ්ඪං වෙය්‍යකරාන දුවේ අපරේ ච,
තේසමහං අනුපුබ්බ බ්‍රවීමි ඒකමනා නිසමේථ මුදග්ගා.

5. පහවාසවදායදපුබ්බගමෝ අගතීගතිඅංගණසබ්භයකෝ,
පියගාරවපණ්ඩරසල්ලිඛනෝ තථදිට්ඨි සතී දසමෝ පඨමෝ.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/mn1_1-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M