182. ඒ භික්ෂුණිය ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රියයන් දියුණු කරගෙන ඉන්නෙ, හොඳට සිහිය පිහිටුවා ගෙන ඉන්නෙ. සංස්කාරයන් සංසිඳීමේ සැපය පිහිටුවා ගෙන ඉන්නෙ. සංස්කාරයන් සංසිඳීමේ සැපය වූ ශාන්ත නිවන සාක්ෂාත් කරල ඉන්නෙ.
183. (මාරයා) ඔයා ඔය හිස මුඩු කරගත්තෙ කවුරු වෙනුවෙන් ද? ශ්‍රමණියක් වගෙයි පෙනෙන්නෙ. ඇයි තාපසියක් වෙන්ට අකැමැති? මෝහයෙන් මුලා වෙලා නේද ඔය යන්නෙ?
184. (ඒයි මාරය) තාපසවරු ඉන්නෙ බුදු සසුනෙන් බැහැරවයි. ඒගොල්ලො ඉන්නෙ නොයෙක් මතවාදවල එල්ලිලා. ඔවුන්ට මේ ධර්මය පෙනෙන්නෙ නෑ. ඔවුන් මේ ධර්මය දකින්ට දක්ෂත් නෑ.
185. නමුත් ශාක්‍ය වංශයේ ඉපදුණු අසහාය මුනිවරයෙක් තමා බුදු සමිඳුන් කියල කියන්නෙ. ඔය සියලුම දෘෂ්ටීන් ඉක්මවා යන ධර්මය උන්වහන්සේ මට කියල දීල තියෙන්නෙ.
186. ඒ ධර්මය තමයි දුක, දුකේ හටගැනීම, ඒ දුක ඉක්මවා යාම, ඒ දුක් සංසිඳෙන මාර්ගය.
187. උන්වහන්සේගේ උතුම් වචනය අසා දැනගෙනයි බුදු සසුනට ඇලී වාසය කළේ. මාත් ත්‍රිවිද්‍යාව ලබාගත්තා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා.
188. හැම දෙයක් ගැනම තිබුණු ආශාව නැති කරල දැම්මා. මෝහාන්ධකාරය බිඳල දැම්මා. මාරය, ඔය විදිහටයි මේ ගැන ඔබ දැනගන්ට ඕන. මාරය, ඔය කරුණේ දී නැසුණේ ඔබයි.
මේ වනාහී චාලා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_7-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M