189. ඒ භික්ෂුණී හොඳ සිහිය පිහිටුවා ගෙන ඉන්නෙ. දහම් ඇස් තියෙනවා. ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රියයන් දියුණු කරලයි ඉන්නෙ. සත්පුරුෂයන්ගේ ආශ්‍රය නිසා ඈත් ශාන්ත නිවන සාක්ෂාත් කළා.
190. (මාරයා) ඇයි ඔයා ඉපදෙන්ට අකැමැති? ඉපදුණාම නේද මේ කාම සම්පත් අනුභව කරන්ට පුළුවන්. කාම සම්පත්වලට ඇලී ඒවා අනුභව කරන්න. පස්සෙ දුක් වෙන්ට එපා!
191. (ඒයි මාරය) ඉපදෙන කෙනාටයි මරණය තියෙන්නෙ. අත්පා කැඩී බිඳී යාම තියෙන්නෙ. නොයෙක් වද බන්ධන තියෙන්නෙ. කෙලෙස් උපදින්නෙ. ඉපදෙන කෙනා තමයි දුකට පත්වෙන්නෙ.
192. ශාක්‍ය වංශයේ ඉපදුණු අපරාජිත බුදු සමිඳුන් වැඩ ඉන්නවා. උන්වහන්සේ තමයි මේ ඉපදීම ඉක්මයන මේ ශ්‍රී සද්ධර්මය කියල දුන්නෙ.
193. දුක, දුකේ හටගැනීම, ඒ දුක් ඉක්මවා යාම, ඒ දුක් සංසිඳුවන මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි ඒ ධර්මය.
194. උන්වහන්සේගෙන් මං ඒ උතුම් වචන ගැන දැනගත්ත. බුදු සසුනේ ඇලී වාසය කළා. මාත් ත්‍රිවිද්‍යාව ලබාගත්තා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා.
195. හැම දෙයක් ගැන ම තියෙන තණ්හාව නැති කරල දැම්මා. මෝහාන්ධකාරය බිඳල දැම්මා. මාරය, ඔන්න ඔය විදිහටයි ඒ ගැන දැනගන්ට ඕන. මාරය, මේ කරුණේදී නැසුණේ ඔබයි.
මේ වනාහී උපචාලා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.
හත්වෙනි නිපාතය නිමා විය.
(ගාථා හත බැගින් වදාළ කොටස නිමා විය)
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_7-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M