175. මිනිසුන් මෝල් ගස්වලින් ධාන්‍ය වර්ග කොටනවා. තමන්ගේ අඹු දරුවනුත් පෝෂණය කර ගෙන ධනයත් හම්බ කර ගන්නවා.
176. යමක් කළාට පස්සෙ තැවෙන්නෙ නැත්නම්, අන්න ඒ බුද්ධානුශාසනාව තමයි කරන්ට ඕන. ඉක්මනට පා සෝදගන්න. හුදෙකලා තැනකින් වාඩි වෙන්න.
177. හොඳින් හිත එකඟ කරගෙන, හිත පිහිටුවා ගෙන, මේ සංස්කාරයන් අනාත්ම වශයෙන් නුවණින් දකින්න. ආත්ම වශයෙන් නොවේ.
178. එතුමියගේ වචනය හිතට ගත්තා. ඒ පටාචාරාවගේ අනුශාසනාවේ පිහිටියා. පා සෝදා ගත්ත. හුදෙකලා තැනක වාඩි වුණා.
179. රෑ පළමු යාමයේ පුබ්බේ නිවාස ඤාණය ලබාගත්තා. රෑ මධ්‍යම යාමයේ දිවැස් නුවණ පිරිසිදු කරගත්තා.
180. රැය පහන් වෙන කොට අවිද්‍යාව නම් වූ අන්ධකාර කෙලෙස් කඳ බිඳල දැම්මා. මං එදා උදේ නැගිට්ටේ ත්‍රිවිද්‍යාව ලබාගෙන. ඔබතුමියගේ අනුශාසනාව මං කළා.
181. සුරාසුර යුද්ධෙ ජය ගත්තට පස්සෙ තව්තිසා දෙවියෝ ශක්‍ර දෙවියන්ට නමස්කාර කරනවා වගේ, මමත් ඉන්නෙ ඔබතුමිය පෙරටු කරගෙනයි. මං දැන් ත්‍රිවිද්‍යා ලාභී නිකෙලෙස් කෙනෙක්.
මේ වනාහී උත්තරා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_7-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M