163. පින්වත් ගුත්තා, ඔයා මහණ වුණේ ප්‍රිය මනාප දරුවොත් අත්හැරලා, වස්තුවත් අත්හැරලා උතුම් අර්ථයක් ඇතුවයි. ඉතින් ඒ අනුවම කටයුතු කරන්ට ඕන. හිතට විතරක් රැවටෙන්ට එපා!
164. මේ සත්වයන් රැවටෙන්නෙ හිතටමයි. ඊට පස්සෙ මාරයාගේ අරමුණුවලට ඇලිල වාසය කරනවා. ඔවුන්ට සත්‍ය තත්වය පෙනෙන්නෙ නෑ. අන්තිමේදී සිද්ධ වෙන්නෙ නොයෙක් ජීවිතවල ඉපිද ඉපිද සංසාරෙ ඇවිදින්ට විතරයි.
165. කාමාශාව, තරහ, සක්කාය දිට්ඨිය, සීලබ්බත පරාමාස, විචිකිච්ඡා යන මේ පහ,
166. මේ සංයෝජන පහ ප්‍රහාණය කරගත්තට පස්සෙ ඒ භික්ෂුණිය මේ කාමභවයට උපතක් කරා එන්නෙ නෑ.
167. රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන මේ සංයෝජන පහත් නැති කරගෙන සියලු දුක් අවසන් කරන්න.
168. ඉපදෙන සංසාරෙ ගෙවල දාල, පුනර්භවය පිරිසිඳ අවබෝධ කරගෙන, මේ ජීවිතයේදීම තණ්හාව නැති කරගෙන උපශාන්තව හැසිරෙන්න.
මේ වනාහී ගුත්තා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_6-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M