169. මට චිත්ත සමාධියක් තිබුණෙ ම නෑ. සිතේ දමනයක් තිබුණෙ ම නෑ. මං හතර පස් වතාවක් ආරාමයෙන් නික්මිලා ගියා.
170. අන්තිමේ දී මං ඛේමා භික්ෂුණිය ළඟට ගියා. මං හොඳට ධර්ම කරුණු විමසා දැනගත්තා. ඇය මට ධාතු-ආයතන ගැන ධර්ම දේශනා කළා.
171. උතුම් නිවන කරා යන, ඒ චතුරාර්ය සත්‍ය ධර්මය, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය ත් දේශනා කළා.
172. එතුමියගෙන් බුද්ධ වචනය අහගත්ත මං ඒ අනුශාසනාවේ විදිහටම කටයුතු කළා. රෑ පළමු යාමයේ දී පුබ්බේ නිවාස ඤාණය ලබාගත්තා.
173. රෑ මධ්‍යම යාමයේ දී දිවැස් නුවණ පිරිසිදු කරගත්ත. රැය පහන් වෙන කොට අවිද්‍යාව නම් වූ අන්ධකාර කෙලෙස් කඳ බිඳල දැම්මා.
174. මං එතකොට ප්‍රීතියත් සැපයත් කය පුරා ම පතුරුවා ගෙනයි හිටියෙ. අවිද්‍යා අන්ධකාරය බිඳල දාපු මං හත්වෙනි දවසේ තමයි කකුල් දිග හැරියේ.
මේ වනාහී විජයා නම් රහත් තෙරණිය වදාළ ගථාවන් ය.
හයවෙනි නිපාතය නිමා විය.
(ගාථා හය බැගින් වදාළ කොටස නිමා විය)
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_6-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M