157. සියලු සත්වයන්ට වඩා උතුම් වූ බුද්ධ වීරයන් වහන්ස. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා! මාවත් මේ අනෙක් බොහෝ ජනතාවත් සංසාරෙන් එතෙර කොට වදාළේ ඔබ වහන්සේමයි.
158. මං මේ දුක පිරිසිඳ දැකගත්තා. දුක හදන හේතුව වන තණ්හාව නැති කරල දැම්මා. ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරගත්තා. දුක් නැතිවීම වන නිවනත් සාක්ෂාත් කළා.
159. ජීවිතේ යථාර්ථය නොදැක, පිහිටක් නැතිව සංසාරෙ ඇවිද ගෙන යද්දි, මං අම්මා වුණා. තව වාරෙක මං පුතා වුණා. තව වාරෙක මං තාත්තා වුණා. තව වාරෙක මං සහෝදරයා වුණා. තවත් වාරෙක මං ආච්චි වුණා.
160. මං ධර්මය තුළින් භාග්‍යවතුන් වහන්සේව දැකගත්තා. මං මේ දරාගෙන ඉන්නෙ අන්තිම සිරුරයි. ඉපදෙන සංසාරෙ ගෙවිල ගියා. ආයෙත් නම් මට පුනර්භවයක් නෑ.
161. පටන් ගත්ත වීරියෙන්ම සිටින, දිවි දෙවෙනි කොට ධර්මයේ හැසිරුන, නිතර ම දැඩි වීර්ය පරාක්‍රමයෙන් යුක්ත, සමගි සම්පන්න ශ්‍රාවක සංඝයාව දැකගන්න. බුද්ධ වන්දනාව කියන්නෙ ඒක.
162. මහාමායා බිසොවුන් වහන්සේ ගෞතම බුදු සමිඳුන්ව මේ ලෝකෙට බිහි කෙරුවේ බොහෝ දෙනාගේ යහපත පිණිස මයි. ඒ නිසාමයි රෝග-මරණවලින් පෙළෙන මේ සත්වයන්ගේ දුක් දුරු වෙලා ගියේ.
මේ වනාහී මහ ප්‍රජාපතී ගෝතමී නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_6-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M