ඛුද්දක නිකාය

ථේරී ගාථා

6.5. අනුපමා ථේරීගාථා

6.5. අනුපමා තෙරණියගේ ගාථා

151. උච්චේ කුලේ අහං ජාතා බහුවිත්තේ මහද්ධනේ,
වණ්ණරූපේන සම්පන්නා ධීතා මේඝස්ස අත්‍රජා.

151. මං ඉපදුනේ ගොඩාක් සැප සම්පත් තියෙන ධනවත්, උසස් පවුලක. මං මේඝ සිටුතුමාගේ දුව. මං ඒ කාලෙ හරි ම ලස්සනයි.

152. පත්ථිතා රාජපුත්තේහි සෙට්ඨිපුත්තේහි භිජ්ඣිතා,
පිතු මේ පේසයී දූතං දේථ මය්හං අනෝපමං.

152. රාජ කුමාරයන්, සිටු කුමාරයන් මට ගොඩාක් කැමති වුණා. “අනුපමා දුව මට පාවා දෙන්න” කියල අපේ පියාට දූතයන් පවා එව්වා.

153. යත්තකං තුලිතා ඒසා තුය්හං ධීතා අනූපමා,
තතෝ අට්ඨගුණං දස්සං හිරඤ්ඤං රතනානි ච.

153. ඔබේ අනුපමා දුව තරාදියේ එක පැත්තක තියල, අනිත් පැත්තේ ඒ බරට ධනය ලබාගෙන නම් දෙන්නෙ, අපි ඊට වඩා අට ගුණයක් රන් මැණික් දෙනවා.

154. සාහං දිස්වාන සම්බුද්ධං ලෝකජෙට්ඨං අනුත්තරං,
තස්ස පාදානි වන්දිත්වා ඒකමන්තං උපාවිසිං.

154. නමුත් මුළු ලෝකෙට ම ජ්‍යෙෂ්ඨ වූ අනුත්තර වූ බුදු සමිඳුන්ව මං දැකගත්තා. උන්වහන්සේ ගේ සිරිපා කමල් වන්දනා කළා. එකත්පස්ව හිඳ ගත්තා.

155. සෝ මේ ධම්මමදේසේසි අනුකම්පාය ගෝතමෝ,
නිසින්නා ආසනේ තස්මිං ඵුස්සයිං තතියං ඵලං.

155. ගෞතම බුදු සමිඳුන් මං ගැන අනුකම්පාවෙන් මට ධර්මය දේශනා කළා. මං ඒ ආසනයේදීම අනාගාමී ඵලයට පත් වුණා.

156. තතෝ කේසානි ඡෙත්වාන පබ්බජිං අනගාරියං,
අජ්ජ මේ සත්තමී රත්ති යතෝ තණ්හා විසෝසිතා.

156. ඊට පස්සෙ මං කෙස් මුඩු කර ගෙන, සසුන්ගත වුණා. තෘෂ්ණාව නැති කරල දාලා අදට දින හතක් වෙනවා.

ඉත්ථං සුදං අනෝපමා ථේරී ගාථායෝ අභාසීති.

මේ වනාහී අනුපමා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_6-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M