145. මං එදා ලස්සනට හැඳ පැළඳගෙන හිටියේ. මල් මාලාවන් ගෙන් සරසගෙන හිටියේ. සඳුන් කල්ක තවරාගෙන සියළු ආභරණවලින් සැරසිලා දාසියන් පිරිවරා ගෙන හිටියේ.
146. ගොඩාක් කෑම බීම ජාතිත්, කැවිලි පෙවිලි වර්ගත් අරගෙන මං උයන් කෙලියට ගියේ.
147. උයනට ගිහින් කාල බීල ප්‍රීති වෙලා, ආපහු ගෙදර එනකොට සාකේත නුවර අඤ්ජන වනේ විහාරය බලන්ටත් ගියා.
148. එතන බුදු සමිඳාණන් වැඩහිටියේ තුන් ලෝකෙම එළිය කරන පහනක් වගේ. මං උන්වහන්සේ ළඟට ගිහින් වන්දනා කළා. සදහම් ඇස් ඇති මුනිඳුන් මං කෙරෙහි අනුකම්පාවෙන් මට දහම් දෙසුවා.
149. උන්වහන්සේ මහා ඉසිවරයෙක්. ඒ බුදු සමිඳුන්ගේ ධර්මය අහල මං චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත්තා. මට ඒ ආසනයේ දී ම ඒ විරාගී ධර්මය වන අමා නිවන සාක්ෂාත් කරන්ට ලැබුණා.
150. මේ විදිහට සද්ධර්මය දැනගෙනමයි මං බුද්ධ ශාසනේ මහණ වුණේ. මාත් ත්‍රිවිද්‍යාව ලබාගත්තා. බුදු සසුන කියන්නෙ හිස් දෙයක් නම් නොවේ.
මේ වනාහී සුජාතා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_6-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M