ඛුද්දක නිකාය

ථේරී ගාථා

6.2. වාසෙට්ඨි ථේරීගාථා

6.2. වාසෙට්ඨි තෙරණියගේ ගාථා

133. පුත්තසෝකේනහං අට්ටා ඛිත්තචිත්තා විසඤ්ඤිනී,
නග්ගා පකිණ්ණකේසී ච තේන තේන විචාරිහං.

133. මට පුතා මළ දුක ඉවසන්ට බැරිව ගියා. මට පිස්සු හැදුණා. සිහි නැතිව ගියා. ඇඟේ වස්ත්‍ර පවා නැතිව ගියා. කොණ්ඩෙ කඩා ගෙන, පාරක් පාරක් ගානෙ ඇවිද ගෙන යන්ට යි මට සිද්ධ වුණේ.

134. වසිං සංකාරකූටේසු සුසානේ රථියාසු ච,
අචරිං තීණි වස්සානි ඛුප්පිපාසා සමප්පිතා.

134. කහල ගොඩවල් ගානෙ, අමු සොහොන් පිටි ගානෙ, රථ ගාල් ගානෙ තුන් අවුරුද්දක් මුළුල්ලේ ඇවිද ඇවිද ගියා. බඩගින්නෙන් පිපාසෙන් දුක් වින්ඳා.

135. අථද්දසාසිං සුගතං නගරං මිථිලං පති,
අදන්තානං දමේතාරං සම්බුද්ධමකුතෝභයං.

135. බුදුරජාණන් වහන්සේ මිථිලා නගරයට වඩින අයුරු මටත් දැකගන්ට ලැබුණා. නොදැමුණු සත්වයන් දමනය කරන, කිසි ම අයුරකින් බියක් නොමැති සම්බුදු සමිඳාණන්ව දැකගන්ට ලැබුණා.

136. සචිත්තං පටිලද්ධාන වන්දිත්වාන උපාවිසිං,
සෝ මේ ධම්මමදේසේසි අනුකම්පාය ගෝතමෝ.

136. උන්වහන්සේව දකින කොට මට ප්‍රකෘති සිහිය ආවා. මං ළඟට ගිහින් වන්දනා කළා. ඒ ගෞතම බුදු සමිඳාණන් මං ගැන අනුකම්පා කළා. මට දහම් දෙසුවා.

137. තස්ස ධම්මං සුණිත්වාන පබ්බජිං අනගාරියං,
යුඤ්ජන්තී සත්ථු වචනේ සච්ඡාකාසිං පදං සිවං.

137. ඒ ශ්‍රී සද්ධර්මය අදහල මං බුද්ධ ශාසනේ මහණ වුණා. ශාස්තෘන් වහන්සේ ගේ වචනය අනුව ජීවිතේ ගත කරපු මං ඒ අමා නිවන් සුව සාක්ෂාත් කළා.

138. සබ්බේ සෝකා සමුච්ඡින්නා පහීනා ඒතදන්තිකා,
පරිඤ්ඤාතා හි මේ වත්ථු යතෝ සෝකානසම්භවෝ.

138. සියලු දුක් දොම්නස් නැත්තට ම නැති වෙලා ගියා. ශෝකයෙන් හටගන්න ඒ අරමුණු සියල්ල ම මං පිරිසිඳ දැක්කා.

ඉත්ථං සුදං වාසෙට්ඨී ථේරී ගාථායෝ අභාසීති.

මේ වනාහී වාසෙට්ඨි නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_6-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M