107. මං ඉස්සර ගත කළේ පුදුම ජීවිතයක්. තල් ඇටවලින් ඔළුවෙ කෙස් ඉදිරුවා. දත් මැද්දෙ නෑ. එක රෙද්දක් විතරක් ඇඳගෙන ජීවත් වුණේ. ඒ කාලේ මං හරි දේ දැක්කෙ වැරදි දේ හැටියට. වැරදි දේ දැක්කෙ හරි දේ හැටියට.
108. එදා දවල් කාලෙන් පස්සෙ ගිජුකුළු පර්වතෙන් පහළට වඩින, භික්ෂු සංඝයා පිරිවරා ගත්ත බුදුරජාණන් වහන්සේ ව දැකගන්ට ලැබුණා.
109. මං බුදු සමිඳුන් ඉදිරියට ගියා. බිම දණ නමා ගෙන ඇඳිලි බැඳ ගෙන වන්දනා කළා. ‘පින්වත් භද්දා, මෙහාට එන්න’ කියලා උන්වහන්සේ මට වදාළා. ඒක තමයි උපසම්පදාව.
110. මං ඉස්සර ඇවිද ගෙන ගියේ අංග, මගධ, වජ්ජි, කාසි, කෝසල, ජනපදවල. දැනුත් මං එහි ඇවිදිනවා. දැන් යන්නෙ ණය රහිත ව යි. රහත් භික්ෂුණියක් හැටියට පිණ්ඩපාතෙ වළඳන්ට අරගෙන දැන් පනස් අවුරුද්දක් වෙනවා.
111. මේ ප්‍රඥාවන්ත උපාසක මහත්තයා ඇත්තෙන් ම ගොඩාක් පිං රැස් කරගත්තා. සියළු කෙලෙස්වලින් නිදහස් වුණ භද්දා භික්ෂුණියට යි ඔය සිවුර පූජා කරගත්තේ.
මේ වනාහී භද්දාකුණ්ඩලකේසා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_5-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M