102. මේ ඇඟක් නිසා ම දරුවන් දහදෙනෙක් ම වදන්ට සිද්ධ වුණා. ඒ නිසා ම යි මං දුර්වල වෙලා ගියේ. අන්තිමේ දී මං භික්ෂුණියක් ළඟට ගියා.
103. ඒ භික්ෂුණිය මට ස්කන්ධ, ධාතු, ආයතන ගැන ධර්ම දේශනා කළා. දැන් ධර්මය අසා ගෙන මං හිතට ගත්තා. හිස මුඩු කර ගෙන මහණ වුණා.
104. ඉතින් මං සික්ඛමානාවක් වශයෙන් ඉන්න කාලෙ ම යි දිවැස් නුවණ පිරිසිදු කර ගත්තේ. මං මීට කලින් ජීවත් වුණ තැන් දැනගත්තෙ පුබ්බේනිවාස ඤාණයෙන්.
105. මං හිත එකඟ කරගෙන විදර්ශනා වැඩුවා. අරහත්වයට පත්වුණා. උපාදාන රහිත ව නිවුණා.
106. පංච උපාදානස්කන්ධයන් මං පිරිසිඳ දැකගත්ත නිසා, දැන් ඒවා තියෙන්නෙ මුල් නැතිව. ඒයි, ලාමක ජරාව, තිට නින්දා වේවා! දැන් ඉතින් මට නම් ආයෙමත් පුනර්භවයක් නෑ.
මේ වනාහී සෝණා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_5-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M