ඛුද්දක නිකාය

ථේරී ගාථා

5.5. නන්දුත්තරා ථේරීගාථා

5.5. නන්දුත්තරා තෙරණියගේ ගාථා

87. අග්ගිං චන්දඤ්ච සුරියඤ්ච දේවතා ච නමස්සිහං,
නදීතිත්ථානි ගන්ත්වාන උදකං ඕරුහාමිහං.

87. ඉස්සර මං වන්දනා කළේ ගිනි දෙවියන්ට, සඳ දෙවියන්ට, හිරු දෙවියන්ට. ගංඟාවල තියෙන පුණ්‍ය තීර්ථවලට ගිහින් වතුරට බැහැල පව් සේදුවා.

88. බහූවතසමාදානා අඞ්ඪං සීසස්ස ඕලිඛිං,
ඡමාය සෙය්‍යං කප්පේමි රත්තිං භත්තං න භුඤ්ජිහං.

88. නොයෙකුත් ව්‍රත සමාදන් වුණා. හිසේ භාගයක් මුඩු කරගත්තා. බිම නිදාගත්තා. කිසි ම දෙයක් රෑට කෑවෙ නෑ.

89. විභූසාමණ්ඩනරතා නහාපනුච්ඡාදනේහි ච,
උපකාසිං ඉමං කායං කාමරාගේන අට්ටිතා.

89. ඒ කාලෙ ඒ විදියට ගත කරල ආයෙමත් ගෙදර එනවා. හොඳට වතුර නා ගන්නවා. ඇඟපත උලා පිරිසිදු කරනවා. ඊට පස්සෙ ලස්සනට හැඳ පැළඳ ගෙන හැඩ වෙනවා. කාමරාගයෙන් මුසපත් වෙලා මේ සිරුර සනසවනවා.

90. තතෝ සද්ධං ලභිත්වාන පබ්බජිං අනගාරියං,
දිස්වා කායං යථාභූතං කාමරාගෝ සමූහතෝ.

90. එහෙත් දැන් මං, බුදු සසුන ගැන ගොඩක් පැහැදුණා. මං මහණ වුණා. මේ ශරීරයේ සත්‍ය තත්වය පේනකොට කාමාශාව නැත්තට ම නැති වෙලා ගියා.

91. සබ්බේ භවා සමුච්ඡින්නා ඉච්ඡා ච පත්ථනාපි ච,
සබ්බයෝගවිසංයුත්තා සන්තිං පාපුණි චේතසෝති.

91. සියළු භවයන් මුළුමණින් ම නැති කරල දැම්මා. කැමැති දේවල්, පතන දේවල් දැන් මං තුළ නෑ. හැම කෙලෙස්වලින් ම වෙන් වෙලා චිත්ත ශාන්තියට පත්වුණා.

ඉත්ථං සුදං නන්දුත්තරා ථේරී ගාථායෝ අභාසිත්ථා’ති.

මේ වනාහී නන්දුත්තරා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_5-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M