ඛුද්දක නිකාය

ථේරී ගාථා

2.9. අභයා ථේරීගාථා

2.9. අභයා තෙරණියගේ ගාථා

35. අභයේ භිදුරෝ කායෝ යත්ථ සත්තා පුථුජ්ජනා,
නික්ඛිපිස්සාමිමං දේහං සම්පජානා සතීමතී.

35. පින්වත් අභයා, පෘථග්ජන උදවිය ඇලී වාසය කරන මේ ශරීරය බිඳිලා යන එකක්. මම මේ කාරණය අවබෝධ කරගෙන ඉතා හොඳ සිහියෙන්ම කිසි බලාපොරොත්තුවක් නැතිව අත් හැරලා දානවා.

36. බහූහි දුක්ඛධම්මේහි අප්පමාදරතාය මේ,
තණ්හක්ඛයෝ අනුප්පත්තෝ කතං බුද්ධස්ස සාසනන්ති.

36. බොහෝ දුක් කම්කටොලු ඇති මේ ජීවිතය තුළ මං ඇලුණේ ධර්මයේ අප්‍රමාදී වීමටයි. තණ්හාව නැතිවෙලා ගියා. මම නිවනට පත්වුණා. බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා.

ඉත්ථං සුදං අභයාථේරී ගාථායෝ අභාසිත්ථා’ති.

මේ වනාහී අභයා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M