ඛුද්දක නිකාය

ථේරී ගාථා

2.8. අභයමාතා ථේරීගාථා

2.8. අභයමාතා තෙරණියගේ ගාථා

33. උද්ධං පාදතලා අම්ම අධෝ වේ කේසමත්ථකා,
පච්චවෙක්ඛස්සු’මං කායං අසුචිං පූතිගන්ධිකං.

33. පින්වත් අම්මේ, මේ යටි පතුලෙන් උඩත්, කෙස් රොදින් යටත් අතර පවතින මේ කුණුවෙලා යන පිළිකුල් ශරීරය දිහා නුවණින්ම බලන්න.

34. ඒවං විහරමානාය සබ්බෝ රාගෝ සමූහතෝ,
පරිළාහෝ සමුච්ඡින්නෝ සීතිභූතාම්හි නිබ්බුතාති.

34. (තම පුතා වූ අභය තෙරුන්ගේ ඒ අවවාදය අනුව) මං ඒ විදිහටම ජීවිතේ දිහා බැලුවා. හැම රාගයක්ම නැති කරලා දැම්මා. කෙලෙස් දාහය මුලින්ම නැති කරලා දැම්මා. දැන් මං සිහිල් වුණ කෙනෙක්. නිවිල ගිය කෙනෙක්.

ඉත්ථං සුදං අභයමාතාථේරී ගාථායෝ අභාසිත්ථා’ති.

මේ වනාහී අභය මාතා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_2-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M