ඛුද්දක නිකාය

ථේරී ගාථා

2.7. මෙත්තා ථේරීගාථා

2.7. මෙත්තා තෙරණියගේ ගාථා

31. චාතුද්දසිං පඤ්චදසිං යා ච පක්ඛස්ස අට්ඨමී,
පාටිහාරියපක්ඛඤ්ච අට්ඨංගසුසමාගතං,
උපෝසථං උපාගඤ්ඡිං දේවකායාභිනන්දිනී.

31. මං ඉස්සර ප්‍රාර්ථනා කළේ දිව්‍ය ලෝකෙක උපදින්ටයි. සතර පෝයටම අටසිල් උපෝසථය සමාදන් වෙලා සිල් රැක්කා.

32. සාජ්ජ ඒකේන භත්තේන මුණ්ඩා සංඝාටිපාරුතා
දේවකායං න පත්ථේහං විනෙය්‍ය හදයේ දරන්ති.

32. එහෙත් දැන් මං, එක වරුවයි වළඳන්නෙ. හිස මුඩුකරගෙන පාත්තර, සිවුරු ඇතිවයි ඉන්නෙ. හදවතේ තිබුණු ඔක්කොම කෙලෙස් නැතිකරලා දැම්මා. දැන් මං දිව්‍ය ලෝකෙ පතන්නෙ නෑ.

ඉත්ථං සුදං මෙත්තාථේරී ගාථායෝ අභාසිත්ථා’ති.

මේ වනාහී මෙත්තා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M