ඛුද්දක නිකාය

ථේරී ගාථා

2.6. මෙත්තිකා ථේරීගාථා

2.6. මෙත්තිකා තෙරණියගේ ගාථා

29. කිඤ්චාපි ඛොම්හි දුක්ඛිතා දුබ්බලා ගතයොබ්බනා,
දණ්ඩමෝලුබ්භ ගච්ඡාමි පබ්බතං අභිරූහිය.

29. මං ගොඩාක් දුකට පත්වෙලා හිටියේ. දුර්වල වෙලා හිටියේ. තරුණ කාලෙ ගෙවිල ගිහින් හිටියේ. ඒ වුණත් මං හැරමිටියෙ එල්ලී ගෙන ගිජුකුළු පර්වතයට නැග ගත්තා.

30. නික්ඛිපිත්වාන සංඝාටිං පත්තකං ච නිකුජ්ජිය,
නිසින්නා චම්හි සේලම්හි අථ චිත්තං විමුච්චි මේ,
තිස්සෝ විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනන්ති.

30. පාත්තරේ මුනින් නවල පැත්තකින් තිබ්බා. දෙපට සිවුරත් පැත්තකින් තිබ්බා. ගල් පර්වතේ මත වාඩිවුණා. එතනදී තමයි මගේ සිත ආශ්‍රවයන්ගෙන් නිදහස් වුණේ. මාත් ත්‍රිවිද්‍යාව ලබාගත්තා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා.

ඉත්ථං සුදං මෙත්තිකා ථේරී ගාථායෝ අභාසිත්ථා’ති.

මේ වනාහී මෙත්තිකා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M