ඛුද්දක නිකාය

ථේරී ගාථා

2.10. සාමා ථේරීගාථා

2.10. සාමා තෙරණියගේ ගාථා

37. චතුක්ඛත්තුං පඤ්චක්ඛත්තුං විහාරා උපනික්ඛමිං,
අලද්ධා චේතසෝ සන්තිං චිත්තේ අවසවත්තිනී.

37. ඉස්සර මට චිත්ත සමාධියක් තිබුණෙම නෑ. සිත කොහෙත්ම දමනය කරන්නට බැරි වුණා. මම දවසට හතර පස් වතාවක් ආරාමෙන් නික්මිලා ගියා.

38. තස්සා මේ අට්ඨමී රත්ති යතෝ තණ්හා සමූහතා,
බහූහි දුක්ඛධම්මේහි අප්පමාදරතාය මේ,
තණ්හක්ඛයෝ අනුප්පත්තෝ කතං බුද්ධස්ස සාසනන්ති.

38. ඒත් මං මේ වතාවේදී අටවෙනි රාත්‍රිය ගෙවෙන කොට තණ්හාව මුලින්ම නැති කරලා දැම්මා. මං මේ දුක් සහිත ජීවිතය නිසාමයි අප්‍රමාදයේ ඇලී වාසය කළේ. තණ්හාව ක්ෂය වුණා. නිවන අවබෝධ කළා. බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා.

ඉත්ථං සුදං සාමා ථේරී ගාථායෝ අභාසිත්ථා’ති.

මේ වනාහී සාමා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන්ය.

දුකනිපාතෝ නිට්ඨිතෝ.

දෙවෙනි නිපාතය නිමා විය.

(ගාථා දෙක බැගින් වදාළ කොටස නිමා විය)

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M