☰
25. ‘කාසි’ ජනපදයට ලැබෙන බදු ආදායම වගේම ආදායමක් ඉස්සර මට ලැබුණා. ඒ පුංචි නගරෙ හිටි මිනිස්සු ඒ ආදායමේ අගය මැනලා ඒකෙන් බාගයක වටිනාකම තක්සේරු කරලා මාව ‘අභිචාරිකා’ තනතුරේ තිබ්බා.
26. එහෙත් මං දැන් අවබෝධයෙන්මයි රූපය ගැන කලකිරිල ඉන්නෙ. ඒ නිසාමයි විරාගයට පත්වෙලා ඉන්නෙ. නැවත නැවත සැරිසරන ඉපිද ඉපිද යන මේ සංසාරෙට නම් මං ආයෙත් දුවන්නෙ නෑ. මං ත්‍රිවිද්‍යාව ලබාගත්තා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා.
මේ වනාහී අඞ්ඪකාසි නම් රහත් තෙරණිය වදාළ ගාථාවන්ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M