ඛුද්දක නිකාය

ථේරී ගාථා

2.3. සුමංගලමාතා ථේරීගාථා

2.3. සුමංගලමාතා තෙරණියගේ ගාථා

23. සුමුත්තිකෙ සුමුත්තිකේ සාධු මුත්තිකාම්හි මුසලස්ස,
අහිරිකෝ මේ ඡත්තකං වාපි උක්ඛලිකා මේ දෙඩ්ඪුභං වාති.

23. හැමදේකින්ම මිදුණු ඔයා, හැමදේකින්ම මිදුණු ඔයා, මෝල් ගහෙනුත් නිදහස් වුණ එක තමයි හොඳ. මගේ සැමියා කිසිම ලැජ්ජාවක් නැති මිනිහෙක්. මං ඒ මිනිහගෙ කුඩේටවත් කැමති නෑ. මං බත් උයපු හැළියෙනුත් පිළුණු ගඳ ආවේ.

24. රාගඤ්ච අහං දෝසඤ්ච චිච්චිටි චිච්චිටීති විහනාමි,
සා රුක්ඛමූලමුපගම්ම අහෝසුඛන්ති සුඛතෝ ඣායාමීති.

24. ‘චිටි චිටි’ සද්දයෙන් මං මේ රාග ද්වේෂත් නැති කරල දැම්මා. මං දැන් ගහක් සෙවණට ගියාම, හප්පා! තියෙන සැපයක්! මං හරිම සැප සේ ධ්‍යාන වඩනවා.

ඉත්ථං සුදං සුමංගලමාතාථේරී ගාථායෝ අභාසිත්ථා’ති.

මේ වනාහී සුමංගල මාතා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M