ඛුද්දක නිකාය

ථේරී ගාථා

2.2. ජෙන්තා ථේරීගාථා

2.2. ජෙන්තා තෙරණියගේ ගාථා

21. යේ ඉමේ සත්තබොජ්ඣංගා මග්ගා නිබ්බානපත්තියා,
භාවිතා තේ මයා සබ්බේ යථා බුද්ධේන දේසිතා.

21. බුදු සමිඳාණන් තමයි අමා නිවනට පමුණුවන මාර්ගය වන මේ බොජ්ඣංග ධර්ම හත වදාළේ. ඉතින් මාත් ඒ ධර්ම ඔක්කොම දියුණු කරගත්තා.

22. දිට්ඨෝ හි මේ සෝ භගවා අන්තිමෝයං සමුස්සයෝ,
වික්ඛීණෝ ජාතිසංසාරෝ නත්ථි දානි පුනබ්භවෝ’ති.

22. මාත් ධර්මය තුළින් ඒ භාග්‍යවතුන් වහන්සේව දැකගත්තා. මේ තමයි මගේ අන්තිම ශරීරය. ඉපදෙන සංසාරෙ ගෙවිල ගියා. දැන් ඉතින් ආයෙත් භවයක් නෑ.

ඉත්ථං සුදං ජෙන්තා ථේරී ගාථායෝ අභාසිත්ථා’ති.

මේ වනාහී ඡෙන්තා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M