ඛුද්දක නිකාය

ථේරී ගාථා

2.1. අභිරූපනන්දා ථේරීගාථා

2.1. අභිරූපනන්දා තෙරණියගේ ගාථා

19. ආතුරං අසුචිං පූතිං පස්ස නන්දේ සමුස්සයං,
අසුභාය චිත්තං භාවේහි ඒකග්ගං සුසමාහිතං.

19. පින්වත් නන්දා, නිතර ලෙඩ දුකින් පෙළෙන, කුණු වෙලා යන මේ පිළිකුල් ශරීරය දෙස නුවණින්ම බලන්න. සිත හොඳට එකඟ කරගෙන අසුභ භාවනාව වඩන්න.

20. අනිමිත්තඤ්ච භාවේහි මානානුසයමුජ්ජහ,
තතෝ මානාභිසමයා උපසන්තා චරිස්සසීති.

20. කෙලෙස් සටහන් නැති විදර්ශනාව වඩන්න. හිතේ තියෙන මානය මුලින්ම උදුරලා දාන්න. අවබෝධයෙන්ම මානය නැති කරලා උපශාන්තව ජීවත් වෙන්න.

ඉත්ථං සුදං භගවා අභිරූපනන්දං සික්ඛමානං ඉමාහි ගාථාහි අභිණ්හං ඕවදතීති.

මේ වනාහී භාග්‍යවතුන් වහන්සේ විසින් නන්දා නම් සික්ඛමානාවට නිරතුරුව අවවාද වශයෙන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M