ඛුද්දක නිකාය

ථේරී ගාථා

1.7. වීරා ථේරීගාථා

1.7. වීරා තෙරණියගේ ගාථාව

7. වීරා වීරේහි ධම්මේහි භික්ඛුනී භාවිතින්ද්‍රියා,
ධාරේහි අන්තිමං දේහං ජෙත්වා මාරං සවාහිනින්ති.

7. පින්වත් භික්ෂුණිය වීරා, ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රියයන් මහත් වීරියෙන් යුක්තව දියුණු කරගන්න. ධර්මයේම හැසිරෙන්න. සේනා සහිත මාරයාව පරාජය කරලා අවසන් සිරුර විතරක් දරාගන්න.

ඉත්ථං සුදං වීරා ථේරී ගාථං අභාසිත්ථා’ති.

මේ වනාහී වීරා නම් රහත් තෙරණිය වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M