ඛුද්දක නිකාය

ථේරී ගාථා

1.17. ධම්මා ථේරීගාථා

1.17. ධම්මා තෙරණියගේ ගාථාව

17. පිණ්ඩපාතං චරිත්වාන දණ්ඩමෝලුබ්භ දුබ්බලා,
වේධමානේහි ගත්තේහි තත්ථේව නිපතිං ඡමා,
දිස්වා ආදීනවං කායේ අථ චිත්තං විමුච්චි මේති.

17. මං හිටියේ ගොඩක් දුර්වල වෙලා. හැරමිටියෙ එල්ලී ගෙන පිණ්ඩපාතෙ වඩින කොට මගේ අත් පා වෙවුලනවා. ඉතින් මාව එතැනම බිම වැටුණා. ඒ වෙලාවෙ මේ ශරීරයේ ආදීනව හොඳට ප්‍රකට වුණා. මගේ සිත කෙලෙසුන්ගෙන් නිදහස් වුණා.

ඉත්ථං සුදං ධම්මා ථේරී ගාථං අභාසිත්ථා’ති.

මේ වනාහී ධම්මා නම් රහත් තෙරණිය වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_1-17/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M