473. මං තමයි පවුලෙ එකම දරුවා. අම්මා තාත්තා මට පුදුම ආදරයක් තිබුණා. නොයෙක් වත්පිළිවෙත් කරලා බාර හාර වෙලයි මං ඉපදුණේ.
474. ඇත්තෙන්ම අම්ම තාත්ත දෙන්න මට හරිම ආදරෙයි. මගේ යහපත ගැනමයි කල්පනා කළේ. අන්තිමේදී ඒ ගොල්ල මාවත් වඩාගෙන බුදු සමිඳාණන් ළඟට අරගෙන ගියා.
475. ස්වාමීනී, මේ දරු සිඟිත්තා ලබාගත්තෙ ඉතා දුක් විඳලා. මේ දරුවා හරි සියුමැලියි. සැප දීලයි හැදුවේ. ඉතින් අපි ලොවට යහපත සදන ‘නාථ ජින’ වූ ඔබවහන්සේගේ ශිෂ්‍යයෙක් හැටියට තබාගන්නට මේ දරු සිඟිත්තා දැන් පූජා කරනවා.
476. ශාස්තෘන් වහන්සේ මාව පිළිගත්තා. ආනන්ද තෙරුන්ට මෙසේ වදාළා. ‘ආනන්දයෙනි, ඉක්මනට මේ දරු සිඟිත්තාව පැවිදි කරන්න. මේ දරුවා අද්විතීය පුරුෂයෙක් වනු ඇත’
477. ශාස්තෘන් වහන්සේ මාව මහණ කරල වෙහෙරට වැඩියා. දවල් කාලෙ ගෙවෙන්ට ඉස්සර වෙලා සුළු වෙලාවකින් මගේ හිත සියලු කෙලෙසුන් ගෙන් නිදහස් වුණා.
478. එදා හවස් වරුවේ භාවනාවෙන් නැගී සිටි ශාස්තෘන් වහන්සේ ‘පින්වත් භද්‍ර, මෙහාට එන්න’ කියල මට වදාළා. ඒක තමයි මගේ උපසම්පදාව.
479. මං උපසම්පදාව ලබන කොට වයස අවුරුදු හතයි. මාත් ත්‍රිවිද්‍යාව ලබාගත්තා. අහෝ! මේ සද්ධර්මය ආශ්චර්ය යි.
මෙය වනාහී ආයුෂ්මත් භද්ද නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_7-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M