466. ඒ භික්ෂුවගේ නම භද්දිය. ‘අම්භාටක’ කියන ලස්සන වනගත අසපුවකයි ඉන්නෙ. තණ්හාව මුලින්ම උදුරල දාලයි එයා ධ්‍යාන වඩන්නේ.
467. සමහරුන්ට සතුටු වෙන්න නම් මිහිඟු බෙර ඕනෑ. එක්කො වීණාවක් ඕනෑ. එක්කො ගැට බෙර ඕනෑ. ඒත් මම ඒ මොකවත් නැතිව මේ රුක් සෙවණෙ වාඩිවෙලා බුදු සමිඳුන්ගේ සාසනයේ හරිම සතුටින් ඉන්නෙ.
468. බුදු සමිඳාණන් මට වදාළොත් වරයක් දෙනවා කියල මාත් ඒ වරය ගන්නවා. නම් මුළු ලෝකෙ සඳහාම මං ඒක ගන්නවා. ඒ තමයි හැම තිස්සෙම කළ යුතු කායානුපස්සනාව.
469. සමහර උදවිය මගේ රූපෙ දිහා බලල ඔච්චම් කරනවා. ඒ වුණාට සමහරු මගේ කට හf`ඞ් මිහිරට වසඟ වෙලා යනවා. ඇත්තෙන්ම ආශාවට මුලා වෙච්ච ඒ දෙගොල්ල ම මං කවුද කියල දන්නෙ නෑ.
470. ඒ ගොල්ලන්ට මගේ අභ්‍යන්තර ජීවිතය පේන්නෙ නෑ. බාහිර ජීවිතය පේන්නෙත් නෑ. හැම පැත්තෙන්ම වැහිලා ඉන්නෙ. ඒ අය මගේ හඬට විතරක් වසඟ වෙනවා.
471. අභ්‍යන්තර ජීවිතය ගැන දන්නෙ නැති නම් බාහිර ඵලය විතරක් නම් දකින්නෙ. එයාට තියෙන්නෙ බාහිර ඵලය වශයෙන් පෙනෙන හඬට වසඟ වෙලා ඇදිලා යන එක විතරයි.
472. එහෙත් අභ්‍යන්තර ජීවිතය ගැන දන්නවා නම්, බාහිර ජීවිතය ගැනත් දන්නවා නම්, කිසිම දෙයකින් වැහිලා නැතිව ලෝකය දකින කෙනා හඬට වසඟ වෙලා ඇදිල යන්නෙ නෑ.
මෙය වනාහී ආයුෂ්මත් ලකුණ්ඨකභද්දිය නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_7-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M