459. ඒ කාන්තාව ලස්සනට ඇඳල හිටියෙ. කන කර ආභරණ වලිනුත් සැරසිලා හිටියා. මල් මාලාවක් පැළඳගෙන හිටියා. පාට කරපු පා දෙකක් ඇයට තිබුණේ. ඇය වෛශ්‍යාවක්. රන් වන් සෙරෙප්පු දෙකක් දමාගෙනයි සිටියේ.
460. ඇය සෙරෙප්පු දෙක ගැලෙව්වා. මං ළඟට වැඳගෙන ආවා. මිහිරි මොලොක් බසින් මෙන්න මෙහෙමයි කිව්වේ.
461. ඔයා පැවිදි වෙලා හිටියත් තවමත් තරුණයි. මං කියන දේ අහන්නකෝ. මනුස්ස ලෝකෙ විඳින්න තියෙන සැප විඳලා ඉන්න. මං ඔයාට හැම සම්පතක්ම දෙනවා.
462. මං ඔයාට මේ ඇත්තමයි කියන්නෙ. ගින්දර වුණත් ගෙනල්ල දෙන්නම්. අපි දෙන්න වයසට ගිහින් හැරමිටි ගහන කාලෙ ආපුවාම මහණ වෙමු. එතකොට අපි ලෝක දෙකම ජයගත්තා වෙනවා.
463. ලස්සනට ඇඳගෙන කන කර ආභරණවලින් සැරසිලා මං ඉදිරියේ වැඳගෙන මට ආයාචනා කර කර හිටිය ඒ වෛශ්‍යාව මං දැක්කෙ මාරයා අටවපු තොණ්ඩුවක් වගෙයි.
464. ඒ තුළින්ම යෝනිසෝ මනසිකාරය මට ඇතිවුණා. ප්‍රකට වෙලා ගියේ මේ කාමයන්ගේ ආදීනවමයි. අවබෝධයෙන් යුතු කළකිරීම තුළ මගේ හිත පිහිටියා.
465. එනිසාම මගේ හිත කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. ධර්මයේ ආශ්චර්ය බලන්න. මා ත්‍රිවිද්‍යාව ලබාගත්තා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා.
මෙය වනාහී ආයුෂ්මත් සුන්දරසමුද්ද නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_7-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M