423. මං ඉපදුණු ජාතිය ගැන මත් වෙලා හිටිය කෙනෙක්. සැප සම්පත් වලිනුත් මත් වෙලා හිටියේ. රූප සෝභාවෙනුත් මත්වෙලා හිටියේ.
424. මං මට සමාන හෝ වැඩිහිටි හෝ කිසි කෙනෙක් ගැන හිතුවේ නෑ. තදින්ම හිතට අරගෙන හිටියේ. මං කොච්චර මෝඩද කීවොත් මාන්නය නමැති කොඩිය ඔසවා ගෙන හිටියේ.
425. ඒ තරම්ම මාන්නය මට තිබුණා. මව්පියන්ට වත් ගරු කළේ නෑ. ගරු කළ යුතු කිසිකෙනෙකුට ගරු කළේ නෑ.
426. එහෙත් නුවණැත්තන් දමනය කරන තුන් ලොවට අග්‍ර වූ උතුම් වූ පුරිසදම්මසාරථී වූ බුදු සමිඳුන් භික්ෂු සංඝයා පිරිවරාගෙන බබලන හිරු මඬලක් වගේ වඩින හැටි මං බලාගෙන හිටියා.
427. මගේ සිත ගොඩක් පැහැදුණා. සියලු මාන මද මං වීසි කරල දැම්මා. සියලු සතුන්ට උතුම් වූ ඒ බුදු සමිඳාණන්ගේ සිරි පතුල් ළඟ මං ඇද වැටුණා. වන්දනා කළා.
428. මගේ අතිමානයත්, හීන මානයත් ඔක්කොම නැති වුණා. අස්මිමානයත් නැතිකරල දැම්මා. හැම මානයක්ම වනසා දැම්මා.
මෙය වනාහී ආයුෂ්මත් ජෙන්ත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_6-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M