ඛුද්දක නිකාය

ථේර ගාථා

6.1.10. සුමනත්ථේරගාථා

6.1.10. සුමන තෙරුන්ගේ ගාථා

429. යදා නවෝ පබ්බජිතෝ ජාතියා සත්තවස්සිකෝ
ඉද්ධියා අභිභොත්වාන පන්නගින්දං මහිද්ධිකං

429. එතකොට මගේ වයස අවුරුදු හතයි. ඒ මං පැවිදි වෙච්ච අලුත. මහත් ඉර්ධි ඇති නාග රාජයෙක්ව මගේ ඍද්ධි බලයෙන් දමනය කළේ.

430. උපජ්ඣායස්ස උදකං අනෝතත්තා මහාසරා
ආහරාමි තතෝ දිස්වා මං සත්ථා ඒතදබ්‍රවී

430. අනෝතත්ත විලෙන් උපාධ්‍යායන් වහන්සේට මං පැන් අරගෙන ආවා. ශාස්තෘන් වහන්සේ මාව දැක්කා. ඊට පස්සේ මාව පෙන්නලා මෙහෙම වදාළා.

431. සාරිපුත්ත ඉමං පස්ස ආගච්ඡන්තං කුමාරකං
උදකුම්භකමාදාය අජ්ඣත්තං සුසමාහිතං

431. පින්වත් සාරිපුත්ත, ඔය පැමිණෙන සිඟිත්තා දෙස බලන්න. දිය කළයකුත් අරගෙන තමන් තුළ ඉතා සන්සුන් සිතකුත් ඇතිවයි ඔය එන්නෙ.

432. පාසාදිකේන වත්තේන කල්‍යාණඉරියාපථෝ
සාමණේරෝනුරුද්ධස්ස ඉද්ධියා ච විසාරදෝ

432. මෙයාගෙ ගති පැවතුම් දකින කොට පැහැදීම ඇති වෙනවා. ඒ ඉරියව් පවා ඉතා සුන්දරයි. ඒ සාමණේර නම ඉර්ධි බලයෙන් යුක්තයි. විශාරදයි. අනුරුද්ධයන්ගේ ශිෂ්‍යයෙක්.

433. ආජානීයේන ආජඤ්ඤෝ සාධුනා සාධුකාරිතෝ
විනීතෝ අනුරුද්ධේන කතකිච්චේන සික්ඛිතෝ

433. මෙයාව ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් බවට පත්කළේ ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් විසින්. යහපත් පුරුෂයෙක් බවට පත්කළේ යහපත් පුරුෂයෙක් විසින්. නිවන් මගේ පරිපූර්ණ දැනුම ඇති අනුරුද්ධ විසිනුයි, මෙයාව පුහුණු කළේ, හික්මෙව්වේ.

434. සෝ පත්වා පරමං සන්තිං සච්ඡිකත්වා අකුප්පතං
සාමණේරෝ ස සුමනෝ මා මං ජඤ්ඤාති ඉච්ඡතී‘ති.

434. මෙයා පරම ශාන්තිය වූ අරහත්වයට පත්වෙලා ඉන්නේ. එහෙත් ඒ සුමන සාමණේර නම තමන් එබඳු කෙනෙක් බව කවුරුවත් දැනගන්නවාට කැමති නෑ.

ඉත්ථං සුදං ආයස්මා සුමනෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා‘ති.

මෙය වනාහී ආයුෂ්මත් සුමන නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_6-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M