ඛුද්දක නිකාය

ථේර ගාථා

6.1.11. නහාතකමුනිත්ථේරගාථා

6.1.11. නහාතකමුනි තෙරුන්ගේ ගාථා

435. වාතරෝගාභිනීතෝ ත්වං විහරං කානනේ වනේ
පවිද්ධගෝචරේ ලූඛේ කථං භික්ඛු කරිස්සසි

435. (භාග්‍යවතුන් වහන්සේ:) පින්වත් භික්ෂුව, ඔබ මේ මහා වනයේ ඉන්නෙ වාතරෝගයෙන් දුක් විඳිමින්. සිවුපසය වුණත් පිළිවෙලකට නෑ. ඉතින් මේ කටුක ජීවිතය ගෙවන්නෙ කොහොමද?

436. පීතිමුඛේන විපුලේන ඵරිත්වාන සමුස්සයං
ලූඛම්පි අභිසම්භොන්තෝ විහරිස්සාමි කානනේ

436. (නාහතකමුනි තෙරුන්:) මේ ශරීරය පුරාම ප්‍රීති සැපයක් පැතිර තිබෙනවා. එනිසා කටුක ජීවිතය මැඩගෙන මහා වනයේ වාසය කරන්න පුළුවන්.

437. භාවෙන්තෝ සත්තබොජ්ඣංගේ ඉන්ද්‍රියානි බලානි ච
ඣානසෝඛුම්මසම්පන්නෝ විහරිස්සං අනාසවෝ

437. සප්ත බොජ්ඣංග ධර්මයන් ද, පංච ඉන්ද්‍රියන් ද, පංච බලයන්ද වඩමින් සියුම් ධ්‍යාන ඇතිවයි මම මහා වනයේ ඉන්නෙ.

438. විප්පමුත්තං කිලේසේහි සුද්ධචිත්තං අනාවිලං
අභිණ්හං පච්චවෙක්ඛන්තෝ විහරිස්සං අනාසවෝ

438. කෙලෙසුන්ගෙන් නිදහස්වයි මං ඉන්නෙ. සිතේ කැළඹීමක් නෑ. සිත පිරිසිදුයි. හැම තිස්සේම නුවණින් විමසනවා. කෙලෙස් රහිතවයි මං ඉන්නෙ.

439. අජ්ඣත්තං ච බහිද්ධා ච යේ මේ විජ්ජිංසු ආසවා
සබ්බේ අසේසා උච්ඡින්නා න ච උප්පජ්ජරේ පුන

439. කලින් මා තුළ අභ්‍යන්තර, බාහිර වශයෙන් තිබුණ ඔක්කොම කෙලෙස් ඉතුරු නැතිව නැතිකරලා දැම්මා. ඒවා ආයෙමත් හටගන්නේ නෑ.

440. පඤ්චක්ඛන්ධා පරිඤ්ඤාතා තිට්ඨන්ති ඡින්නමූලකා
දුක්ඛක්ඛයෝ අනුප්පත්තෝ නත්ථි දානි පුනබ්භවෝ‘ති

440. පංච උපාදානස්කන්ධය සම්පූර්ණයෙන්ම අවබෝධ කරගත්තා. දැන් ඒවාට මුල් නෑ. දුක් ඔක්කොම නැතිවුණා. මට දැන් පුනර්භවයකුත් නෑ.

ඉත්ථං සුදං ආයස්මා නහාතකමුනිත්ථේරෝ ගාථායෝ අභාසිත්ථා‘ති.

මෙය වනාහී ආයුෂ්මත් නහාතකමුනි නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_6-1-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M