ඛුද්දක නිකාය

ථේර ගාථා

6.1.12. බ්‍රහ්මදත්තත්ථේරගාථා

6.1.12. බ්‍රහ්මදත්ත තෙරුන්ගේ ගාථා

441. අක්කෝධස්ස කුතෝ කෝධෝ දන්තස්ස සමජීවිනෝ
සම්මදඤ්ඤා විමුත්තස්ස උපසන්තස්ස තාදිනෝ

441. එයා ඉන්නෙ දමනය වෙලා නම්, ගත කරන්නේ යහපත් ජීවිතයක් නම්, අවබෝධය තුලින්ම කෙලෙසුන් ගෙන් මිදිල නම්, උපශාන්ත නම්, අකම්පිත සිතක් නම් තියෙන්නෙ, ඒ ක්‍රෝධ රහිත කෙනාට ක්‍රෝධයක් කොයින්ද?

442. තස්සේව තේන පාපියෝ යෝ කුද්ධං පටිකුජ්ඣති
කුද්ධං අප්පටිකුජ්ඣන්තෝ සංගාමං ජේති දුජ්ජයං

442. කවුරු හෝ තමන් ගැන කිපුණට පස්සේ, තමනුත් ඒ කිපුණ එක්කෙනාට පෙරළා කිපුණොත් පාඩුව තමාටමයි. කිපුණ කෙනාට පෙරළා නොකිපෙන කෙනා තමයි මේ ජයගන්ට දුෂ්කර කෙලෙස් යුද්ධය දිනා ගන්නෙ.

443. උභින්නමත්ථං චරති අත්තනෝ ච පරස්ස ච
පරං සංකුපිතං ඤත්වා යෝ සතෝ උපසම්මති

443. අනිත් අය කිපුණ බව තේරුම් අරගෙන තමා සිහි ඇතිව ඉවසුවොත්, එයා තමාටයි අනුන්ටයි දෙපැත්තටම යහපතක් කරනවා.

444. උභින්නං තිකිච්ඡන්තං තං අත්තනෝ ච පරස්ස ච
ජනා මඤ්ඤන්ති බාලෝති යේ ධම්මස්ස අකෝවිදෝ

444. මේ උතුම් ධර්මයේ වටිනාකම නොතේරෙන අඥාන උදවිය ඉන්නවා. ක්‍රෝධය නැති කිරීම පිණිස දෙපැත්තටම පිළියම් කරන කෙනා ‘බාලයෙක්’ කියලයි ඒගොල්ල හිතන්නෙ.

445. උප්පජ්ජේ තේ සචේ කෝධෝ ආවජ්ජ කකචූපමං
උප්පජ්ජේ චේ රසේ තණ්හා පුත්තමංසූපමං සර

445. ඉදින් ක්‍රෝධය හටගත්තොත් බුදු රජුන් වදාළ මේ ධර්මය සිතිය යුතුයි. එනම්, කියතකින් තමාව කපල දැම්මත් ක්‍රෝධ සිතක් ඇති කරගන්නෙ නෑ කියලා. රස තණ්හාව ඇතිවුණොත් හිතන්ට තියෙන්නෙ කාන්තාර ගමනකදී තම එකම දරුවා මැරුණට පස්සේ, ඒ දරුවගේ මස් කාල කාන්තාරෙන් එතෙර වන දෙමව්පියන් ඒ මස ගැන හිතන විදිහටයි.

446. සචේ ධාවති චිත්තං තේ කාමේසු ච භවේසු ච
ඛිප්පං නිග්ගණ්හ සතියා කිට්ඨාදං විය දුප්පසු‘න්ති.

446. ඉදින් මේ පංචකාමයන් ගැනත්, භවය ගැනත් හිත දුවනවා නම්, ගොයමටම පනින නපුරු ගෙනෙක්ව හීලෑ කරනවා වගේ වහාම සිහිය උපදවල හිත දමනය කරන්ට ඕන.

ඉත්ථං සුදං ආයස්මා බ්‍රහ්මදත්තෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා‘ති.

මෙය වනාහී ආයුෂ්මත් බ්‍රහ්මදත්ත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_6-1-12/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M