ඛුද්දක නිකාය

ථේර ගාථා

6.1.13. සිරිමන්දත්ථේරගාථා

6.1.13. සිරිමන්ද තෙරුන්ගේ ගාථා

447. ඡන්නමතිවස්සති විවටං නාතිවස්සති
තස්මා ඡන්නං විවරේථ ඒවං තං නාතිවස්සති

447. වරද හංගගත්තම තමයි කෙලෙස් වැගිරෙන්නෙ. විවෘත වුණොත් එහෙම වෙන්නෙ නෑ. ඒ නිසා සඟවගෙන ඉන්නෙ නැතිව විවෘත වෙන්ට ඕනෙ. එතකොට කෙලෙස් වැගිරෙන්නෙ නෑ.

448. මච්චුනාබ්භාහතෝ ලෝකෝ ජරාය පරිවාරිතෝ
තණ්හාසල්ලේන ඕතිණ්ණෝ ඉච්ඡාධූපායිතෝ සදා

448. මේ ලෝක සත්වයාට පහර දෙන්නෙ මරණය විසිනුයි. පිරිවරා ගෙන ඉන්නෙ ජරාවෙනුයි. ඇතුළට බැහැල තියෙන්නෙ තණ්හාව නමැති හුලයි. කැමැති දේවල්වලින් තමයි හැම තිස්සෙම දුම් දාන්නෙ.

449. මච්චුනාබ්භාහතෝ ලෝකෝ පරික්ඛිත්තෝ ජරාය ච
හඤ්ඤති නිච්චමත්තාණෝ පත්තදණ්ඩෝ‘ව තක්කරෝ

449. මේ ලෝක සත්වයාට පහර දෙන්නෙ මරණය විසිනුයි. වට කරල තියෙන්නෙ ජරාවෙනුයි. දඬුවම් ලබන හොරෙක් වගේ හැම තිස්සෙම අසරණ වෙලා දුක් විඳිනවා.

450. ආගච්ඡන්තග්ගිඛන්ධා‘ව මච්චු ව්‍යාධි ජරා තයෝ
පච්චුග්ගන්තුං බලං නත්ථි ජවෝ නත්ථි පලායිතුං

450. මරණයත්, ලෙඩ දුකත්, වයසට යාමත්, ජීවිතය කරා එන්නෙ මහා ගිනිකඳු වගේ. ඒකට ප්‍රතිවිරුද්ධව සටන් කරන්ට බලයක් නෑ. පලායන්ට ජවයකුත් නෑ.

451. අමෝඝං දිවසං කයිරා අප්පේන බහුකේන වා
යං යං විජහතේ රත්තිං තදූනං තස්ස ජීවිතං

451. ටික ටික හෝ බහුලව හෝ දවස හිස් විදිහට ගත කරන්ට හොඳ නෑ. ගෙවී යන හැම රාත්‍රියකින්ම ජීවිතේ කෙටි වෙලා යනවා.

452. චරතෝ තිට්ඨතෝ වා පි ආසීනසයනස්ස වා
උපේති චරිමා රත්ති න තේ කාලෝ පමජ්ජිතු‘න්ති.

452. එනිසා ඇවිදින කොට, හිටගෙන ඉන්න කොට ඉඳගෙන ඉන්න කොට, නිදාගෙන ඉන්න කොට, මේ කොතැනත් අවසන් මොහොත පැමිණෙන්ට පුළුවන්. ඒ නිසා පමා නොවීමට මේ කාලයයි!

ඉත්ථං සුදං ආයස්මා සිරිමන්දෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා‘ති.

මෙය වනාහී ආයුෂ්මත් සිරිමන්ද නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_6-1-13/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M