453. ඇවිද ඇවිද යන මේ ශරීරය පරිහරණය කරන්න තියෙන්නෙ දුගඳ හමන අශුචිත් එක්කයි. මේ කයේ හැම දොරටුවකින්ම ගලන්නේ ජරාවෙන් යුතු අශුචිමයි.
454. ඒ වුණාට පෘථග්ජන සත්වයා මේ ශරීරයට රැවටිලා දුක් විඳිනවා. උගුලකට අහුවෙච්ච මුවෙක් වගේ. ඇම ගිලගත්තු මාළුවෙක් වගේ. ලාටුවලට අහුවෙච්ච වඳුරෙක් වගේ.
455. කාන්තාවකගේ රූපයක් තුළ සිත් ඇදගන්නා වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන කාම ගුණ පහම තියෙනවා.
456. පෘථග්ජන සත්වයා රාග සිතින් තමයි ඒ කාන්තාව ඇසුරු කරන්නෙ. අන්තිමේදී පුරවලා තියෙන්නෙ ගොහොර වූ සංසාරයේ සොහොන විතරයි. ආයෙමත් භවයට කර්ම රැස්කර ගන්නවා.
457. භයානක සර්පයෙකුගේ හිස පැත්ත ඈතට පයින් වීසි කරනවා වගේ ස්ත්‍රිය කෙරෙහි ඇති ඇල්ම දුරු කරගත්තොත්, එයා ඉතා හොඳ සිහියක පිහිටලා, ජීවිතයේ වෙලා ගෙන තියෙන තණ්හාවෙන් නිදහස් වෙනවා.
458. කාමයන් නිසා විඳින දුක් පීඩා තේරුම් අරගෙන ඒ කාමයෙන් නිදහස් වීමම ක්ෂේම භූමියක් වගේ දැකලයි, මම ඔක්කොම අත්හැරලා පැවිදි වුණේ. ඉතින් මට අරහත්වය ලබා ගන්ට පුළුවන් වුණා.
මෙය වනාහී ආයුෂ්මත් සබ්බකාමී නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
ගාථා හය බැගින් වදාළ කොටස නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_6-1-14/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M