417. සූර්ය වංශයෙහි උපන් දහම් ඇස් ඇති බුදු සමිඳුන් දේශනා කරන්නේ සියළු බන්ධන වලින් නිදහස් වන ධර්මයක්. සියළු ආකාරයේ කෙලෙස් නසන ධර්මයක්.
418. මේ සද්ධර්ම මාර්ගය නිවනට පමුණුවනවා. සසරින් එතෙර කරවනවා. තණ්හාවේ මුල් වියලා දමනවා. පළිගැනීම් නැති කරනවා. නිවන කරා ගෙනියනවා.
419. අවිද්‍යාවේ මුල් සිඳෙනවා. කර්මය නම් වූ ඇන්ජිම කඩනවා. ඥානය නම් වූ දියමන්ති ආයුධයෙන් විඤ්ඤාණයෙන් බැඳෙන තැනට පහර දෙනවා.
420. වින්දනයේ සැබෑ තත්වය පෙන්වා දෙනවා. බැඳීම්වලින් නිදහස් කරනවා. භවයේ ස්වභාවය ගිනි අඟුරු විලසින් පෙන්නා දෙනවා.
421. ජරා මරණ වලකනවා. දුක සන්සිඳවනවා. සත්‍ය රසය වෑහෙන ඒ සුන්දර ධර්මය වනාහී ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.
422. කර්මය, කර්මය වශයෙන්ම අවබෝධ කර දෙනවා. විපාකය විපාක වශයෙන් අවබෝධ කරදෙනවා. පටිච්ච සමුප්පාදය තුළින් ජීවිතයේ ඇත්ත තත්වය පෙන්වා දෙනවා. ඉතා යහපත් කෙම් බිමකට රැගෙන යන මේ ශාන්ත ධර්මය අවසානය දක්වාම සුන්දරයි.
මෙය වනාහී ආයුෂ්මත් මිගජාල නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_6-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M