405. මං මහණ වෙලා අවුරුදු විසිපහක් ගෙවිලා ගියා. අසුරු සැණක් පමණ කාලයක්වත් සිතේ සමාධියක් ඇති කරගන්ට මට බැරිවුණා.
406. මං හිතේ ඇතිවන කාමරාගයෙන් හරියට පීඩා වින්ඳා. සිතේ එකඟ බවක් ඇතිවුණේ නෑ. අන්තිමේදී හඬා වැලපෙමින් හිසේ අත් බැඳගෙන වෙහෙරින් වෙහෙරට ගියා.
407. ආයුධයක් අරගෙන හරි මං දිවි නසා ගන්නවා. මේ ජීවිතයේ ඇති ඵලය කුමක් ද? ශ්‍රද්ධාවෙන් පැවිදි වුණ මං වගේ කෙනෙක් මේ උතුම් ජීවිතය අත්හැර දාලා ගිහියෙක් වශයෙන් මැරෙන්නෙ කොහොමද?
408. ඉතින් මං දැලි පිහිය අතට ගෙන ඇඳේ වාඩි වුණා. බෙල්ලෙ නහර කපා දමන්ට සිතට ගත්තා. දැලි පිහිය බෙල්ලට තැබුවා.
409. ඒ තුළින් මට යෝනිසෝ මනසිකාරය ඇති වුණා. මේ කෙලෙස්වල ආදීනව ප්‍රකට වුණා. අවබෝධයෙන් යුතු කලකිරීම තුළ පිහිටියා.
410. ඒ තුළින් මගේ සිත කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. මේ ධර්මයේ ආශ්චර්ය බලන්න. මාත් ත්‍රිවිද්‍යාව ලබාගත්තා. බුදු සමිඳුන්ගේ සසුන සම්පූර්ණ කළා.
මෙය වනාහී ආයුෂ්මත් සප්පදාස නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_6-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M