393. මගේ නම කුල්ල. මං එදා අමු සොහොනට ගියා. සොහොනෙ දාලා ගිහින් තිබුණේ ස්ත්‍රී මළසිරුරක්. පණුවො උතුරනවා. ඒ පණුවො ඒ මළකුණ කමින් සිටියා.
394. පින්වත් කුල්ල, හොඳට බලන්න ලෙඩ දුක් හැදෙන අශූචි පිරුණ, කුණු වූ ඕජා වැගිරෙන මේ කය දිහා. අඥාන ජනතාව ආදරයෙන් වැළඳ ගත් මේ කය දෙස බලන්න.
395. මං විදර්ශනා ඥානය නම් වූ කන්නාඩිය අතට ගත්තා. අභ්‍යන්තර, බාහිර වශයෙන් මේ තුච්ඡ වූ කය හොඳින් විමසා බැලුවා.
396. මේ කයත්, මළකුණත් දෙකම එකයි. ඒ මළකුණේ දේවල්මයි මේ කයේ තියෙන්නෙ. උඩුකයේ තියෙන්නෙත් අශූචිමයි. යටි කයේ තියෙන්නෙත් අශූචිමයි. යටි කයයි, උඩු කයයි දෙකම එකයි.
397. දවල්ටත් මේ ශරීරයෙන් ගලන්නෙ අශූචිමයි. රෑටත් ඒ විදිහමයි. රාත්‍රියට ගලන්නෙත් අශූචිමයි. දවල්ටත් ඒ විදිහමයි. ඉස්සර ගැලුවෙත් අශූචි. පස්සෙ ගලන්නෙත් අශූචිමයි. කලින් ගැලුවත් පස්සෙ ගැලුවත් අශූචිමයි.
398. ඔය විදිහට හොඳට හිත එකඟ කරගෙන විදර්ශනාව වඩන්න පටන් ගත්තා. එතකොට ධර්මයට සිත ඇලී යනවා. එවැනි ඇල්මක් පංචාගිංක තූර්යනාදයකින් වත් ඇති වෙන්නෙ නෑ.
මෙය වනාහී ආයුෂ්මත් කුල්ල නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_6-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M