387. කෙනෙක් තුළ තිබෙන්ට ඕනෑ සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි ගෞරවයක්. ඒ ගෞරවය ඔහු තුළ නැතිනම් ඔහු පිරිහෙනවා. පුංචි දිය කඩිත්තක ඉන්න මාළුවෙක් වගේ.
388. කෙනෙක් තුළ තිබෙන්ට ඕනෙ සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි ගෞරවයක්. ඒ ගෞරවය ඔහු තුළ නැතිනම් ධර්මය වැඩෙන්නෙ නෑ. කුණු වෙච්ච පැලයක් කුඹරක හිටෙව්වා වගේ.
389. කෙනෙක් තුළ තිබෙන්ට ඕනෑ සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි ගෞරවයක්. ඒ ගෞරවය ඔහු තුළ නැතිනම් ධර්මරාජයාණන්ගේ ශාසනයේ නිවන තුළින් ඔහු දුරුවෙනවා.
390. කෙනෙක් තුළ තිබෙන්ට ඕනෑ සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි ගෞරවයක්. එහෙම වුණොත් ඔහු සැපයට පත්වෙනවා. මහා ජලාශයක පීනන මාළුවෙක් වගේ.
391. කෙනෙක් තුළ තිබෙන්ට ඕනෑ සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි ගෞරවයක්. එහෙම වුණොත් ඔහු ධර්මය තුළ වැඩෙනවා. සාරවත් පැලයක් කුඹුරක හිටෙව්ව වගේ.
392. කෙනෙක් තුළ තිබෙන්ට ඕනෑ සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි ගෞරවයක්. එහෙම වුණොත් ධර්ම රාජයාණන්ගේ සසුනෙහි නිවන සමීපයේමයි ඔහු ඉන්නේ.
මෙය වනාහී ආයුෂ්මත් මහානාග නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_6-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M