ඛුද්දක නිකාය

ථේර ගාථා

6.1.2. තේකිච්ඡකානිත්ථේරගාථා

6.1.2. තේකිච්ඡකානි තෙරුන්ගේ ගාථා

381. අතිහිතා වීහි ඛලගතා සාලී
න ච ලභේ පිණ්ඩං කථමහං කස්සං

381. (මාරයා:) අටුවේ වී පිරිල තියෙනවා. හැල් වීත් එකතු කරල තියෙන්නෙ. ඒත් පිණ්ඩපාතය ලැබෙන්නෙ නෑ. මං වගා කරන්නෙ කොහොමද?

382. බුද්ධමප්පමෙය්‍ය අනුස්සර පසන්නෝ
පීතියා ඵුටසරීරෝ හෝහිසි සත්තමුදග්ගෝ

382. (මම:) සිත පහදවා ගෙන අපමණ ගුණ ඇති බුදු සමිඳුන් ගැන සිහිකරන්න. හැම තිස්සේම ඔද වැඩුණ ප්‍රීතිය, පැතිර ගිය සිරුරක් ඇති කෙනෙක් වෙන්න.

383. ධම්මමප්පමෙය්‍යං අනුස්සර පසන්නෝ
පීතියා ඵුටසරීරෝ හෝහිසි සත්තමුදග්ගෝ

383. සිත පහදවා ගෙන අපමණ ගුණ ඇති බුදු සමිඳාණන්ගේ ධර්මය සිහි කරන්න. හැම තිස්සෙම ඔද වැඩුණ ප්‍රීතිය පැතිර ගිය සිරුරක් ඇති කෙනෙක් වෙන්න.

384. සංඝමප්පමෙය්‍යං අනුස්සර පසන්නෝ
පීතියා ඵුටසරීරෝ හෝහිසි සත්තමුදග්ගෝ

384. සිත පහදවා ගෙන බුදු සමිඳුන්ගේ ශ්‍රාවක වූ අපමණ ගුණ ඇති සඟ පිරිස සිහිකරන්න. හැම තිස්සෙම ඔද වැඩුණ ප්‍රීතියක් පැතිර ගිය සිරුරක් ඇති කෙනෙක් වෙන්න.

385. අබ්භෝකාසේ විහරසි සීතා හේමන්තිකා ඉමා රත්තියෝ
මා සීතේන පරේතෝ විහඤ්ඤිත්ථෝ පවිස ත්වං විහාරං ඵුසිතග්ගළං

385. (මාරයා:) මේ සීතල හිම වැටෙන රාත්‍රියක්. එළිමහනෙ නේද ඔය ඉන්නෙ? සීතලෙන් දුක් විඳල වැනසෙන්න එපා. දොර ජනෙල් ඇති කුටියක් ඇතුලට යන්න.

386. ඵුසිස්සං චතස්සෝ අප්පමඤ්ඤායෝ
තාහි ච සුඛිතෝ විහරිස්සං
නාහං සීතේන විහඤ්ඤිස්සං
අනිඤ්ජිතෝ විහරන්තෝ’ති

386. (මම:) සතර බ්‍රහ්මවිහරණ මම පතුරනවා. ඒ තුළින් ඇති වෙන සැපය ඇතිවයි මම ඉන්නේ. මං සීතලෙන් වැනසෙන කෙනෙක් නොවේ. කෙලෙස් නැතිව ඉන්න කෙනෙක්.

ඉත්ථං සුදං ආයස්මා තේකිච්ඡකානි ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් තේකිච්ඡකානි නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_6-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M