350. (භාග්‍යවතුන් වහන්සේ:) පින්වත් භික්ෂුව, ඔබ ඉන්නෙ මහා වනයේ. වාත රෝගයකිනුත් පීඩා විඳිනවා. සිව්පසයත් පිළිවෙළකට නෑ. මේ කටුක ජීවිතේ ඔබ ගෙවන්නෙ කොහොමද?
351. (වක්කලී තෙරුන්:) මගේ මුළු සිරුර පුරාම මහත් ප්‍රීති සැපයක් පැතිරිලා තියෙන්නෙ. ඒ නිසා කටුක ජීවිතේ මැඩගෙන මං මහාවනයේ ඉන්නවා.
352. මං මහ වනයේ ඉන්නේ සතර සතිපට්ඨාන වඩමිනුයි. ඒ වගේම පඤ්ච ඉන්ද්‍රිය ධර්මයන්, පඤ්ච බලධර්මයන්, සප්ත බොජ්ඣංග ධර්මයන් වඩමිනුයි.
353. පටන් ගත් වීරිය දිගටම පවත්වන, දිවි දෙවැනි කොට ධර්මයේ හැසිරෙන, දැඩි පරාක්‍රමයෙකින් යුක්ත වූ සබ්‍රහ්මචාරීන් වහන්සේලා සමඟියෙන් වැඩසිටින ආකාරය දකිනිමිනුයි මහ වනයේ මං ඉන්නේ.
354. තුන් ලොවටම අග්‍ර වූ, දමනය වූ සමාහිත සිත් ඇති බුදු සමිඳාණන්ව දිවා රාත්‍රී දෙකේම සිහි කරමිනුයි මහා වනයේ මං ඉන්නෙ.
මෙය වනාහී ආයුෂ්මත් වක්කලී නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_5-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M