355. ඒයි සිත, මං දැන් උඹට බාහිර අරමුණු ඔස්සේ යන්ට දෙන්නේ නෑ. නුවර දොරටුවේ බැඳල ඉන්න ඇතෙක් වගේ තියාගන්නවා. ශරීරයෙන් හටගන්නා කාම දැලක් ඇති සිත, උඹව මං පාපයට නම් යොදවන්නෙ නෑ.
356. ඒ ඇතාට නුවර දොරවල් ආයෙමත් ඇරෙන්නෙ නෑ. අන්න ඒ විදිහටයි මං උඹව බාහිර අරමුණුවලින් වළක්වන්නේ. ඒයි කාලකණ්ණි සිත, දැන් ඉතින් උඹ සිටිය යුත්තේ පව්වල ඇලෙන දරුණුගති නැතිවයි.
357. අලුතින් අල්ලා ගත්තු ඇතාගේ කිසිම හික්මීමක් නෑ. ඇත්ගොව්වා හෙණ්ඩුවෙන් ඇනල ඇතාව දමනය කරන කොට ඌ දමනය වෙන්නෙ අකමැත්තෙන්. අන්න ඒ විදිහටයි මං උඹව දමනය කරන්නෙ.
358. අශ්වයන් හීලෑ කරන්ට දක්ෂ වූ උතුම් රියැදුරෙක් ශ්‍රේෂ්ඨ අශ්වයෙක්ව දමනය කරනවා වගේ, මාත් සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා යන පංච බල ධර්මයේ පිහිටා උඹව දමනය කර ගන්නෙමි.
359. ඒයි සිත, මං උඹව ගැටගහල තියෙන්නෙ සිහිය නැමැති රැහැන් පටින්. මං උඹව සෝදන්නෙ පවිත්‍ර වූ ජීවිතයෙන්. වීරියෙන් උඩට ඔසවලා වරදට නිග්‍රහ කරල, වරදින් වළක්වා ගත් උඹට දැන් ඉතින් සංසාරෙ ගමන් බිමන් ඉවරයි.
මෙය වනාහී ආයුෂ්මත් විජිතසේන නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_5-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M