ඛුද්දක නිකාය

ථේර ගාථා

5.1.7. ගයාකස්සපත්ථේරගාථා

5.1.7. ගයාකස්සප තෙරුන්ගේ ගාථා

345. පාතෝ මජ්ඣන්තිකං සායං තික්ඛත්තුං දිවසස්සහං
ඕතරිං උදකං සෝ’හං ගයාය ගයඵග්ගුයා

345. ඉස්සර මං හිමිදිරි පාන්දරත්, මහ දවාලටත්, සවසටත් වශයෙන් දවසකට තුන් වතාවක් ගයාවේ තියෙන ‘ගයා එල්ගු’ කියන තොටින් වතුරට බැස්සා.

346. යං මයා පකතං පාපං පුබ්බේ අඤ්ඤාසු ජාතිසු
තං දානීධ පවාහේමි ඒවංදිට්ඨි පුරේ අහුං

346. මං සංසාරෙ කරපු යම් පාප කර්ම තියෙනවා නම් ඒවා ඔක්කොම ජලයෙන් සෝදා දමන්ට පුළුවන් කියන මතය තමයි ඒ දවස්වල මට තිබුණේ.

347. සුත්වා සුභාසිතං වාචං ධම්මත්ථසහිතං පදං
තථං යාථාවතං අත්ථං යෝනිසෝ පච්චවෙක්ඛිසං

347. බුදු සමිඳාණන්ගේ සුභාෂිත දහම් පදවල තියෙන්නෙ ධර්මය සහිත අර්ථය සහිත වචන. ඉතින් මටත් ඒ උතුම් ධර්මය අසන්ට ලැබුණා. සත්‍ය වූත්, යථාර්ථවාදී වූත්, ඒ ධර්මයේ අර්ථ නුවණින් ප්‍රත්‍යක්ෂ කරගත්තා.

348. නින්හාතසබ්බපාපෝම්හි නිම්මලෝ පයතෝ සුචි
සුද්ධෝ සුද්ධස්ස දායාදෝ පුත්තෝ බුද්ධස්ස ඕරසෝ

348. හැම පවක්ම ධර්මයෙන් සෝදා දැම්මා. අවිද්‍යා මලකඩ නැති කළා. පවිත්‍ර වුණා. පිරිසිදු බුදු සමිඳාණන්ගේ පිරිසිදු දායාදය ලබාගත්තා. බුදු සමිඳාණන්ගේ ළයෙහි උපන් පුත් රුවනක් මම.

349. ඕගය්හට්ඨංගිකං සෝතං සබ්බපාපං පවාහයිං
තිස්සෝ විජ්ජා අජ්ඣගමිං කතං බුද්ධස්ස සාසන’න්ති

349. ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ දිය පාරටයි දැන් මම බැස්සේ. ඒ ජලයෙනුයි හැම පවක්ම සෝදා හැරියේ. ත්‍රිවිද්‍යාව ලබාගත්තා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා.

ඉත්ථං සුදං ආයස්මා ගයාකස්සපෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් ගයාකස්සප නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_5-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M