340. බුදු සමිඳාණන් නේරංජරා ගං තෙරට වැඩම කළා. ඇත්තෙන්ම උන්වහන්සේ වැඩියේ මගේ යහපතටමයි. උන්වහන්සේගේ ධර්මය ඇසීමෙනුයි මං මිථ්‍යා දෘෂ්ටිය අත්හැරියේ.
341. ඉස්සර මං හිටියෙ නුවණැසක් නැති අන්ධබාල පෘථග්ජනයෙක් හැටියට. මේක තමයි විසුද්ධි මාර්ගය කියලා හිතාගෙන ලොකු කුඩා හැම යාගයක්ම කළා. හැම ගිනි පූජාවක්ම කළා.
342. නුවණැසක් නැතිව අවිද්‍යා සහගතව දෘෂ්ටිවලට හසුවෙලා මං හිටියේ. ඒවාම දැඩිකොට ගත්තා. මුළා වුණා. අශුද්ධ වූ දේ ගැන මට හිතුණේ ශුද්ධ දෙයක් හැටියටයි.
343. දැන් මට ඒ මිථ්‍යා දෘෂ්ටිය නෑ. සෑම භවයක්ම නැති කළා. පුද පූජාවන් ලැබීමට සුදුසු බව නම් වූ ගිනි පූජාව තමයි දැන් කරන්නෙ. ඒ තථාගතයන් වහන්සේට මම නමස්කාර කරමි.
344. මගේ හැම මෝහයක්ම නැතිවෙලා ගියා. භව තණ්හාව නසා දැම්මා. ඉපදෙන සංසාරය නැතිවුණා. දැන් ඉතින් පුනර්භවයක් නෑ.
මෙය වනාහී ආයුෂ්මත් නදීකස්සප නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_5-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M