335. මගේ අම්මා අවවාද නමැති කෙවිට අරගෙන මට පැවසූ දේ ඉතා අගෙයි. මා වැදූ අම්මාගෙනුයි අවවාද අනුශාසනා ලබාගත්තේ. ඉතින් මම පටන්ගත් වීරියෙන්මයි හිටියෙ. දිවි දෙවැනි කොට ධර්මයේ හැසිරුණා. උතුම් වූ අරහත්වයට පත්වුණා.
336. මම දැන් අරහත් භික්ෂුවක්. පුද පූජාවන්ට සුදුසු කෙනෙක්. ත්‍රිවිද්‍යාව ලැබූ කෙනෙක්. අමා නිවන දැක ගත්තා. මාර සෙනඟ පරදවා දැම්මා. මං ඉන්නෙ දැන් ආශ්‍රව රහිතවයි.
337. අභ්‍යන්තර වූත්, බාහිර වූත් යම් ආශ්‍රවයක් මා තුළ තිබුණා නම් ඒ හැමදෙයක්ම ඉතිරි නැති කර දැම්මා. ආයෙමත් කවදාවත් ඒවා හටගන්නෙ නෑ.
338. මගේ නංගිත් ධර්මයේ විශාරදයි. ඇත්තෙන්ම ඈත් මේ ගැන කීවා. ඔබ තුළත් කෙලෙස් නෑ. මා තුළත් කෙලෙස් නෑ කියලා.
339. දුක් ඔක්කොම අවසන් වුණා. මේ තියෙන්නෙ අන්තිම ශරීරය, ඉපදෙන මැරෙන සංසාරයෙන් යුතු පුනර්භවය මෙතනින් ඉවරයි.
මෙය වනාහී ආයුෂ්මත් වඩ්ඪ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_5-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M