ඛුද්දක නිකාය

ථේර ගාථා

5.1.4. සුමනත්ථේරගාථා

5.1.4. සුමන තෙරුන්ගේ ගාථා

330. යං පත්ථයානෝ ධම්මේසු උපජ්ඣායෝ අනුග්ගහී
අමතං අභිකංඛන්තං කතං කත්තබ්බකං මයා

330. සද්ධර්මය තුළ මං අපේක්ෂා කළේ එකම එක දෙයයි. උපාධ්‍යායන් වහන්සේ ඒ වෙනුවෙන් මට උපකාර කළා. මං කැමති වෙලා සිටියේ ඒ අමා නිවන් සුවයයි. ඒ මා කැමැති වෙලා සිටිය දේ වෙනුවෙන් කළ යුතු දේ මම සම්පූර්ණ කළා.

330. අනුප්පත්තෝ සච්ඡිකතෝ සයං ධම්මෝ අනීතිහෝ
විසුද්ධඤාණෝ නික්කංඛෝ ව්‍යාකරෝමි තවන්තිකේ

331. ඒ අමා නිවන් සුව මං ලබාගත්තා. ප්‍රත්‍යක්ෂ කළා. නිසැක කළා. පිරිසිදු අවබෝධ ඥානයකින්මයි. සැකයෙන් තොරවමයි. මෙකරුණ ඔබවහන්සේට කියා සිටින්නේ.

332. පුබ්බේනිවාසං ජානාමි දිබ්බචක්ඛු විසෝධිතං
සදත්ථෝ මේ අනුප්පත්තෝ කතං බුද්ධස්ස සාසනං

332. පුබ්බේනිවාසානුස්සති ඥානයත් ලබාගත්තා. දිවැසත් පිරිසිදු කරගත්තා. අරහත්වයද ලබාගත්තා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා.

333. අප්පමත්තස්ස මේ සික්ඛා සුස්සූතා තව සාසනේ
සබ්බේ මේ ආසවා ඛීණා නත්ථි දානි පුනබ්භවෝ

333. ඔබවහන්සේගේ සසුනේ ඒ අමා නිවන් මග ඉතා පැහැදිලි ලෙස අසා දැනගත්තා. අප්‍රමාදීව සීල, සමාධි, ප්‍රඥා දියුණු කරගත්තා. ආශ්‍රවයන් නැතිවෙලා ගියා. දැන් ඉතින් ආයෙත් මට පුනර්භවයක් නෑ.

334. අනුසාසි මං අරියවතා අනුකම්පි අනුග්ගහි
අමෝඝෝ තුය්හමෝවාදෝ අන්තේවාසිම්හි සික්ඛිතෝ’ති

334. ආර්ය වූ ප්‍රතිපත්තියෙන් මට අනුශාසනා කළ සේක. අනුකම්පා කළ සේක. අනුග්‍රහ කළ සේක. ඔබවහන්සේගේ ඒ අවවාද හිස් නැත. මම දැන් ඉතා හොඳින් හික්මුණ අතවැසියෙක්.

ඉත්ථං සුදං ආයස්මා සුමනෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් සුමන නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_5-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M