ඛුද්දක නිකාය

ථේර ගාථා

5.1.3. ගිරිමානන්දත්ථේරගාථා

5.1.3. ගිරිමානන්ද තෙරුන්ගේ ගාථා

325. වස්සති දේවෝ යථා සුගීතං
ඡන්නා මේ කුටිකා සුඛා නිවාතා
තස්සං විහරාමි වූපසන්තෝ
අථ චේ පත්ථයසී පවස්ස දේව

325. වැස්ස වහින්නේ ලස්සන ගීතයක් වගේ. මා ඉන්න කුටිය හොඳට සෙවිලි කරල තියෙන්නේ. හරි සනීපයි. ජනේලයත් වහල තියෙන්නෙ. සංසිඳුන සිතෙනුයි මමත් ඉන්නෙ. ඉතින් වැහි වළාකුල, කැමති තරම් වහින්න.

326. වස්සති දේවෝ යථා සුගීතං
ඡන්නා මේ කුටිකා සුඛා නිවාතා
තස්සං විහරාමි සන්තචිත්තෝ
අථ චේ පත්ථයසී පවස්ස දේව

326. වැස්ස වහින්නේ ලස්සන ගීතයක් වගේ. මා ඉන්න කුටිය හොඳට සෙවිලි කරල තියෙන්නේ. හරි සනීපයි. ජනේලයත් වහල තියෙන්නෙ. ශාන්ත සිතකිනුයි මමත් ඉන්නෙ. ඉතින් වැහි වළාකුල, කැමති තරම් වහින්න.

327. වස්සති දේවෝ යථා සුගීතං
ඡන්නා මේ කුටිකා සුඛා නිවාතා
තස්සං විහරාමි වීතරාගෝ
අථ චේ පත්ථයසී පවස්ස දේව

327. වැස්ස වහින්නේ ලස්සන ගීතයක් වගේ. මා ඉන්න කුටිය හොඳට සෙවිලි කරල තියෙන්නේ. හරි සනීපයි. ජනේලයත් වහල තියෙන්නෙ. රාග රහිත සිතෙනුයි මමත් ඉන්නෙ. ඉතින් වැහි වළාකුල, කැමති තරම් වහින්න.

328. වස්සති දේවෝ යථා සුගීතං
ඡන්නා මේ කුටිකා සුඛා නිවාතා
තස්සං විහරාමි වීතදෝසෝ
අථ චේ පත්ථයසි පවස්ස දේව

328. වැස්ස වහින්නේ ලස්සන ගීතයක් වගේ. මා ඉන්න කුටිය හොඳට සෙවිලි කරල තියෙන්නේ. හරි සනීපයි. ජනේලයත් වහල තියෙන්නෙ. ද්වේෂ රහිත සිතෙනුයි මමත් ඉන්නෙ. ඉතින් වැහි වළාකුල, කැමති තරම් වහින්න.

329. වස්සති දේවෝ යථා සුගීතං
ඡන්නා මේ කුටිකා සුඛා නිවාතා
තස්සං විහරාමි වීතමෝහෝ
අථ චේ පත්ථයසී පවස්ස දේව

329. වැස්ස වහින්නේ ලස්සන ගීතයක් වගේ. මා ඉන්න කුටිය හොඳට සෙවිලි කරල තියෙන්නේ. හරි සනීපයි. ජනේලයත් වහල තියෙන්නෙ. මෝහ රහිත සිතෙනුයි මමත් ඉන්නෙ. ඉතින් වැහි වළාකුල, කැමති තරම් වහින්න.

ඉත්ථං සුදං ආයස්මා ගිරිමානන්දෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් ගිරිමානන්ද නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_5-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M